පොළොං විෂ පවා නසන හීං උඳුපියලිය කැඳ පානය කිරීමෙන් පාලනය කරගත හැකි ලෙඩ රෝග 20 ක්

health tips
  • ආතරයිටිස් 
  • මාන්දම
  • මුත්‍ර අඩස්සිය
  • ළදරුවන්ගේ අජීර්ණය
  • අතීසාරය
  • කැඩුම් බිඳුම් 
  • රක්තවාතය
  • ඉරුවාරදය
  • තොල් පැලීම
  • විසර ගෙඩි, වන
  • සෙංගමාලය
  • බඩ පිපුම
  • කුසගිනි අඩුබව
  • සර්ප විෂ
  • අර්ශස් වල
  • අක්ෂි රෝග 
  • දියවැඩියාව නිසා ඇතිවන පිපාසය
  • පරණ තුවාල
  • පත්තෑ විෂ 

යන  ආදි බොහෝ රෝග සමනය කරන හීන් උදුපියලිය යනු බොහෝ රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ භාවිතයට ගන්නා තවත් එක් වටිනා ඖෂධයකි. 

එනම් Fabaceae කුලයට අයත් හීන් උදුපියලිය පොළොවට සමාන්තරව වැඩෙන බහුවාර්ෂික පැලෑටියක් වන අතර මීටර් 05 ක්  පමණ ප්‍රදේශයක පැතිර වැඩෙයි. 

කුඩා බහුවාර්ෂික පැලෑටියක් වන මෙම ශාකය මීටර් පහක් පමණ ප්‍රදේශයක පැතිර වැඩේ. පත්‍ර ත්‍රී පත්‍ර වන අතර පුෂ්ප මංජරියේ දම් පැහැති මල් හට ගනී. ඵලය කුඩා කරලක් වන අතර මුළු ශාකය ම සියුම් බූවක් සහිත වේ.

ඉහත සඳහන් කළ රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා හීං උඳුපියලිය ඖෂධයක් ලෙස භාවිතා කරන අතර කැඳ පානයක් ලෙස ද සකස් කර  භාවිතා කළ හැකිය. 

ඊට අමතරව උඳුපියලිය යොදා ගෙන කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ  මේවායෙහි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වන බවයි. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, පොටෑසියම්, විටමින් බී …ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධාන වේ. 

හීං උඳුපියලිය කැඳ හීං උඳුපියළිය පැළෑටි කිහිපයක් ගෙන හොඳින් සෝදා වතුර කෝප්ප භාගයක් පමණ දමා හොඳින් බ්ලෙන්ඩර් කර එහි යුෂ වෙන්කර  කැකුළු සහල් මිට ගෙන හොඳින් සෝදා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න. පිස ගත් පසු

ඊට උදුපියලිය යුෂ එකතු කර මද වේලාවක් තබා පොල්කිරි සහ රස පදමට ලුණු  තළා ගත් ඉඟුරු කැබැල්ලක් එක් කර  මද ගින්නේ උතුරවා මදක් නිවුණු පසු හකුරු සමඟ පානය කළ හැකිය. එනම් ඉන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

මෙම කැඳ පානය භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

හීං උඳුපියලිය ශාකයේ ඖෂධීය භාවිතය 

පරණ තුවාල සමනය කිරීමට හීං උඳුපියලිය දලු මිටක් අමු කහ ස්වල්පයක් සහ රත් හඳුන් ගලගා සියල්ල හොදින් අඹරා තුවාලය පිරිසිදු කර එම තලපය ආලේප කිරීමෙන් පරණ තුවාල සමනය කර ගත හැකිය. 

මව්කිරි වර්ධනය කිරිමට හීං උඳුපියලිය කොළ අඹරා පුවක් ගෙඩියක පමණ ප්‍රමාණයක් ගෙන එල කිරෙන් දිය කර දිනකට එක්වරක් උදයවරුවේ පානය කිරීමෙන් මව්කිරි වර්ධනය වේ. 

විසරගෙඩි සමනය කිරීමට උඳුපියළිය, පෙරුම්කායම්, කෝමාරිකා මදය හා අමු කහ දල්ලක් පොල්කිරි වලින් තම්බා තැම්බුණු පසු හොඳින් අඹරා විසර ගෙඩිය වටා ආලේප කිරීම මගින් එය විසුරුවා හැරීමෙන් රෝගය සුවපත් කර ගත හැකිය. 

ළදරුවන්ගේ අජීර්ණයට හීං උඳුපියලිය යුෂ ස්වල්පයක් කුඩා දරුවාට පානය කිරීමට දීම මගින් ළදරුවන්ගේ අජීර්ණය කුසගිනි මදිකම වැනි රෝග සමනය කර ගත හැකිය. 

වන සුවකර ගැනීමට හීං උඳුපියලිය කොළ යුෂ හෝ මුල් යුෂ ගෙන ආලේප කිරීමෙන් වන සුව කර ගත හැකිය. 

දියවැඩියාව නිසා ඇතිවන පිපාසය සංසිඳුවීමට හීං උදුපියලිය ශාකය වියළා කුඩු කර ඊට උළුහාල් කුඩු තේ හැදි භාගයක් මිශ්‍ර කර පානය කිරීම යෝග්‍ය වේ. 

මුත්‍ර අඩස්සියට හීං උඳුපියලිය සම්පූර්ණ ශාකයම ගෙන තම්බා පානය කිරීම මඟින් මුත්‍රා අඩස්සිය සුව කරගත හැකිය. 

පොළොං විෂ නැසීමට හීං උඳුපියලිය කොටා එම යුෂ පතක් පානය කිරීම මගින් පොළොං විෂ ඉවත් කර ගත හැකිය. 

රක්ත වාතය සමනයට විශේෂ කොට රක්තවාතය හේතුවෙන් ඇතිවන පැලීම් සමනය කිරීමට හීං උඳුපියලි, කයිප්පු ,අමු කහ තැඹිලි වතුරෙන් අඹරා තලපයක් ලෙස ගෙන කකුලේ තැලී ඇති ස්ථාන වල ආලේප කිරීම යෝග්‍ය වේ. 

තොල් පැලීම සුව කර ගැනීමට හීං උඳුපියලිය කොළ ස්වල්පයක් ගෙන සපා කෙළ ගිලීම මගින් තොල් පැලීම සුව කරගත හැකිය. 

උදරගත රෝග වලට හීං උඳුපියලිය  කොළ පවනේ වේළා කුඩුකර පානය කිරීමෙන් අජීර්ණය, බඩ පිපුම සමනය කර ගත හැකිය. 

මෙවැනි රෝග ගණනාවක්  සුවකර ගැනීම සඳහා ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස හීං උඳුපියලිය ශාකයම  භාවිතයට ගෙන තිබේ.