සුළුවෙන් තැකිය යුතුනැති කරකැවිල්ල භයානක රෝග රැසකට අතවැනීමක් විය හැකි අවස්ථා 

health tips

 එදිනෙදා ජීවිතයේ දී බොහෝ දෙනෙක්ට අත්විඳින්නට සිද්ධ වෙන බොහෝ තත්වයන් රෝග නොවුණත් ඒවා යම් බරපතළ රෝග තත්ත්වයන්වල රෝග ලක්ෂණ වෙන්නට පුළුවන්. ඒවා සුළු කාලයකදී සුව අතට පත්වීම නිසා එවැනි ලක්ෂණ පිළිබඳව අපි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයක් කල්ගතවෙත්ම වඩාත් බරපතළ රෝගයක් දක්වා උත්සන්න වීමක් වුණත් වෙන්න පුළුවන්.

 විශේෂයෙන්ම කරකැවිල්ල කියන්නේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම අත්විඳින රෝග ලක්ෂණයක්. තමාට පමණක් පෙනෙන දැනෙන අන් අයට නොනොපෙනෙන නොදැනෙන චලනය නැත්නම් සෙලවීම කරකැවිල්ල විදිහට හඳුනා ගැනෙනවා. තමාව කරකැවෙනවා සේ දැනීම හෝ තමා අවට ඇති වස්තූන් භ්‍රමණය වෙනවා සේ දැනීම මෙහි ස්වභාවය. ඔබත් මේ තත්ත්වයෙන් පීඩා විඳින අයෙක් වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් නොවන කෙනෙක් වෙන්නටත් පුළුවන්. නමුත් ඔබට මේ ලිපිය කියවීමෙන් වැටහේවී මේ රෝග ලක්ෂණය නොසලකා හරින එක කොතරම් භයානකද කියලා. ඉතින් අපි බලමු මේ කරකැවිල්ල ඇති වෙන්නට බලපාන  හේතු  සාධක සහ එය අපේ ශරීරයට බලපාන ආකාරය පිළිබඳව.

 කරකැවිල්ල ඇතිවීමට බලපාන හේතු

කන ඇතුළත ගැටලු

ඇතුළු කනේ මධ්‍යම කොටසට කන සහ ස්නායු පද්ධතිය අයත් වෙනවා. එයින් කනේ සමබරතාව පාලනය කරනවා. කන තුළ කැල්සියම් එකතුව වීම, ඉදිමීම සහිත දැවිල්ල වගේම ඇතැම් ආසාදන නිසා ඇතුළු කනේ මධ්‍යම කොටසට හානි සිදු වෙන්නට පුළුවන්. මේ හේතුව නිසා කරකැවිල්ල ඇති වෙන්නට පුළුවන්.

හිසට වන තදබල අනතුරු

 මෙවැනි අනතුරු නිසා ඇතුළු කනේ මධ්‍යම කොටසට හානි සිදු වෙන්නට පුළුවන්. එය හේතුකරගෙන කරකැවිල්ල ඇති වෙනවා.

විජලනය

 විජලනය සහ අධික ලෙස උණුසුම් වීම නිසා රුධිරයේ පරිමාව අඩු වීම සිදු වෙනවා. මේ නිසා රුධිර සංසරණ ක්‍රියාවලියට බාධා පැමිණෙනවා. ඒ නිසා මොළයට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන නිසා කරකැවිල්ල තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.

රුධිරයේ සීනි මට්ටම පහල බැසීම

නිතර ආහාර ගැනීම මගහරින පුද්ගලයකු, දියවැඩියාවට ඖෂධ ගන්නා  පුද්ගලයෙකුගේ  ශරීරයේ තිබිය යුතු සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය හිසරදයක් සමග කරකැවිල්ල ඇති වෙන්නට පුළුවන්. 

රුධිර පීඩනය හදිසියේ පහළ බැසීම 

ආතතිය 

ආතතිය කාංසාව ආදී පීඩාකාරී අවස්ථාවලදී ඇඩ්‍රිනලින් රුධිරයට මුදාහහැරීම සිදුකරනවා. ඒ නිසා රුධිර පීඩනය සහ කරකැවිල්ල ඇති වෙනවා. 

වයස්ගත වීම

 විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන්ට වැතිර සිට ඉක්මනින් අසුනෙන් නැගිටින විට කරකැවිල්ලක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම වයස්ගත පුද්ගලයන්ගේ කරකැවිල්ලට තවත් හේතුවක් වන්නේ කුඩා මොළයට ගමන් කරන නහර බෙල්ලේ කශේරුකා අතර තෙරපීමට ලක් වීමයි. 

ඇතැම් ඖෂධ

 විවිධ ඖෂධ වර්ග නිසා ශරීරයේ සමේ සමබරතාව ය ඇති කරන ස්නායු වලට හානි සිදුවීම නිසා කරකැවිල්ල ඇති වෙනවා

ඉරුවාරදය

 ඉරුවාරදය කියන රෝග තත්ත්වයේදී කරකැවිල්ල ඇති වීම හිසරදය සමග සිදුවෙන්නට පුළුවන්.

මොළයේ ගෙඩි හෝ මොළය  ආශ්‍රිත ගැටලු

 මොළයේ ඇතිවන තුවාල එහෙමත් නැත්නම් වෙනත් ආබාධ නිසා කරකැවිල්ල ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා මොළය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් හේතුවෙන් කරකැවිල්ල ඇති වෙනවා. 

හෘදයාබාධ

 කරකැවිල්ල සමග පපුවේ වේදනාව, හුස්ම හිරවීම, ඔක්කාරය, අතේ ඇතිවෙන වේදනා ආදී හදිසි ආබාධ පෙන්නුම් කරනවා නම් මෙය හෘදයාබාධ තත්ත්වයක් හෝ ආඝාත තත්වයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල පමා නොවී රෝහලක් කරා රෝගියා රැගෙන යා යුතු වෙනවා. 

ආසාත්මිකතා

 සමස්ත ශරීරයේම සම්බන්ධතාවයන්  සඳහා ඇතුළු කන වගකිව යුතු වෙනවා. විශේෂයෙන්ම සුරතල් සතුන්ගේ ලෝම, දූවිලි, මල්වල රේණු හෝ වෙනත් ආසාත්මිකතා මැද කනට බාධා කිරීම හෝ දැවිල්ල ඇති කිරීම නිසා සාමාන්‍ය හිසරදයක් සමග කරකැවිල්ලක් ඇතිවෙන්නට පුළුවන්. 

වේගවත් හා තියුණු චලනය

 වේගවත් ඇවිදීමෙන් හෝ දිවීමෙන් සමබරතාවය පිළිබඳ ගැටලු ඇති වෙන්නට පුළුවන්. එය හේතු කරගෙන කරකැවිල්ල තත්ත්වයක් වර්ධනය වෙන්නට පුළුවන්.

දිගු කුසගින්න 

රක්තහීනතාවය 

රෝග ලක්ෂණ

කරකැවිල්ල (තමා හෝ තමාගේ අවට ඇති දේ කරකැවෙන සේ පෙනීම)

ශරීරයේ සමබරතාවය නැති වීම

වමනය හා ඔක්කාරය

හිසේ කැක්කුම

ආලෝකයට හා ශබ්දයට සංවේදී වීම

වස්තුන් ද්විත්ව ආකාරයෙන් දිස් වීම

කතා කිරීමේ අපහසුතාවය

ගිලීමේ අපහසුතාවය

හුස්ම ගැනීමේ අපහසුතාවය

හෘද ස්පන්දනය වේගවත් වීම

දහදිය දැමීම

 මේ රෝග ලක්ෂණ මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් දකින්න පුලුවන්. ඒ වගේම කිවිසුම් යාමකදී , කැස්ස ඇති වීමේදී, හිස පහත් කිරීමේදී හෝ හිස සෙලවීමේදී අඩු වැඩි වශයෙන්  වෙනස් වෙන්න පුළුවන්. 

කරකැවිල්ල සමඟ පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වහාම හමුවෙන්න.

හිසේ තුවාල

පැරන්හයිට් අංශක 101 කට වැඩි උෂ්ණත්වය

දිගින් දිගටම පවතින වමනය

පපුවේ වේදනාව

හුස්ම ගැනීම අපහසු වීම

අත් සහ පාද චලනය කිරීමේ අපහසුව

කතා කිරීමට සහ පෙනීමේ වෙනසක් ඇතිවීම අපහසුව

මිනිත්තු කිහිපයක් සිහිසුන්ව සිටීම

හිසරදය

බෙල්ලෙ දැඩි තද ගතිය

පෙර කිසි දිනක කරකැවිල්ල ඇති නොවීම

කලින් ඇතිවූ කරකැවිල්ල වඩා  වෙනස් ස්වභාවයෙන් කරකැවිල්ල ඇති වීම

වෙනත් රෝග බොහොමයක  පූර්ව රෝග ලක්ෂණයක් ලෙස ඇතිවිය හැකි කරකැවිල්ල තත්ත්වයන් ගැන සැලකිලිමත්ව කටයුතු කළොත්  බරපතල ගැටළු ඇතිවෙන්නට පෙරාතුව ඔබට ඒ රෝග  පාලනය කරගන්නට පුළුවන්.