මේක තමයි 30 පැන්න ගමන් හැදෙන දණහිස් වේදනාව සුව කරන ඔසුව

health tips

මීටර් පහළොවක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයක් ලෙස හොඬපර ශාකය පෙන්වා දිය හැකිය. මෙම ශාකය වම්පර ලෙස ද හඳුන්වනු ලබයි. ඇල දොල ගංගා ජලාශිත ප්‍රදේශවල ඉවුරු අසබඩ මෙම හොඬ පර ශාකය දැකගත හැකිය. 

මෙම ශාකයේ පත්‍ර දැඩි ඝනකමින් යුක්ත වන අතර සෙන්ටිමීටර් 36ක් පමණ දිගකින් යුක්ත වේ. එමෙන්ම මෙහි මධ්‍ය නාරටිය සහ අවශේෂ නාරටි හොඳින් කැපී පෙනෙයි. 

මෙම ශාකයේ මල් සුදු පැහැයෙන් යුක්ත වන අතර පෙති පහක් පවතී. මල් පරාගනය වීමෙන් අනතුරුව එහි ඵලය වට වෙමින් මනිපත්‍ර ඇතිවීම සිදුවේ. මෙසේ මනිපත්‍ර ඇතිවීම මගින් හොඬ පර ශාකයේ සැබෑ ඵලය වසාගනිමින් ව්‍යාජ ඵලයක් නිර්මාණය වේ. 

මෙම ඵලය කොළ පැහැයෙන් යුක්ත වන අතර ඒ අභ්‍යන්තරයේ නානු වැනි යමක් පිහිටයි. එම නානු තුළ ගිලී හොඬපර බීජ පවතී. හොඩපර ශාකය උද්භිද ගණයට අයත් පර දෙවර්ගයක් පවතී. ඒවා වන්නේ, 

  • දිය පර 
  • ගොඩ පර 

ආදී වශයෙනි. මෙම දෙවර්ගය දේශීය ශාක වන අතර ඒවායේ ද සුදු පැහැති මල් හට ගනී. මීට අමතරව ආක්‍රමණකාරී විදේශීය පර ශාකයක් පවතින අතර එය පරසතු ලෙස හඳුන්වයි. 

ඖෂධීය ගුණය අතින්ද හොඩ පර ශාකයට ලැබෙන වටිනාකම ඉතා ඉහළ වේ. බොහෝ ලෙඩරෝග වලට ඖෂධයක් ලෙස හොඬපර ශාක කොටස් භාවිතයට ගැනීම සිදුවේ. 

හිසකෙස් වල ගැටලු දුරු කරයි. නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට බොහෝ කාන්තාවන් දක්වනුයේ දැඩි කැමැත්තකි. එනමුත් බොහෝ කාන්තාවන් හිසකෙස් සම්බන්ධ ගැටලු වලින් දැඩි ලෙස පීඩාවට ලක් වේ. විශේෂයෙන් උකුණන් සිටීම, හිස්සොරි ඇති වීම, අකලට හිසකෙස් පැසීම හා වැටීම, හිස් කබල මතු පිට දැඩිලෙස වියලී ම, හිසේ කැක්කුම වැනි හිසකෙස් ආශිත ගැටලු වලින් බොහෝ කාන්තාවන් පීඩාවට ලක්වෙයි. මෙම තත්වය සමනය කර ගැනීම සඳහා හොඬපර ගෙඩිවල මද දෙහි ඇඹුල් සමග මිශ්‍රකර එම මිශ්‍රණය හිසෙහි ආලේප කිරීමෙන් එම රෝග වලට ඉක්මන් සුවයක් ලබාගත හැකිය. මීට අමතරව ස්වාභාවික ජෙල් ආලේපනයක් ලෙස ද හොඬ පර මද භාවිත කළ හැකිය. 

සන්ධි රෝග සුව කරයි. විශේෂයෙන් සන්ධි රෝගවලදී සන්ධි ගෙවීයාම, සන්ධි වල වාතය ඇතිවීම, යන තත්වයන් සුලබ සන්ධි රෝග වේ. මේ සඳහා හොඬ පර ගෙඩි බීජ ද සමග හොඳින් කොටා ඊට තල තෙල්, එළඟිතෙල් හා මී පැණි මිශ්‍ර කර සකස් කරගන්නා ආලේපනය සන්ධිවල ගැල්වීමෙන් ඉහත දක්වා ඇති සන්ධි රෝග තත්වයන් වලට ඉක්මන් සුවයක් ලබා ලබා ගත හැකිය. 

වා පිත් කිපීම සමනය කරයි. මේ සඳහා හුඹස් මැටි කබලේ බැඳ කුඩු කර හොඳින් හලා ඊට හොඩපර මද එක් කර භාවිතා කිරීමෙන් වාතය හා පිත කිපීම නිසා ඇතිවන දෝෂ සමනය කරගත හැකිය. 

හෘද නාල අවරෝධනය වීම වළකාලයි. හෘද නාල අවරෝධනය වීමේදී භාවිත කළ හැකි ඔසුවක් ලෙසද හොඩ පර භාවිතා කළ හැකිය. මේ සඳහා තල තෙල්, මී පැණි හා හොඬ පර මද හොඳින් මිශ්‍රකර බාහිර ආලේපනයක් වශයෙන් පපුවේ ආලේප කිරීම වඩාත් ගුණදායක වේ. 

සන්ධි භග්න වීම සුව කරයි. සන්ධි භග්නයක් ඇතිවූ විට හොඬපර මද ගෙන හොඳින් තම්බා වියළාගත් කඳන් බිම් මල් කුඩු සහ මීපැණි ඊට මිශ්‍රකර සන්ධි භග්නය සිදු වූ ස්ථානයේ ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක්  ලබා ගත හැකිය. ශරීරයේ තැලුම් සිදු වූ විට ද මෙම ඖෂධය ඉතා ගුණදායක වේ. 

හොඬපර පොතු ඉතා කුඩා වන්නට ලියා මලවා ආහාරයට එක්කර ගැනීමෙන් අර්ශස්, පෝෂණ ඌනතා, රුධිර දෝෂ, ප්‍රතිශක්තිකරණ දුර්වලතා ආදී රෝග තත්ත්වයන් සඳහා ඉක්මන් සුවයක් ලබා ගත හැකි ය. ඉහත  රෝගාබාධ වලට අමතරව පහත රෝග සඳහා ද මෙම හොඩපර ඔසුව යෝග්‍ය වේ. 

  • උණ හා කැස්ස සුව කරයි. 
  • ස්වාස නාලිකා අවහිර වීම වළකාලයි. 
  • හෘද රෝග සඳහා යෝග්‍ය වේ. 
  • බඩේ අමාරු සුව කරයි. 
  • ඔළුවෙ කැක්කුම සුව කරයි. 
  • පෝෂණ ඌනතා දුරුකරයි. 
  • සන්ධි රෝග සඳහා යෝග්‍ය වේ. 
  • ඉදිමුම් වේදනාවන් සමනය කරයි. 
  • අස්ථි කැඩීයාම වලකාලයි. 
  • ගෙඩි සුව කරයි. 
  • ගල් තැලුම් සුව කරයි. 

මේ අනුව පැහැදිලි වන්නේ හොඩපර ශාකයේ ඖෂධීය භාවිතයන් රැසක් පවතින බවයි.