Holy Basil යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන මදුරුතලා ශාකය සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක් වේ. ඉතා වටිනා ඖෂධීය ශාකයක් වන මෙය සංස්කෘත භාෂාවෙන් තුල්සි යනුවෙන් හදුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ වල් පැළෑටියක් ලෙස සළකන මෙම ශාකය ඉන්දියාව තුළ වන්දනීය ඖෂධීය ශාකයක් වේ.තුල්සි ගසක් ගෙවත්තේ සිටුවා තිබීමෙන් අමනුෂ්‍ය දෝෂ දුරු වන බව හින්දු ආගමික විශ්වාසය වේ. මෙම ශාකයට ඊට ආවේණික වූ සුගන්ධයක් පවතින අතර ශ්‍රී ලංකාවේ මෙම ශාකය පොදුවේ තලා යනුවෙන් හදුන්වන අතර එහි ප්‍රභේද කිහිපයක්ම පවතී. එනම්
ගස් තලා ,ඕං තලා ,හීං තලා, සුවද තලා යනාදී වශයෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය. මේවායේ පවතින වාතය පිරිසිදු කිරීමේ හැකියාව නිසා නිවාස අවට වැවීම සදහා උචිත සෞඛ්‍යය සදහා හිතකර ශාකයක් වේ.ඇතැම් යුරෝපීය රටවල රූපලාවණ්‍යය කටයුතු සදහා ද මෙම ශාකය භාවිත කරනු ලැබේ.
මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ චරක සංහිතාකවේ සදහන් ආකාරයට රෝග නැසීම සදහා ඉතා වටිනා ඖෂධයක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය.

• කොලෙස්ටරෝල් පාලනය කිරීමට
• පිළිකා රෝග සදහා
• අතීසාරය සදහා
• ආහාර අරුචිය සදහා
• හෘද රෝග සදහා
• රක්තවාතය සදහා
• සෙම් රෝග සමනය කිරීමට
• විෂබීජ නාශනය සදහා
• සර්ප විෂ සමනය කිරීමට යනාදී වශයෙන් විශාල රෝග සංඛ්‍යාවක් සදහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ සියලුම ශාක කොටස් භාවිත කරනු ලැබේ.
• චර්ම රෝග සදහාබෝහෝමයක් දෙනෙකුට සම මත ඇතිවන කුෂ්ඨ, සැරව ගෙඩි සුවපත් කර ගැනීම සදහා මදුරුතලා ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ. මදුරුතලා කොළ එළගිතෙලින් අඹරා කුෂ්ඨ සැරව ආදියෙහි ආලේප කිරීමෙන් එම රෝග තත්වයන් සමනය කර ගත හැකිය.මදුරුතලා පුෂ්කර හා ගෙන්දගම් සමව ගෙන ඇඹුල් දොඩම් ඇඹුලින් අඹරා දද කුෂ්ඨ මත ගැල්වීමෙන් ද ඒවා සුවපත් කර ගත හැකිය. මදුරුතලා කොළ හොඳින් තම්බා ගන්නා ලද ජලයෙන් තුවාල සේදීම ද මේ සඳහා ගුණදායක වේ.
• උණ සදහාඋණ නිසා ඇතිවන ශරීරයේ වේදනාව සමනය කිරීම සදහා මදුරුතලා තම්බා එම ජලයට එනසාල් කුඩු සහ සීනි යොදා පානය කිරීම ගුණදායක වේ.
• කුරුලෑ ලප කැලැල් සමනය කරයි.බෝහෝමයක් තරුණ තරුණියන්ට බහුලව ඇතිවන රෝගී තත්වයක් ලෙස කුරුලෑ ලප කැලැල් ඇතිවීම හදුනා ගත හැකිය. මදුරුතලා කොළ කොටා එම යුෂ කුරුලෑ සහිත මුහුණේ ආලේප කිරීම මගින් එම තත්වයන් සමනය කර ගත හැකිය.
• මැලේරියා රෝග සමනය කරයි. මැලේරියාව සදහා ද වටිනා ඖෂධයක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය. මදුරුතලා මුල් , ඉගුරු කලං හතරක් ,විෂ්ණු ක්‍රාන්ති ආදිය ගෙන වතුර පත 7ක් දමා පත එකට සිදුවා දිනපතා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම ගුණදායක වේ.
• සෙම් රෝග සමනය කරයි.මදුරුතලා ශාකයේ බීජ පතක් ගෙන බදුනකට දමා වතුර පත හතරක් එක් කොට පත එකට සිදුවා උදෑසන සහ සවස පත භාගය බැගින් පානය කිරීම මගින් සෙම් රෝග සුවපත් කර ගත හැකිය.
• උදර රෝග සමනය කරයි.උදර වේදනාව ,උදර ගත දැවිල්ල ,කෑම අරුචිය ආදී රෝගී තත්වයන් සදහා මදුරුතලා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. මේ සදහා මදුරුතලා කොළ ,වියළි ඉගුරු ග්‍රෑම් තිහක් පමණ ගෙන හොඳින් අඹරා ගුලි විස්සක් පමණ සකසා දිනපතා ගුලිය බැගින් සකසා ආහාරයට ගැනීම ගුණදායක වේ.

• අස්ථි සන්ධි වේදනා සමනය කරයි.වයස්ගත වීමත් සමග ඇතිවන අස්ථි සහ සන්ධි වේදනාවන් සමනය කිරීම සදහා මදුරුතලා ශාකයේ කොළ ,කද, මුල් ඖෂධ ලෙස භාවිත කරයි. එමෙන්ම මදුරුතලා කොළ ඇල්දියෙන් අඹරා පත්තුවක් ලෙස එම ස්ථානයන්හි තැබීමෙන් සන්ධි වේදනාවන් සමනය කර ගත හැකිය.
• පිළිකා රෝග සමනය කරයි.පිළිකා වර්ධනය වීම පාලනය කිරීම සදහා මදුරුතලා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. මදුරුතලා කොළ මද පවනේ වියළා කුඩු කර උණුවතුරට දමා තේ මෙන් පානය කිරීමෙන් පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ. මෙමගින් මුඛ පිළිකා, චර්ම ,පෙනහළු ,සම ,අක්මාව ආශ්‍රිතව පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය.
• මදුරුතලාවල පවතින ආවේණික සුගන්ධය නිසා ඒවා මදුරුවන් පළවා හැරීම සදහා භාවිත කරනු ලබයි.
• ඇතැම් ප්‍රදේශවල බුලත් කොළ වෙනුවට ආදේශකයක් ලෙස මදුරුතලා කොළ භාවිතයට ගනී.
• මදුරුතලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වන ඖෂධයක් ද වේ.
• තුල්සිවලින් සම රැලි වැටීම ,වියපත් පෙනුම දුරු කරන නිසා ඒවා යොදා ගෙන රූපලාවණ්‍යය නිෂ්පාදනය කරන අතර ඉහළ මිලකට අලෙවි කරනු ලබයි.
• ඇතැම් රටවල ජලයේ අධික ෆ්ලෝරයිඩ් ඉවත් කිරීම සදහා තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර ජලයට දැමීම සිදු කරනු ලබයි. ඒවායින් ජලයේ වැඩි ෆ්ලෝරයිඩ් ඉවත් කරයි.
• මදුරුතලා ඖෂධයක් ලෙස වසර දහස් ගණනක් භාවිත කරන අතර නීරෝගී අක්මාවක් පවත්වා ගැනීම සදහා ද දරා ගැනීමේ ශක්තිය වැඩි කිරීම සදහා ද මදුරුතලා ඖෂධයක් වේ.
• තුල්සි බැක්ටීරියා මර්දනය කරන අතර වියපත් වීමේ වේගය අඩු කරයි.
• මදුරුතලා රුධිර පීඩනය පාලනය කර රුධිරගත සීනි මට්ටම ද පාලනය කරයි.
• ශරීරයේ තරබාරු බව ද අඩු කරයි.
• ආහාර රසවත් කිරීමට ද තුල්සි කොළ යොදා ගනී.
මේ ආකාරයට මදුරුතලා බෝහෝමයක් රෝග සුවපත් කර ගැනීම සදහා ඖෂධයක් ලෙස භාවිත කරනු ලබයි. නමුත් යම් රෝගයකට ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.