ලස්සන වෙන්න කවුද අකැමැති. ලස්සන ගැන කතා කරද්දි පිරිසිදු බව කියන කරණාව නම් කොහොමවත් අමතක කරන්නට හැකියාවක් නැහැ. සුන්දර මුව කමලක් උරුම කර ගන්නට නම් මුහුණ හොඳින් පිරිසිදු කරගන්නා එක හරිම වැදගත්. අපේ මුහුණ නිසි පරිදි සිදු නොවීම නිසා කුණු දූවිලි රැඳීම නිසා විවිධ ගැටලු ඇති වෙනවා. මුහුණ පිරිසිදු කර ගන්නට සේදීම පමණක් සෑහෙන්නෙ නැහැ. මුහුණ පිරිසිදු කර ගත්තට පස්සේ ටෝනර් එකක් භාවිතා කළ යුත්තේ ඒ නිසා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ රූපලාවන්‍ය කටයුතුවලදී සම රැක ගන්නට අනිවාර්යෙන්ම භාවිතා කරන්නට ඕන ටෝනර් ගැන.
කෘතීමව නිෂ්පාදනය කරපු නිෂ්පාදන අපිට මිලට ගන්න හැකි නමුත් අතුරු ආබාධයක් නැතිව අපේ ලස්සන සුන්දරත්වය තියාගන්නට නම් අපි හැම වෙලේම ස්වභාවික නිෂ්පාදනය භාවිතයට ගැනීමට යොමු විය යුතුයි. ඒ නිසාම අද අපි කතා කරමු නිවසේදී සාදාගත හැකි ස්වාභාවික ටෝනර් වර්ග කිහිපයක් ගැන.
ටෝනර් එකක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි
ෆේෂ් වොෂ් එකකින් හෝ ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරාට පස්සේ අනිවාර්යෙන්ම ටෝනර් එකක් භාවිතා කරන්නට ඕන. මොකද අපේ සමේ විවර වෙලා තියෙන ඇසට නොපෙනෙන සිදුරු වසා දමන්නට අපූරු හැකියාවක් මේ ටෝනර්වලට තියෙන නිසා. මේ දියරමය ආලේපනය විශබීජවලින් අපේ සම ආරක්ෂා කරන්න උදව් වෙනවා. ඒ වගේම අපේ මුහුණේ ඉතිරි වෙලා තියෙන කුණු දූවිලි සහ මේකප් ආදියත් ඉතාම හොඳින් ඉවත් කරන්නටත් හැකියාව තියෙනවා. ඒ නිසාම වාෂ්ප ඇල්ලීමෙන් හෝ ස්ක්‍රබ් කිරීමෙන් පසුවත් සමේ විවර වෙලා තියෙන සිදුරු වසා ගන්නට ටෝනර් එකක් භාවිතා කරන්නට ඕන.
ටෝනර් එකක් භාවිතයෙන්.
සම හොඳින් පිරිසිදු වෙනවා.
විවර වුණු සිදුරු වසා දමනවා. එමඟින් සමට කුණු දූවිලි ඇතුළු වීම වැළැක්වෙනවා.
කුරුලෑ බිබිලි ආදී ආසාත්මිකතා ඇතිවීම වැළකෙනවා.
සමට නැවුම් බවක් ලබා දෙනවා.
ස්වාභාවික ටෝනර් වර්ග
ඇපල් සයිඩර් විනාකිරි
සුපිරි වෙළඳසැල්වලින් ඉතාම පහසුවෙන් ලබාගන්නට හැකි ඇපල් සයිඩර් විනාකිරි ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වෙලා ඉන්නට වගේම සමේ ගැටළු සියල්ලම නිරාකරණය කරගන්නත් අපිට උදව් වෙන අමුද්‍රව්‍යයක්. ඇපල් සයිඩර් විනාකිරි බැක්ටීරියා ආසාදන වළක්වන්නටත් මුහුණේ ඇති කුරුලැ ලප කැලැල් ආදියටත් ඉතාම හොඳ සත්කාරයක්.
ඇපල් සයිඩ විනාකිරි කෝප්ප භාගයක්
පිරිසිදු වතුර කෝප්ප එකක්
මේ වර්ග දෙක එකට හොඳින් කලවම් කර ශීතකරණය තබා භාවිතා කරන්න.
කෝමාරිකා ටෝනර්
මේ ටෝනර් එක වඩාත් සුදුසු වෙන්නේ වියළි සමක් සහිත අයට. කෝමාරිකා අපේ සමේ තියෙන සෑම ගැටලුවකටම ඉතාම ගුණදායී ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාකයක්.
කෝමාරිකා මද කෝප්ප කාලක්
පිරිසිදු ජලය මේස හැඳි දෙක තුනක්
මේ සියල්ල එක්ට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඒ දියරය පොඩි ස්ප්‍රේ බෝතලයක දමා ශීතකරණයේ යට කොටසේ තබාගෙන භාවිතයට ගන්න.
රෝස වතුර
රෝස වතුර සමට ඉතාම හොඳ ප්‍රතිලාභ ලබාදෙන බව ඔබ දන්නවා. ඒ වගේම රූපලාවණ්‍ය සත්කාර අතර බහුලවම භාවිතා වෙන ටෝනර් එකක් විදිහටත් රෝසවතුර සඳහන් කරන්නට පුළුවන්. මුහුණේ තෙල් ගතිය පාලනය කරන්නට වගේම වෙනත් ආසාදන දුරුකරන්නටත් රෝස වතුරවලට විශේෂ හැකියාවක් තියෙනවා.

හොඳින් සෝදා පිරිසිදු කර ගත් රෝස පෙති කෝප්ප තුනක්
අවශ්‍ය ප්‍රමාණයට පිරිසිදු ජලය
රෝස පෙති උණු ජලයට දමා වසා තැබීමෙන් සරලවම පහසුවෙන් රෝස වතුර හදාගන්න පුළුවන්. න මුත් ඊටත් වඩා සාර්ථකම ක්‍රමය වෙන්නේ වතුරට රෝස පෙති දමා ඉතාමත් අඩු ගින්දරේ විනාඩි කිහිපයක් රත් කරගන්න. රෝස පෙතිවලවල පැහැය වෙනස් වුණාට පසු ළිපෙන් ඉවත් කරගෙන හොඳින් නිවුණු පසුව බෝතලයකට දමා ශීතකරණයේ තබා භාවිතයට ගන්න .
සහල් වතුර
සහල් වතුරවලට පුළුවන් සමේ තෙතමනය රැක ගෙන සම වයස්ගත වීම පාලනය කරන්නට. ඒ වගේම සමට හොඳ දීප්තියක් ලබා දෙන්නටත් එයින් හැකියාව ලැබෙනවා.

මුලින්ම සෝදාගත් සහල් ටිකක් භාජනයකට දාලා සහල් ප්‍රමාණයට වඩා ටිකක් ඉහලින් තියෙන විදිහට පිරිසිදු ජලය එයට එකතු කරන්න කිහිපයක්. මේ විදියට පොගවා ගන්න .ඉන් පසුව මේ ජලය පෙරාගෙන ශීතකරණයේ තබා ටෝනර් එකක් ලෙස භාවිතයට ගන්න.
ග්‍රීන් ටී
අපේ ශරීරයේ අභ්‍යන්තරයට වගේම අපේ සමටත් ඉතාම ඉහළ ගුණයක් ලබා දෙන්නට මේ ග්‍රීන් ටීවල ඇති සංඝටක අපිට උදව් වෙනවා. විශේෂයෙන්ම සමේ ඇති ලප කැළැල් දුරු කරගන්නට හිරු එළිය නිසා සිදුවන අඳුර නැති කරගන්නත් එය අපූරුයි. ග්‍රීන් ටී භාවිතයෙන් සාදාගත හැකි ටෝනර් එක වඩාත් සුදුසු වෙන්නේ තෙල් සහිත සමක් තියෙන ඔබට.
ග්‍රීන් ටී පිරිසුදු ජලය සමග උණු කරලා අරගෙන හොඳින් නිවෙන තුරු තම්බා ශීතකරණය කියලා ප්‍රයෝජනයට ගන්න. එහෙම නැත්නම් මේ නිවාගත් දියරයට tea tree බින්දු කිහිපයක් එකතු කර භාවිතයට ගන්නත් පුළුවන්.
ලෙමන්
ලෙමන්වල විටමින් සී අඩංගු වෙන නිසා එය අපි සමේ ඇති වන ගැටළු බොහොමයක් වළක්වලා සම වයස් ගත වීම පාලනය කරනවා. එයින් සම මතු තියෙන අනවශ්‍ය තෙල් ගතිය පාලනය කරනවා.
ලෙමන් ගෙඩියක්
පොල් වතුර මේස හැඳි 6
ලෙමන් ගෙඩියක පොල් වතුර එයට හොඳින් කලවම් කරගෙන බෝතලයකට දමා ශීතකරණයේ තබා භාවිතයට තබා ගන්න.
දොඩම් ලෙලි
මේ ස්වභාවික ටෝනර් එක භාවිතා කිරීමෙන් සමේ ඇතිවන කුරුලෑ ලප කැලැල් වගේම බ්ලීචින් නිසා සමට ඇති වුණු ආසාදන පවා කුරුඳු පොතු කිහිපයක් කුරුඳු පොතු පිහි කිහිපයකකෝමාරිකා කෝමාරිකා මද

දොඩම් ලෙලි
ජලය
සෝදා පිරිසුදු කර ගත් මේ ද්‍රව්‍යයන් සියල්ල මද ගින්දරේ හොඳින් තම්බා ගන්න. ජලය පෙරා බෝතලය දමා සිත ශීතකරණයේ තබා භාවිතයට ගන්න.
සැලකිලිමත් වෙන්න
ස්වාභාවික ටෝනර් වර්ග සකස් කළ පසු කල් තබා ගැනීමට ශීතකරණය භාවිත කළ යුතුයි.
ටෝනර් එකක් තෝරා ගත යුත්තේ තමන්ගේ සමේ ස්වභාවය අනුව.
ශීතකරණයේ තබා පිටතට ගත් සැණින් අධික සීතල සහිතව ටෝනර් එක මුහුණේ ආලේප කිරීමෙන් වැළකිය යුතුයි.
එමගින් ස්නායුවලට හානි වීම සහ සම වියළීම සිදු වෙන්නට පුළුවන්.
ශීතකරණයේ තබා තිබියදී එහි වර්ණයේ සුවඳ වෙනසක් ඇත්නම් එය භාවිතයට නොගන්න.