සතියකට අඩු කාලයකින් පැළුණු යටිපතුල් සුවකරන සත්කාර 6 ක්

health tips

බොහෝ දෙනෙකු දෙපා වල නීරෝගි බව සහා පෙනුම ගැන එතරම් තැකීමක් නැහැ. පාද වල සනීපාරක්ෂාව කෙරෙහි අඩු අවධානය නිසාම පාද වල සම වියළී යාම, සම ඉරිතලා යෑම, කොරල මතුවීම වැනි ගැටලු වගේම කකුල් අවලස්සන කරවමින් යටි පතුල් පැළීයාම  ද සිදුවිය හැකියි. ඔබත් මේ ගැටලුවෙන් පීඩා විඳින කෙනෙකු නම් පිරිසක් ඉදිරියේ පාවහන් ගැලවීමට සිදුවීමේදි ඔබට දැනෙන ලැජ්ජාව සහා අපහසුතාව ගැන ඔබ දන්නවා ඇති. 

හැබැයි, අද පටන් අපි ඔබට කියන මේ සත්කාර ක්‍රම සිදුකිරීමට පටන්ගත්තොත් නම් තවදුරටත් පැළුණු දෙපතුල් ඔබට ගැටලුවක් වෙන එකක් නැහැ. ඔබේ පැළුණු දෙපා සුව කරන මේ සත්කාර ක්‍රම වලට අවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් බොහෝ ඒවා ඔබට ඔබේ නිවසේ මුලුතැන්ගෙයින්ම සොයාගන්න පුලුවන් ඒවා වීම තවත් විශේෂත්වයක්. 

  1. මුව සෝදන දියර සහා විනාකිරි වලින් සත්කාරයක්

සකස් කරන ආකාරය:

  • මුව සෝදන දියර කෝප්ප 1ක්, විනාකිරි කෝප්ප 1ක් සහා ජලය කෝප්ප 2ක් එකට දමා මිශ්‍රණයක් සකස් කරගන්න.
  • ඔබේ දෙපා මේ මිශ්‍රණයේ මිනිත්තු 15ක් පමණ පොඟවාගෙන සිටින්න
  • දෙපා ජලයෙන් ඉවත්කරගනිමින් පමිස් ගලක් භාවිතයෙන් දෙපා වල මැරුණු සම ඉවත් වන සේ අතුල්ලා ගන්න.
  • පිරිසිදු ජලයෙන් දෙපතුල් සෝදාහරිමින් තෙතමාත්තු කර අවසානයේ මොයිෂ්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරගන්න.
  • මෙම සත්කාරය ඔබේ දෙපතුල් වල පැළුණු ස්වභාවය ඉවත්වන තුරුම දිනපතාම සිදුකරන්න.

මුව සෝදන දියර වල අඩංගු තයිමෝල් සහා මද්‍යසාර වලින් දෙපා වල ඇඟිලි තුල දිලීර ආසාදන ඇතිවීම වළක්වනු ලබයි. එමෙන්ම පැළුම් තුවාල සුවකිරීම, සම සුමුදුකිරීම ගල් තැලුම් ස්වභාවයන් ඉවත් කිරීමද සිදුකරයි. විනාකිරි වල අඩංගු සුලු අම්ල මඟින් වියළි සහා මැරුණු සම මෘදු කරමින් ඒවා ඉවත් කිරීමේ ක්‍රියාවලිය පහසු කරවයි.

  1. හාල් පිටි, මී පැණි සහා විනාකිරි සත්කාරය

සකස් කරන ආකාරය:

  • හාල් පිටි තේ හැඳි 3ක්, මී පැණි තේ හැඳි 1ක් සහා ඇපල් සයිඩර් විනාකිරි බිංදු 2-3ක් පමණ එක් කරමින් ඝන තලපයක් ලෙස ස්ක්‍රබ් එකක් සකස් කරගන්න.
  • ඔබේ දෙපා ඇල් මැරුණු ජලයේ මිනිත්තු 10ක් පමණ පොඟවාගෙන සිටින්න. ඉන්පසුව, දෙපතුල් වල මැරුණු සම ඉවත් කරගැනීම සඳහා මෙම ස්ක්‍රබ් එක ආලේප කරමින් මෘදුව දෙපා ඇතිල්ලීම සිදුකරන්න.
  • සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම සත්කාරය නැවත සිදුකරන්න.

හාල් පිටි මඟින් සමේ මැරුණු සෛල ඉවත්කිරිම සහා සම පිරිසිදු කිරීම සිදුකරයි. මී පැණි යනු ස්වභාවික විෂබීජනාශකයක් බැවින් ඒවා පැළුණු දෙපතුල් සුවකිරීම සිදුකරයි. විනාකිරි වල අඩංගු අම්ල ස්වභාවය මඟින් වියළි සහා මැරුණු සම මෘදු කර සමෙන් ඉවත්කිරීම පහසු කරවයි.

  1. කෙසෙල් වලින් සත්කාරයක්

සකස් කරන ආකාරය:

  • ඉදුණු කෙසෙල් ගෙඩි 2ක් පමණ හොඳින් පොඩි කරගන්න. මේ සඳහා ඉදුණු කෙසෙල් පමණක් භාවිතා කල යුතුය. අමු කෙසෙල් වල සමට එතරම් හිතකර නොවිය හැකි අම්ල අඩංගුවේ.
  • ඔබේ දෙපා වල හොඳින් මෙම කෙසෙල් තලපය මෘදුව අතුල්ලමින් ආලේප කරගන්න (ඇඟිලි අතරේ පවා). සම මත මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.
  • ඉන්පසුව, පිරිසිදු ජලයෙන් දෙපා සෝදා පිරිසිදු කරගන්න.
  • රාත්‍රී නින්දට පෙර දිනපතාම මේ සත්කාරය සිදුකරන්න.

කෙසෙල් සම මත ස්වභාවික තෙතමනකාරකයක් ලෙස ක්‍රියාකරයි. එහි අඩංගු විටමින් A, B 6 සහා C ගුණයන් මඟින් සමේ ඇදෙන සුලු ස්වභාවය පවත්වාගැනිමින් සමේ තෙතමනය ආරක්ෂා කිරීම සිදුකරයි.

  1. මී පැණි සත්කාරයක්

සකස් කරන ආකාරය:

  • උණුසුම් ජලය පිරවූ බේසමකට මී පැණි කෝප්පයක් එකතු කරගන්න.
  • ඔබේ දෙපා හොඳින් පිරිසිදු කරගෙන පසුව මෙම මිශ්‍රණය තුල බහාලමින් මිනිත්තු 20ක් පමණ සම්බාහනය කරන්න.
  • පමිස් ගලක් භාවිතා කරමින් දෙපා අතුල්ලමින් මැරුණු සම ඉවත් කරගන්න.
  • ඉන්පසුව, දෙපා වියළෙන සේ තෙතමාත්තු කරගනිමින් මොයිෂ්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරගන්න.
  • රාත්‍රී නින්දට පෙර දිනපතාම මේ සත්කාරය සිදුකිරීම කල හැකියි.

මී පැණි යනු ස්වභාවික තෙතමනකාරකයකි. සම අභ්‍යන්තර පටක වල ඇති ජලය පවා සම මතුපිට ස්තරයට උරාගැනිමට මී පැණි වලට හැකියාව ඇත. මෙම ක්‍රියාවලියෙන් බාහිර සම සමනය වී සුවපත් වීම සිදුවේ.

  1. එළවළු තෙල් වලින් සත්කාරයක්

සකස් කරන ආකාරය:

  • ඔබේ දෙපා හොඳින් පිරිසිදු කරගෙන තුවායක් භාවිතා කරමින් හොඳින් තෙත මාත්තු කරගන්න.
  • ඉන්පසුව, දෙපා වල යටිපතුල් ප්‍රදේශයේ සහා ඇඟිලි අතරේ පවා හොඳින් එළවළු තෙල් ආලේප කරගන්න.
  • පිරිසිදු මේස් කුට්ටමක් පැලඳ රාත්‍රියේ නින්දට යන්න. පසුදා උදෑසන දෙපා හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
  • දිනපතා රාත්‍රී නින්දට පෙර මෙම ප්‍රතිකර්මය සිදුකරන්න.

එළවළු තෙල් පහසුවෙන් සමට උරාගනියි. බොහෝ එළවලු තෙල් නිෂ්පාදන වල ප්‍රෝ-විටමින් A, D සහා E අඩංගු වන අතර ඒවා මඟින් සම පෝෂණය කරමින් නව සෛල නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට දායක වේ.

  1. Vicks බාම් සත්කාරයක්

සකස් කරන ආකාරය:

  • රාත්‍රි නින්දට යෑමට පෙර ඔබ භාවිතා කරන Vicks VapoRub බාම් ස්වල්පයක් පතුල් වල ආලේප කරගන්න.
  • මිනිත්තු 5ක් පමණ හොඳින් සම්බාහනය කරමින් කපු මේස් කුට්ටමක් පලඳින්න.