කට පරිස්සම් නැතිකම නිසා උසට සරිලන මහත අද ගොඩක් දෙනෙක්ට අහිමි වෙලා තියෙනවා. අපි ගන්නා ගුණයෙන් හීන ආහාර, ක්‍රියාශීලී නොවන ජීවන රටාව ඇතුළු කාරණා හේතු කරගෙන දේහ බර එන්න එන්නම වැඩි වෙන එක අපි හැමෝටම මානසික වදයක්. ඒ වගේම ඒක අපේ සෞඛ්‍යයටත් බරපතළ තර්ජනයක්. එහෙමයි කියලා දවස ගානේ ජිම් එකකට යන්න අපිට වෙලාවක් නැහැ නේ. ඒ වගේම ආස කෑම බීම අසීමාන්තිකව පාලනය කරන එකත් කරන්නට අසීරු වැඩක්. ඉතින් අමතර වියදමක් වැය කරන්නේ නැතිව නිරෝගීව අපේ ශරීරයේ බර අඩු කරගන්නට උදව්වෙන සරල ක්‍රමයක් ගැන තමයි අපි අද ඔයාට කියන්නේ.
මේ පානය අපේ ශරීරයේ බර අඩු කරනවා විතරක් නෙවෙයි තවත් නොයෙකුත් සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගන්නත් උදව් වෙනවා. ඉතින් අපි බලමු මේ පානය හදාගන්නෙ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්

කස කසා ඇට මේස හැඳි එකක්-කස කසා ඇට ගැන ගොඩක් අය දැනුවත්. ගොඩක් අය භාවිතයට ගන්නවා. අතීතයේ පටන්ම මේදය දහනය සඳහා මේ කස කසා ඇට භාවිතා කරපු බව සඳහන් වෙනවා. කස ඇට තේ හැන්දක ප්‍රමාණයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 2 ක් ලබා ගන්නට අපිට හැකියාව පවතිනවා.
ඒ වගේම අපේ ශරීරයට දිනකට අවශ්‍ය කරන කැල්සියම් ප්‍රමාණයෙන් 15 %ක් කස කසා ඇට තේ හැන්දකින් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය මැග්නීසියම් සහ යකඩ අවශ්‍යතාවයෙන් 10 % ක් තරම් ප්‍රමාණයක් සපුරා ගන්නටත් මේ කස කසා ඇට අපිට බෙහෙවින් උපකාරී වෙනවා.
මේ තන්තු බහුල බව නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරුණු ස්වභාවයකින් යුක්ත වීමක් දැනෙන්නට ගන්නවා. මෙය ශරීරයේ බර අඩු කරගන්නට උනන්දුවක් දක්වන අයෙකුට ඉතා වැදගත් වෙනවා. අපේ ශරීරයට වැඩි වශයෙන් තන්තු ලැබීමෙන් අපට නිතර කෑම ගන්නට අවශ්‍ය කරන බඩගින්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සිරුරේ බර අඩු කරගන්නට කස කසා ඇට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි ආහාර මාර්ගයේ සිටින හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය, රුධිරයේ සීනි මට්ටම පාලනය,කොලෙස්ටරෝල් පාලනය , පිළිකා ඇතිවීම වැළැක්වීම, බුද්ධිය වර්ධනය, ශරීරය සිසිල් කිරීම, ලිංගික ශක්තිය උත්තේජනය ඇතුළු වාසි ගොඩක් කස කසා ඇටවලින් අපිට ලැබෙනවා.
ඒ වගේම පැලෝපීය නාල අවහිරතා මගහැරීමට උපකාරී වන අතර කාන්තාවන්ට වයසත් සමඟ ඇතිවන ස්නායු දුර්වලතා පවා දුරු කරනවා.
නමුත් විටමින් K බහුලව අඩංගු වන නිසා රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන් ගැටළු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා වෝෆරීන් ඇස්ෆරීන් ආදී ඖෂධ භාවිතා කරන අයෙක් නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඖෂධ ප්‍රමාණය වෙනස් කරවා ගැනීමක් හෝ සිදු කරගෙන මේ කස කසා ඇට භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම අනාගතයේදී යම් ශල්‍ය කර්මයකට බදුන් වන්නට සිටින අයෙක් නම් කස කසා ඇට භාවිතය සුදුසු නොවෙයි.
කොතරම් ගුණයන් අපේ ශරීරයට ලබාදුන්නත් මේ කස කසා ඇට එකදිගට සෑම දිනකම ගැනීම හෝ වරකට අධික ප්‍රමාණයක් ගැනීම ඉතාමත් හානිදායක තත්ත්වයන් ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
මී පැණි මේස හැඳි එකක්-මීපැණි කියන්නෙත් පුරාණයේ සිටම විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නට භාවිතා කළ වටිනා ඔසුවක්. මි පැණිවල විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු පෝෂක විශාල සංඛ්‍යාවක් අඩංගු වෙනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරක සහ වැදගත් එන්සයිම ද අඩංගු වෙනවා.
කොලෙස්ටරෝල් අඩංගු නොවන මී පැණිවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, විටමින් ඇතුළු ඛනිජ ලවණ රාශියක් අඩංගු වෙනවා. ඔබේ ශරීර බර අඩු කරගන්නට උනන්දුවක් දක්වන කෙනෙකුට මේ පානය සාදා ගැනීමට අලුත් මී පැණි නොව පරණ මී පැණි භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි. මොකද පරණ මී පැණිවලට හැකියාව තියෙනවා අපේ ශරීරයේ මේදය අඩු කරන්නට. ඒ වගේම ස්ථුල පුද්ගලයන්ගේ ස්ථුල බව නැති කරන්නට.
මී පැණි ආහාර ජීර්ණ හැකියාව වර්ධනය , මළ හොඳින් පිට කිරීමට උදව් වීම, වයසට යාම පාලනය, ලේ පිරිසිදු කිරීම, ප්‍රතිශක්තිය වර්ධනය , චර්ම රෝග සුව කිරීම, ආතතිය දුරු කිරීම ඇතුළු බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා.

ලෙමන් ගෙඩියක්-විටමින් සී බහුල පලතුරක් විදියට සැලකෙන ලෙමන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම, අනවශ්‍ය මේදය දියකරමින් දේහ බර අඩු කරන්නට දායක වීම, සිරුරේ විෂහරණයට උදව් වීම ඇතුළු නොයෙකුත් ප්‍රතිලාභ අපිට ලබා දෙනවා. දිනපතාම ඔබ පානය කරන ජලය වීදුරුවට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර පානයට ගැනීම පවා වඩාත් නිරෝගී ජීවිතයකට වැදගත් ලෙස වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඒ නිසාමයි.
වතුර වීදුරු එකහමාරක්
සකසා ගන්නා හැටි මුලින්ම කස කසා ඇට සෝදා වතුර පැයක පමණ කාලයක් පොඟවා ගන්න. ඒ කස ඇටවල පිටත වතුර බුබුලක් වගේ ආවරණයක් හැදෙනවා. ඒ තමයි කට කසා ඇටවල තියෙන තන්තුමය කොටස්. ඒවාට ජලය උරාගැනීම නිසා මේ කස කසා ඇට විශාල වෙනවා. ඉන්පස්සේ මී පැණි ලෙමන් යුෂ සහ ජලය එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මේ සියල්ල හොඳින් මිශ්‍රණයක් විදිහට අඹරා ගත්තට පස්සේ මෙය පානය කරන්න.
මේ පානය දිනපතාම උදෑසන පානයට ගත්තොත් ඔබේ ශරීර බර අඩු කර ගන්න එක අපහසු නැහැ. මේ සඳහා භාවිතා කරපු සෑම ද්‍රව්‍යයක්ම අපේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරලා දේහ බර අඩු කරගන්නට උදව්වෙන දේවල්. එනිසා අපේ ශරීරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝගවලින් පෙළෙන අයටත් මේ පානය ඉතාම ගුණදායකයි.