පැඟිරි කුලයට අයත් ලෙමන් යනු විටමින් C බහුලව අඩංගුවන පළතුරකි. ලොකු කුඩා සෑම දෙනාම පාහේ දිනපතා ලෙමන් යුෂ වීදුරුවක් පානය කරන්නේ නම් එමඟින් ශරීර සෞඛ්‍යයට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය.
කෙසේ නමුදු සුළු පිරිසකට ලෙමන් යුෂ අසාත්මිකතා ඇති කරන්නක් වුවද උදෑසන අවදි වූ පසුව පානය කරන වතුර වීදුරුවට ලෙමන් යුෂ බිංදු කිහිපයක් මී පැණි හැඳි බාගයක් මිශ්‍ර කර පානය කරන්නේ නම් එමගින් බොහෝ රෝග සුව කරගත හැකිය.
ලෙමන් යුෂ පානය කිරීමේ වාසි.

කොලොස්ට්‍රෝල් පාලනය කරයි. ලෙමන් යුෂ ස්වල්පයක් මද උණුසුම් ජලයට මිශ්‍රකර ඊට ලුණු ස්වල්පයක් යොදා දිනපතා උදෑසන පානය කිරීමෙන් ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගත හැකිය.
අධි රුධිර පීඩනය හෘදයාබාධ ඇතිවීම වලක්වයි.ලෙමන් යුෂ පානය කිරීමෙන් අධි රුධිර පීඩනය මෙන්ම අධි රුධිර පීඩනය නිසා අතිවන ආබාධ ඇතිවීම වළක්වාගත හැකිය එනම් ලැබෙන් විෂ වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදුකරයි. එනම් මේ නිසා හෘද රෝග ඇති වීම පාලනය වේ.
චර්ම රෝග සුව කරයි.විටමින් C වලින් අනූන ලෙමන් යුෂ පානය කිරීමෙන් සමෙහි ඇතිවන බොහෝ රෝග සමනය කරගත හැකිය. එනම් කුරුලෑ ලප කැළැල් ආදිය සමනය කරගෙන සමෙහි කොලජන් නිෂ්පාදනය කර ගැනීමට හා සම පැහැපත් කර ගැනීමට ලෙමන් යුෂ වල අඩංගු විටමින් C උපකාරී වේ.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ලෙමන් යනු විටමින් C අනුන පළතුරකි. මේ නිසා ලෙමන් යුෂ පානය කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය. එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග වලක්වා ගත හැකිය.
ශරීරය විජලනය වීම වලක්වයි.ශරීර විජලනය වළක්වා ගෙන ශරීරය සජලියව තබාගැනීමට ලෙමන් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. එනම් එමගින් සම විජලනය වීමෙන් ඇතිවන රෝග ද සමනය වේ.
ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පවතින යම් බඩේ අමාරු, බඩ පුරවා දැමීම හා බඩේ ඇතිවන දැවිල්ල වැනි ආහාර ජීර්ණය අක්‍රමවත් වීමෙන් ඇතිවන රෝග සමනය කිරීමට ලෙමන් යුෂ පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. මෙහිදී උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් යුෂ එක් කොට පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් වී ආමාශගත රෝග සමනය කර ගත හැකිය. එමෙන්ම මලබද්ධය සමනයටද මෙම පානය භාවිතා කිරීම ගුණදායකය.

ශරීර බර අඩු කරයි.බොහෝ දෙනකුට මානසිකව හා කායිකව පීඩා ගෙන දෙන ශරීරයේ අධික බර පාලනය කර ගැනීම සඳහා ලෙමන් යුෂ පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් ලෙමන් යුෂ වලට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව වී අනවශ්‍ය මේදය දහනය වී ශරීරයේ බර පාලනය වීම සිදුවේ.
සෙම් රෝග සමනය කරයි.සෙම්ගෙඩි සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ ආසාදන සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස ලෙමන් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. ලෙමන් යුෂ වල අඩංගු විටමින් C ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ස්වසන රෝග සමනය කිරීම සිදුකරයි. එමෙන්ම සෙම පිට කිරීම පහසු කරවයි.
මුඛ පිරිසිදුකාරකයකි. මුඛ රෝග සමනය කිරීමට මෙන්ම මුඛ පිරිසිදු කාරකයක් ලෙස හා දත් ශක්තිමත් කිරීමට එනමලය ආරක්ෂා කිරීමට මුඛ පිරිසිදු කාරකයක් ලෙස ලෙමන් යුෂ භාවිතා කළ හැකිය.
- උණුසුම් ලෙමන් යුෂ වීදුරුවක් උදෑසනට පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ.
- ප්‍රති බැක්ටීරියා ගුණය හා සිරුරට හිතකර දිලීර නිශ්පාදනය කිරීම
- ශරීර විෂ ඉවත් කර ගත හැකි වීම
- අක්මාව නිරෝගිමත් කිරීම.
- සම ප්‍රකෘතිමත් කිරීම.
- ඇස් වල නිරෝගී කිරීම.
- ආතරයිටිස් රෝගය හා ඒ හේතුවෙන් ඇතිවන රෝග සමනය කිරීමට හැකි වීම.
- බෝවන රෝග වලින් ආරක්ෂා කිරීම.
- සිරුරේ ph අගය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකි වීම.
- මොලයේ ස්නායූ නිරෝගිමත් කිරීම
මේ ආදී වූ බොහෝ රෝග සමනය කරගැනීමට හා වාසිදායක සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට ලෙමන් යුෂ පානය කිරීම යෝග්‍ය වේ.