විවිධ ලෙඩ රෝග පිළිබඳව නිරන්තරයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙනවා. ඒ අතරින් තරුණ විය ඉක්ම යාමටත් පෙර සිටම බොහෝදෙනෙක්ට අත්විදින්නට සිදු වෙන රෝග තමයි වාත රෝග. ඉතාම පීඩාකාරී රෝගයක් වෙන මේ රෝගය වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ තරුණ විය ඉක්මවීමත් සමඟයි. මාංශපේශී ආශ්‍රිතව හට ගන්නා දැඩි වේදනාවන් දැවිලි ස්වභාවයන් ආදිය අපේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමටත් විශාල බාධාවක් වෙනවා.වාත වේදනා කාන්තා පුරුෂ භේදයකින් තොරව හැමෝටම ඇතිවන තත්ත්වයක් වුණත් මේ වාත රෝග කාන්තාවන් අතර වැඩි වශයෙන් දකින්නට ලබෙනවා.ඒ සඳහා විශේෂ වූ හේතු පවතිනවා. ඉතින් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ බොහෝදෙනෙක් පීඩා විදින වාත රෝග ඇතිවෙන්නට බලපාන හේතු සහ ඒ සඳහා හෙළ වෙදකමෙන් සිදු කළ හැකි පිළියම් මොනවද කියන කාරණාවන් පිළිබඳවයි.
වාත රෝග ඇති වෙන්නට බලපාන හේතු
- කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ අක්‍රමිකතා
- මැදිවිය ඉක්මවූ කාන්තාවන්ගේ ආර්තවහරණය
- ගෘහණියන්ගේ මානසික තත්ත්වය
- වැරදි ආහාර රටාව
වාත රෝගවලදී වේදනා ඇතිවන ස්ථාන

- බෙල්ල ආශ්‍රිත වේදනාවලදී බෙල්ල හැරවීම අපහසුවීම, නැවීම සහ දිගහැරීම අපහසු වීම
- බෙල්ලේ මාංශපේශීවල වේදනාව
- උරපතුවල වේදනාව
- පිටෙහි දෙඅත් සම්බන්ධ වන ස්ථානයේ
- බාහුවල නිතර ඇතිවන වේදනා සහ බාහුවල මාංශ පේශීන්ගේ වේදනාව
- දෑලවර වේදනා ඇතිවීමෙන් පපුව, උදරය, ආශ්‍රිත දෙපැත්තේ අස්ථි සහ මාංශ පේශීන්වල වේදනාව
මීට අමතරව,
- හිස, මුහුණ ප්‍රදේශ ආශ්‍රිත ස්නායුවල ඇතිවන වේදනාව
- තුනටිය පිට කොන්දේ , කශේරුකාව ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන වේදනාව
- සන්ධි, විලුබ, පිටි පතුල්වල ඇතිවන වේදනාව
- කලවා සහ කෙණ්ඩාවල ඇති මාංශපේශීවල වේදනාව
වේදනාවක් නොවන ආසාදන විවිධ ස්ථානවල ඇතිවන වාත රෝගවලින් වේදනාවක් හට ගත්තත් වේදනාවක් නොවන තත්ත්වයන් ද මෙයින් හඳුනා ගන්නට පුළුවන්. මේ තත්ත්වය ශරීරයට දැනෙන්නේ ඇවිලිල්ලක්, දැවිල්ලක්, හිරිවැටීමක් හෝ මස්පිඩු තදවීමක් ලෙසයි . ඒ තත්ත්වයන් සමඟ ඒ ස්ථාන ඇතුළතින් අධික කැසීමක් ද දැනෙන්නට ගන්නවා. නමුත් මේ කැසීම් බාහිරින් සිදුවන්නක් නම් නොවෙයි.
ප්‍රතිකාර මේ වාත රෝග සහ සන්ධි වේදනා විවිධ හේතූන් නිසාවෙන් ඇති වෙනවා. ඇතැම්විට ශරීරයේ දොස් කෝපවීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වාත රෝගයකදී බොහෝදෙනෙක් තෙල් ආලේප iකිරීම කිරීම, කිරීම,ජෙල් වර්ග ආලේපය, සම්බාහනය වගේම තාවකාලිකව සුවදෙන විවිධ ඖෂධ භාවිතා කරනවා. නමුත් ශරීරයේ දෝෂ කිපීමෙන් ඇතිවන වාත රෝගයකදී බාහිරින් පමණක් ප්‍රතිකාර සිදු කිරීම සාර්ථකව වාත රෝග සුවපත් කර ගන්නට බාධාවක් වෙනවා. ඒ සඳහා කළ යුත්තේ දේහයේ අභ්‍යන්තරයට වගේම බාහිරටත් එය ඇතිවන්නට බලපෑ හැකි හේතු නිශ්චය කරගෙන ප්‍රතිකාර සිදු කිරීමයි.
- එහිදී සන්ධි ආශ්‍රිතව පවතින අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඖෂධ යෙදීම
- හිරිය ඇති ස්නායුවලට බලපෑම් ඇතිවිට ඒවාට සුදුසු ප්‍රතිකාර යෙදීම
- නිසි බර පවත්වා ගැනීම සහ සෙම නිසි පරිදි දේහයේ පවත්වා ගැනීම ඖෂධ ලබාදීම
- අස්ථි දුර්වල වීම ඇට මිදුළු ක්ෂය වීම ආදියට හේතුවෙන පෝෂ්‍ය පදාර්ථ ඌණතාවයට ප්‍රතිකාර යෙදීම ආදී ප්‍රතිකාර අවශ්‍ය පරිදි සිදු කරනු ලබනවා.

ඒ හැරුණාම හඳුනා ගෙන ඇති වාත රෝග අසූවක් පමණ සඳහා සිදු කරනු ලබන ප්‍රතිකාරත් එකිනෙකට වෙනස් වෙනවා. නමුත් පොදුවේ වාත රෝග සඳහා පහත සඳහන් කර ඇති ඖෂධය ඉතාම ගුණදායක වෙනවා.
- කොල්ලු ඇට, සුදු ළූණු, වෙනිවැල් ගැට, බැබිල මුල් යන ද්‍රව්‍යයන්වලින් කලං තුන බැගින් ගෙන පත 8 එකට සිදුවා උදේට සහ සවසට පානය කරන්න. උදෑසන පානය කරද්දි එයට සහිද ලුණු එකතු කළ යුතු අතර සවස පානය කරද්දි එයට මී පැණි ස්වල්පයක් එකතු කර පානය කරන්න.
නමුත් දින ගණන් ඇඳට වී සිටින්නට සිදුවන ලෙස දරුණු ලෙස ඇතිවන වාත රෝග නොසලකා හරින්නට එපා. ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.