කටට ,රහට සැරට කෑම කද්දි මේ වගේ අමුතු අමුතු දේවල් ශරීරයට වෙනවා කියලා ඔබ දන්නවද

health tips

 නීරෝගී ජීවිතයකට අපේ ආහාර රටාව හරිම වැදගත්. ඉතින් අපි ආහාරයක් ගනිද්දි එහි ගුණය වගේම රසය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. මොකද අපිට යම් ආහාරයක් කොතරම් ගුණදායක වුණත් එය ආහාරයට ගන්නට  රුචිකත්වයක් ඇති වෙන්නට ඕන. ඉතින් ආහාර රුචිය වැඩිකරවන බොහෝ අය කැමති තවත් අය අකමැති රසයක් තමයි සැර කියලා කියන්නේ. බොහෝ අය සැර ආහාර මගහැරියත් තවත් අයට සැර නැතුවම බැහැ.

 නමුත් ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැහැ කියන කාරණාව ඔබ දන්නව නේ. ඉතින් ඒ නිසා මිරිස් කියන්නෙත් අපේ ශරීරයට අත්‍යවශ්‍ය නමුත් අසීමාන්තිකව ගැනීමෙන් අහිතකර බලපෑම් පවා ඇතිවෙන්නට පුළුවන් දෙයක්. ඉතින් අපි කතා කරමු සැර ආහාර අපේ ශරීරයට මොනවගේ විදිහට ද බලපෑම් කරන්නේ කියලා. 

 ආහාරවල සැර වැඩිකර ගන්නට මිරිස්, අමුමිරිස්, වියලි මිරිස්, කෝච්චි සහ ගම්මිරිස්  වගේම ඉඟුරු වගේ කුළු බඩුත් භාවිතා කරන්නට පුළුවන්. කොහොම වුණත් සැර ආහාර අපේ ශරීරයට හිතකර බලපෑම් වගේම අහිතකර බලපෑම් ඇති කරන්නත් පුළුවන්.

 සැර ආහාර අපේ ශරීරයට ලබාදෙන ප්‍රතිලාභ 

ශාරීරික වේදනාවන් ඉවසීමේ හැකියාව වැඩි කිරීම

සැර ආහාර අනුභව කරන එක ඇතැම් අයට ඉතාම අපහසු දෙයක් වුණාට විශේෂඥයන් සඳහන් කරන විදිහට සැර ආහාර ගනිද්දී අපි ශරීරයේ වේදනාකාරී හැඟීම් සඳහා වගකිව යුතු විශේෂ රසායන සංයුතියක් ඉලක්ක කරමින් ඒවාට යම් බලපෑමක් සිදු කරනවා. එයින් කියවෙන්නේ ශාරීරික වේදනාවන් ඉවසන්නට තියෙන හැකියාව අප තුළ වඩාත් වර්ධනය වෙනවා  මේ සැර ආහාර ගැනීම මගින්. 

ශරීර බර අඩුවීම 

 බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ශරීර බර අඩු කර ගන්නා එක. ඉතින් මිරිස් සහිත ආහාර අනුභව කිරීමෙන් ශරීරයේ අමතර මේදය දහනය කරගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මිරිස්වල තියෙන  කැප්සිනොයිඩ මගින් ශරීරයට හානියක් වෙන්නේ නැහැ. ශරීරය ශක්තිය නිපදවීම වැඩි කරන්නට සහ ශරීරයේ මේදය  අඩු කරන්නට මේ වගේ සැර ආහාර ලබා ගැනීම අපේ ශරීරයට ඉතා හොඳයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම 

 සැර ආහාරවලින් අපේ ශරීරයට ප්‍රතිඔක්සිකාරක ලැබෙන නිසා එයින් අපේ ශරීරය විෂබීජවලින් ආරක්ෂා කර කරගන්නට උපකාරී වෙනවා.  විශේෂයෙන්ම උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ඇති අවස්ථාවලදී මේ වගේ දැවිල්ල සහිත ආහාර ගැනීම ඉතාම හොඳයි. 

ආයු කාලය වැඩ කිරීම

 අධ්‍යයනවලින් පෙන්වා දී තියෙන ආකාරයට සතියකට 6 – 7 වතාවක් සැර ආහාර අනුභව කිරීමෙන් මරණ  අනුපාතය 14 % කින් පමණ අඩු කරගන්නට හැකියාව ලැබෙනවා.මේ සඳහා සැර ආහාර ගැනීමට කැමැති පුද්ගලයන් පමණක් දායක කරගෙන තියෙන නිසා අහිතකර සාධක පිළිබඳ විමසීමක් සිදුකර නැහැ. ඒ නිසා අහිතකර සෞඛ්‍ය පුරුදු ඇති පුද්ගලයන් සඳහා සැර ආහාර එවැනි ප්‍රයෝජනයක් ලබා ගැනීමට දායක නොවෙන්නට පුළුවන්. 

සීනි සඳහා ඇති ප්‍රියතාවය අඩුවීම

සීනි අඩංගු ආහාර ලබා නොගෙන ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක් නේ. ලොකු කුඩා භේදයකින් තොරව  පැණි රසට අපි හැමෝම කැමතියි නේ.ඉතින් පැණි රස සඳහා තියෙන ප්‍රියතාවය, රුචිකත්වය අඩු කරගන්නට මේ සැර ආහාර ඔබට ප්‍රයෝජනවත් වෙනවා. විශේෂඥයන් පවසන විදිහට ඔයාගේ ආහාර වේලට සැර ආහාර එකතු කර ගත්තොත් සීනි සඳහා තියෙන කැමැත්ත අඩුවීමෙන් සීනි පරිභෝජනය අඩු කරගන්න පුලුවන්.

ආහාර අරුචිය නැති කිරීම 

 සාමාන්‍යයෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, බඩේ අජීර්ණය සහ  වමනය වගේ ලෙඩ රෝග ඇති අවස්ථාවලදී ආහාර ගැනීමට ඇති රුචිය නැතිව යනවා. ඒ වගේ අවස්ථාවලදී බොහෝ දෙනෙක් කැමති සැරට තියෙන යම් ආහාරයක් අනුභව කරන්න. ඉතින් ඒ නිසා මේ සැර ආහාර ආහාර ගන්නට අපහසු අවස්ථාවලදීත් අපිට උදව් වෙනවා. 

 සැර  ආහාර ශරීරයට  ඇති කරන අහිතකර බලපෑම් 

ආසාත්මිකතා ඇති කිරීම

සැර ආහාර ඇතැම් පුද්ගලයන් සඳහා ආසාත්මිකතා ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මුහුණ ඉදිමීම, සමේ දැවිල්ල සහ කැසිල්ල ආදිය ඇති වෙන්නට පුළුවන්. එවැනි අසාත්මිකතාවයක් ඇති වුනොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඔබට සිදු වෙනවා. 

කාලයක් යද්දි දිවට රස නොදැනී යාම

 සාමාන්‍යයෙන් අපි සැර ආහාර ගනිද්දී ඒ රසය මුලින්ම දැනෙන්නේ අපේ දිවට. ඒ සැබෑවටම දැනීමක් නෙවෙයි පිළිස්සීමක්. ඉතින් මේ විදිහට නිතර ඔයා සැර සහිත ආහාර ගන්නවා නම් ආහාරවල රසය මේ දිව පිළිස්සීම  නිසා නොදැනී යන්නට පුළුවන්. නමුත් මෙය  දීර්ඝකාලීන දෙයක් නෙමේ තාවකාලිකව සිදුවන දෙයක් විතරයි. 

වයසට වඩා  මහළු පෙනුමක් ඇතිවීම

ඔබ අධික ලෙස සැර ආහාර ගන්නවා නම් එය ශරීර උෂ්ණත්වය ඉහළ දමන්නට හේතු වෙනවා වගේම රුධිරවාහිනී ඉදිමීමට    ලක්වීමත් එයින් සිදු වෙනවා. මුහුණේ  දම්පැහැති ලකුණු ඇති කරනවා. ඒ නිසා තරුණ බව රැකගන්නට නම් ඔබට මේ අධික සැර ආහාරවලට සමු දෙන්නට සිද්ධ වෙනවා.

ගෑස්ට්‍රයිටීස් තත්ත්වය හෝ ආමාශගත රෝග  ඇති වීම

 සැර ආහාර ගැනීම ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙන අයෙකුට ඒ රෝග තත්ත්වය උත්සන්න කරන්නට හේතුවක් වෙන්න පුළුවන් වගේම නිතර අධික සැර ආහාර ගැනීම ගැස්ස්ස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්නටත් හේතුවක් වෙනවා. මේ නිසා ආමාශයේ  තුවාල ඇතුළු ආමාශය ආශ්‍රිත විවිධ ගැටළුත් ඇතිවෙන්නට පුළුවන්. නැත්නම්  ආමාශගත රෝග ඔබට දැනටමත් තිබේ නම් ඒවා වඩාත් නරක අතට පත් වෙන්නටත් පුළුවන්.

පාචනය ඇතිවීම 

පපුවේ දැවිල්ල 

අම්ල සංයෝග අඩංගු වෙන මිරිස් අධික ලෙස ආහාරයට එකතු කර ගැනීමෙන් ආමාශ බිත්ති  දහනය වී විනාශ වෙන්නට පටන් ගන්නවා. දිගින් දිගටම සැර ආහාර ගැනීමෙන් පපුවේ දැවිල්ලට ඇති වීම සහ එය දිගු කාලයක් පුරාවට සිදුවීමෙන් නිදන්ගත රෝගයක් දක්වා වර්ධනය වෙන්නට වුණත් ඉඩකඩ පවතිනවා. 

 තවත් අවස්ථාවක් කෑලි මිරිස් අධිකව ආහාරයට ගන්නා අයෙකුට මේ පපුවේ දැවිල්ල වගේ තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. කෑලි මිරිස්වලට ආමාශයේ සහ දිගැටි අන්ත්‍රයේ බිත්තිවල ඇලී ඒවා ඛාදනය කරන්නට තරම් හැකියාවක් තියෙනවා.  මේ තත්ත්වය නිසා විශාල වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒක අපිට වටහා ගන්නට අපහසු නිසයි පපුවේ වේදනාවක් විදිහට අවබෝධ කරගන්නේ.

 අමු, මිරිස්  කොච්චි ගම්මිරිස් ආදිය ආහාරයට ගන්නවා වගේ නෙවෙයි කෑලි මිරිස් අපේ ආහාරයට නිතර එකතු කර ගැනීම එතරම් හිතකර නැහැ.  ඉහත සඳහන් කලා වගේ ඒවා ආමාශයේ සහ අන්ත්‍රවල ඇලීම හැරුනහම වඩාත් බරපතළ තත්ත්වයන් ඇති කරනවා. වේදනාව, ඒ නිසාම ඇතිවන කේන්තිය, ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම, දරුඵල අහිමිවීම, සරු බව අඩුවීම,මතක ශක්තිය නැති වීම ආදී ගැටලු බොහොමයක් මේ නිසා ඇති වෙන්න පුළුවන්. මොකද මේ කෑලි මිරිස්වල මිරිස් ඇට හෝ මිරිස් පොතු ආමාශයේදී ජීරණයට ලක්වෙන්නේ නැහැ. ඒවා මලපහ සමග ඒ විදිහටම පිටවනවා. ඉතින් ඒ නිසා සැර  ආහාර අපේ ශරීරයට අවශ්‍ය  නමුත් ඒ සඳහා සීමාවක් තබා ගැනීම  ඉතා වැදගත් බව මතකයේ තබා ගන්න