ජලය සෑම ජීවියෙකුගේම පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක්. ඉතින් අපි දිනපතාම ජලය යම් යම් ප්‍රමාණයන්වලින් පානය කරනවා. බොහෝවිට අපි ජලය පානය කරන්නේ පිපාසාවක් ඇතිවුණු අවස්ථාවකදී පමණයි. නමුත් අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම නීරෝගීව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට ජලය අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ශරීරයට දිනකට ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම වගේම ප්‍රමාණයට වඩා ජලය ලැබීමත් එතරම් හිතකර තත්ත්වයන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජලය පානය කළ යුතු අවස්ථා. අපි බොහෝදෙනෙක් ජලය පානය කරන්නට ඕන නිසා පානය කළත් පිළිකා, අධි රුධිර පීඩනය ආදී ලෙඩ රෝග වළක්වා ගන්නට ජලය පානය කළ යුතු ආකාරය පිළිබඳව නම් බොහෝදෙනා නොදන්නවා ඇති. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ .
නීරෝගීව ජීවත් වෙන්නට පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා ගැනීම වගේම ජලයත් අවශ්‍ය සාධකයක් බව අපි සියලුදෙනාම දැනගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් දිනකට වතුර වීදුරු 8 ක් පානය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් වුණත් මතක් වූ අවස්ථාවක ජලය එකවර අධික ප්‍රමාණයකි පානය කිරීම නම් සුදුසු නැහැ. සුව දිවියකට අත්‍යවශ්‍ය ජලය එවිට අපේ ශරීරය තුළදී විසක් විදියට ක්‍රියා කරන්නට පුළුවන්.කොහොමනමුත් නිවැරදිව ජලය පානය කිරීමෙන් බොහෝ රෝග පාලනය කරගන්නට හැකි බව මේ වෙද්දි විවිධ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තියෙනවා.
විශේෂයෙන්ම හදවත් රෝග, ආතරයිටීස්, ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග,වාත කණ්ඨිකා රෝග, මතක ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය, මී මැස්මොරය, ඇදුම, ක්ශය රෝගය, ස්ථුලභාවය, බ්‍රොන්කයිටීස්, වකුගඩු රෝග හා මුත්‍රා ගැටළු , වමනය, හිසරදය, මෙනින්ජයටීස්, අමිල පිත්ත රෝගය, අධි රුධිර පීඩනය, පිළිකා, දියවැඩියාව, අර්ශස්, මල බද්ධය , වයසට යාමේ වේගය අඩු කිරීම, පෙනීමේ ගැටළු, ගර්භාෂය ආශ්‍රිත ගැටළු, ඔසප් සංකුලතා, උගුර කන නාසය ආශ්‍රිත ගැටළු ආදී රෝග බොහොමයක් නිසි පරිදි ජලය පානය කිරීම මගින් සුවකර ගත හැකි බව සඳහන් වෙනවා.ඉතින් ජලය කියන්නේ ශරීරය ලෙඩ කරන බොහෝ රෝගවලට ප්‍රතිකාරයක් ලෙස ගන්නට හැකි දෙයක්. ඉතින් මේ ජල ප්‍රතිකාරය අපි කරන්නේ කොහොමද.

හිස්බඩ වතුර වීදුරු 4 ක් පානය කිරීම මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් වතුර මිලි ලීටර් 640 ක් තරම් ප්‍රමාණයක්. ඒ නිසා පානය කිරීමට එතරම් අපහසුවක් ගෙන දෙන්නේ නැහැ. මේ වතුර ප්‍රමාණය පානය කළ යුතු වෙන්නේ උදෑසන අවදි වූ සැණින්මයි. ඒ වගේම ජලය පානය කිරීමෙන් විනාඩි 45 ක් පමණ ගත වනතුරු කිසිවක් කෑමට හෝ බීමට ගැනීමට සුදුසු නැහැ. විනාඩි 45 ක් ගත වූ පසු කුස හොඳින් පිරෙන තරම් උදෑසන ආහාරය ගන්නට පුළුවන්. ඉන්පසුව තේ හෝ වතුර වීදුරුවක් දෙකක්ම පානය කරන්නට ඔබට පුළුවන්. ඉන්පසුව පැය 2 ක් යනතුරු කිසිම ආහාරයක් කෑමට හෝ කිසිදු පානයක් බීමට නොගැනීම අතිශයින්ම වැදගත්. ඉන්පසුව දවස සුපුරුදු ආකාරයෙන් ගත කරන්නට ඔබට පුළුවන්.
- ඉතින් මේ ජල ප්‍රතිකාරය විවිධ රෝග ඇති අයට සිදු කළ යුතු ආකාරය මෙසේ දක්වන්නට පුළුවන්.
- අමිල පිත්ත රෝගය – දින 10 ක් අඛණ්ඩව
- අධි රුධිර පීඩනය – මාසයක කාලයක් නොකඩවා
- දියවැඩියාව – මාසයක කාලයක්
- මල බද්ධය – දින 10 ක් හෝ මල බද්ධය සමනය වනතුරු
- පිළිකා – නොකඩවා දින 180 ක්
- ක්ෂය රෝගය – දින 90 ක කාලයක්, ඒ වගේම මෙවැනි රෝගීන් මේ සඳහා උණු වතුර භාවිතා කරන්නටත් වගබලා ගත යුතුයි.
- ආතරයිටීස් – සතියක් නොකඩවා සිදු කර දින 4 ක් නතර කර නැවත දෙවන සතියේ සිට දිනපතා සිදු කළ යුතුයි.

සෑම පැය ½ ට වරක් වතුර උගුරු 3 ක් පානය කිරීම දිනකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අපිට ඉතා පහසුවෙන් ලබා ගන්නට හැකි ක්‍රමවේදයක් තමයි මේ. එය අපේ ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පවත්වා ගෙන යන්නට බෙහෙවින් උපකාරී වෙනවා.
ඒ හැරුණාම ආහාර ලබා ගන්නා අතරේ ජලය පානය කිරීමෙන් වැළකීම සහ ආහාර ගත් සැණින් අධික ලෙස ජලය පානය කිරීමෙන් වැළකීම මේ කාරණා දෙකම සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා බාධා පමුණුවන ජලය පානය කිරීමේ වැරදි අවස්ථා දෙකක්. ඒ නිසා මෙවැනි වැරදි පුරුදුවලින් ඈත්වී නිවැරදි ලෙස ජලය පානය කරන්නට අපි සැමදෙනාම උනන්දු විය යුතු වෙනවා.
මේ ආකාරයට නිවැරදිව අපේ ශරීරයට අවශ්‍ය කරන ජලය අවශ්‍ය අවස්ථාවන්වලදී ලැබීම මගින් සිරුරට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එයින් අපිට වැළදිය හැකි බෝ වන රෝග සහ බෝ නොවන රෝග බොහොමයකින් අපිව ආරක්ෂා කර ප්‍රබෝධමත්ව දවස ගත කරන්නට මගපාදා දෙනවා. ඒ වගේම නීරෝගීව බොහෝ කාලයක් ගත කරන්නටත් මේ පුරුදු අඅත්‍යවශ්‍යයෙන්ම හේතුවෙනවා. ඒ නිසා අද සිට ඔබත් මේ ජලය ප්‍රතිකාරයක් ,ඖෂධයක් විදියට නිසියාකාරයෙන් පානයට පුරුදු වෙන්න.