මිනිස් සිරුර පිළිබඳ මිත්‍යා අදහස් 8 ක්

health tips

මිනිස් සිරුර කියන්නේ ඉතා සංකීර්ණ පද්ධති ක්‍රියාකාරීත්වයන් ‍රැසක එකතුවක්.මිත්‍යා මත බිහිවෙන්නේ සාමාන්‍ය දැනීමෙන් අප දන්න කියන කරුණු කිහිපයක් එක්ක වැරදි තොරතුරු මිශ්‍ර වීමෙන්.ඉතින්,මිනිස් සිරුර ගැනත් මේ වගේ මිත්‍යා මත ගොඩක් බිහිවෙලා තිබෙනවා.ගොඩක් අය මේවගේ දේවල් විද්‍යාත්මක කරුණු විදියට අන් අය අතරේ හුවමාරු කරගනිමින් ඒවා විශ්වාස කරන්න පෙළඹෙනවා.මිනිස් සිරුර ගැන සඳහන් වෙන එවැනි මත පිළිබඳ ඇත්ත නැත්ත බොහෝ විද්‍යාත්මක පර්යේෂණ මඟින් අධ්‍යයනය කර තිබෙනවා. විද්‍යාවෙන් පරාජයට පත් වුණු, මිනිස් සිරුර හා සම්බන්ධ එවැනි වැරදි මත 8ක් ගැනයි අද අප ඔබට තොරතුරු කියන්නේ.

මිනිසුන්ගේ ගඳ සුවඳ දැනීමේ සංවේදනය තරම් බල්ලෙකුගේ එම සංවේදන හැකියාව ප්‍රබල නැත

බල්ලන්ගේ සුපිරි ඉව ගැන අප ගොඩක් කතා අසා තිබෙනවා.මේ මිත්‍යාව ගොඩක් දුරට ආරම්භ වන්නට ඇතැයි සැලකෙන්නේ 19 වන සියවසේ ස්නායුව්‍යවච්ඡේදකයෙකු වූ පෝල් බ්‍රෝකා විසින් මිනිසුන් යනු ඉවක් නොමැති (non-smellers) පිරිසක් බව හැඳින්වීමත් සමඟයි.මෙසේ පැවසුවත් මිනිසුන්ගේ සංවේදන හැකියාව පිළිබඳ පරික්ෂණයක්  සිදුකර එය තහවුරු කිරීමක් ඔහු විසින් සිදුකර නැහැ.ඒ වුණත් ඉතා මෑතක් වනතුරුම මෙය සමාජයේ පිළිගත් මතයක්ව තිබෙනවා.නමුත් සත්‍යය මෙයයි: විවිධ ජීවී විශේෂයන් සතුව විවිධ වර්ගයේ සුවඳ හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.මිනිසුන්ගේ ලඟම මිතුරන් වන බල්ලන්ට ඇත්තේ ප්‍රබල ගඳ සුවඳ සංවේදනයක් නොවේ.අපේ නාසය පිහිටා ඇති ආකාරයේයි වෙනස ඇත්තේ.මෙම වෙනස නිසා මිනිසුන් විවිධ ආකාරයේ ගඳ සුවඳ වලට සංවේදී වෙයි.

  • ඔබේ ඇඟිලි සලකුණු අසමසම පිහිටීමක් නොවේ

අපේ ඇඟිලි සලකුණු අසමසම පිහිටීමක් බව 19 වන සියවසේ පටන් පැවත එන වැරදි විශ්වාසයක්.මේ නිසාම අධිකරණ වෛද්‍ය විද්‍යාවේදි අපේ අතේ ඇඟිලි වල සුළි, දඟර හා ආරුක්කු වගේ හැඩ වලින් රේඛා පිහිටන ආකාරය විමර්ශණ කටයුතු වලදී විශේෂ වැදගත්කමක් ඇති සාක්ෂි ලෙස භාවිත වෙනවා. ඇතැම් විද්‍යාඥයින් අනාවරණය කරන්නේ මෙය නිශ්චිත තහවුරුකරගැනීමේදි දෝෂ සහිත වු ක්‍රමයක් බවයි. එමෙන්ම නිරවද්‍යතාව (නිවැරදිබව) අඩුකරවන ආකාරයේ බොහෝ තත්වයන් සහිත බවයි. ඇඟිලි සලකුණු වාර්තා අත්වැරදීම් නිසා වරදක් නොකළ මුත් අපරාධ චෝදනා වලට ලක්වූවන්ගේ සිද්ධි 22පමණ පිළිබඳව 2005 වසරේ සිදුකළ එක් අධ්‍යයනක සඳහන් වේ.

දිව මත රස ප්‍රදේශ නැත

රසය පිළිබඳව ඉගෙන ගනිද්දී දිවේ රස සංවේදන ප්‍රදේශ පිළිබඳ රූප සටහන් දකින්නට ලැබෙනවා.මේ හරහා පැණි රස, ඇඹුල් රස හා තිත්ත රස ආදි රස සංවේදන දිවේ මේ මේ ස්ථාන වල පිහිටා ඇති බව කියාදෙනවා. රස අංශ (taste sections)  සංකල්පය ‘මුඛයේ මේ මේ ප්‍රදේශ ආශ්‍රිතව එම සංවේදන දැනෙන බවට නම් කිරීමට තරම් රසයක් කෙතරම් ප්‍රබල විය යුතුද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමේදි සිදුකළ වැරදි අර්ථකථනයකි. විද්‍යාව මඟින් මේ මතය බොහෝ කලකට ඉහතදී බැහැර කරන ලදි.විද්‍යාත්මක පැහැදිලි කිරීම් වල සඳහන් වන්නේ සියලුම රස වලට අදාළ රස සංවේදන ග්‍රාහක (receptors) මුළු මුඛය පුරාවටම පිහිටා තිබෙන බවයි.

නිදාසිටින විටදී පවා ඔබේ මොළයෙන් 10% කටත් වඩා භාවිත වෙමින් පවතියි

මොළයෙන් භාවිත වන්නේ 10% ක් පමණයි යන මතය බිහි වූයේ කෙසේ ද යන්න නිශ්චිත නැතත් ගොඩක් දෙනා මෙය විද්‍යාත්මක කරුණක් ලෙස විශ්වාස කරනවා.නමුත් මෙය වාර ගණනාවකදීම විද්‍යාත්මක පැහැදිලි කිරීම් හරහා බැහැර කළ මතයක්.මෙම මතය අසත්‍ය බව පෙන්වීමට විද්‍යාඥයින් භාවිත කළ එක් විද්‍යාත්මක උපක්‍රමයක් වන්නේ Functional magnetic resonance imaging (fMRI) ක්‍රමයයි.මෙම ක්‍රමය හරහා පුද්ගලයෙකු විවිධ කාර්යන් හි යෙදෙන අතරතුරදී ඔහුගේ/ඇයගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැනීම සිදුකර ඇත.පර්යේෂණ වලදී ලබාගත් ප්‍රතිඵල වල සඳහන් වන ආකාරයට බොහෝ වෙලාවට අපේ මොළයේ වැඩි ප්‍රමාණයක්ම භාවිතයේ පවතින බවයි.ඕනෑම මොහොතක මොළයේ භාවිතයේ පවතින නිශ්චිත ප්‍රතිශතය පුද්ගලයාගෙන් පුද්ගලයාට වගේම ඔහු/ඇය සිදුකරමින් සිටින දේ හෝ සිතමින් සිටින දේ මත පදනම් ව වෙනස් වේ.

දිව රෝල් කිරීමට හැකිවීම ජානමය ගති ලක්ෂණයක් (genetic trait) නොවේ

යම් කෙනෙකුට දිව රෝල් කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ප්‍රමුඛ ජානයක් පදනම්ව බවයි අප ඉගෙනගෙන ඇත්තේ.කෙසේවෙතත් ජාන විද්‍යාඥ ‍ෆිලිප් මැට්ලොක් මේ න්‍යාය වැරදි බව ඔප්පු කර තිබෙනවා.ඔහු කියන ආකාරයට අනුව නිවුන්නන් 33 අතරින් 7 දෙනෙකුටම මෙවැනි උරුමයක් නොපිහිටන බවය. එකිනෙකාට සමාන නිවුන්නන් (identical twins) සතුව ඇත්තේ එකසමාන ජාන වේ.එසේ නම් ඔවුන්ට මෙම ගති ලක්ෂණය පොදුවේ පිහිටිය යුතුයි. නමුත් එය එසේ නොවේ.දිව රෝල් කිරීමේ හැකියාව තීරණය වන තීරණාත්මක සාධකය පැහැදිලිවම ජාන නොවේ.දශක 6 කට කළින් මෙය වැරදි බව ඔප්පු වී ඇතත් තවමත් මේ මතය අඛණ්ඩව විශ්වාසයේ පවතිනවා.

සංවේදනා 5 කට වඩා මිනිස් සිරුරේ ඇත

මිනිසාට ඇත්තේ සංවේදන හැකියා 5ක් පමණයි යන්න බිහිවූයේ ඉපැරණි ග්‍රීක දර්ශණවාදයෙනි. මේ බවට මූලික වූයේ සෑම සංවේදනයකටම විශේෂිත සංවේදන ඉන්ද්‍රියක් ඇති බවට වාද කළ ඇරිස්ටෝටල්ගේ මතයයි.එසමයෙන් පසු වසර 2000ක් පමණ ගෙවී ගොස් ඇතත්, තවමත් කුඩා ළමුන්ට උගන්වන්නේ මිනිසුන්ට ඇත්තේ පෙනීම, ඇසීම, රසය, ස්පර්ෂය හා ගඳ සුවඳ යන සංවේද 5 පමණක් බවයි.යථාර්තවාදීව බැලූ විට විද්‍යාඥයින් විසින් තක්සේරු කරන්නේ මිනිස් සිරුර ආශ්‍රිතව සංවේදනා 33 කට ආසන්නව පිහිටන බවයි.පිපාසය,සමබරතාව,උෂ්ණත්වය හා ජීවත්වීමට අත්‍යවශ්‍ය වෙනත් බොහෝ වටිනා සංවේදන හැකියාවන් සිරුරේ පිහිටා ඇති බව ඔවුන් පෙන්වාදේ.

ඇඟිලි පුරුක් බිඳීම (කටගැට කැඩීම) හරහා ආතරයිටිස් අවදානම ඉහළ යාමක් සිදුනොවේ

ඇඟිලි වල පුරුක් නැතිනම් කරගැට කැඩීමෙන් ආතරයිටිස් ඇතිවීමේ අවදානම වැඩිවීමට ඉඩ ඇති බව කියන මතයට තර්කානුකූල පැතිකඩක් ද තිබෙනවා. සන්ධි වලට පීඩනයක් එල්ල වන කරගැට කැඩීම අවුරුදු ගණනක් තිස්සේ පුරුද්දකට වගේ කරන දෙයක් වෙලා නම් ,ඉන් අස්ථි වලට හානියක් සිදුවෙන්නට බැරිකමක් නැති බව ඕනම කෙනෙකුට සිතෙන්නට පුළුවන්. හොඳම ආරංචිය වන්නේ මේ පුරුද්ද හා ආතරයිටිස් ඇතිවීමේ සිද්ධි පිළිබඳ වාර්තාවීම් අතර කිසිඳු පැහැදිලි සම්බන්ධයක් දකින්නට නොලැබීමයි.නමුත් ඉන් කියවෙන්නේ මේ පුරුද්ද දිගටම කරන්න කියන අදහස නම් නොවෙයි.

ලොකු ආහාර වේලක් ලබාගත් පසු පිහිනීමට යාමෙන් කෙණ්ඩා පෙරළීම් ඇතිනොවේ.

මෙම මතය හා සම්බන්ධ සාමාන්‍ය අදහස මෙයයි: සාමාන්‍යයෙන් අප විශාල ආහාර වේලක් ලබාගත් පසු සිරුරේ මාංශ පේශී දෙසට ගමන් කිරීම වෙනුවට අපේ ආමාශය දෙසට සැපයෙන රුධිර ප්‍රවාහය ඉහළ යාමක් සිදුවෙනවා.මෙය වතුරේ පිහිනන්නට යන කෙනාට මාංශ පේශි පෙරළීම්/කෙණ්ඩා පෙරළීම් ඇතිවීමෙ ඉහළ අවදානමක් ඇතිවීමට හේතුවිය හැකියි.නමුත් මෙම න්‍යාය වැරදිය.ලොකු ආහාර වේලක් ගත් විගස පිහිනීම සුවපහසු අත්දැකීමක් වගේ දැනෙන්නේ නැති තරම්. නමුත් එසේ කළා කියා අනිවාර්යෙන් ඔබේ මාංශ පේශි පෙරළීම් සිදුවන්නේ හෝ වතුරේ ගිලෙන්නේ නැහැ.පිහිනීමට පෙර කාබෝහයිඩ්‍රේට බහුල අතුරුආහාරයක් සුළු ප්‍රමාණයකින් ගැනීමෙන් ඔබේ සිරුරේ ක්‍රියාශීලීබව සඳහා අවශ්‍ය ශක්තිය සපයාගත හැකියි.