ස්වභාවිකව ඉන්නන් ඉවත් කර ගන්න ක්‍රම 10 ක්

health tips

සම මත හටගැනෙන ඉන්නන් නිසා අදවන විට කාන්තාවන් මානසිකව පීඩනයට පත්ව තිබේ. බොහෝ විට තරුණ කාන්තාවන්ගේ සුන්දරත්වයට මෙය වැඩි වශයෙන් බලපෑම් කරන බව නම් සත්‍යයකි. මෙම තත්වය ඇති වන්නේ H.P.V හෙවත් Human Papilloma virus මගින් සම මතුපිට ස්ථරය තුළ  කුඩා ගැට ඇතිවීමයි. මෙම වෛරසය ශරීරයේ ප්‍රතිශක්තිකරණය අවම වීම නිසා ඇතිවන අතර එය ක්‍රියාත්මක වී ඉන්නන් ඇති කිරීම සිදුකරනු ලබයි. 

විශේෂයෙන් ම සඳහන් කළ යුතු වන්නේ ඉන්නන් ඇති වූ මුල් අවධියේ ප්‍රමාණයෙන් ඉතා කුඩාවන අතර ප්‍රතිකාර නොකර කල් යත්ම ඉන්නන් ප්‍රමාණයෙන් විශාල වීම සිදුවන බවයි. එමෙන්ම යම් යම් පුද්ගලයන්ගේ ශරීරය පුරා කුඩා ඉන්නන් ඇතිවීමද සිදුවිය හැකිය. මේ නිසා සුන්දරව සිටීමට ප්‍රිය කරන ඔබ ඉන්නන් ඇති වීමේදී ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඉන්නන් ඉවත් කිරීමට කළ හැකි ස්වභාවික ප්‍රතිකාර කිහිපයකි. 

1.ලෙමන් යුෂ සත්කාරය

  • ලෙමන් යුෂ ස්වල්පයක්
  • මී පැණි ස්වල්පයක් 

ලෙමන් යුෂ සහ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර එය ඉන්නන් ඇති ස්ථානවල පමණක් ආලේප කර පැලැස්තර හෝ වෙළුම් පටි වලින් ආවරණය කරන්න. අවට සම ආරක්ෂා කර ගැනීමට වැස්ලින් ස්වල්පයක් ගල්වන්න. 

2.කැකුලු හාල් පිටි සත්කාරය

  • විනාකිරි ස්වල්පයක් 
  • කැකුලු හාල් පිටි

කැකුලු හාල් පිටි සමග විනාකිරි මිශ්‍ර කර පේස්ට් එකක් සකසාගෙන ඉන්නන් ඇති ස්ථානය මත ආලේප කර වෙළුම් පටියකින් ආවරණය කරන්න. සතියක් පමණ එකදිගට භාවිතා කිරීම මගින් ඉන්නන් ඉවත් කර ගත හැකිය 

3.ඇපල් සයිඩර් විනාකිරි 

ප්‍රතිවෛරස්, ප්‍රතිබැක්ටීරියා, දිලීර විනාශ කිරීමේ හැකියාවෙන් යුතු ඇපල් සයිඩර් විනාකිරි ඉන්නන් ඇති කිරීම සඳහා වඩාත් ප්‍රතිඵලදායී ප්‍රතිකාරයකි. 

  • ඇපල් සයිඩර් විනාකිරි
  • කපු පුළුන් කැබැල්ලක් 

පළමුව සම හොදින් පිරිසිදු කර ගන්න. පසුව කපු පුළුන් කැබැල්ලක් ගෙන එයට ඇපල් සයිඩර් විනාකිරි දමා ඉන්නන් ඇති ස්ථානවල ආලේප කරන්න. 

4.විනාකිරි සත්කාරය

  • විනාකිරි ස්වල්පයක්
  • පුළුන් කැබැල්ලක්
  • ප්ලාස්ටරයක් 

පුළුන් කැබැල්ලක් ගෙන විනාකිරි ස්වල්පයක් දමා ඉන්නන් ඇති ස්ථානයේ තබා ප්ලාස්ටර් යොදා අලවා තබන්න. මෙමගින් ඉන්නන් වේළීයාම සිදුවේ. 

5.උදුපියලිය යුෂ සත්කාරය 

  • උදුපියලිය කොළ මිටක්
  • සුදුලූනු ගෙඩි දෙකක් 

උදුපියලිය කොළ කොටා ඉස්ම ගෙන ඊට හොදින් අඹරාගත් සුදුළුනු ගෙඩි දෙකක් පමණ  මිශ්‍ර කරන්න. මෙය පේස්ට් එකක් සේ සකස් කර ඉන්නන් ඇති ස්ථානය මත ආලේප කරන්න. දින තුනක් පමණ සිදුකිරීම මගින් ඉන්නන් ඉවත් කර ගත හැකිය. 

6.සුදුලූනු සත්කාරය

  • සුදුලූනු බික් කීපයක්
  • ප්ලාස්ටරයක් 

සුදුලූනු බික් කීපයක් ගෙන හොඳින් අඹරා පේස්ට් එකක් සේ  සකස් කර ගන්න. ඉන් ස්වල්පයක් ඉන්නන් මත ආලේප කර එය ප්ලාස්ටරයෙන්  ආවරණය කර තබන්න. සතියක් පමණ එකදිගට සිදු කිරීම මගින් ඉන්නන් ස්භාවිකව ඉවත් කර ගත හැකිය. 

07.කෙසෙල් ලෙලි සත්කාරය

  • කෙසෙල් ලෙල්ලක් 
  • ප්ලාස්ටරයක් 

හොඳින් ඉදුණු කෙසෙල් ලෙල්ලක් ගෙන ඉන්නන් ඇති ස්ථානය හොඳින් ආවරණය කර. පසු ප්ලාස්ටරයක්  මගින් ආවරණය කරන්න. සති දෙකක් රාත්‍රියේ නින්දට පෙර එකදිගට සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. 

8.අන්නාසි යුෂ සත්කාරය

  • අන්නාසි යුෂ ස්වල්පයක්
  • මේස ලුණු ස්වල්පයක්

මේස ලුණු හැන්දකට අන්නාසි යුෂ හැදි දෙකක් පමණ මිශ්ර කර ඉන්නන් මත ආලේප කර සම්බාහනය කරන්න. අන්නාසි වල අඩංගු බැක්ටීරියා විනාශ කිරීමේ ගුණයෙන් මෙම ඉන්නන් වියලීම සිදුකරයි. ඒ සඳහා මෙය සතියක් පමණ එකදිගට භාවිතා කිරීම කළ යුතුය. 

9.එළගිතෙල් සත්කාරය

එළඟිතෙල් ස්වල්පයක් ගෙන ඉන්නන් ඇති ස්ථානවල ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. මෙය දිනකට දෙවතාවක් දිනපතා සිදුකිරීම මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. 

10. බී ලුණු සත්කාරය 

  • බී ලුණු ගෙඩියක්
  • කෑමට ගන්නා හුණු ස්වල්පයක් 

බී ලුණු ගෙඩිය කපා එහි හුණු ස්වල්පයක් ගල්වා ඉන්නන් මත ආලේප කරන්න. දින කිහිපයක් එකදිගට මෙය සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. 

මීට අමතරව ඉන්නන් ඇති නම් එම ස්ථාන ස්පර්ශ කිරීමෙන් වලකින්න. ඉන් තවත් ස්ථානයකට ඉන්නන් බෝවිය හැකිය. එමෙන්ම ඉන්නන් කැඩීමෙන් වලකින්න. ඉන් එම තුවාල වලට විස බීජ ඇතුළු විය හැකිය. ඉහත සඳහන් කළ එක් ප්‍රතිකාරකයක් පමණක් සති 03 ක් පමණ භාවිතා කර බලන්න. ඉන් ප්‍රතිඵල නොමැති නම් තවත් එක් ප්‍රතිකාරකයක් සිදුකර බලන්න.