ඉන්නන් ගෙදරදීම සුවකරගත හැකි ක්‍රම 10 ක්

health tips

සමේ ඉන්නන් ඇතිවීම ඇත්තෙන්ම අපේ පෙනුම අවලස්සන කරවන තත්වයකි. ඒවා පොකුරු ස්වරූපයෙන් මතුවීම නිසා සමේ ස්වරූපයට හානිවේ. වසර 3000 ක් පැරණි  ඊජිප්තු මමි වල පවා මෙවැනි ඉන්නන් ස්වභාවයන් තිබෙන බව හඳුනාගෙන ඇත. එබැවින් ඉන්නන් යනු නවතම චර්ම රෝගයක් නොව ඉතා ඈත අතීතයේ සිටම මිනිසුන් හට මතු වූ චර්ම රෝග තත්වයකි.

ඉන්නන් ස්වභාවයෙන් රවුම් ගෝලාකාර හැඩයෙන් සමෙන් ඉහළට මතු වි ඇති ගැටිති ස්වභාවයකි. ඒවා ඇතිවන්නේ human papillomavirus (HPV) හෙවත් මානව පැපිලෝමා වෛරසය නිසාය. සාමාන්‍යයෙන් ඉන්නන් සහ පැපිලෝමා තත්වයන් සිරුරට භයානක තත්වයන් නොවේ. නමුත් ඒවා ඇති වී තිබීම  අවලස්සනක් ඇතිකරවනවා වගේම පැතිරෙන සුලුයි (contagious). ඉන්නන් කඩා ඉවත් කිරීම කිසිසේත්ම නුවණට හුරු ක්‍රියාවක් නම් නොවෙයි. ඊට හේතුව ඒවාට සියුම් රුධිර සැපයුමක් ද තිබීමයි. ඉන්නන් විශාලත්වයෙන් වර්ධනය වීම වළක්වාගනිමින් ඒවා නැති කරගැනීමට උපකාර වන තහවුරු කරන ලද ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තිබෙනවා.  ඒවා මොනවාද කියා අපි දැනගනිමු.

පළමුව වෛද්‍යවරයෙකු මුණගැසීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය!

 පහත සඳහන් ප්‍රතිකාර උත්සාහ කර බැලීමට පෙර අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු මුණගැසීම ට කටයුතු කරන්න. ඔබේ සමේ ඇති වි තිබෙන්නේ ඉන්නන් තත්වයක් ද නැතිනම් වෙනත් භයානක ආසාදන තත්වයක් දැයි තහවුරු කරගන්න. ඔබ දියවැඩියා හෝ වෙනත් ප්‍රතිශක්තිකරණ ඌනතාවයකින් පෙළෙන රෝගි පුද්ගලයෙකු නම් මෙම ක්‍රම අත්හදා බැලීමෙන් වළකින්න.

  1. ටී ට්‍රී ඔයිල් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ටී ට්‍රී ඔයිල් බිංදු කිහිපයක්
  • ජලය මේස හැඳි 2 ක්

ක්‍රමය: 

  • ටී ට්‍රී එසෙන්ෂියල් ඔයිල් බිංදු කිහිපයක් ජලය සමඟ මිශ්‍ර කර ඉන්නන් මත ගල්වා ගන්න.
  • වියළීමට ඉඩ දෙන්න
  • දිනකට මෙම සත්කාරය 5-6 වතාවක් පමණ නැවත සිදුකරන්න.

ප්‍රතිලාභ: ටී ට්‍රී ඔයිල් වල ඇති රෝග සුවපත් කිරීමේ ඖෂධීය ගුණය මඟින් බැක්ටීරියා ‍රැසක් විනාශ කර ඉන්නන් සඳහා කාර්යක්ෂම ප්‍රතිකර ලබාදේ.

  1. මී ඉටි ( bee glue/propolis)

අවශ්‍ය ද්‍රව්‍ය:

  • 50% ප්‍රොපොලිස් ටින්ක්චර බිංදු 2 ක්
  • කපු පුළුන් බෝල
  • බැන්ඩේජ් පටියක්

ක්‍රමය: 

  • ප්‍රොපොලිස් ආසාදිත සම මත ආලේප කරගන්න.
  • ඉන්නන් මත කපු පුළුන් තබා ආවරණය කර බැන්ජේජ් කරගන්න.
  • දිනකට දෙවරක් මෙම සත්කාරය සිදුකරන්න.

ප්‍රතිලාභ: ප්‍රොපොලිස් යනු මී මැසි වදය ආසාදන වලින් ආරක්ෂා කරන සංයුතියකි. එහි ප්‍රතිජීවක සහ ප්‍රති-වෛරස් ගුණාංග ‍රැසක් අඩංගු වේ. එමඟින් තයිමස් ග්‍රන්ථිය සක්‍රීය වීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීම සිදුවේ.

  1. එඬරු තෙල් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය: පිරිසිදු එඬරු තෙල්

ක්‍රමය: 

  • ඉන්නන් මත එඬරු තෙල් ආලේප කරගන්න. 
  • සුලඟින් වියළෙන තුරු සම මත තිබෙන්නට හරින්න.
  • දිනකට 2-3 වතාවක් පමණ මෙය නැවත සිදුකරන්න.

ප්‍රතිලාභ: මේ සත්කාරයෙන් යම් ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා සති කිහිපයක් ගත වේ. නමුත්, ඉන්නන් සදහටම සුව කිරීම සඳහා එඬරු තෙල් ඉතා හොඳ ප්‍රතිකාරයකි. එහි අඩංගු ප්‍රති-වෛරස ගුණාංග සහ ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් මානව පැපිලෝමා වෛරසයට එරෙහිව සටන් කරමින් ඉන්නන් වර්ධනය වීම වැළැක්වීමට උපකාර කරයි.

  1. ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක්
  • කපු පුළුන් 
  • බැන්ඩේජ්

ක්‍රමය: 

  • විනාකිරි වල පෙඟවූ පුළුන් කැබලි ඉන්නන් මත තබන්න.
  • පුළුන් වලට උඩින් බැන්ඩේජ් කරගන්න.
  • පසුදා උදෑසන බැන්ඩේජ් පටිය ඉවත් කරන තුරු සම මත තිබෙන්නට හරින්න. 
  • ප්‍රතිඵල සඳහා මෙය සතියක් පුරා එක දිගට රාත්‍රි නින්දට පෙර සිදුකරන්න. 

ප්‍රතිලාභ: විනාකිරි වල අඩංගු ආම්ලික සංයුතිය මඟින් ඉන්නන්ගේ පටක වේගයෙන් සහ කාර්යක්ෂමව විනාශ කර ඒවා ඉවත් කිරීම සිදුකරයි.

  1. සුදුලූණු

අවශ්‍ය ද්‍රව්‍ය: සූදුලූණු බිකි කිහිපයක්

ක්‍රමය: 

  • සුදුලූණු කිහිපයක් අඹරා එම පල්පය ඉන්නන් මත ආලේප කරගන්න. 
  • ප්‍රතිලාභ: ඉන්නන් ස්වභාවය පහව යනතුරුම දිනපතා එක්වතාවක් පමණක් මෙම සත්කාරය සිදුකරන්න.
  • සුදුලූණු පෙති (garlic pills) අනුභව කිරීමෙන් ද ඉන්නන් සඳහා ප්‍රතිකාර කල හැකියි.

ප්‍රතිලාභ:  සුදුලූණු වල අඩංගු ප්‍රති-ක්ෂුද්‍රීය ගුණ මඟින් වෛරස, බැක්ටීරියා, දිලීර සහ පරපෝෂිතයින්ට එරෙහිව සටන් කරමින් සිරුර ආරක්ෂා කිරීම සිදුකරයි. එබැවින්, ඉන්නන් වැනි චර්ම රෝග සඳහා හොඳ ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සුදුලූණු භාවිතා කල හැකියි.

  1. කෙසෙල් පොතු

අවශ්‍ය ද්‍රව්‍ය: කෙසෙල් පොත්තක්

ක්‍රමය: 

 ඉන්නන් මත කෙසෙල් පොත්ත මිනිත්තු කිහිපයක් පුරාවට අතුල්ලන්න. එසේත් නැතිනම් කෙසෙල් ස්වල්පයක් ඉන්නන් මත තබා වඩාත් හොඳින් ‍රැඳි තිබෙන සේ බැන්ඩේජ් පටියක් භාවිතයෙන් වෙළන්න.

දිනකට එක් වතාවක් මෙය සිදුකරන්න. ප්‍රතිඵල පැහැදිලිව පෙනීමට නම් සති කිහිපයක් ගත වන බැවින් ඉවසීමකින් ප්‍රතිකාරය සිදුකල යුතුයි.

ප්‍රතිලාභ: කෙසෙල් පොතු වල ඇති  පැපිලෝමා සහ ඉන්නන් සුව කිරීමට ඉතා හිතකර වන එන්සයිම ‍රැසක් අඩංගු වේ. ඒවා මඟින් සම සුවපත් කරමින් සම වඩාත් තරුණ ස්වභාවයකට පත්කිරීම ද සිදුකරනු ලබයි.

  1. බේකිං සෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බේකිං සෝඩා මේස හැඳි 3-4 ක්
  • ජලය බේසමක්

ක්‍රමය: 

  • ජලයට බේකිං සෝඩා මිශ්‍ර කරන්න
  • ආසාදිත සම මත ඒවා ගැල්වීම හෝ ආසාදිත අත් හෝ පාද එහි පොඟවාගෙන සිටීම සිදුකල හැකියි.
  • මෙසේ පැය භාගයක් පමණ සිදුකරන්න.
  • ඉන්පසුව තුවායකින් පිස දැමීම සිදුනොකර සුලඟට සම වියළිමට ඉඩ දෙන්න.

ප්‍රතිලාභ: බේකිං සෝඩා වල අඩංගු ප්‍රති-ප්‍රදාහක ගුණ සහ රෝග නාශක ගුණ (ඇන්ටිසෙප්ටික්) මඟින් සම විවිධ ආසාදනයන්ට ලක්වීම වළක්වාගැනීමට උපකාර කරයි. එසේම එය ස්වභාවික මැරුණු සම ඉවත් කරන අමුද්‍රව්‍යයකි. එමඟින් ඉන්නන් වියළී ගොස් ඒවායේ අකෘතික ස්වභාවය ක්‍රමයෙන් විනාශ වී යයි.

  1. දිඹුල් යුෂ (fig juice)

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් දිඹුල් යුෂ ස්වල්පයක්

ක්‍රමය: 

  • දිඹුල් යුෂ ඉන්නන් මත ආලේප කරගන්න.
  • සමට උරාගන්නා තුරු තිබෙන්නට හරින්න.
  • මෙය දිනකට තෙවරක් සිදුකරන්න. මෙය සති 2 ක් පුරාවට සිදුකිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි වේවි.

ප්‍රතිලාභ: දිඹුල් යුෂ වල අඩංගු ප්‍රති-ඔක්සිකාරක සහ ප්‍රති-වෛරස ගුණාංගයන් මඟින් ක්ෂුද්‍රජීවින් ට එරෙහිව සටන් කර ඉන්නන් සුවපත් කරනවා මෙන්ම අභ්‍යන්තරික බලපෑම් ඇතිවීමද වළක්වයි.

  1. ඇස්ප්‍රින් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ඇස්ප්‍රින් පෙති 3-4 ක්
  • ජලය බිංදු කිහිපයක්
  • බැන්ඩේජ් පටියක්

ක්‍රමය: 

  • ඇස්ප්‍රින් පෙති කුඩු කර ජලය එක් කරගන්න.
  • මිශ්‍රණය ඉන්නන් මත ගල්වන්න
  • ඉන්පසුව, බැන්ඩේජ් පටියකින් ඒවා ආවරණය කර රාත්‍රිය පුරා එසේ තිබෙන්නට හරින්න.

ප්‍රතිලාභ: ඇස්ප්‍රින් සකසා ඇත්තේ සැලිසිලික් අම්ල සිරුරට පහසුවෙන් අවශෝෂණය කල හැකි ලෙසටය. සමට ඇතිවන බොහෝ පිඩාකාරී ගැටලු වලට මෙම අම්ලය ඉතා හිතකර සත්කාරයක් ලෙස ක්‍රියා කරයි. මිලෙන් ඉතා ඉහළ ලෝෂන් වලට වඩා මෙම සත්කාරය ඉතා පහසු මිලකට ගෙදරදීම සිදුකරගත හැකි වීමත් වාසියකි.

  1. ඩක්ට් ටේප් (duct tape)

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ඩක්ට් ටේප්
  • පමිස් ගලක් (pumice stone)

ක්‍රමය: 

  • ආසාදිත සම මත ටේප් කැබලි අලවාගන්න.
  • ඉන්නන් වැටී යන තුරුම සම මත තිබෙන්නට හරින්න
  • සම මත ශේෂව ඇති ඉන්නාගේ කොටස් පමිස් ගලකින් අතුල්ලා ඉවත් කරගන්න.

ප්‍රතිලාභ: ආසාදිත සමට ඔක්සිජන් සැපයුම වැළැක්විය හැකි හොඳම ක්‍රමය වන්නේ මෙසේ ඩක්ට් ටේප් ඇලවීමයි. ඉන් ඉන්නන් වියළී යාමය පටන් ගනියි.

සත්කාර කිහිපයක් එකට භාවිතා කිරීමෙන් වඩාත් කාර්යක්ෂම සහ හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.