ඉන්නන් කියන්නේ සමේ මතුපිට පොදුවේ දකින්නට ලැබෙන තත්වයක්. මේවායින් අපේ සෞඛ්‍යයට කිසිඳු හානියක් නම් නැහැ. ඒ වුණත් සමේ ඉන්නන් ඇතිවීම ඇත්තෙන්ම අපේ පෙනුම අවලස්සන කරවනවා. ඒවා පොකුරු ස්වරූපයෙන් මතුවීම නිසා සමේ ස්වරූපයට හානි වෙනවා. ඉන්නන් ස්වභාවයෙන් රවුම් ගෝලාකාර හැඩයෙන් සමෙන් ඉහළට මතු වි ඇති කුඩා ගැටිති ස්වභාවයකි. ඒවා ඇතිවන්නේ human papillomavirus (HPV) හෙවත් මානව පැපිලෝමා වෛරසය නිසාය. මේවා අපේ සිරුරේ ඕනෑම තැනක මතුවිය හැකියි. ඒවගෙම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරෙන සුලුයි.
ඉන්නන් ඉවත් කරගැනීමට උපකාරී වන ක්‍රම ගණනාවක් තිබෙනවා.නමුත්, මේවා ඇතිවීම වළක්වාගැනීමට කටයුතු කිරීමෙන් ඔබේ සම නීරෝගීව හා නිකැලැල්ව තබාගන්නට ඔබට හැකියි.සමේ ඉන්නන් මතුවීම හැකිතාක් දුරට වළක්වාගැනීමට මේ උපදෙස් මතකයේ තබාගන්න.
- වෙනත් අයගේ තුවා භාවිත කරන්න එපා

ගෙදර අය අතරේ තුවා හුවමාරු කරගැනීම ගැටලුවක් නැහැ කියා ඔබට හිතෙන්න පුළුවන්.ඒත් සම මතුපිට පැපිලෝමා හා ඉන්නන් වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතුවලින් එකක් තමයි මේ ඒ.පවුලේ කාට හෝ ඉන්නන් සිටිනවා නම්, ඔහුගේ/ඇයගේ තුවාය හවුලේ භාවිත කිරීම හරහා ඉන්නන් සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවාලු.එම නිසා පෞද්ගලික ආයිතම හවුලේ භාවිත කරන්න එපා.විශේෂයෙන්ම තුවා, ඇඟ අතුල්ලන රෙදි කැබලි (වොෂ් ක්ලෝත්)..ආදිය
- ඔබේ සමට හොඳින් තෙතමනය ලබාදෙන්න

සමට හොඳ තෙතමනයක් ලබාදීම සමේ තරුණබව දිගු කලක් පුරා ආරක්ෂාවීමට හා රැළි වැටීම පාලනය වීමට ඉතා වැදගත් වෙනවා.හොඳ තත්වයේ මොයිෂ්චරයිසර් එකක් නිතිපතා භාවිත කිරීමෙන් සමේ ඉන්නන් වර්ධනය වීම වළක්වාගැනීමට සහය දෙනවා.ඔබේ සම අධිකව වියළි ස්වභාවයක් ගන්නා විට,මෙම වෛරසයට සමේ පළුදු හරහා සම තුළට ඇතුල්වීම වඩාත් පහසුවෙයි. මේ හරහා සම ආසාදනය වී කරදරකාරී ඉන්නන් සම මතුපිට වර්ධනය වීමට පටන්ගත හැකියි.
- නියපොතු සැපීමේ පුරුද්ද නතර කරගන්න

නිය පොතු සැපීම ගොඩක් අයට ලෙහෙසියෙන් අත්හරින්න පුළුවන් පුරුද්දක් නෙවෙයි.ඔබේ දත් වල නීරෝගීකම ගැන හිතලාවත් මේ පුරුද්ද නතර කරගන්න ඔබ සූදානම් නැතිනම්, ඔබේ සමේ ලස්සන ගැනවත් හිතලා ඉන් වැළකෙන්න උත්සහ කරන්න.නියපොතු සැපීම නිසා කට අවට සම මතුපිට කුඩා ඉරී තැලීම් ඇතිවෙන්නට පුළුවන්.මේවා ඔබේ ඇසට නොපෙනිය හැකි තරම් කුඩා වුවත්, කරදරකාරී ඉන්නන් වර්ධනය වීමට හේතුවන මෙම වෛරසය සම තුළට ගමන් කිරීමට මේ කුඩා ඉඩකඩ වුව ප්‍රමාණවත් විය හැකිය.
- පිහිනුම් තටාකය භාවිතයේදී පාවහන් යුගලක් භාවිත කරන්න

පිහිනුම් තටාකය අවට සෙරෙප්පු නොමැතිව ඇවිදින්නේ නැතිව හැකි සැම විටම ස්‍රෙප්පු දෙකක් (flip-flops) පලඳින්න.තෙතමනය සහිත උණුසුම් පරිසරය බැක්ටීරියා වර්ධනයට තෝතැන්නක් වේ.සම තෙත් හා මෘදු මොළොක්ව පවතින විට, සම පැපිලෝමා වෛරසය ඇතුළු ආසාදන වලට ලක්වීමේ අවදානම ද වැඩිවේ.විශේෂයෙන්ම පොදු වැසිකිළි,ස්නාන කුටි හා පිහිනුම් තටාක වලට යන විට සෙරෙප්පු යුගලක් පලඳින්න.
- සීරීම් හා කැපුම් තුවාල ආවරණය කරන්න

තුවාල පිරිසිදු කර බෙහෙත් දමා ආවරණය කිරීම ඒවා ඉක්මනින් සුවවීමට ආධාර කරනවා. ඒවගේම ඉන්නන් ඇතිවීමෙන් ආරක්ෂා කරනවා.ඉනන්න් ඇතිකරන මෙම වෛරසයෙන් දූෂිත වූ යමක් ස්පර්ෂ වීමෙන්, මෙම කැපුම් තුවාල හරහා ඒවා සම තුළට ඇතුල් වීමේ වැඩි ඉඩක් තිබෙනවා.
- ඉන්නන් උඩින් ෂේව් කරන්න එපා

රේසරයකින් රෝම කැපීම හෙවත් ෂේව් කිරීම අනවශ්‍ය රෝම ඉවත් කරන එක් ක්‍රමයක්.නමුත් ඔබේ සමේ ඉන්නන් සිටින ප්‍රදේශයක එසේ කිරීම එතරම් සුදුසු නැහැ.ඉන් සම මත සියුම් කැපුම් තුවාල ඇතිවීමට ඉඩ තිබෙනවා.මෙම රේසරයෙන්ම සිරුරේ වෙනත් තැනක රෝම ඉවත්කිරීමේදී ඉන්නන් ඇතිකරවන වෛරසය ඒවාට ද පැතිරෙන්නට පුළුවන්කම තිබෙනවා.