ඕනෑම ආමාශයේ තුවාලයක් සති දෙකෙන් සුව කරන පාරම් පාරික සත්කාරය මෙන්න

health tips

 නිරන්තරයෙන්ම අපිට කතා කරන්නට සිද්ධ වෙන්න අපේ ජනතාව ලොකු කුඩා බෙහෙත් භේදයකින් තොරව පීඩා විඳින රෝගී තත්ත්වයක් තමයි ගැස්ට්‍රයිටිස් තත්ත්වය. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා. මේ ගැස්ට්‍රයිටිස් තත්ත්වය හේතු කරගෙන ඇතිවෙන බරපතළම ගැටලුව තමයි ආමාශය ආශ්‍රිතව තුවාල හට ගැනීම. 

නමුත් ආමාශයේ ඇතිවන තුවාලවලට මූලිකම හේතුව හෝ එකම හේතුව ගෑස්ට්‍රයිටීස් නෙවෙයි .ඒ වගේම කුමන හේතුව මත මේ තුවාල ඇති වුණත් ඒවා ඉතා දරුණු විදිහට අපේ සෞඛ්‍යයට බලපෑම් කරන්නට පුළුවන්. ඒ නිසා අපි අද කතා කරමු මේ බඩේ ඇතිවන තුවාල සුවපත් කරගන්නට නිවසේ දී කරන්නට හැකි පිළියම් පිළිබඳව.

 මුලින් සඳහන් කළා වගේ ආමාශයේ තුවාල ඇති වෙන්නට විවිධ හේතු බලපානවා. මොකද අපි ගන්නා ආහාර මුලින්ම ආමාශයට ගමන් කරනවා. ආමාශයේ ආහාර ආම්ලික කරන්නට hydrocloric acid ශ්‍රාවය වීම සිදු කරනවා. මෙහි  ආම්ලික බව වැඩි නිසා ආමාශ බිත්තිට හානි නොවී ඒවා ආරක්ෂා කරගන්නට අවශ්‍ය වෙනවා. මේ සඳහා ශ්ලේෂ්මලය ස්තරයක් බිත්ති ඇතුල් පැත්තට වෙන්න පිහිටා තියෙනවා.  මේ ස්ථරය සමන්විත වෙන්නේ ආමාංශයේ ඇති සෛලවලින්. ඉතින් යම් අවස්ථාවකදී මේ ස්ථරයේ  ඇති  ආරක්ෂාකාරී සාධක අඩපණ වුණොත් මේ ආම්ලිකතාවයට හැකියාව ලැබෙනවා ආමාශයට හානියට කරන්නට. මේ නිසා ග්ර්හණිය මුල් කොටසේ, ආමාශයේ කුඩා වක්‍රය දිගේ වගේම අන්නශ්‍රෝතයෙත්  මේ තුවාල හට ගන්නට පුළුවන්. 

ආමාශයේ තුවාල ඇතිවීමට බලපාන හේතු

helicobacter pylori බැක්ටීරියාව මගින් ආමාශය ආසාදනය වීම.මේ හෙලොකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාවෙන් විවිධ වර්ගයේ එන්සයිම  නිපදවීම සිදු වෙනවා. ඒ එන්සයිම මගින්  බිත්තියේ සෛලවලට හානි කිරීම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බැක්ටීරියාවට හැකියාව තියෙනවා  විෂ සහිත ඇමෝනියා ආදී දේවල්  නිෂ්පාදනය කරන්නටත්.  ඒවායින් පවා  මේ සෛලවලට  ඍජුවම හානි ගෙනදෙන්නට හේතු වෙනවා.

  • මේ NSAIDs කාණ්ඩයට අයත් ඖෂධ ලෙස සැලකෙන ඇස්පිරින් , අයිබිප්රොෆෙන් , සෙලිකොක්සිබ්, ඩික්ලොෆිනැක් ආදී ඖෂධ භාවිතය
  • දුම් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයය

 බඩේ තුවාල ඇති විට දැනෙන රෝග ලක්ෂණ

  • උදරයේ ඉහළ කොටසේ වේදනාව හෝ දැවිල්ල
  • උදරයේ වේදනාව සමඟ පිට ප්‍රදේශය වේදනාව
  • බඩදැවිල්ල 
  • ආහාර අරුචිය
  • පපුවේ වේදනාව
  • බර අඩුවීම
  • වමනය
  • රක්තහීනතාවය

 මේ තත්ත්වය බොහෝ වෙලාවට ඇති වෙන්නේ ආමාශයේ තුවාල වඩාත් දරුණු අතට පත්වන විටෙකදී. රුධිරය වහනය වීම නිසා රක්තහීනතාවයට අදාළ ලක්ෂණ පෙන්නුම් කරනවා .

මේ පෙප්ටික් අල්සර්  කියන තත්ත්වයෙන් පෙළෙන බොහෝ දෙනෙක් සඳහන් කරන මේ වේදනාව මාත් ආහාර වේල් කිහිපයක් අතර ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී.

 ඒ වගේම  ඩයිජින්, gaviscon ආදී ප්‍රති අම්ල කාරක ලබාගැනීමෙන් ඉතා ඉක්මනින් අඩු වෙනවා. මේ වේදනාව මිනිත්තු කිහිපයක සිට පැය  කිහිපයක් දක්වා වුණත් තියෙන්නට පුළුවන්.ඒ වගේම මේ වේදනාව දවසට කිහිප වතාවක් හෝ සති කිහිපයකට සැරයක් වුනත් ඇති වෙන්නට පුළුවන්. 

ආමාශයේ තුවාල ඇතිවීම නිසා බරපතල සංකූලතා ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා.

  • වේගයෙන්ම ආමාශය සිදුරුවීම වගේ අවස්ථාවකදී ක්ෂණිකව අධික ලෙස උදර වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. මේ වගේ අවස්ථාවක දී බොහෝ වෙලාවට ශල්‍යකර්මයක් සිදුකිරීම අනිවාර්ය වෙනවා.
  • ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනය විශාල වශයෙන් සිදු වුණොත් එය රෝගියාව මරණයට පත් කරන්නට තරම් දරුණු වෙන්නට පුළුවන්.
  • පිළිකා ඇති වීමේ අවදානම
  • ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආහාර ඉදිරියට ගමන් කිරීමට බාධා වීම නිසා ආහාර මාර්ගයේ අවහිරතා ඇතිවීම.

 ආමාශයේ ඇතිවන තුවාල සුවකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළියම්

  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.
  • වේදනානාශක ගැනීම නතර කරන්න. නැත්නම්  ඒවා මාරු කරන්න.
  • කැෆේන් භාවිතය අඩු කරන්න.
  • ආසාදනවලින් ආරක්ෂා වෙන්න.
  • දුම් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්න.
  • ඇසිඩ් ශ්‍රාවය ප්‍රවර්ධනය කරන කිරි සහ කිරි නිෂ්පාදනවලින් වළකින්න.
  • කෙදි සහිත ආහාර ලබා ගන්න.
  • ආහාර ගැනීමෙන් පසුව කෝමාරිකා යුෂ හැන්දක පමණ ප්‍රමාණයක් ලබාගන්න. 

 ආමාශය තුවාල සුව කරගැනීමට අත් බෙහෙතක්

 බොහෝ වෙලාවට ආමාශයේ තුවාල ඇති වෙන්නේ අමිලපිත්ත රෝගය හේතු කරගෙන. ඉතින් මෙය ඉතාම පීඩාකාරී  රෝගයක්. ඒ වගේම ඔබ දැන් දන්නවා මෙය කොතරම් අපේ ජීවිතයට බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතුවක් වෙනවාද කියලා. ඉතින් මේ උදරයේ ඇතිවන තුවාල සුවපත් කරගන්නට මේ අත් බෙහෙත් ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

1.අවශ්‍ය ද්‍රව්‍ය ‍

  •  අමු බෙලි ගෙඩි පහක්
  •  පිරිසුදු මී පැණි කාලක්

 සාදාගන්නා ආකාරය

 මුලින්ම මේ අමු බෙලි ගෙඩි වතුරෙන් සෝදා පිරිසිදු කර ගෙන ඒවා දෙකට පලා කටුව සමගම මැටි මුට්ටියකට දමා ගන්න. පිරිසුදු වතුර කෝප්ප 6 ක පමණ ප්‍රමාණයක් එකතු කරගන්න. මේ එකතු කරන ලද ජලය කෝප්ප තුනක් පමණ වනතුරු හොඳින් තම්බා ගන්න.

 බෙලි තම්බාගත් ජලය වෙනත් භාජනයකටත් තම්බාගත් බෙලි ටික වෙනත් භාජනයකටත් දමා ගන්න.

ඉන්පසු තම්බාගත් බෙලි ගෙඩිවල මද හැන්දකින් ඉවත් කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මේ බ්ලෙන්ඩර් කරගත් බෙලි මිශ්‍රණය පසෙකින් තබා ගත් බෙලි තැම්බූ වතුරවලට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.  පැණි කාලක ප්‍රමාණයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන සමාන කොටස් තුනකට මේ පානය වෙන්කර ගන්න. 

මේ පානය උදේ ආහාරය ගන්නට පෙර හිස් බඩටත්, රාත්‍රී ආහාරයට පැයකට පමණ පෙරත්, නැවත පසුදින උදේ ආහාරයට පැයකට පමණ පෙර හිස් බඩටත් ආදී වශයෙන් දින කිහිපයක් පානයට ගන්න. 

මේ අපූරු පානය භාවිතා කරන කාලය තුළදී අන්නාසි, බල කරවල, බල මාළු ආදී ආහාර ගැනීමෙන් වැළකී සිටීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්.

2. අවශ්‍ය ද්‍රව්‍ය ‍

  • සාමාන්‍ය ප්‍රමාණයට ඉදුණු අළු කෙසෙල් ගෙඩි 2 ක් 
  • වැල්මී  කුඩු තේ හැදි 1 ක් 
  • මී පැණි තේ හැදි 1 ක් 

සාදාගන්නා ආකාරය මේ සියල්ලම හොඳින් පොඩි කර හෝ කැබලිවලට කපා මී පැණි දමා උදේ හිස්බඩ ආහාරයට ගන්න. දින 7 කින් පමණ විස්මිත ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්.