අධිරුධිර පීඩනය පවතින රෝගීන් සැලකිලිමත් විය යුතු කරුණු 25 ක්

health tips

නිහඬමාරයෙකු ලෙස සලකන අධිරුධිර පීඩනය වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින රොග තත්වයකි. එනම් මෙම රෝගය විශේෂයෙන් ම වයස අවුරුදු 35 ත් 40 ත් පමණ වන පුද්ගලයින්ට ඇතිවනු ලැබේ. 

නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩනය 120/80  පමණ වන අතර  නොයෙක් රෝග තත්ත්වයන් හේතුවෙන් මෙම රුධිර මට්ටම අඩු හෝ වැඩි විය හැකිය. එනම් රුධිර පීඩනය යනු රුධිර සංසරණ ක්‍රියාවලියේදී රුධිර බිත්ති මගින් ඇති කරනු ලබන තෙරපුමයි. මෙහිදී ඇතිවන තෙරපුම වැඩි වීම මගින් අධිරුධිර පීඩනය ඇති වනු ලැබේ. එනම් එය අධිරුධිර පීඩනයයි. මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයින් නිතර ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. නොමැති නම් රෝගය උත්සන්න වීමෙන් රෝගියා මිය යාමට වුවද වැඩි ඉඩක් පැවතිය හැකිය. 

ඕනෑම රෝගයක් ඇතිවූ මුල් අවස්ථාවේම එය හඳුනාගැනීමෙන් ඉක්මන් සුවය ළඟා කර ගත හැකිය. එනම් ඒ සඳහා එම රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී සිටිය යුතුය. අධිරුධිර පීඩනය ඇති වූ විටද හඳුනාගත හැකි රෝග ලක්ෂණ බොහොමයක් පවතී. 

  • කරකැවිල්ල ඇතිවීම.
  • හුස්ම ගැනීමේ වේගය ඉහලයාම.
  • හිසේ කැක්කුම.
  • මුත්‍රා සමඟ ලේ පිටවීම.
  • දෘශ්ඨි සංකුලතා ඇතිවීම.
  • නාසයෙන් ලේ ගැලීම් ඇතිවීම. 
  • පපුවේ වේදනාව ඇතිවීම. 

මෙම රෝග ලක්ෂණ අධි රුධිර පීඩනය ඇති බවට හඳුනාගත හැකි පූර්ව රෝග ලක්ෂණවේ. මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතින්නේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ. අධි රුධිර පීඩනය ඇතිවීමට බලපාන හේතු අධිරුධිර පීඩනය ප්‍රධාන වශයෙන් 

  • ප්‍රාථමික 
  • ද්වීතියික ලෙස කොටස් දෙකක් හඳුනාගත හැකිය. 

ප්‍රාථමික අධි රුධිර පීඩනය  දිගු කලක් සිට පැවත එන රෝග තත්ත්වයකි. ප්‍රාථමික අධිරුධිර පීඩනය ඇතිවීමට බලපාන හේතු බොහොමයක් පවතී. ඒ අතර 

  • ජානමය හේතු 
  • වයස් ගත වීමත් සමග ශරීරයේ ඇතිවන වෙනස්කම්
  • ජීවන රටාව
  • ආහාර රටාව
  • අධික ස්ථුලතාවය
  • ක්ෂණික ආහාර භාවිතය 

ද්වීතියීක අධි රුධිර පීඩනය ද්වීතීයික අධිරුධිර පීඩනය ක්ෂණිකව ඇතිවනු ලැබේ. මෙය ප්‍රාථමික තත්වයට වඩා භයානක

  • රෝගී තත්ත්වයකි. මෙම රුධිර පීඩනය ඇතිවීම සදහා 
  • මත්ද්‍රව්‍ය භාවිතා කිරීම.
  • වකුගඩු රෝග පැවතීම
  • තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවිය හැකි ගැටලු
  • අන්තරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිත ගැටලු
  • ඖෂධ භාවිතය. 

මේ ආදී හේතූන් නිසා ද්විතීයික අධිරුධිර පීඩනය ඇතිවිය හැකිය. අධිරුධිර පීඩනය පැවතීම පසු කාලීනව හෘද රෝග ඇතිවීමටද ප්‍රබල හේතුවක් වන බව සොයා ගෙන තිබේ. මේ නිසා අධිරුධිර පීඩනය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. පලමුව නිසි වේලාවට වෛද්‍ය වරයා ලබා දෙන ඖෂධ , උපදෙස් පිළිපැදිය යුතුය. ඊට අමතරව ගනු ලබන ආහාර පාන පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

ආහාර රටාව වෙනස් කර ගැනීම එනම් මෙහිදී රෝගයට හිතකර වන අයුරින් තම ආහාර රටාව වෙනස් කර ගත යුතුය. එනම් පොටෑසියම්  බහුල ආහාර මෙන්ම සෝඩියම් අවමව අඩංගු වන ආහාර  මෙම රෝගීන් භාවිතා කළ යුතුය. එමෙන්ම අධික තෙල් සහිත ආහාර,පිටි සහිත ක්ෂණික ආහාර භාවිතයෙන් වැළකී නිතර නැවුම් පලා වර්ග , පලතුරු,එළවළු භාවිතා කිරීම මගින් අධි රුධිර පීඩන තත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය. ඇති වූ අධිරුධිර පීඩනය සමනය කර ගත හැකිය. 

දුම්වැටි හා මධ්‍යසාර භාවිතයෙන් වැළකීම.බොහෝ පිරිමි පාර්ශවය විසින්  මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතා කරනු ලැබේ. එනම් ඉන් සෞඛ්ය සම්පන්න දිවියක් ගත කිරීමට හැකියාවක් නොලැබේ. එනම් දුම්වැටි පානය කිරීම මගින් රුධිර නාලිකා ඝන වීම සිදුවනු  ලැබේ. එනම් ඉන් අධිරුධිර පීඩනය ඇතිවේ. එමෙන්ම මත් පැන් පානය කිරීමද අධිරුධිර පීඩනය ඇතිවීමට මෙන්ම හෘද රෝග ඇතිවීමට ද හේතු පාදක වේ. 

ව්‍යායාමවල නිරත වීම.බොහෝ දෙනෙකු තරබාරු වීමෙන් කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වේ. මෙවැනි රෝග පවතින පුද්ගලයින්ට නිරායාසයෙන්ම අධිරුධිර පීඩනය ඇතිවේ. මෙම රෝග තත්ත්වයන් ඇතිවීම පාලනය කර ගැනීමට නම් ශරීර බර පාලනය කර ගත යුතුය. එනම් නිසි පරිදි ව්‍යායාම සිදු කිරීම මෙන්ම සමබල ආහාර වේලක් ගැනීම මගින් කොලෙස්ට්‍රෝල් පාලනය කරගෙන ඒ නිසා ඇතිවිය හැකි අධිරුධිර පීඩනය ද වලක්වා ගත හැකිය. 

මනස සන්සුන් කර ගැනීම.අධිරුධිර පීඩනය,හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට මනස නිරවුල්ව, සන්සුන්ව පවත්වා ගැනීම බෙහෙවින් ම වැදගත්වේ.  එනම් යෝග අභ්‍යාසවල නිරතවීම, භාවනා කිරීම,බණ ඇසීම,සංගීතයට සවන් දීම… ආදී ක්‍රියාවන් වල නිරත වීම මගින් අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගත හැකිය. මේ ආදී වශයෙන් තම ජීවන රටාව හා ආහාර රටාව රෝගයට හිතකර වන අයුරින් පවත්වා ගෙන යාමෙන් අධිරුධිර පීඩනය පාලනය කර ගත හැකිය.