රුධිර පීඩනය නිතර ඉහළ පහළ යයි.කෙසේවෙතත් ඉහළ ගිය රුධිර පීඩනය දිගු කලක් පුරා නොවෙනස්ව එසේම පැවතීම හිතකර තත්වයක් නොවේ. මෙය ආධ්යාතතිය (hypertension) ලෙස හඳුන්වයි. එනම් අධි රුධිර පීඩන තත්වයයි. රුධිර පීඩනය අධික වීම කාලයත් සමඟ නිහඬවම සිරුරට බරපතල හානි ඇතිකළ හැකියි.පැහැදිලි රෝග ලක්ෂණ සිරුරේ මතුවන තුරුම බොහෝ විට පුද්ගලයා ඒ පිළිබඳව නොදනියි.අධි රුධිර පීඩනය ඉතා අවදානම් තත්වයක් ලෙස සැලකෙන්නේ ද ඒ නිසයි.
රුධිර පීඩනය යනු හෘදය සංකෝචනය වන විට හා ලිහිල් වන විට ප්‍රධාන ධමනි බිත්ති මත රුධිර ප්‍රවාහය මඟින් ප්‍රේරණය කරනු ලබන පීඩනයයි.නීරෝගි පුද්ගලයෙකුගේ සාමාන්‍ය රුධිර පීඩනය තිබිය යුතු වන්නේ රසදිය මිලිමීටර් 120/80 හෝ ඊට මදක් අඩුවෙනි.රුධිර පීඩනය රසදිය මිලිමීටර් 140/90 ට වඩා වැඩි වුවහොත් එය අධික රුධිර පීඩන තත්වයකි.
එදිනෙදා ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න ආහාර පාන රටාවක් අනුගමනය කිරීම, ව්‍යායාම කිරීම, දුම්බීම, මත්පැන් පානය වැනි අහිතකර පුරුදු අත්හැරීම වැනි දේවල් අනුගමනය කිරීමෙන් මෙවැනි සෞඛ්‍ය අවදානම් ඇතිවීම බොහෝ හොඳින් වළක්වාගත හැකියි. මෙහිදී ආහාර පාන වලට ලැබෙන්නේ විශේෂිත ස්ථානයකි. අප ලබාගන්නා ආහාර පාන සිරුරේ රුධිර පීඩනය කෙරෙහි සෘජුවම බලපායි.
රුධිර පීඩනය පාලනය කරන ආහාර ගැන කතා කරත් එම ගුණය ලබාදෙන පාන වර්ග ගැන කතාවෙන්නේ අඩුවෙන්. අද අපි බලමු ධමනි පිරිසිදු කරමින් සිරුරේ රුධිර පීඩනය නීරෝගී මට්ටමක පවත්වාගැනීමට ප්රතිලාභ දෙන හෘද සෞඛ්‍යයට ගුණදායි පාන වර්ග කිහිපයක් ගැන. මෙම පාන වර්ග සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය අධි රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වන ඒවායි.නිතිපතා පානය කිරීමෙන් ඔබේ සිරුරට හොඳ ප්රතිලාභ ලබාගත හැකිවේවි!
අඩු මේද කිරි-මේද අඩු අන්තර්ගතයක් ඇති කිරි පානය කිරීම අධි රුධිර පීඩනය වළකයි.මේවායේ හෘද සෞඛ්‍යයට හිතකර කැල්සියම් හ විටමින් D බහුලයි. රුධිර පීඩනය අඩුකරවන මෙවැනි පෝෂක වලට අමතරව පොටෑසියම්, පොස්පරස් වැනි වෙනත් පෝෂ්‍ය පදාර්ථ ද අන්තර්ගතයි.සම්පූර්ණ මේද (full-fat) කිරි වලට වඩා අඩු මේද කිරි (low-fat) කිරි පානය කිරීම වඩාත් සෞඛ්යාරක්ෂිත බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.ඊට හේතුව සම්පූර්ණ මේද අඩංගු කිරි වල පැල්මැටික් අම්ල බහුල වීමයි.ඒවා රුධිර නාළ හැකිළීමට හා ධමනි අවහිර වීමට මෙන්ම නොයෙකුත් හෘද රෝග වර්ධනය වීමට හේතුවිය හැකි බව සොයාගෙන ඇත.අඩු මේද කිරි නිෂ්පාද වර්ග රුධිර පීඩනය පාලනයට හිතකරයි.

චියා ඇට වතුර-චියා ඇට වල අන්තර්ගත ඛනිජ ලවණ හා විටමින් සංයුතින්න් රුධිර පීඩනය පාලනයට උපකාරී වේ.ඊට අමතරව මේවායේ ඔමේගා-3 මේද අම්ල ද බහුලයි. ඒවා මඟින් රුධිර නාළ වඩාත් පුළුල් වීමට සලස්වා රුධිර ගමනාගමනය වැඩිකරයි.ඒ හරහා රුධිර පීඩනය අඩුකරයි.චියා ඇට වල ක්ලොරෝජෙනික් අම්ල නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සංඝටක බහුලයි.මේවා ආධ්යාතතිය පාලනයට ඉතා ගුණදායක බව සොයාගෙන තිබේ.තන්තු බහුල නිසා මේද තැන්පත්වීම් අවම වේ.
චියා ඇට මේස හැඳි 1-2ක් පමණ වතුරට දමා මිනිත්තු 30ක් පෙඟෙන්නට හරින්න. පෙරදා රාත්‍රියේ පෙඟෙන්නට තැබීම වඩාත් සුදුසුයි.ඇට ඉවත් කර හෝ ඇට සමඟ මෙම වතුර පානය කරන්න. එහි රසය මෙන්ම ගුණය වැඩි කරගැනීමට ලෙමන් හෝ දෙහි යුෂ බිංදු කිහිපයක් එක්කරගන්න. මාසයක් පමණ මෙම පානය භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදේ. මාසයක් පමණ මෙම පානය භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.
දෙළුම් යුෂ-දෙළුම් වල ෆයිටෝරසායන නම් වැදගත් ප්‍රතිඔක්සිකාරක බහුලයි.මේවා මඟින් සිරුරේ රුධිර සංසරණය වැඩිදියුණු කරයි. නාළ හා ධමනි තුළ බැඳී ඇති මේදමය ද්‍රව්‍ය ඉවත් කරයි. නයිට්රේට බහුල නිසා අධි රුධිර පීඩන අවදානම් අවම කරයි.දෙළුම් යුෂ මාසයක් පමණ කාලයක් පානය කිරීම අධි රුධිර පීඩනය පාලනය කරගැනීමට ගුණදායි බව පෙන්වාදේ. දෙළුම් ඇට ආහාරයට ගැනීම හෝ යුෂ පානයක් ලෙස සකසා පරිභෝජනයට ගන්න. කෘතිමව සීනි එක්කළ දෙළුම් යුෂ පාන වලින් වළකින්න.
ඇපල් සයිඩර් විනාකිරි මුසු වතුර-ඇපල් සයිඩර් විනාකිරි වල සිරුරට වැදගත් පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ අඩංගුයි.මේවා හෘද සෞඛ්‍ය වඩවයි.ඇපල් සයිඩර් විනාකිරි සිරුරේ ඇති අනවශ්‍ය සෝඩියම් ඇතුළු ලවණ හා වස විස අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරයි.මේවායේ ඇසිටික් අම්ල ඇති නිසා රුධිර පීඩනය අඩුකිරීමට හොඳ සහයක් ලබාදේ.ඇපල් සයිඩර් විනාකිරි භාවිතයට පෙර තනුක කිරීම හෙවත් ජලය එක්කර උදාසීන කිරීම වැදගත්. මෙහි රසය හා සුවඳ ඔබට හුරු නැතිනම් මුළින්ම මේස හැඳි 1ක තරම් ප්‍රමාණයකින් අරඹන්න. ක්‍රම ක්‍රමයෙන් එය මේස හැඳි 2-3ක් දක්වා වැඩිකරගන්න.වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1-3ත් අතර ප්‍රමාණයක් මිශ්‍ර කර පානය කරන්න.

උළුහාල් වතුර-උළුහාල් වල ඖෂධීය ගුණ බහුලයි.කොලෙස්ටරෝල් පාලනයට මෙන්ම රුධිර පීඩනය පාලනයට ද ගුණදායකයි.හෘද රෝග අවදානම් වළකයි.පෙරදා රාත්‍රියේ වතුර වීදුරුවකට උළුහාල් මේස හැඳි 1ක් පමණ දමා පෙඟෙන්නට තබන්න. පසුද උදෑසන හිස්බඩ මෙය පානය කරන්න.මෙම උපක්‍රමය රුධිර පීඩනය මනාව පාලනය කරගැනීමට බෙහෙවින් උපකාරී වේ.තවත් ක්‍රමයක් ලෙස උළුහාල ඇට තේ හැඳි 1-2ක් පමණ වතුර කෝප්ප 1ක ප්‍රමාණයක් එක්කළ බඳුනකට දමා මිනිත්තු 2ක් පමණ හොඳින් තම්බාගන්න.පෙරාගත් වතුර පානය කරන්න. ඇට ටික වෙන් කර අඹරාගන්න. උදෑසන හා සවස මෙය වතුර ස්වල්පයක් සමඟ ආහාරයට ගන්න.
ලෙමන් හා මී පැණි මිශ්‍ර වතුර-උණුසුම් වතුර වීදුරුවකට මී පැණි හා ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර දිනපතා පානය කිරීම රුධිර පීඩනය පාලනය කරගනිමින් හෘද සෞඛ්‍ය වර්ධනය කරගැනීමට උපකාරී වේ.හිස්බඩ පානය කිරීම බොහෝ ප්‍රතිඵල සහිතයි.මෙය ජීර්ණය වඩවමින් බර අඩුකරගැනීම සඳහා උපකාරී වන පානයක් ලෙස ප්‍රචලිතයි.මේ සඳහා අමු නෙපෙරූ ස්වභාවික මි පැණි භාවිත කළ යුතු බව මතක තබාගන්න. වෙළඳපොලේ ඇති බොහෝ මී පැණි වල ඇත්තේ සීනි මිශ්‍ර කළ ඒවාය.ලෙමන් යුෂ වෙනුවට දෙහි ස්වල්පයක් එක්කර ගැනීම ගැටලුවක් නොවේ.
දොඩම් යුෂ-දොඩම් යුෂ වීදුරුවකින් දවස ආරම්භ කිරීම ඉතා ගුණදායකයි.විටමින් C බහුල නිසා ප්‍රතිශක්තිය ද වර්ධනය වේ.දොඩම් යුෂ පානය කිරීම අධි රුධිර පීඩන මට්ටම අඩුවීම සඳහා ගුණදෙන බව අධ්‍යයන පෙන්වාදේ.විටමින් C මඟින් රුධිර නාළ මෘදු හා වඩාත් නම්‍යශීලී කරවමින් රුධිර පීඩනය මනාව නියාමනය වීමට ආධාර කරයි.
ඔබ යම් අසනීප තත්වයකින් සිටිනවා නම් හෝ වෙනත් ඖෂධ වර්ග භාවිත කරනවා නම්,මෙම පාන වර්ග ඔබට සුදුසු දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා දැනගන්න.