මුත්‍රාවල වැඩි වුන සීනි ක්ෂණිකව අඩු කරන ඉඟිනි ඇට පානය

health tips

අපි වැඩිදෙනෙක් වැඩිපුර භාවිතයට ගන්නා පානයන් අතර කිරිපිටි, තේ හෝ කෝපි මූලික වෙනවා. නමුත් අපේ මුතුන් මිත්තන් බොහෝ වෙලාවට පානය කළේ ඖෂධීය පැළෑටි වර්ගවලින් සකස් කර ගත් ගුණදායක පාන වර්ග. ඒත් විදේශිකයන් අපේ රටේ යටත් කර ගැනීමෙන් පසුව ඔවුන්ගේ වාසිය තකා විවිධාකාරයේ පාන වර්ග වර්ගවලට එනම් තේ, කෝපි, කිරි පිටි ආදියට අපේ ජනතාව කාලයත් එක්ක හුරු කළා.  මේ තේ සහ කෝපි පානයන් අපේ ශරීරයට එතරම් අහිතකර නොවුණත් දේශීය පානයන් තරම් අපේ ශරීරයට ගුණදායක වෙන්නේ නැහැ නේ .

ඔන්න ඒ නිසා අද අපි අද ඔයාට කියන්න සූදානම් වෙන්නේ අපේ මුතුන් මිත්තන් නිතරම පානයට ගත් අපූරු දේශීය පානයක් ගැන. අද වෙද්දි මේ ඖෂධීය ශාකය  භාවිතයෙන් විවිධ පෙති වර්ග, කරල් වර්ග සහ පාන වර්ග නිෂ්පාදනය වෙලා විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙනවා .  මේ වටිනා කියන ශාකය  තමයි ඉගිනි.

නිර්මලී එහෙම නැත්නම් ඉගිනි ඇට කියන්නේ අද අපේ භාවිතයෙන් ඈත්ව ඇති අපේ පැරණි මුතුන් මිත්තන් නිතර භාවිතයට ගත් දේශීය ඖෂධයක්. මේ ඉගිනි ගස් එදා අපේ මුතුන් මිත්තන් වැව් සමීපයේ සිටවනු ලැබුවා. ඒ මේ ඉගිනි ඇට සතු අපූරු ගුණයන් නිසාමයි. විශේෂයෙන්ම  බොර වුණු  අපිරිසිදු ජලය පිරිසිදු කර ගන්නට මේ ඉගිනි  ඇට ජලයට එකතු කිරීම ඔවුන් අතර දකින්නට තිබුණා. ඒ නිසාම වන්නට ඇති එදා අපේ මුතුන් මිත්තන් වකුගඩු ආදී භයානක රෝගවලින් ආරක්ෂා වෙලා සිටියේ.

 පවිත්‍ර  කාරකයක් විදිහට විතරක් නෙමෙයි  ලෙඩ රෝග සියයකින්  විතර  ආරක්ෂා වෙලා ඉන්නට පවා අපිට උදව්වෙන සුවිශේෂීම ශාකයක් මේ ඉගිනි. නමුත් අද වෙද්දි මේ ශාකය බොහෝ ප්‍රදේශවලින් වද වී ගොස් තියෙනවා. කොහොමනමුත් මේ ශාකයේ මුල්, පොතු, ගෙඩි, ආදී සෑම කොටසකම සුවිශේෂී ගුණයන් අන්තර්ගත  වෙනවා. ඒ නිසාම විවිධ රෝග සඳහා ප්‍රතිකාරවලදී ඒ ගසේ කොළ,පොතු, මුල්, මල් ඇට ආදී පංචාංගයම භාවිතා කෙරෙනවා. .

මේ ශාකය සොයා ගැනීම දුර්ලභ වුණත් අපට බෙහෙත් සල්වලින් මේ ඉඟිනි ඇට මිලට ගන්නට හැකියාව තියෙනවා.  ඒ වගේම ඉඟිනි ඇට කුඩු විවිධ මිල ගණන් යටතේ මිලට ගන්නත්  හැකියාව තියෙනවා. නමුත් ඉගිනි ඇට  භාවිතයෙන් ඉගිනි පානය  ගෙදරදීම සකසා ගන්නට පුළුවන්.

ඉඟිනි ඇට පානය සකසා ගන්නා ආකාරය

මුලින්ම ඔබ මිලදී ගත්  ඉඟිනි ඇට තුන් හතර වතාවක් ඉතාමත් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව කබලේ බැදගන්න. හොඳින් බැදුනු පසුව වංගෙඩියක දමා තරමක කැබලි වෙනතුරු කොටාගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන්  සියුම්ව  අඹරාගන්න .  මෙසේ සකසා ගත් ඉගිනි ඇට කුඩු සුළං නොවදින සේ බෝතලයක ගබඩා කර භාවිතයට ගන්න පුළුවන්.

 මුලින්ම ඉඟිනි ඇට කුඩු තේ හැන්දක ප්‍රමාණයක් දමා එයට හොඳින් නටන වතුර දමා විනාඩි පහක් වසා තබන්න. ඉන් පසුව මී පැණි හෝ හකුරු සමඟ පානය කරන්න.

 එහෙමත් නැත්නම් මේ ඉඟිනි  කුඩුවලට ඔබ පානයට ගන්නා කිරි පිටි ස්වල්පයක් එකතු කර ඉගිනි කිරි පානයක් විදියට සකසාගෙන පානයට ගන්න පුළුවන්. නමුත් කිරි පිටි කියන්නේ අපේ ශරීරයට එතරම් හිතකර දෙයක් නොවන නිසා ඒවා එකතු කරමින් පානය සකසා ගැනීම නම් අපි අනුමත කරන්නේ නැහැ.

 ඉගිනි පානයෙන් ලැබෙන ප්‍රතිලාභ 

  • ශරීරයේ අනවශ්‍ය මේදය දිය කර හරිනවා.
  • ශරීරයේ ස්ථූලභාවය නැති කර සිහින් සිරුරක් හිමිකර දෙනවා.
  • දියවැඩියාව සුව කර ගැනීමට උපකාරී වෙනවා. විශේෂයෙන්ම  Glipizide කියන්න බටහිර ඖෂධය හා සමාන ගුණ මේ ඉඟිනි ඇටවලින් පෙන්නුම් කරනවා.
  • වකුගඩු පිරිසිදු කරනවා.
  • වේදනාවන් දුරු කරනවා.
  • ප්‍රදාහ තත්ත්ව අඩු කරනවා.
  • තුවාල සුව කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • ආමාශයේ ඇති රෝග සුවපත් කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • ඇස් රෝග සුව කරනවා.
  • රුමැටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
  • සියලුම අක්මා රෝගවලින් ආරක්ෂාව සලසනවා. 
  • විශේෂයෙන්ම SGOT/SGPT,ALP,Billirubin  මට්ටම අඩු කරනවා
  • ඉක්කාව අඩු කරනවා.
  • වමනය සහ ඔක්කාරයට ගුණදායකයි.
  • අතීසාරය ඇති වීම වළක්වනවා.
  • ආහාර ජීර්ණය කාර්යක්ශම කරනවා.
  • ආහාර රුචිය වඩවනවා.
  • අධි රුධිර පීඩනයට හිතකරයි.
  • ශරීරයේ ඇති බැරලෝහ ඉවත් කරනවා.
  • ගොනෝරියා ආදී රෝග සඳහා ඉතාම හිතකරයි.
  • කුඩා දරුවන්ගේ හතිය පාලනයට උදව් වෙනවා. 
  • ලේ පිරිසිදු කරනවා.
  • කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
  • ආතතිය දුරු කරනවා.
  • සම පැහැපත් කරනවා.
  • මුත්‍රා මාර්ගය පිරිසිදු කරනවා.
  • ශරීරයේ විෂහරණයට උදව් වෙනවා. 
  • ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. 
  • ශරීරයට අමතර ශක්තියක් ලබාදෙනවා.
  • අලස බව හා දුබල බව දුරු කරනවා.
  • අමිල පිත්ත රෝගයට ගුණදායකයි.
  • සෙම සහ  පීනසෙන් ආරක්ෂාව සලසනවා.
  • දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන මහන්සිය දුරු කරනවා.
  • මල බද්ධය සමනය කරනවා.
  • අර්ශස් රෝගය ඇතිවීම වළක්වනවා.
  • මොළයේ  ක්‍රියාකාරීත්වය යහපත් කරනවා.
  • හිසරදයට සහනය සලසනවා.
  • රුධිර සංසරණය ක්‍රමවත් කරනවා.
  • ශරීරයේ දාහය දුරලනවා.
  • මදසරුභාවය දුරු කරනවා.
  • දහදිය දුගද සමනය කරනවා.
  • සමේ රෝග සඳහා ගුණදෙනවා.
  • සර්ප විෂ නසනවා.
  • මුත්‍ර  ආසාදන නසනවා.
  • මතක ශක්තිය වැඩි කරනවා.
  • පණු රෝග සඳහා ගුණදායක වෙනවා.
  • කරකැවිල්ල සුව කරනවා.

ඉගිනි ශාකයේ ඖෂධීය භාවිතයන් 

මුත්‍රාවල සීනි සඳහා ඉගිනි ඇට, සුදු හදුන්, සැවැන්න මුල්, කැහිපිත්තන් කොළ, කළද බැගින් ගෙන හොඳින් කොටා තැඹිලි ගෙඩියේ වතුරට කිතුල් හකුරු සමඟ දියකර පැය 12 ක් පින්නේ තබා පිරිසිදු රෙදි කඩකින් දෙතුන් වරක් පෙරා උදෑසන පානය කරන්න.

සෙම්ප්‍රතිෂ්‍යාව සඳහා මේ සඳහා ඉගිනි  ශාකයේ මුල් තම්බන ලද ජලයෙන් වාශ්ප ඇල්ලීම ගුණදායකයි.

මුත්‍රා  මාර්ගයෙන් සැරව ගලායාමට ඉගිනි ඇට සෙංකොට්ටන්, බිම් දුම්මල, කළුදුරු බැදි හාල් යන සියල්ල අඹරා රණවරා දළු, සුදු නෙළුම්, දළු කඩපිම්මෙන් තම්බා අඹරාගත් බෙහෙත් සමඟ අඹරා  ගිතෙල් සමඟ ලබාදීම ගුණදායකයි.

ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ජීවත් වෙන්නට ගත යුතුම පානය ඉඟිනි පානය බව ඔබටත් වැටහෙනවා ඇති. අපේ දේ හැමදාමත් අගය කරමින් ඒවායෙන්  නිසි ප්‍රයෝජන ලබා  ගන්නවා නම් ලාංකීය අපිට නිරෝගී ජීවිතයක් ගත කරනවා කියන එක එතරම් අභියෝගයක් නෙවෙයි. ඉතින් ඒ නිසා කිරිපිටි වෙනුවට මේ දේශීය ඔසු පානය ඔබත් ලබාගන්න.