භූගත කඳක් හෙවත් රයිසෝමයක් සහිත බහුවාර්ෂික ශාකයක් වන ඉඟුරු
Zingiberaceae කුලයට අයත් අයත් වේ. එනම් පත්‍ර සහ නටු වලින් එකතු වී සෑදෙන ව්‍යාජ කඳකින් යුත් ඉගුරු ශාකය සෙන්ටි මීටර් 50 ක් පමණ උසට වර්ධනය වේ. පත්‍ර සිනිදු පත්‍ර වන අතර පත්‍ර අග්‍රය අති තීව්‍රය. පත්‍ර හැඩය ලන්සාකාරවේ. පුෂ්ප මංජරියේ වෘන්තය

සෙන්ටි. මීටර් 25ක් පමණ දිගින් යුක්ත වේ. එනම් එය ලන්සාකාර කොපුවකින් වැසී තිබේ. මල් දම් කහ මිශ්‍ර මල් වන අතර අරීයව පිහිටි ශුකිමත හටගනු ලැබේ. එනම් ඉගුරු අල මගින් ශාක ව්‍යාප්තිය සිදු කරගත හැකිය.
ඉඟුරු ශාකයේ ඖෂධීය ගුණ.
ආහාර අරුචියට
කැස්සට
අජිරණයට
ඇදුමට
ඉක්කාවට
අතීසාරයට
ආමවාතයට
කටීවිවාතයට
පීනසට
මුත්‍රා සමග ලේ පිටවීමට
උදර වේදනාවන්ට
උණට
මුඛ රෝගයන්ට
හිසරදයට
සෙම්ප්‍රතිශාවට
ඉරුවාරදයට
කුරුලෑ සමනයට
වමනයට
බඩ කොර වීමට
කක්කල් කැස්සට
කොලරාවට
පාචනයට
සන්ධි ඉදමුමමට
හිසකෙස් වර්ධනයට
ආර්තව වේදනාවන්ට
ප්‍රදාහයන්ට
ආමාශගත රෝග සඳහා

නිතර ඇතිවන ආමාශ රෝග එනම්
බඩ පිපුම, ආහාර නොදිරවීම, අජීර්ණය, වමනය, ඔක්කාරය ආදී රෝග සඳහා ඉඟුරු කැබැල්ලක් සපා ගිලීම ගුණදායකය.
ආර්තව වේදනා සඳහා
බොහෝ කාන්තාවන් පීඩාවට පත්කරන ආර්තව සංකූලතා සුව කිරීමට ඉඟුරු කැබැල්ලක් තලා දමා ඊට කොත්තමල්ලි කුඩු එක්කොට උණුවතුරට දමා තැම්බෙන්නට හැර මද රස්නෙන් යුතුව පානය කිරීම යෝග්‍ය වේ. එනම් මෙමගින් උදරගත වේදනාව ඔක්කාරය කෑම අරුචිය ආදිය සමනය කරගත හැකිය.
මලබද්ධය සඳහා
ඉඟුරු ආහාර පිසින විට එනම් විශේෂයෙන්ම බර ආහාර පිසින විට එකතු කර ගැනීමෙන් එම ආහාර හොඳින් ජීර්ණය කර ගත හැකිය. එනම් ඉන් මලබද්ධය වැනි රෝග ඇති වීම වළක්වා ගත හැකිය.
ඉදමුම්, වේදනාවන් සඳහා
ඉඟුරු භාවිතා කිරීම මගින් ශරීරගත ඉදිමුම් වේදනා වන් සුව කරගත හැකිය එනම් ඉඟුරුවල අඩංගු Anti- inflammation properties නැමති රසායනය ඉදමුම් , වේදනා සමනය කිරීමට උපකාරී වේ. එනම් මේ සඳහා ඉඟුරු තේ පානයට හෝ ඉඟුරු ආහාර පිසින විට කර ගැනීම සිදු කළ හැකිය.
ඉරුවාරදය සඳහා
ඉරුවාරදය පවතින විටක එය සුව කර ගැනීමට ඉඟරු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඉඟරු තේ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් ඉඟරු වල අඩංගු වේදනා නාශක ගුණය හිසරදය සමනය කරයි.

උණ ,සෙම්ප්‍රතිශ්‍යාව සඳහා
උණ ,සෙම්ප්‍රතිශ්‍යාව පවතින විටක ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා ශරීරගත වේදනාවන් හිසරදය සුව කර ගැනීමට ඉඟුරු භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් ඉඟරු මිශ්‍ර තේ පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
දන්ත වේදනා සඳහා
ඉඟුරුවල අඩංගු වේදනා නාශක ගුණයන් දන්ත වේදනාවන් සමනය කිරීමට උපකාරී වේ. එනම් දන්ත වේදනාවක් ඇති වූ විටක ඉඟුරු කැබැල්ලක් තලා යුෂ ගෙන පුලුන් කැබැල්ලකට දමා එම පුළුන් කැබැල්ල වේදනා ගෙනෙන දත මත මද වේලාවක් තබා සිටීමෙන් දත් කැක්කුම සුව කරගත හැකිය.
හෘද රෝග සඳහා
හෘද රෝග ඇතිවීමට හේතුවන කොලෙස්ට්‍රොල් පාලනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ගුණදායක ඖෂධයක් ලෙස ඉඟුරු හැඳින්විය හැකිය. එනම් ඉඟුරු තේ පානයක් ලෙස නිතර භාවිතා කරන්නේනම් ඉන් ශරීරගත කොලෙස්ට්‍රෝල් පාලනය කරගත හැකිය. එමෙන්ම ඉන් රුධිරය ක්‍රමවත්ව පරිවහණය කළ හැකිය.
පිළිකා සඳහා
පිළිකා සෛල මර්දනය කිරීමට භාවිතා කළ හැකි ගුණදායක ඖෂධයක් ලෙස ඉඟුරු හඳුනාගෙන තිබේ එනම් ඉඟුරු නිතර ආහාරයට ගැනීමෙන් ඉඟුරු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශ කර අග්න්‍යාශ පිළිකා ,ආන්ත්‍රික පිළිකා ,පෙනහළු පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.
ආහාර රුචිය සඳහා
ආහාර අරුචිය පවතින අවස්ථාවක ඉඟුරු යොදා සැකසූ තේ පානයක් භාවිතා කිරීම මගින්
ආහාර අරුචිය දුරු කර ආහාර රුචිය වැඩි කර ගත හැකිය. එනම් ඉඟරු මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සිදුකරයි.
මෙවැනි රෝග සුවකිරීමට ඉඟුරු ගුණදායක ඖෂධයක් වුවත් වෙනත් රෝග සඳහා ඖෂධ භාවිතා කරන විට ඉඟරු භාවිතා නොකළ යුතුය. එමෙන්ම මඤ්ඤොක්කා වැනි ආහාර සමග ඉඟරු භාවිතා නොකළ යුතුය.