වයසට ගියත් ඔබේ ඇස් පෙනීම වැඩි කරන ක්‍රම 10 ක්

health tips

භාවිතා නොකරන මාංශ පේශීන් ඉක්මනින් දුර්වල වී යන බව වෛද්‍ය විද්‍යාවේ මූලික පිලිගැනීමකි. අන් සෑම පේශියක් වගේම ඔබේ ඇස් වල පිහිටන මාංශ පේශීන්ට ද මෙය අදාලයි. ඒ නිසාම ඒවා හුරුකරමින් ඇස් වල ක්‍රියාකාරීත්වය වැඩිකරගැනීම සිදුකල යුතුයි. පෙනීම කියන්නේ ඔබ ආරක්ෂා කරගත යුතුම දෙයක්. ඇස් පරිස්සම් කරගන්න සහා පෙනීම දියුණු කරගන්න මේ ක්‍රම 10 අනුගමනය කරන්න.

  • දහවල් කාලයේදී ඇස් වෙහෙසට පත්කීරීමෙන් හැකිතාක් වළකින්න.සෑම පැය 2-3කට වරක් ඔබේ ඇස් පියාගනිමින් මිනිත්තු කිහිපයක් සැහැල්ලු වීමට උත්සාහ කරන්න.
  • රූපයේ සඳහන් වන්නේ ඔබේ ඇස් වලට ලබාදිය හැකි ව්‍යායාම් ක්‍රම 16 කි. දක්වා ඇති අනුපිලිවෙලට දිනපතාම ඔබේ ඇස් වලට මෙම ව්‍යායාම් සිදුකිරීම පුරුද්දක් කරගන්න.
  • ඔබ කණ්නාඩි පලඳින අයෙක් නම්,හැකිතාක් පැලඳ සිටින කාලය අඩුකරගැනීමට කටයුතු කරන්න.නිතරම ඇස් වලින් කණ්නාඩිය ඉවත් කරමින් පලඳින්න.
  • වක්‍රාකාර චලන ආකාරයෙන් ඔබේ ඇස් වලට මෘදු සම්භාහනයක් ලබාදෙන්න. රූපයේ ඇති ආකාරයෙන් 1 සිට 6 දක්වා ලක්ෂ්‍යයන් ඔස්සේ ක්‍රමයෙන් එය සිදුකරන්න. ඔබේ මැදඟිල්ල සහා දබ‍රැඟිල්ල භාවිතයෙන් ඇස් මත තෙරපන්න. එවිට සම්භාහන චලනයන් අතරේදී ඔබට වේදනාවක් රහිත සියුම් පීඩනයක් දැනෙනු ඇත.
  • විවෘත එලිමහනේ ඇවිදීමින් සිටිනවිට ,ඔබේ පාද දෙස හෝ ආසන්න ඉදිරිය දෙස බලනවාට වඩා ඉදිරි දුර දෙස වැඩි අවධානයක් ලබාදීමට උත්සාහ කරන්න.
  • හැකි අවස්ථාවලදී කැරට් යුෂ පානය කරන්න (දිනපතා වුවත් සුදුසුයි). මේ ක්‍රමයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්නනම් ඔලිව් තෙල් බින්දු 2 ක් පමණ කැරට් යුෂ වීදුරුවට එක්කරගන්න, රසයට ඉන් බලපෑමක් ඇති වන්නේ නැහැ වගේම කැරට් වල ඇති හිතකර පෝෂක කොටස්  ඔබේ සිරුරට වඩාත් ඵලදායි ලෙස අවශෝෂණය කරගැනීමට ඔලිව් තෙල් උපකාරීවෙනවා.
  • සවස් කාලයේදි ඔබේ ඇස් වලින් දැවිල්ලක් හෝ අපහසුතාවක් දැනේ නම්, සාමාන්‍ය eyedrops වෙනුවට කෝමාරිකා යුෂ භාවිතා කරන්නත් හැකියි. නමුත්, මෙය සිදුකිරීමට පෙර වෛද්‍ය උපදෙස් විමසීම අනිවාරයෙන් සිදුකරන්න.
  • ඔබේ ඇස් වලට වෙහෙසකර බවක් දැනේ නම් මද උණුසුම් ජලයෙන් ඔබේ ඇස් සෝදාගන්න.
  • නින්දට යාමට අවම පැය 2 කට පෙර පරිගණකයේ,රූපවාහිණියේ හෝ ස්මාර්ට් දුරකථනයේ තිරය දෙස බොහෝ වේලාවක් බලා සිටීමෙන් වළකින්න.
  • ඉන්දියානු “ට්‍රාටකා” ව්‍යායාමය ඔබේ ඇස් වලට ලබාදෙන්න.එමඟින් ඔබේ ඇස් වලටත් ඔබේ මනසටත් හොඳ අවධානයක් පවත්වාගැනීමට උපකාරීවනු ඇත. 
  • විවෘත ස්ථානයක් යම් වස්තුවක් (උදා:ඉටිපන්දමක් වැනි) දෙස මුහුණලා ඉඳගන්න. ඔබේ ඇස් ඒ දෙසට හරවා සම්පූර්ණ අවධානය එය කෙරෙහි ලබාදෙන්න.ඇසිපිය නොගැසීමට හැකිතාක් උත්සාහ කරන්න. ඒ දෙස බලාසිටිමින් එහි විස්තරාත්මක රූපයක් ඔබේ මනසේ හා මතකයේ තැන්පත්කරගැනීමට ඔබ අරමුණු කරගතයුතුයි. ඉන්පසුව, ඔබේ ඇස් වසාගන්න. දැන් ඔබේ ඇහිබැම අතර අවකාශයට අවධානය ලබාදෙමින් වස්තුවේ රූපය හැකිතාක් ඔබේ මතකයේ තබාගැනීමට උත්සාහ ගන්න. මිනිත්තු 10 ක් පමණ මෙය සිදුකරන්න. මේ ව්‍යායාම ප්‍රධාන අරමුණ වන්නේ ඔබේ ඇස් විඩාවට පත්වීමට පෙර යම් දෙයක පැහැදිලි රූපයක් මනසේ තැන්පත් කරගැනීමට උත්සාහ දැරීමයි.