බෙලිමල් වීදුරුවක් පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ
ඈත අතීතයේ සිටම භාවිතා කළ පාන වර්ග අතුරින් වඩාත් ප්‍රචලිත ගුණදායක පානයක් ලෙස බෙලි මල් පානය හඳුනාගත හැකිය. එනම් බෙලි ශාකය ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැක ගත හැකි අතර ඉන්දියාව,බුරුමය වැනි රටවල සුලබව හමුවේ.
එනම් පලතුරක් ලෙස ආහාරයට ගත හැකි බෙලි බහුලව භාවිතා කරනු ලබන්නේ නොයෙක් රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙසය. එනම් ආයුර්වේදයේ බෙලි ශාකය පිළිබඳව බොහෝ කරුණු සඳහන්වේ.
බෙලි ශාකයේ මල්,පොතු,ගැට, මුල් ආදීය තම්බා පානය කළ හැකි අතර එමගින් ශරීරයේ ඇති වන බොහෝ රෝග සමනය කර ගත හැකිය.
එනම් තම රුචිකත්වය මත බෙලි මල් හෝ බෙලි පොතු, ගෙඩි මිටක් පමණ ගෙන වතුර කෝප්ප දෙකක් පමණ දමා හොඳින් තම්බා
කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් ශරීරගත බොහෝ රෝග සුව කර ගත හැකිය.
බෙලි මල් පානයේ ඖෂධීය ගුණ

ශරීරය දාහය දුරු කර ශරීරය සිසිල් කරයි.බොහෝ දෙනෙකුට පවතින ශරීර ගත දාහය සමනය කර ගැනීම සඳහා බෙලිමල් පානය දිනපතා භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් බෙලිමල් පානය කිරීමෙන් දේශගුණික විපර්යාස නිසා හෝ ගනු ලබන ආහාර නිසා ඇති වූ ශරීරගත දාහය දුරු කර ශරීරය සිසිල් කර ගත හැකිය.
පිපාසය සමනය කරයි. උෂ්ණාධික කාල සීමාවන් වල ඇතිවන අසීමාන්තික පිපාසය සමනය කර ගැනීම සඳහා දිනපතා බෙලිමල් වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් ශරීරගත උෂ්ණාධික භාවය සමනය කරගෙන පිපාසය සංසිඳුවා ගත හැකිය.
අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වීම පාලනය කරයි.ලොකු කුඩා සෑම දෙනාටම පාහේ වයස් භේදයකින් තොරව වර්තමානය වන විට පවතින රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනාගත හැකිය. එනම් මෙම රෝගය නිසා ඇතිවන උදරගත දැවිල්ල, බඩ පිපුම ,උදරගත ආමිලිකතාවය සමනය කර ගැනීමට දිනපතා බෙලි මල් වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වේ. එනම් බෙලිමල් මගින් උදරගත ආමිලිකතාවය අඩු කර ගත හැකිය.
සමෙහි පැහැය වර්ධනය කරයි.ආයුර්වේදය තුළ සම පැහැපත් කර ගැනීම සඳහා භාවිතා කරන පානයක් ලෙස බෙලිමල් පානය හැඳින්විය හැකිය. එනම් බෙලිමල් දිනපතා පානය කරන්නේ නම් බෙලි මල් වල අඩංගු විටමින් සී සමෙහි අදුරු පෙනුම ඉවත් කර සම පැහැපත් කිරීම සිදුකරයි. එනම් බෙලිමල් සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට ද උපකාරී වේ.

වමනය බඩ බුරුල්වීම සුවපත් කරයි.හදිසි අවස්ථාවක ඇති වන වමනය, බඩ බුරුල්වීම සුව කර ගැනීම සඳහා ඈත අතීතයේ සිටම බෙලිමල් පානය කිරීමට ලබා දී තිබේ. එනම් එවැනි රෝග තත්ත්වයක් ඇති විට බෙලි මල් වීදුරුවක් පානය කරන්නේ නම් ඉන් මෙම රෝගයන්ට සහනය සලසා ගත හැකිය.
අර්ශස් ,මලබද්ධය සමනය කරයි.පීඩාකාරී මලබද්ධය හෙවත් මලපහ පිටකිරීමට අපහසු වීමේ රෝග තත්වය ඇති වූ විටක එය සුව කර ගැනීමට බෙලි මල් තම්බා පානය කිරීම යෝග්‍ය වේ. එනම් බෙලිමල් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මෙන්ම තන්තු මලබද්ධය සමනය කිරීම සිදුකරයි. එමෙන්ම බෙලි මල් පානය අර්ශස් රෝගීන්ට ද යෝග්‍ය වේ.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති විට එනම් ආහාර ජීර්ණය ක්‍රමවත් සිදු නොවන විට බෙලිමල් පානය කිරීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් කර ගත හැකිය. එමෙන්ම බෙලි මදය ගෙන පොල් කිරි සීනි ලුණු මිශ්‍රකර සකස් කර ගන්නා පානය භාවිතා කිරීම ද මේ සඳහා යෝග්‍ය වේ.
චර්ම රෝග සමනය කරයි.සම මත ඇතිවන නොයෙකුත් රෝග තත්ත්වයන් එනම් දද ,කුෂ්ට සුවකර ගැනීම සඳහා බෙලිමල් පානය කිරීම යෝග්‍ය වේ. එනම් බොහෝ විට මෙම රෝග ඇතිවීමට හේතු වන්නේ ශරීරයේ පවතින උෂ්ණාධික භාවයයි. නමුත් බෙලිමල් පානය කරන්නේ නම් ඉන් ශරීරය සිසිල් වී චර්ම රෝග සමනය වීම සිදුවේ.
මීට අමතරව නොයෙක් රෝග සමනය කිරීමට බෙලි ශාකයෙන් අත් බෙහෙත් සකස් කරගත හැකිය.
ආතරයිටීස් රෝගය සඳහා ඉදුණු බෙලිමද කලං 12ක් සීනි කලං හතරක් පමණට ලුණු මිශ්‍රකර වතුර පත එකකට දියකර පෙරා උදෑසන හිස්බඩට පානය කිරීම.
හෘද රෝගයට අමු බෙලි ගෙඩි ආහාරයට ගැනීම.
හිසරදය සමනය කිරීමට හිසරදය සමනය කිරීමට බෙලි කොළ කොත්තමල්ලි කොළ දෙහි කොළ තම්බා ගත් වතුරෙන් හුමාලය ඇල්ලීම.
මේ ආදී වූ ඖෂධ වර්ග ගණනාවක් පැරණි වෙද පොත් පත්වල සඳහන්වේ. නමුත් දියවැඩියාව,හෘද රෝග ඇති පුද්ගලයින් බෙලිමල් පානය භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.