වර්තමානය වෙද්දි ඇස් පෙනීම දුර්වල වීම කියන ගැටළුව පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක්වෙනවා. විශේෂම කාරණාව වන්නේ අඩු වයසේ දරුවන් බොහෝදෙනෙක් පවා මේ තත්ත්වයට පත්වීමයි. අද වැඩි වශයෙන් තාක්ෂණික උපකරණ සමඟ ගැටීම නිසා ඇස් ආශ්‍රිත අක්ෂි පටක නිසි පරිදි 100% ක් ක්‍රියාත්මක වන්නේ නැහැ. රැකිය ස්ථානයේ දී වගේම නිවසේදීත් අධ්‍යාපනික කටයුතුවලදීත් පරිගණකය, රූපවාහිනීය,ජංගම දුරකථනය දෙස බලා සිටින කාලය ඉතා අධිකයි. ඒ නිසා එකම ස්ථානයක් හෝ දෙයක් දිහා මුළු දවසම බලා සිටීම නිසා ඇස්වල පෙනීමේ දුර්වලතා ඇති වෙන්නට පුළුවන්.ඒ නිසා අපේ ඇස්වල පෙනීම වර්ධනය කරගන්නට ඇස් ආශ්‍රිතව තියෙන පටකවලට යම් ව්‍යායාම් අවශ්‍ය වෙනවා.

සෑම පැය 2 ට වරක් ඇස් වසා ගෙන සුළු විවේකයක් ලබා ගන්න.පරිගණක හෝ දුරකථනය භාවිතයෙන් වැඩ කටයුතුවල නිරත වන අයෙක් අනිවාර්යෙන්ම මේ ආකාරයට ඇස් සඳහා විවේකයක් ලබාදිය යුතුම වෙනවා.
ඇස් සඳහා ව්‍යායාම් කිරීම විනාඩි 2 ක් ඉක්මනින් ඇසිපිය හෙළන්න. එමගින් රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා.
- තත්පර 5 ක් දෑස් තදින් වසාගෙන සිට පසුව පුළුල් ලෙස විවෘත කරන්න. මෙය වාර 10 ක් දිනපතා කිරීම ප්‍රමාණවත්
- උණුසුම් වන තෙක් දෑත් එකිනෙක අතුල්ලා ඒ උණුසුම් දෑතින් දෑස් වසා විනාඩියකට පසු දෑස් විවර කරන්න.
- තත්පර 5 ක් ඇසිපිය තදින් වසන්න. පසුව දෑස් තියුණු ලෙස විවර කරන්න. මෙය 10 ක් පමණ කිරීම ප්‍රමාණවත්
- ඇස් බෝලය සෙමෙන් දක්ෂිණාවර්තව හැරීම් 4 සහ වාමාවර්තව හැරීම් 4 ක් බැගින් කරන්න.
- ඇස වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් ගෙන යමින් වාර 6 ක් පමණ කරන්න.
- කෙලින් සිටගෙන පෑනක් අතට ගෙන එය ඇස් ඉදිරියේ තබා ගන්න. මුලින් පෑන දෙස බලා පසුව තරමක් දුරින් ඇති වස්තුවක් දෙස බලන්න. නැවත පෑන දෙස බලා නැවත දුර ඇති වස්තුවක් දෙස බලන්න. මෙය මාරුවෙන් මාරුවට තුන් වතාවක් පමණ කිරීම ප්‍රමාණවත්.
- පුටුවක ඉදගෙන නාසයේ අග දෙස බලා නැවත ඉදිරිය බලන්න. නැවත නාසය දෙස හා ඉදිරිය බලන්න. මෙය 5 වතාවක් පමණ කළ යුතුයි.
ක්‍රාටක ව්‍යායාමය ඉන්දියානුවන් සිදු කරන එක්තරා යෝගී ක්‍රමයක් වන මෙය ඇස්වල පෙනීම වර්ධනයට වගේම මනසටත් ඉතාම සුදුසුයි. මුලින්ම ඉටිපන්දමක් දල්වා අතේ දුරින් තබා ගන්න. ඔබ භාවනායෝගී ඉරියව්වෙන් වාඩි වී සිටින්න. මෙහි දැල්ල නොසෙල්වී තිබීම හා දැල්ල පපුවේ මට්ටමට උසින් තිබීමත් ඉටි පන්දම අතේ දුරින් පැවතීමත් විශේෂ කාරණාවන්.

ඉටි පන්දම් දැල්ල දෙස ඇසිපිය නොහෙලා මද වේලාවක් බලා සිටින්න.පසුව දෑස් වසා ගෙන ඔබ දුටු ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බය සිතේ මවා ගන්න.මෙය වෙර දරා සිදු නොකර සිතට ඕන ආකාරයෙන් සිදුවීමට ඉඩ හරින්න. මේ ප්‍රතිබිමබය බොඳවීමකින් තොරව සිතින් දකින්න. ප්‍රතිබිම්බය බොඳ වී යද්දි නැවත දෑස් විවර කර ඉටිපන්දම් දැල්ල දෙස ඇසපිය නොගසා බලාසිට දෑස් වසා නැවත ප්‍රතිබිම්බය මෙනෙහි කරන්න.ක්‍රමයෙන් දැල්ල සිතේ තබා ගත හැකි කාලය වැඩි කරන්න. මෙය විනාඩි 10 ක් පමණ දිනකට සිදු කිරීම ප්‍රමාණවත්.
- ඇස් කණ්ණාඩි පලදින අයෙක් වුණත් කණ්ණාඩි පැළද සිටින කාලය අඩු කරන්න. හැකි සෑම අවස්ථාවකම ඇස් කණ්ණාඩි පැළද නොසිටීමට වග බලා ගන්න.
- ගමන් කරන විට ළඟ ඇති වස්තූන් දෙස නොබලා හැකිතාක් දුර ඇති වස්තූන් දෙස බලන්න.
- උණුසුම් ජලයෙන් ඇස් සේදීම
ඇස් මුළු දවස පුරාම විඩාවට පත් වෙනවා. කියවීම, පාඩම් කිරීම, රිය පැදවීම, පරිගණකය දෙස බලා සිටීම ආදිය නිසා ඇස්වලට ඉතා විඩාබර ගතියක් දැනෙන්නට ගන්නවා. මේ වගේ අවස්ථාවක මද උණුසුම් ජලයෙන් ඇස් සේදීම ඉතා හොඳ ක්‍රමයක්.

නින්දට යාමට පැය 2 ට පෙර සිට ඩිජිටල් තිර දෙස බැලීමෙන් වළකින්න.අද අපි බොහෝදෙනෙක් නින්දට යන්නේ ජංගම දුරකථනයත් අතට අරගෙනමයි. සමාජ මාධ්‍යවල සැරිසැරීම, වීඩියෝ පට නැරඹීම ආදිය සිදු කරමින් නින්දට යන්නට බොහෝ අය පුරුදු වෙලා. එහෙම නැත්නම් පරිගණය හෝ රූපවාහිනී තිර දෙස බලා සිට ඒවා ක්‍රියා විරහිත කළ සැණින් නිදා ගන්නට පුරුදුවෙලා. මේ පුරුදු සියල්ලම අපේ ඇස්වල පෙනීම දුර්වල කරන්නට හේතු වෙනවා. ඒ නිසා අඩුම නිදා ගන්නට පැය 2 ට පෙර මේ ඩ්ජිටල් තිර දෙස නොබලා සිටීමයි වැදගත් වන්නේ.
දිනපතා කැරට් යුෂ පානය කිරීම කැරට් යුෂවලට ඔලිව් තෙල් බිංදු කිහිපයක් එකතු කර පානය කිරීම අක්ෂි දෝෂ බොහොමයක් මගහැර පෙනීම වර්ධනය කරනු ලබනවා. ඒ සඳහා කැරට් සතු විටමින් A උපකාරී වනවා.නිවිති, බොකුටු ගෝවා ආදී තද කොළ පැහැ පලා වර්ගත් ඇස්වලට ඉතාම ගුණදායකයි.ඔමේගා ත්‍රී බහුල ආහාර වර්ග නිතර ගැනීම,ඇස් විජලනයට පත් නොවන ආකාරයෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, නොපිසූ රතු ලූණු ආදිය ආහාරයට එකතු කර ගැනීමත් ඇස්වල පෙනීම වර්ධනය කර ගන්නට උපකාරී වෙනවා.