ලිංගික ප්‍රදේශවල රෝම ඉවත් කිරීම අද වෙද්දි බොහෝදෙනා සිදු කරනවා. බොහෝදෙනෙක් මේ කාර්ය එතරම් නොසිතා අවිධිමත් ක්‍රම භාවිතයෙන් පවා සිදු කරනවා. නමුත් එයින් අපේ සෞඛ්‍යයට ඇති කරන භයානක ප්‍රතිඵල පිළිබඳව සැලකිය යුතු දැනුමක් බොහෝ සතුව නැහැ. පර්යේෂකයන් පවසන ආකාරයට වැඩිහිටි පිරිස විශේෂයෙන්ම කාන්තා පිරිමි භේදයකින් තොරව සිදුකරන රෝම ඉවත් කිරීම බරපතල සෞඛ්‍ය අවදානමක් නිර්මාණය කරනවා. එවැනි බරපතල බලපෑම් කිහිපයක් පිළිබඳවයි අද අපි ඔබට කියන්නට යන්නේ.
මේ රෝම මගින් අපේ සමට හිතකර වාසි බොහොමයක්ම පවතිනවා. නමුත් අපිට මේ රහස් ප්‍රදේශයේ රෝම අනවශ්‍ය කරදරයක් ලෙස දැනීම නිසා ඒවා ඉවත් කරන්නට අප පෙළෙබෙනවා. ඒ වගේම එසේ රෝම ඉවත් කිරීම ඒ ප්‍රදේශයේ සනීපාරක්ෂාවට ඉතා හිතකර බවට විශ්වාස කරනවා.නමුත් මේ ලිංගික ප්‍රදේශයේ රෝම ඉතා වැදගත් කාර්යන් කොටසක් ඉටු කරනවා.
- සංසර්ගය අතරතුර ඝර්ෂණය වැළැක්වීම සඳහා ආරක්ෂාවක් ලෙස ක්‍රියා කිරීම නිසා ලිංගික අවයවවලට සිදු වන හානිය වළක්වා ගැනීම.
- ලිංගික අවයවවලට බැක්ටීරියා හා අපද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම.
- රෝම ලිංගික ප්‍රදේශය වියළීමට ලක් කරන නිසා ඊස්ට් ආදී ආසාදන ඇතිවීම වළක්වනවා.
- ලිංගික් ප්‍රදේශයේ දහදිය දැමීම හා ඒවා ඉවතට ගලායාම පාලනය කරන නිසා ඉක්මනින් යට ඇදුම තෙත් වීම වැළකීම.
- ලිංගික ආකර්ෂණයට හෝර්මෝන ශ්‍රාවය කරන ග්‍රන්ථිය ආරක්ෂා කිරීම.
- රහස් ප්‍රදේශයේ උෂ්ණත්වය නිසි පරිදි පවත්වා ගෙන යාමට උපකාරී වීම .
රහස ප්‍රදේශයේ රෝම ඒ අවයවවලට ආරක්ෂාව සැපයීම ඇතුළු හිතකර වාසි බොහොමයක් අත්කරදෙන නිසා ඒවා ඉවත් කළ යුතු ද නැද්ද කියන තීරණය ඔබ සතු විය යුතුයි. ඒ වගේම මේ සඳහා ඔබ භාවිතා කරන ක්‍රමය පිළිබඳවත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. යම් අවස්ථාවක ලිංගික අවයව කැපීම හෝ සීරීම් සිදු වීම වගේම පිරිසිදුකමෙන් අඩු උපකරණ භාවිතයෙන් විශබීජ ආසාදනයන් ආදිය පවා ඇති වන්නට පුළුවන්. එවැනි ආසාදන තත්වයන් සහ හානිකර තත්ත්වයන් කිහිපයක් මෙසේ සඳහන් කරන්නට පුළුවන්.

- කැසීම හා පොපියන්නට ගැනීම.
- ලිංගිකව ව්‍යාප්ත වෙන රෝග වැළදීමේ අවදානම ඉහළ යාම
කාන්තා පුරුෂ දෙපාර්ශවයම සම්පූර්ණයෙන්ම රෝම ඉවත් කර ඇත්නම් හෝ වැක්ස් කර තිබේ නම් එය ලිංගිකව ව්‍යාප්ත වෙන රෝග වැළදීමේ ඉහළ අවදානමක් නිර්මාණය කරන්නට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ගොනෝරියා, ක්ලැමීඩියා ආදී ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවීමේ අවදානම මේ නිසා ඉහළ යන්නට පුළුවන්. ඒ නිසාවෙන් වැක්ස් කිරීමෙන් පසුව ලිංගික සබඳතාවයන් පැවැත්වීම ඉතාමත් අවදානම් බව සිහියේ තබා ගත යුතු වෙනවා.
- රතු හෝ සුදු පැහැ කුඩා බිබිලි ඇතිවී වේදනාවක් ඇතිවීම.
රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම නිසා ඒ ආශ්‍රිතව පීඩාකාරී අපහසුතාවයන් නිර්මාණය වෙනවා. ෆොප්ලිකියුලිටිස් බැක්ටීරියා හෝ දිලීර ආසාදන හේතුවෙන් කේශ කෝෂයන් වටේට රතු හෝ සුදු පැහැයෙන් යුත් කුඩා බිබිලි ඇති වෙනවා. එය අධික වේදනාවක් සහ අපහසුතාවයක් ඇති කරන්නට හේතු වෙනවා.
- විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීම.

ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සම ඉතාමත් සංවේදී නිසා රෝම ඉවත් කිරීමේදී කැපීම් සීරීම් ආදීය සිදු වෙන්නට පුළුවන්. ඒවා පියවි ඇසට නොපෙනෙනා තරමේ කුඩා ඒවා වන්නට පුළුවන්. නමුත් ඒ තුවාල ඉතා පහසුවෙන් ආසාදනයට ලක් වීමෙන් ගැටළු ඇති වෙන්නට පුළුවන්.
ඉතින් රහස් ප්‍රදේශවල රෝම ඉවත් කරන්නේ නම් ඒ සඳහා වඩාත් සුදුසු ආරක්ෂාකාරී ක්‍රමවේදයක් අනුගමනය කිරීමට වග බලා ගන්න. රේසර කිරීම, වැක්ස් කිරීම, ෂේව් කිරීම, ලේසර් කිරීම වගේම ආලේපන භාවිතයෙන් රෝම ඉවත් කිරීම අද බහුතරයක් භාවිතා කරන ක්‍රම අතර වෙනවා. මේ ක්‍රම භාවිතයේදී ඒ ආලේපනවල ආසාත්මිකතා නැද්ද යන්න වගේම භාවිතා කරන උපකරණවල පිරිසිදු බව පිළිබඳවත් දැඩි ලෙස සැලකිලිමත් වෙන්න. රෝම ඉවත් කළ පසු උණු ජලයෙන් ඒ ප්‍රදේශය සේදීමත් පසුව රෝම ඉවත් කළ ස්ථානයට මෘදු මොයිස්චරයිසර් එකක් ආලේප කරන්නත් වග බලා ගැනීමෙන් ගැටළුකාරී තත්වයන්ගෙන් මිදෙන්නට පුළුවන්.