දිනකට මිලිලීටර් 250ක් මේකෙන් භාවිතා කිරීමෙන් හිටපු ගමන් ප්‍රෙෂර් වැඩිවීම පාලනය වෙනවා

health tips

බීට් රූට් වල විද්‍යාත්මක නාමය Beta vulgaris නම් වෙයි. රතු අල ලෙස ද හැඳින්වෙන මෙම බීට් රූට් ගොඩක් දෙනා ප්‍රිය කරන රසවත් වගේම ගුණවත් එළවළුවක්.සිරුරට හිතකර විටමින් හා ඛනිජලවණ පෝෂක ‍රැසක් බීට් රූට් වල අඩංගුයි. බීට් රූට් බොහෝ වෙලාවට සලාද වලට ද එක්කරනවා. වෑංජනයක් ලෙස පිසීමේදී බීට් වල අඩංගු පෝෂණය විනාශ වී යන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා මේ පෝෂණය සිරුරට ලබාගන්න හොඳම ක්‍රමයක් තමයි නැවුම් බීට් රූට් යුෂ පානය කිරීම.බීට් යුෂ පානය කිරීම අපේ සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කරගැනීමට හැකිකරවන පුරුද්දක් ලෙසයි සඳහන් වෙන්නේ.අපි බලමු මේ ප්‍රතිලාභ මොනවාද කියලා!

රුධිර පීඩනය අඩුකරයි බීට් රූට් සුපිරි ආහාර කාණ්ඩයේ එළවළුවක් වීමට ප්‍රධානම හේතුවක් තමයි ඒවායේ රුධිර පීඩනය අඩුකිරීමට ඇති හැකියාව.ඒවගේම හෘද රෝග වර්ධනය වීමේ අවදානම අවම කිරීමද ඒවායේ විශේෂත්වයක්.අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා දිනකට මිලිලීටර් 250ක පමණ බීට් රූට් යුෂ වීදුරුවක් පානය කිරීම බොහෝ ගුණදායීය. 

බීට් වල නයිට්‍රේට ඉහළ මට්ටමකින් යුතුව අඩංගු වෙනවා.යුෂ පානය කිරීමේදි මෙම නයිට්‍රේට රුධිරය සමඟ මිශ්‍ර වෙනවා. එම ක්‍රියාවලියේදි  නව සංයෝගයක් විදියට නයිට්‍රික් ඔක්සයිඩ නිපදවෙනවා.මෙම ප්‍රබල රසායනය මඟින් සංකෝචනය වී ඇති රුධිර නාළ පුළුල් හා ලිහිල් කිරීම සිදුකර රුධිර ගමනාගමනය වඩාත් පහසු කරවයි.මෙය මොළය,හදවත හා පේශී වෙත ඇති රුධිර සැපයුම වැඩිකරවනවා.ඒ වගේම රුධිර පීඩනය සමාන්‍ය අතට පත්කරවනවා.

ශරීර ශක්තිය වැඩිකරවයි ව්‍යායාම කිරීමට පෙර බීට් යුෂ වීදුරුවක් පානය කිරීම සිරුරේ ශක්ති මට්ටම් වැඩිකරවනවා. මේ හරහා පේශී ආතතියට ලක්වීම බොහෝ දුරට පාලනය කරගත හැකියි.සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ඔක්සිජන් ඉතා වැදගත් බව ඔබ දන්නවා. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන විට සිරුර වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙයි.

නමුත් හැකිළුණු රුධිර නාළ හරහා ගමන් කරන්නේ ඔක්සිජන් ප්‍රමාණය ඉතා අඩු රුධිරයයි.බීට් වල අඩංගු නයිට්‍රේට මඟින් රුධිරයේ ඔක්සිජන් ගෙනයාමේ ධාරිතාව ඉහළ නංවනු ලබනවා.ඔබේ මාංශ පේශී හොඳින් ශක්තිමත් වන්නේ මෙසේ ඒවාට හොඳින් රුධිරය සැපයෙන විටයි.කැලරි නොමැති නිසා බර අඩුකරගැනීමට ද සහය දෙන පානයකි.ඒ අනුව බීට් යුෂ පානය දෙවෙනි වන්නේ වතුර වලට පමණයි.

සම දීප්තිමත් කරයි නීරෝගි නිකැලැල් සමකට නම් හොඳ පෝෂණයක් අවශ්‍යමයි. මේක්-අප් සහ ක්‍රීම් වගේ නිෂ්පාදන වලින් සමට ලැබෙන ඔපය ඉතා තාවකාලිකයි. ඒ සඳහා අභ්‍යන්තරයෙන්ම හොඳ පෝෂණයක් ලබාගත යුතුයි.බීට් යුෂ  සිරුර තුළ රුධිර පවිත්‍රකාරක පානයක් ලෙස ක්‍රියාකර රුධිර සංසරණය වැඩිකරවනු ලබනවා. සමට හොඳින් රුධිරය ලැබෙන විට සමේ සවිමත් බව සහ සම ඇතුළතින්ම එන නීරෝගි දීප්තිමත්බව වැඩිවෙනවා. බීට් වල අඩංගු විටමින් C සමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ගුණ ලබාදෙමින් සමේ තරුණ බව ‍රැකදෙනවා. ඒ හරහා අඳුරු කැලැල්,රතු පැල්ලම් සහ මැරුණු සෛල ද ඉවත්වී යයි.

හදවත නීරෝගි කරවයි බීට් යුෂ පානය හෘද සෞඛ්‍යයට හිතකර පානයකි.හෘදයේ රුධිරය පොම්ප කරවන පේශී ශක්තිමත් කරමින් එම ක්‍රියාවලිය සඳහා සහය වෙයි.

ඩිමෙන්ෂියාව පරදයි බීට් යුෂ පානය මඟින් මොළයේ ක්‍රියාකාරීබව හා තරුණබව ආරක්ෂා කරයි.සිරුර වියපත් වන විට පෙර පරිදී සාමාන්‍ය ආකාරයෙන් සිරුර තුළ නයිට්‍රේට නිෂ්පාදනය නොවෙයි.බීට් යුෂ පානය මඟින් සිරුරට අවශ්‍ය එම පෝෂණය යහමින් ලැබෙයි.බීට් යුෂ පානය කිරීමෙන් මොළයේ ලලාට ඛණ්ඩිකාව (frontal lobe) නම් කොටසට ලැබෙන රුධිරය සැපයුම ඉහළ යන බව ඇතැම් අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.

මොළයේ විවිධ කොටස් සිරුරේ විවිධ ක්‍රියාකාරීත්වයන් හා සම්බන්ධයි. ලලාට ඛණ්ඩිකාව පුද්ගලයාගේ මතක ශක්තිය,තීරණ ගැනීම්, ආවේග පාලනය සහ ප්‍රජානන හැකියාවන් පාලනය වන ප්‍රදේශයයි.මොළයේ මෙම කොටසට හොඳින් රුධිරය සැපයෙන විට එම ක්‍රියාකාරීත්වයන් ප්‍රශස්ත මට්ටමකින් සිදුවෙයි.

පිළිකා සෛල නසයි බීට් වල රතු පැහැයට හේතුව ඒවායේ අඩංගු බීටලෙයින්ස් නම් සංඝටකයි. මේවායේ ද්‍රාව්‍ය ප්‍රතිඔක්සිකාරක වෙයි.සිරුරේ පවතින අස්ථායි පිළිකා සෛල විනාශ කර දැමීමට මෙම වර්ණ රසායන වලට හැකියි.ඇතැම් අධ්‍යයන මඟින් බීට් යුෂ පානය පියයුරු පිළිකා, පෙනහළු පිළිකා,බඩවැල් පිළිකා සහ අක්මා පිළිකා වැනි තත්වයන් වර්ධනය වීම් වළක්වාගැනීමට ගුණදායි බව පෙන්වාදෙනවා.

රුධිරය පිරිසිදු කරයි සිරුරේ ඇති විෂ අපද්‍රව්‍ය දුරුකිරීම (විෂහරණය) සඳහා ඉතා ගුණදායි පානයක් ලෙස බීට් යුෂ හැඳින්වෙනවා. එමඟින් සිරුරේ රතු රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය වීම සහ සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සිදුකෙරෙනවා.රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අඩු අය සඳහා නිවසේදීම සකස් කරගත හැකි ඖෂධීය පානයක් ලෙසත් මෙය හඳුන්වන්නට හැකියි.රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට ද බීට් යුෂ පානය කිරීමෙන් හොඳ ගුණයක් ලැබිය හැකියි. 

ගැබිණි කාන්තාවක් නම් දිනකට බීට් යුෂ වීදුරුවක් පමණ පානය කරන්න. බීට් වල අඩංගු ෆෝලේට් මඟින් නොමේරූ දරු උපත් සිදුවීමේ අවදානම අඩු  වීමට සහය දෙයි. කශේරුකාව ආශ්‍රිත රෝග වර්ධනය වීම වළක්වයි.දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට ද බීට් රූට් පානය ඉතා ගුණදායිය.රසය වැඩිකරගැනීම සඳහා බීට් සමඟ කැරට්,සැල්දිරි,ඇපල් හා ලෙමන් වගේ දෙයක් එකතුකරගන්න. ඉන් පානයේ පෝෂණ වටිනාකම තවත් වැඩිකරගත හැකියි.

අජීර්ණ ඇතිවීම වළක්වාගැනීමට ඉඟුරු සහ මින්ට් වගේ අමුද්‍රව්‍ය ද එක්කරගත හැකියි.සියල්ල බ්ලෙන්ඩරයකට දමා වතුර ස්වල්පයක් ද සමඟ මිශ්‍ර කරගන්න. කැමති නම් පානය කරන විට අයිස් කැට කිහිපයක් ද එක්කරගන්න.

බීට් වල අඩංගු මැග්නීසියම්, යකඩ,මැංගනීස්,සෝඩියම්, සින්ක්, තඹ සහ සෙලේනියම් වගේ පෝෂක මඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය , අස්ථි සහ දත් ශක්තිමත් කරවයි.විඩාවට ලක්වූ මාංශ පේශී හා ස්නායු ප්‍රකෘතිමත් වීම සඳහා මේවායේ අඩංගු පොටෑසියම් ගුණ උපකාරී වෙයි.වෙහෙසකාරී දවස අවසානයේ රසවත් බීට් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිරුරේ ගෙවී ගිය ශක්තිය නැවත ලබාගත හැකිවේවි.

අක්මාවේ විෂහරණය කරයි. නීරෝගි බව සඳහා අක්මාවේ නිසි ක්‍රියාකාරීත්වයක් පැවතීම ඉතා වැදගත් වෙනවා.සෞඛ්‍යාරක්ෂිත නොමැති ආහාර පාන පුරුදු නිසා වැඩියෙන් පීඩා විඳින්නේ ඔබේ අක්මාවයි.අක්මාවේ විෂද්‍රව්‍ය එකතුවීම වළක්වාගැනීමට බීට් යුෂ පානය ඉතා ප්‍රයෝජනවත්.

මත්පැන් පානය වැනි පුරුදු හේතුවෙන් අක්මාවේ මේද තැන්පත්වීම (fatty liver disease) වැනි රෝග වර්ධනය වීම වළක්වාගැනීමට මින් හැකිවෙයි.බීට් වල අඩංගු බීටයින් (betaine) අක්මාවේ අතිරික්ත මේද කොටස් ඉවත්කර අක්මාව ප්‍රකෘතිමත් කරවයි.

කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරයි HDL හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩිකිරීමට බීට් යුෂ ගුණදෙයි.මීට හේතුව බීට් වල ෆ්ලැවනොයිඩ වැනි ක්ෂුද්‍රපෝෂක බහුල වීමයි.