ගෑස්ට්‍රයිටීස් සුව කරන බෙලි සතු රෝග සුව කිරීමේ ගුණ 18 ක්

health tips

ආයුර්වේදය තුළ රෝග සමනය කිරීමට බහුලව භාවිතා කරන ඖෂධයක් ලෙස බෙලි ශාකය හැඳින්විය හැකිය. එනම් එක් අතකට  බෙලි රසවත් පලතුරක් ලෙස ආහාරයට එක් කරගත හැකිය. අනෙක් අතට රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස බෙලි භාවිතා කළ හැකිය. එනම් දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කරගත හැකි බෙලි  විදේශීය වශයෙන් ඉන්දියාව බුරුමය වැනි රටවල ද බහුලව දැකගත හැකිවේ. ඈත අතීතයේ සිටම බෙලි මල්, පොතු, මුල් ,බෙලිගැට තම්බා පානය කිරීම සිදු කර තිබේ. එනම් බාල මහළු සෑම දෙනාටම එමගින් නීරෝගී දිවියක් ගත කිරීමට හැකිවී තිබේ. 

එනම් බෙලි මල් මිටක් පමණ ගෙන වතුර කෝප්ප දෙකක් පමණ දමා එකක් වන තුරු හොදින් තම්බාගෙන ඉන් භාගය බැගින් ගෙන කිතුල් හකුරු සමඟ පානය කිරීම මගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

බෙලිවල ඖෂධීය ගුණ 

ගෑස්ට්‍රයිටීස් සමනය කරයි.වර්ථමානය වන විට බොහෝ දෙනෙකුට පවතින ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස බෙලි මල් පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් බෙලි මල් තම්බා පානය කිරීමෙන් බඩ දැවිල්ල හා බඩේ අම්ලිකතාවය ඇතිවීම වළක්වාගත හැකිය. 

ශරීරය සිසිල් කරයි.උෂ්ණාධික ශරීර පවතින පුද්ගලයින්ට නිතර සම ආශ්‍රිතව රෝග ඇති වනු ලැබේ. එම රෝග තත්ත්වයන් සමනය කරගැනීමට පළමුව ශරීරය සිසිල් කර ගත යුතුය. එනම් ශරීරය සිසිල් කර ගැනීමට ආයුර්වේදයේ වැඩි වශයෙන් භාවිතා කරන එක් ඖෂධයක් ලෙස බෙලි හැඳින්විය හැකිය. එනම් බෙලි මල් මිටක් තම්බා දිනපතා පානය කරන්නේ නම් ඉන් ශරීරය සිසිල් කරගත හැකිය. 

සම පැහැපත් කරයි.සම පැහැපත් කර ගැනීමට භාවිතා කළ හැකි ඖෂධීය පානයක් ලෙස බෙලි මල් හැඳින්විය හැකිය. එනම් බෙලිමල් වල අඩංගු විටමින් සී මගින් සමෙහි ඇතිවන කැළැල් රැලි වැටීම් හා අඳුරු ස්වභාවය මඟහරවා සම පැහැපත් කිරීම සිදුකරයි. එනම් තේ වෙනුවට බෙලිමල් වීදුරුවක් පානය කළ හැකි නම් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය. 

වමනය බඩ බුරුල්වීම සමනය කරයි බෙලි මල් පානය කිරීම මගින් වමනය බඩ බුරුල්වීම සමනය කරගත හැකිය.  එනම් ඈත අතීතයේ සිටම මෙය ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් වමනය සහ බඩ බුරුල්වීම ඇති විටෙක බෙලිමල් වීදුරුවක් පානය කිරීම මගින් මෙම රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. 

ආහාර ජීර්ණය පහසු කරවයි.බොහෝ දෙනෙකුට ආහාර ජීර්ණය සිදු නොවීම නිසා විවිධ රෝග තත්ත්වයන් ඇති වනු ලැබේ. එනම් දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට මූලික හේතුව ආහාර ජීර්ණය නොවීමයි. ආහාරය ජීර්ණය නොවන අවස්ථාවන් වල බෙලිමල්  පානය කිරීම මගින් ආහාර ජීර්ණය පහසු කරගත හැකිය. ඊට අමතරව බෙලි මදය ගෙන පොල් කිරි සීනි ලුණු මිශ්‍ර කර සකස් කර ගන්නා පානය භාවිතා කිරීම මගින් ආහාර හොඳින් ජීර්ණය කර ගත හැකිය. 

චර්ම රෝග සුව කරයි.සමෙහි ඇතිවන දද, කුෂ්ට රෝග සමනය කිරීම සඳහා බෙලිමල් පානය කිරීම යෝග්‍යවේ. එනම් මෙම රෝග තත්ත්වයන් සම මත ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ ශරීරයේ අධික උෂ්ණ ස්වභාවයයි. එනම් බෙලිමල් පානය කිරීමෙන් ශරීරය සිසිල් කරගෙන සම මත ඇතිවන චර්ම රෝග සමනය කරගත හැකිය. එනම් ඒ සඳහා බෙලි මල් පොතු තම්බා පානය කිරීම ගුණදායකය. 

මලබද්ධය අර්ශස්  සමනය කරයි.වයස් භේදයකින් තොරව ඇතිවන මල බද්ධය හා අර්ශස් රෝග සමනය කර ගැනීමට  බෙලි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් බෙලි මදය හා යුෂ පානයක් ලෙස භාවිතා කිරීම මගින් මල බද්ධය සමනය කරගත හැකිය. එනම් බෙලි වල අඩංගු තන්තු මේ සඳහා වැඩි දායකත්වයක් සපයනු ලැබේ. 

  • පිපාසය හා දාහය සමනය කරයි.
  • බෙලිමල් යනු දාහය පිපාසය සංසිඳුවා ගැනීමට 
  • භාවිතා කළ හැකි ඖෂධීය පානයකි. එනම් එදිනෙදා වෙහෙස මහන්සි වී වැඩ කරන බොහෝ දෙනෙකුට එම මහන්සිය විඩාව සංසිඳුවා ගැනීමට බෙලිමල් පානය පානය කිරීම වඩාත් ගුණදායකවේ. 
  • බෙලි ශාකයෙන් සකස් කරගත හැකි අත් බෙහෙත්. 
  • හෘද රෝග ඇතිවීම වැළැක්වීමට
  • අමු බෙලි ගෙඩි ආහාරයට ගැනීම ගුණදායකය. 
  • හිසරදය සමනය කිරීමට
  • පීඩාකාරී රෝග තත්ත්වයක් වන හිසරදය සමනය කිරීමට බෙලි කොළ, කොත්තමල්ලි, දෙහි කොළ තම්බා ගත් වතුරෙන් හුමාලය ඇල්ලීම ගුණදායකය. 
  • ආමවාතය හෙවත් ආතරයිටීස් රෝග සමනය කිරීමට
  • ඉදුණු බෙලි මද කලං 12ක් සීනි කලං හතරක් පමණට ලුණු මිශ්‍රකර වතුර පත එකකට දියකර පෙරා උදේ හිස්බඩට පානය කිරීම යෝග්‍ය වේ. 

මේ ආදී වූ බොහෝ රෝග සුව කර ගැනීමට බෙලි පළතුරක් ලෙස ආහාරයට ගැනීම මෙන්ම ඖෂධයක් ලෙස භාවිතා කිරීම ගුණදායකය. නමුදු නිදන්ගත රෝග පවතින්නේ නම් බෙලි ඖෂධයක් ලෙස භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.