අම්ලා හෙවත් නෙල්ලි (Indian gooseberry) යනු ඖෂධීය ගුණයෙන් මෙන්ම පෝෂණ ගුණයෙන් ද අනූන පලතුරක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන බොහෝ ප්‍රතිකාර වල නොවරදින ඖෂධයක් ලෙස නෙල්ලි යොදාගනියි. සුපිරි ආහාර ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන පලතුරක් ලෙසත් නෙල්ලි හඳුන්වන්න පුළුවන්.ඉතා ඉහළ මට්ටමේ විටමින් C ගුණයක් වගේම කැල්සියම්,පොස්පරස් හා යකඩ වගේ ඛනිජ ලවණ වලින් ද නෙල්ලි පොහොසත්. විටමින් E වලින් ද පොහොසත් නිසා සිරුර අකලට වියපත්වීම පාලනය කිරීම හා ප්‍රතිඔක්සිකාරක ගුණ ලබාදෙයි. ද සිරුරට ලැබෙයි. තන්තු ඇති නිසා ජීර්ණ පද්ධතියට ද හිතකරයි
විටෙක ඇඹුල් රසක්, විටෙක තිත්ත රසක් , තවත් විටෙක පැණි රසක් දැනෙන මේ අපූරු ගුණදායි රසවත් පලතුර දිනපතාම ආහාරයට ගත්තොත් ඔබේ සිරුරට අපූරු සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කරගත හැකි බව විද්‍යාත්මක අධ්‍යයන මඟින් පවා පෙන්වාදී තිබෙනවා.
නෙල්ලි වලින් සිරුරට ලැබෙන එවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ගැන දැන් අපි දැනුවත් වෙමු.
බඩපපුව දැවිල්ල සමනය කරයි බඩපපුව දැවිල්ල කියන්නේ ඉතා පීඩාකාරී අත්දැකීමක්. එවැනි අවස්ථා වල අත්බෙහෙතක් ලෙස ඇතැම් අය නෙල්ලි භාවිත කරනවා. අම්ල ප්‍රතිවාහ හෙවත් ආමාශයේ ඇති ආහාර නැවත අන්නස්‍රෝතයට පැමිණීම (උගුරට ඒම) නිසා තමයි මෙම අපහසුතාව ඇතිවන්නේ.බොහෝ විට උගුරේ වේදනාව ද මතුවෙයි. නෙල්ලි අමුවෙන් ආහාරයට ගැනීම හෝ නෙල්ලි මුසු කළ ජලය පානය කිරීම වඩාත් ගුණදායීය. බඩපපුවේ වේදනාව සහ වමනය වැනි ලක්ෂණ සමනය වෙයි.නෙල්ලි සාරය අඩංගු ටැබ්ලට් වැනි සප්ලිමන්ට් වර්ග ද වෙළඳපොලේ තිබෙයි. නමුත් ඒවා භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාසිටීම වඩාත් නුවණට හුරුවේවි.

සම වියපත් වීම පාලනය කරයි වයසට යාම වැළැක්විය නොහැකි වුණත් එය පාලනය කරගැනීමට උත්සහ කළ හැකියි.නෙල්ලි වල ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල නිසා මෙම ගුණය ඔබේ සමට හොඳින් ලැබෙයි.නිතිපතා නෙල්ලි ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන විටමින් C ප්‍රතිඔක්සිකාරක ගුණයේ බලපෑමින් ඔබේ සමට හොඳ ප්‍රතිඵල ලැබෙයි.සමේ සෛල හානිවීමෙන් ආරක්ෂා කිරීමට එම ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකරයි.සමේ සෛල ආරක්ෂා වීමෙන් සම වියපත් වීමේ ක්‍රියාවලිය වඩාත් මන්දගාමී වෙයි.ඊට අමතරව සමේ කොලැජන් බිඳීයාම වළක්වයි. සමේ සවිමත් බව ආරක්ෂා වීමට කොලැජන් ඉතා වැදගත් වේ.එම නිසා සම රැළි වැටීම වළකියි.
හිසකෙස් හැලීයාම පාලනය කරයි බොහෝ දකුණු ආසියාතික රටවල හිසකෙස් හැලීයාමේ ගැටලුවට ප්‍රතිකර්මයක් ලෙස නෙල්ලි ඖෂධයක් ලෙස භාවිත කරයි.නෙල්ලි මඟින් හිසකෙස් හැලීයාමට තුඬු දෙන එන්සයිම ක්‍රියාකාරීත්වය වළක්වන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. ඊට අමතරව ඇස් පෙනීම වර්ධනය වීමට ද නෙල්ලි ගුණදායක බව ඇතැම් පර්යේෂණාත්මක අධ්‍යයන වල සඳහන්.
පිළිකා අවදානම් අවම කිරීමට සහය දෙයි පිළිකා යනු ඔබේ සෞඛ්‍ය තත්වය දැඩි ලෙස පිරිහීමට මූලික විය හැකි රෝග තත්වයකි.නිසි පෝෂණයක් සිරුරට ලබාගැනීම පිළිකා අවදානම් වළක්වාගැනීමට සහය දෙයි.පිළිකා සෛල වර්ධනය වීම හා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නෙල්ලි වල අඩංගු ගුණ සහය දෙයි.ඇතැම් අධ්‍යයන මඟින් නෙල්ලි වල පියයුරු,පෙනහළු හා ඩිම්බ ආශ්‍රිත පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතින බව පෙන්වාදේ.පිළිකානාශක ගුණය සිරුරට ලැබෙන්නේ නෙල්ලි වල ඇති ටැනින්,ෆ්ලැවනොයිඩ වැනි ක්ෂුද්‍ර පෝෂක හා විටමින් C ප්‍රතිඔක්සිකාරක නිසයි. සෛල විකෘති වීමේ අවදානම අවම වීමත් සමඟ පිළිකා ගැටිති වර්ධනය වීමේ ඉඩකඩ ද අඩුවෙයි.
හෘද සෞඛ්‍ය වැඩිදියුණු වේ හදවත සිරුරේ වැදගත්ම අවයවයක් වුවත් එහි නීරෝගි බව ගැන අවධානය යොමුකරන්නේ කීයෙන් කී දෙනා ද?නීරෝගී ජීවිතයකට ඔබේ හෘද සෞඛ්‍ය පිළිබඳ මනා අවධානයක් යොමුකිරීම ඉතා වැදගත්.නෙල්ලි වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ හදවත නීරෝගි කරයි.ඔක්සිකාරක හානි වළකයි. එහි ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර වැඩිදියුණු කරවයි.රුධිර නාළ පටල නීරෝගි කරයි.
ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා හදවතේ ප්‍රදාහය පාලනය කරයි. එමඟින් හෘදයාබාධ ඇතුළු නොයෙකුත් හෘද රෝග වර්ධනය වීමේ ඉඩකඩ අවම කරයි. රුධිර මේද මට්ටම් සාමාන්‍ය අතට පත්කිරීමේ හැකියාව ද නෙල්ලි වල ඇත.නෙල්ලි සප්ලිමන්ට් වර්ග ලබාදීමෙන් පසු බොහෝ පුද්ගලයින්ගේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම් අඩුවීමක් පෙන්නුම් කළ බව ඇතැම් පර්යේෂණ අධ්‍යයන වල සඳහන් වේ. එය හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම ඉහළ යාමට ද හේතුවේ
රුධිර සීනි මට්ටම් පාලනය කරයි සිරුරේ නීරෝගි පැවැත්මට ඔබේ රුධිර සීනි මට්ටම් නියාමනයකින් යුතුව පවත්වාගැනීම ඉතා වැදගත් වේ.රුධිර සීනි මට්ටම් වැඩි අය එම තත්වය පාලනය කරගැනීමට සැළකිලිමත් විය යුතුමයි.නැත්නම් මේ තත්වය දියවැඩියාව දක්වා වැඩිවී වෙනත් රෝගාබාධ අවදානම් ද මතුකළ හැකියි.වකුගඩු හානිවීම,ඇස් පෙනීම නැතිවීයාම වගේ ගැටලු ඊට උදාහරණයි.
ඉන්සියුලින් මඟින් රුධිර සීනි මට්ටම් පාලනය කළ ද වෙනත් සාධක බලපෑමින් වෙම ක්‍රියාවලියට බාධා වී රුධිර සීනි මට්ටම් නොසිතූ ලෙස ඉහළ යාමට පටන්ගත හැකියි.ආහාර පාන හා ඖෂධ මඟින් රුධිර සීනි මට්ටම් පාලනය කරගත හැකියි. එවැනි ආහාරයකට හොඳම උදාහරණයක් ලෙස නෙල්ලි හඳුන්වන්නට හැකියි.නෙල්ලි පලතුරක් ලෙස හෝ කුඩු වශයෙන් භාවිත කළ හැකියි.නෙල්ලි මුසු ජලය පානය කරන්නේ නම් ඊට සීනි එක්නොකරන්න.

අක්මාව සුවපත් කරයි ජීවන රටාවේ වැරදි පුරුදු නිසා ඔබේ අක්මාවට දැඩි ලෙස හානිවෙන්නට ඉඩ තිබෙයි.පරිවෘතීය ක්‍රියාවලින්, අපද්‍රව්‍ය පෙරීම හා ශක්තිය ගබඩාකිරීම වැනි බොහෝ කාර්යන් අක්මාව මඟින් ඉටුකරයි.නුසුදුසු ආහාර පාන පුරුදු හා ඒවායේ අඩංගු වස විස නිසා ඔබේ අක්මාවට හානි ඇතිවිය හැකියි.නෙල්ලි වල ඇති ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණාග මඟින් ඔබේ අක්මා සෛල හානිවීම වළක්වමින් ඒවාට හොඳ ආරක්ෂාවක් සලසයි.
ප්‍රතිශක්තිය වඩවයි සිරුර විෂබීජ ආසාදන,ලෙඩරෝග වලින් ආරක්ෂා කරවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි.එහි ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සිරුරට ලැබිය යුතුයි.නෙල්ලි වල එවැනි ගුණ බහුලයි.නෙල්ලි වල විටමින් C බහුල නිසා එම ප්‍රතිඔක්සිකාරක මඟින් සිරුර නීරෝගී කීරීමට අවශ්‍ය දායකත්වය සපයනු ලබයි.හානිකර මුක්තකණ්ඩ (free radicals) වලින් සිරුරේ සෛල ආරක්ෂා කරයි.එක නෙල්ලි ගෙඩියක දිනකට අවශ්‍ය විටමින් C පෝෂණයෙන් 80%ක් අන්තර්ගත බවයි සඳහන් වෙන්නේ. විෂබීජ මර්දනය කිරීමට සඳහා සිරුර තුළ ප්‍රතිදේහ නිර්මාණය කිරීමට ද නෙල්ලි වල පෝෂණ ගුණ උපකාරී වේ.