බඩේ අජීර්ණය සුව කරන අයුර්වේද පිළියම් 12 ක්

health tips

බඩ පුරවා දමා ඇති ගතියක් සහ බඩේ කැක්කුම් හා අපහසුතාවක් දැනෙනවානම් ඔබ බොහෝ විට අජීර්ණයකින් පෙළෙනවා විය හැකියි. අජීර්ණය යනු ආහාර නොදිරවීමයි (indigestion/Dyspepsia). ආහාර දිරවීමට උපකාර කරන ආමාශයික යුෂ අඩුවීමෙන් අජීර්ණය ඇතිවිය හැක. පිත යනු ආහාර දිරවීමට උපකාර කරන ශ්‍රාවයකි. ආමාශය, අන්නස්‍රෝතය හෝ ග්‍රහණියේ සිට අජීර්ණය හටගත හැකි ය.ඕනම වයසක, ශරීර ප්‍රමාණයක හෝ ස්තීපුරුෂ භේදයක් නැතිව ඕනම කෙනෙකුට ඇතිවිය හැකි අජීර්ණ තත්වය රෝගයක් නොව පහසුවෙන් සුවකළ හැකි රෝග ලක්ෂණයකි.

අජීර්ණය තත්වයක දී ඇතිවිය හැකි ගැටලු ලක්ෂණ

  • උදරයේ සියුම් අපහසුතාවක් දැනීම
  • බඩපපුවේ දැවිල්ල
  • ගෑස්
  • බඩපිපුම
  • රාමතෙල් පිටවීම (‘ගුඩුස්’ පිටවීම)
  • ඔක්කාරය
  • රස වෙනස් වී දැනීම 

බර ආහාර වේලක් ගැනීමෙන් පසු, එහෙමත් නැතිනම් කාංසාව හෝ ආතතියෙන් සිටින අවස්ථාවල මේ ලක්ෂණ මතුකළ හැකියි.ඇතැම් විට අජීර්ණය ඇතිවන්නේ GERD හෙවත් අම්ල ප්‍රතිවාහ (උගුරට එම) හා ආමාශ වණ ආදි යටින් පවතින ජීර්ණ ගැටලු ඉස්මතුකරන රෝග ලක්ෂණයක් ලෙස ද විය හැකියි.

මේ පීඩාකාරී තත්වය දුරුකරගන්නට මුළින්ම ඔබට අත්බෙහෙත් ක්‍රම අනුගමනය කල හැකියි.නමුත් පීඩාව දිගින් දිගටම පවතියි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට අමතක නොකරන්න!

අජීර්ණ ගැටලුවට පිළියම් කල හැකි ක්‍රම කිහිපයක් ගැනයි මේ.

ඉඟුරු ඉඟුරු ආහාර ජීර්ණක යුෂ හා එන්සයිම ස්‍රාවයන් උත්තේජනය කරයි.බඩේ අපහසුතා සමනය කරන හොඳ ඔසුවකි. ඉඟුරු කැබැල්ලක් උණුවතුර කෝප්පයක් විනාඩි 10ක් තම්බාගන්න. ඊට ලෙමන් යුෂ හෝ මී පැණි තේ හැඳි 1/2ක් දමා පානය කරන්න. ඉඟුරු අධිකව ගැනීම ගැස් හා බඩපපුවේ දැවිල්ලට හේතුවිය හැකියි.දිනකට ග්‍රෑම් 3-4කට එය සීමා කරන්න.

හීන් මදුරුතලා හීන් මදුරුතලා වල ක්ෂුද්‍රජීවීනාශක ගුණ බහුලයි. මේවායේ කොළ අමුවෙන් ආහාරයට ගැනීම හෝ තේ පානයක් ලෙස සකසා ගැනීම අජීර්ණයේ අපහසුතා ලක්ෂණ අඩුකරගැනීමට සහය දෙයි.බඩේ අපහසුතා ඇතිවීමට උත්කෝපක සාධකයක් වන ආතතිය අඩුවීමට ද මෙම ශාකය ගුණ දේ.නිතිපතා පරිභෝජනය අජීර්ණය ගැටලු ලක්ෂණ අවම කරයි.

කුරුඳු, කොත්තමල්ලි හා මිංචි ආයුර්වේදයේ කුරුඳු, කොත්තමල්ලි හා මිංචි වැනි ඔසු වාතාපහරණ ගුණ ඇති ඒවා ලෙස සලකයි.බඩ දැඟලීම වැනි අපහසුතා අඩුකරයි.ආමාශයේ වණ ඇතිවීම වළකයි.මේවා ආහාර පාන වලට එක්කරගත හැකියි.

යෝගා‘පවන්මුක්තාසනය’ යන යෝගාසනය අජීර්ණ ලක්ෂණ සමනය කිරීමට උපකාර කරයි.අභ්‍යන්තර අවයව සම්බාහනය කර වාතය දුරුකරයි.ධනුද්‍රාසනය මඟින් ආහාර ජීර්ණ පද්ධතිය වැඩිදියුණු කරයි. මෙම යෝගාසනය මලබද්ධය දුරුකිරීමට ප්‍රතිලාභ දේ.

මහදුරු කුළු බඩු අධික සැර ආහාර ගැනීම නිසා ඇතිවන අජීර්ණයට ප්‍රතිකාර කිරීමට ඉතා ප්‍රයෝජනවත් ය.අජීර්ණය හා ඔක්කාරය වැළැක්වීමට ගුණදෙන වාෂ්පශීලී තෙල් වල ගුණ අඩංගුය. අජීර්ණ ලක්ෂණ ඇත්නම් ආහාර ගැනීමෙන් පසු මහදුරු ඇට අහුරක් ආහාරයට ගන්න.මහදුරු තේ සැකසීමට ඇට ස්වල්පයක් හොඳින් තලා වතුරේ මිනිත්තු 5ක් තම්බාගන්න.

ලෙමන් වතුර පැඟිරි පලතුරු වල ආම්ලික රසය නිසා බඩපපුවේ දැවිල්ල හා උගුරට ඒම වගේ ලක්ෂණ වැඩිවෙන්නට පුළුවන් බව ඔබට සිතෙන්නට පුළුවන්.නමුත් අජීර්ණයකදි ලෙමන් වතුර පානය කිරීම ඊට ඇති හොඳම පිළියමකි.ඊට හේතුව නම් ආමාශයික ආන්ත්‍රික මාර්ගයේදී මේවා ක්ෂාරිය බලපෑමක් ඇතිකරමින් ආමාශය සමනය කර ජීර්ණයට සහය දැක්වීමයි.මේවායේ ආහාර ජීර්ණයට වැදගත් වන විටමින් සී බහුලයි.උණු වතුර කෝප්පයකට පුරවා, එයට නැවුම් ලෙමන් යුෂ මේස හැඳි 1ක් දමාගන්න. කළවම් කර උණුසුම් පිට පානය කරන්න. ලෙමන් වතුර ස්වභාවික මූත්‍රාවර්ධකයකි.

ඇපල් සයිඩර් විනාකිරි ඇපල් සයිඩර් විනාකිරි අජීර්ණය දුරුකරන සරල පිළියමකි. ස්වභාවයෙන් ආම්ලික වුවත් ක්ෂාරීය ගුණ ඇති නිසා අජීර්ණයට ප්‍රතිකාර කිරීමට සහය දෙයි. ආම්ලික වුවත් ආමාශය තුළ ඇති කරන්නේ ක්ෂාරීය බලපෑමකි.ආමාශයික අම්ල නිෂ්පාදනය ප්‍රවර්ධනය කරයි.ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1ක් උණුසුම් හෝ මද උණුසුම් වතුරේ මිශ්‍ර කර පානය කරන්න.අමුවෙන් විනාකිරි පානය නොකළ යුතුයි.ඉන් දත් එනමලය දිරායාම, ඔක්කාරය, උගුරේ දැවිල්ල හා වෙනත් අපහසුතා ඇතිවිය හැකියි.

කහ ප්‍රතිප්‍රදාහක,පැසවීම වළකන හා බැක්ටීරියානාශක ගුණ බහුල වදකහ වල ප්‍රතිඔක්සිකාරක හා ෆයිටොස්ටෙරෝල් වර්ග ද අඩංගුයි.අමුකහ අජීර්ණය, අම්ල ප්‍රතිවාහ,උග්‍ර උද්දීප්‍ය බඩවැල් රෝගය (IBS) ආදි ජීර්ණ රෝග වලට එරෙහිව ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව සඳහන් වේ.අමු කහ කැබල්ලක් වතුරේ තම්බා කහ තේ සකසාගන්න.මී පැණි ස්වල්පයක් එක්කර පානය කරන්න.

අසමෝදගම් ඇට බඩේ ආම්ලිකතාව,වාතය පිරීම (බඩ පිපුම),අජීර්ණය ආදි නොයෙකුත් බඩේ අපහසුතාවන්ට ප්‍රතිකාර කෙරෙන ඔසුවකි.මේවා ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රබෝධමත් කරන සක්‍රීය එන්සයිම වලින් බහුලයි. ගෑස්ට්‍රික් අපහසුතා වලට අසමෝදගම් ඇට කුඩු ද පරිභෝජනය කළ හැකියි.තන්තු, විටමින් හා ඛනිජ ලවණ, ෆෙනොලික් සංඝටක හා ෆයිටොස්ටෙරෝල් බහුල නිසා ආමාශයේ වේදනාව, ගෑස් හා අනෙකුත් අජීර්ණ අපහසුතා දුරුකරවයි.අමු අසමෝදගම් ඇට අහුරක් සපන්න.මේවා උණුවතුරේ මිනිත්තු5ක් තම්බා වතුර පෙරා පානය කරන්න.අධිකව පරිභෝජනය ඔක්කාරය හා බඩපපුවේ දැවිල්ල ඇතිකළ හැකිය

ඖෂධීය තේ බර ආහාර වේලකට පසු හර්බල් ටී එහෙමත් නැතිනම් ඖෂධීය තේ කෝප්පයක් පානය කිරීම අජීර්ණය ඇතිවීම අඩුකරයි. පෙපර්මින්ට් තේ , වැල්මී හා කැමොමයිල් තේ ආමාශය සමනය කරමින් අජීර්ණය දුරුකරවන කදිම ඔසු වේ.. බඩ පෙරළෙන ගතිය අඩුකරමින් ආමාශය සමනය කරයි.ඔක්කාරය දුරුකරයි.ප්‍රදාහය අඩුකරයි.මේවා හොඳ මූත්‍රාවර්ධක ද වේ. මෙම තේ උණුසුම් පිට පානය කිරීම වඩාත් ගුණදායකයි

බේකිං සෝඩා ආමාශයික අම්ල ඉහළ මට්ටමකට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස අජීර්ණය ඇතිවෙයි.බේකිං සෝඩා මෙහිදි ප්‍රත්‍යාම්ලයක් (antacid) ලෙස ක්‍රියාකර ආමාශයේ ආම්ලිකබව උදාසීන කරයි; බඩ පිපුම සමනය කරයි. බේකිං සෝඩා  තේ හැඳි  1 /2ක් වතුර වීදුරු 1/2ක දිය කර පානය කරන්න. අධික ලෙස පානය කිරීමෙන් පාචනය,බඩේ අපහසුතාව, ඔක්කාරය හා වමනය ඇතිවිය හැකියි.