අකලට හිසකෙස් පැසීම නිට්ටාවටම සුව කරන නිල් අවරිය ශාකය

health tips

නූතන ලෝකයේ ප්‍රධාන තැනක්  හිමි වී ඇති ශාක විශේෂයක් ලෙස අවරිය ශාකය පෙන්වාදිය හැකිය. ඊට හේතුව මෙම ශාක පත්‍ර යොදා ගනිමින් ස්වභාවික ඩයි වර්ග නිපදවීමයි. මෙම ශාකය ඉන්දියාවෙන් මුලින්ම සොයාගෙන තිබේ. කෙසේ නමුත් වර්තමානය වන විට ලෝකයේ බොහෝ  රටවල් වල රූපලාවන්‍ය නිෂ්පාදන සැකසීමේදී මෙම ශාකය භාවිතයට ගනී. බහුවාර්ෂික ශාකයක් වන අවරිය මීටර් දෙකක් පමණ උසට වැඩෙන පඳුරුමය ශාකයකි. මෙම ශාකයේ වසර පුරාවටම මල් හට ගන්නා අතර ඖෂධයක් ලෙස ද ප්‍රචලිත වේ. වියළි හෝ මිශ්‍ර දේශගුණික තත්වයන් යටතේ පහසුවෙන් වැඩෙන ශාකයක් ලෙසද අවරිය පෙන්වා පෙන්වාදිය හැකිය. ශ්‍රී ලංකාවේ අතීතයේ බොහෝ අවස්ථාවල දී මෙම අවරිය ශාකය භාවිතයට ගෙන ඇති බව ඓතිහාසික කරුණුවලින් හෙළි වේ. නිදසුන් ලෙස, 

  • විහාර චිත්‍ර කලාවේ වර්ණකයක් ලෙස නිල්අවරිය භාවිතා කර තිබේ. 
  • භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පඬු පෙවීමේදී අවරිය පත්‍ර භාවිතා කර තිබේ. 
  • පස සාරවත් කිරීම සඳහා පුරන් වූ භූමි වලට පොහොරක් ලෙස භාවිතා කර තිබේ. 
  • ඖෂධ තෙල් වර්ණ ගැන්වීම සඳහා නිල් අවරිය පත්‍ර නිස්සාරණය කර භාවිතයට ගනී. ආදී වශයෙන් අවරිය ශාකය භාවිතයන් රැසක් පවතී. 

ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වන අවරිය යොදාගනිමින් ඖෂධ වර්ග රැසක් සකසනු ලබයි. එනම් නීල්‍යාදී තෛලය, නීලි අරිශ්ටය, නීලි ඍතය අවරිය ක්වාතය, අරවින්ද්‍යාසවය යන ඖෂධ පෙන්වා දිය හැකිය. මෙම ශාකයේ ඖෂධීය භාවිතයන් පිළිබඳව පහත පරිදි කරුණු ඉදිරිපත් කළ හැකි ය. 

හිසකෙස් නිරෝගිමත් කරයි. අවරිය ශාකය භාවිත කරමින් කේශාලේපණ සැකසීම වර්තමානයේ ඉතා ජනප්‍රිය වේ. විශේෂයෙන් හිසකෙස් වලට දීප්තිමත් කලු පැහැයක් ලබා ගැනීමට මෙන්ම හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා අවරිය තෙල් වඩාත් යෝග්‍ය වේ. නිල් අවරිය කොළ කොටා වෙන් කර ගන්නා යුෂ වලින් සිද ගන්නා තෙල් ප්‍රභල හිසකෙස් සත්කාරකයකි. 

රතගාය සුව කරයි. අවරිය ශාකයේ කොළ හා කරල් එළෙගි තෙල් වලින් අඹරා පානය කිරීම වඩාත් සුදුසු බව පැරණි වෙද පොත් වල සදහන් වේ. 

පණු අමාරු සුව කරයි. මේ සදහා අවරිය ශාකයේ මල් හා කරල් යොදා ගන්නා අතර ඒවා එලඟි තෙලින් අඹරා පානය කිරීමෙන් පණු රෝග සඳහා සුවයක් සලසා ගත හැකිය. 

මී විස නසයි. මියන් නිසා ඇතිවන විශ ශරීරගත වීමෙන් එම විශ ශරීරයෙන් ඉවත් කිරීම සදහා අවරිය කොළ කලං දොළහක් කසාය කර පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. 

දත් කැක්කුම සුව කරයි. අවරිය මුල් මේ සදහා යෝග්‍ය වන අතර හොදින් පිරිසිදු කරගත් අවරිය මුල් කැබැල්ලක් සපා එම යුෂ ගිලීමෙන් දත් කැක්කුම සුවපත් කරගත හැකි ය. 

මුත්‍රා රෝග සුව කරයි. විශේෂයෙන් මුත්‍රා ගල් හා මුත්‍රා අඩස්සිය සුව කර ගැනිමට අවරිය මුල් එලු කිරි වලින් අඹරා පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. තවද අවරිය කොළ අඹරා බඩේ යට කොටසේ ආලේප කිරීමෙන් මුත්‍රා අඩස්සිය සුව වී පහසුවෙන් මුත්‍රා පිට කිරීමට අවස්ථා උදා වේ. 

කම්මුල් ගාය සුව කරයි. දෙවියන්ගේ ලෙඩක් ලෙස සැලකෙන කම්මුල් ගාය රෝගය සදහා අවරිය කොළ කොටා ඒවා කම්මුල් දෙපස ආලේප කිරීමෙන් සුවයක් සලසා ගත හැකි ය. 

මැලේරියා රෝගය සදහා යෝග්‍ය වේ. විශේෂයෙන් මේ සදහා අවරිය මුල් හා මල් තම්බා එම යුෂ පානය කිරීම වඩාත් සුදුසු වේ. ඉහත දක්වා ඇති ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ වලට අමතරව පහත අකාරයේ සෞඛ්‍ය වටිනාකම් ද අවරිය ශාකයේ පවතී. ඒවා පහත පරිදි පෙන්වාදිය හැකි ය. 

ඉදිමුම් වේදනාවන් සමනය කරයි. සර්ප විශ හා බල්ලන්, පූසන් සපා කෑමෙන් ඇතිවන විශ නසයි. 

  • චර්ම රෝග සුව කරයි. 
  • උදුගොව්වන් කෑම සුව කරයි. 
  • ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා යෝග්‍ය වේ. ආදී වශයෙන් ඖෂධීය වශයෙන් ඉතා වැදගත් ශාකයක් ලෙස අවරිය ශාකය හදුනාගත
  • හැකි ය