මූත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බෝහෝමයක් දෙනා පීඩා විදින රෝගී තත්වයක් ලෙස මූත්‍ර දැවිල්ල හදුනා ගත හැකිය. මෙය ඉතාමත් අපහසු වේදනා ගෙන දෙන රෝගයක් වන අතර මූත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන යම් ආසාදනයක් හේතුකොට ගෙන මෙම රෝගය ඇති වනු ලැබේ. මෙලෙස විෂ බීජ ආසාදනයට අමතරව වෙනත් හේතූ නිසාද මූත්‍ර දැවිල්ල ඇති වේ.
- ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම.
- අධික දැවිල්ල සහ තෙල් සහිත ආහාර ගැනීම.
- ක්ෂණික ආහාර වලට වැඩි වශයෙන් යොමු වීම.
- ශරීරයට නිසි පරිදි පෝෂණය නොලැබී යාම.
- වැරදි ජීවන පුරුදු .
- දිගු වේලාවක් අව්වේ වැඩ කිරීම නිසා මූත්‍රා පෙරී යාම නැවතීම නිසා වැඩි වශයෙන් ජලය දහඩිය ලෙස පිට කිරීම.
යනාදී හේතූ ද මුත්‍ර දැවිල්ල ඇති වනු ලැබේ. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතරව නිවසේදීම මේ සදහා ස්වභාවික ප්‍රතිකාර කළ හැකිය.

ප්‍රමාණවත් පරිදි ජලය වැඩි වශයෙන් පානය කිරීම.මූත්‍ර දැවිල්ල මෙන්ම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගන්නට ජලය පානය කිරීම වඩාත් සුදුසුවේ. එනම් පුද්ගලයෙක් සාමාන්‍යයෙන් දිනකට අවම වශයෙන් ජලය ලීටර් හතරක්වත් පානය කළ යුතුය . ජලය වැඩිපුර පානය කිරීමෙන් මූත්‍ර දැවිල්ල සුවපත් කරගත හැකිය.
උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකීම.අප ගනු ලබන විවිධ ආහාර වර්ග නිසාද ශරීරයේ උෂ්ණත්වය වැඩි වී මූත්‍ර දැවිල්ල ඇතිවනු ලැබේ. එනම් ඉස්සන් , දැල්ලන් , අන්නාසි , බලමාළු ,අච්චාරු වැනි ආහාර වර්ග ගැනීමේදී පාලනයකින් යුතුව ආහාරයට ගත යුතුය. එමගින් මූත්‍ර දැවිල්ල වැනි රෝග ඇති වීම වළක්වා ගත හැකිය.
ජලය බහුලව අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම.මූත්‍ර දැවිල්ල සුවපත් කර ගැනීම සදහා ජලය බහුලව අඩංගු ආහාර වර්ග භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් පිපිඤ්ඤා,කැකිරි ,රාබු වැනි ජලය බහුලව අන්තර්ගත ආහාර ගැනීම මේ සදහා වඩාත් ගුණදායක වේ.
ඇග සිසිල් කරන ඔසු පැන් පානය කිරීම.මූත්‍ර දැවිල්ල සදහා සකසා ගෙන පානය කරන ඔසු පැන් ඕනෑ තරම් පවතී. නිවසේදී මෙම ඔසු පැන් සකසා පානය කිරීමෙන් මූත්‍ර දැවිල්ල සදහා බොහෝ සහනයක් ලබා ගත හැකිය. නීරමූල්ලිය,පොල්පලා ,ඉරමුසු , කැඳ,සාරණ මුල් ආදී ඔසු පැන් පානය කිරීම ඉතා ගුණදායක වේ. තැඹිලි ,බාර්ලි මෙන්ම ,වැල් පෙනළ කොළ කොටා යුෂ ගෙන කැඳ සකස් කර පානය කිරීම ද ඉතාමත් ගුණදායක වේ. මූත්‍ර දැවිල්ල සෑදුන විට බෝහෝමයක් දෙනා පොල්පලා තම්බා පානය කිරීම සිදු කරනු ලබයි.
මූත්‍ර දැවිල්ල සදහා අත් බෙහෙත්.
මූත්‍ර දැවිල්ල සමනය කර ගැනීම සදහා අපට භාවිත කළ හැකි අත් බෙහෙත් වර්ග රැසක් පවතී. එමගින් අපට මූත්‍ර දැවිල්ල සමනය කර ගෙන සහනයක් ලබා ගත හැකිය.
- තැඹිලි ගෙඩියක් සිදුරු කර එයට සුදු හදුන් අරළු කුඩු සාමාන ප්‍රමාණයන්ගෙන් යොදා තැඹිලි ගෙඩියට දමා මිශ්‍ර කර රාත්‍රියේ තබා පසු දින උදෑසන පෙරා පානය කරන්න. මෙම ඖෂධීය පානය මසකට වරක් භාවිත කිරීම වඩාත් උචිත වේ.

- දෙහි ගෙඩි දෙකක් පමණ ගෙන ඒවායේ යුෂ ගෙන ඒවාට සීනි සහ ජලය එක් කර රසවත් පානයක් සකසාගෙන දින තුනක් පමණ නොකඩවා පානය කිරීමෙන් මූත්‍ර දැවිල්ල සමනය කර ගත හැකිය.
- හොඳින් තම්බා ගත් කොත්තමල්ලි වතුරට සීනි ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න.
- පොල්පලා හා අක්කපාන සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් තම්බා එම ජලය පානය කරන්න.
- තුඹ කරවිල නැටි, සූදුරු , කොත්තමල්ලි , සමන් පිච්ච මල් සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන තුඹ කරවිල නැටි හා කොත්තමල්ලි තලා එයට සූදුරු සහ පොඩිකරගත් සමන් පිච්ච මල් වතුර කෝප්පයකට දමා රැයක් තබා පසුදින උදෑසන පානය කරන්න.
- පොල්පලා ,සැවැන්දරා මුල්,රසකිඳ ,සුදු හදුන් ,ඉගනිය ඇට සියල්ල එකට කොටා තැඹිලි ගෙඩියක දමා රාත්‍රි කාලයේ තබා පසු දින උදෑසන පානය කරන්න.
- අළු පුහුල් වැල් කොටා මිරිකා ලබා ගත් යුෂ වලට සීනි සහ ගිතෙල් එකතු කර උදෑසන සහ සවස පානය කරන්න.
- බෙලි ගෙඩියක් හොඳින් තම්බා ගෙන එම ජලය පානය කරන්න.
- තැඹිලි ගෙඩියක් කපා එයට රාබු පෙති කිහිපයක් කපා දමා රාත්‍රි කාලයේ තබා උදෑසන රාබු පෙති පොඩිකර තැඹිලි වතුර සමග පානය කරන්න.
- ඉදුණු සියඹලා කරල් කිහිපයක් ගෙන හොඳින් ජලයේ දියකර එයට සීනි ස්වල්පයක් එක්කර පානය කරන්න.

- රත්මල් ,අරළු ,වදමල් තම්බා ගත් ජලය මූත්‍රා දැවිල්ල සදහා පානය කරන්න.
- කුරුදු හා උළුහාල් කුඩු කර තැඹිලි වතුරට දමා විනාඩි 20ක් පමණ ගියපසු පානය කරන්න.
- මුරුංගා පොතු හොඳින් කෂාය කර එයට සහිද ලුණු එක්කර පානය කරන්න.
- රතු ළූණූ ගෙඩි දෙකක් පමණ ගෙන සිහින්ව කපා ගන්න. රතු ලූණු ස්වල්පය වතුර වීදුරුවක් ගෙන එයට එක් කරන්න . පසුව එයට ගම්මිරිස් කුඩු තේ හැන්දක් පමණ එක් කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න.
මේ ආකාරයට නොයෙකුත් අත් බෙහෙත් මූත්‍ර දැවිල්ල සුවපත් කර ගැනීම සදහා අපට නිවසේදී භාවිත කළ හැකිය. මෙම අත් බෙහෙත් භාවිතයේදී කුඩා දරුවන්ට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමකින් තොරව ඒවා ලබා නොදිය යුතුය. මූත්‍ර දැවිල්ල පවතින ඕනෑම අයෙකුට මෙම අත් බෙහෙත් භාවිත කළ හැකිය. නමුත් නිතර නිතරම රෝගී තත්වයක් වශයෙන් මූත්‍ර දැවිල්ල පවතින පුද්ගලයන් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර සදහා යොමු වීම අත්‍යාවශ්‍ය වේ.