කරදරකාර ඉන්නන් යනු වර්තමානය වන විට ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙපක්ෂයටම පවතින චර්ම රෝග තත්ත්වයකි. එනම් H.P.V හෙවත් Human Papilloma virus නිසා සම මතුපිට ස්ථරය තුළ කුඩා ගැටිති හටගනු ලැබේ. එම ගැටිති ඉන්නන් ලෙස හඳුන්වන අතර මෙම වෛරසය ඇතිවීමට මුලික වන්නේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීමයි.
සම මත තැනින් තැන ඇති වන මෙම තත්ත්වය බාහිර සුන්දරත්වයට වැඩි බලපෑමක් එල්ල කරන අතර බොහෝ දෙනෙකු මානසික වශයෙන් පීඩා විඳී.

මේ සඳහා ඈත අතීතයේ සිටම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පැවතුන අතර වර්තමානය වන විට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද බොහෝමයක් පවතී.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හෙවත් දේශීය සත්කාර සිදු කිරීම මගින් මෙම ඉන්නන් ඉවත් කරගත හැකිය.
එවැනි සත්කාර අතර
කැකුලු හාල් පිටි සත්කාරය
කැකුලු හාල් පිටි ස්වල්පයක් සහ විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර පේස්ට් එකක් සකසා ගෙන ඉන්නන් ඇති ස්ථානය මත ආලේප කර වෙළුම් පටියකින් ආවරණය කර තැබීම මගින් ඉන්නන් ඉවත් කර ගත හැකිය. මෙය සතියක් පමණ එක දිගට සිදු කළ යුතුය.
සුදුලූනු සත්කාරය
සුදුලූනු බික් කීපයක් ගෙන හොඳින් අඹරා ඉන්නන් ඇති ස්ථානවල සති කිහිපයක් ආලේප කර ප්ලාස්ටරයක් මගින් ආවරණය කර තැබීමෙන් ඉන්නන් ඉවත් කර ගත හැකිය.
උදුපියලිය යුෂ සත්කාරය
උදුපියලිය කොළ මිටක් සහ
සුදුලූනු ගෙඩි දෙකක් ගෙන හොදින් අඹරා පේස්ට් එකක් ලෙස සකස් කර ඉන්නන් ඇති ස්ථාන මත දින තුනක් පමණ ආලේප කිරීම.

කෙසෙල් ලෙලි සත්කාරය
කෙසෙල් ලෙල්ලක් ගෙන ඉන්නන් ඇති තැන් හොඳින් ආවරණය කර ප්ලාස්ටරයක් දැමිය යුතුය. මෙම සත්කාරය සති දෙකක් රාත්‍රියේ නින්දට පෙර එකදිගට සිදු කිරීමෙන් ඉන්නන් ඉවත් කර ගත හැකිය.

ලෙමන් යුෂ සත්කාරය
ලෙමන් යුෂ ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් ගෙන හොඳින් මිශ්‍ර කර ඉන්නන් ඇති ස්ථානවල පමණක් ආලේප කර පැලැස්තරයකින් ආවරණය කිරීම. අවට සම ආරක්ෂා කර ගැනීමට වැස්ලින් ස්වල්පයක් ආලේප කිරීම සිදු කළ යුතුය. මෙම සත්කාරය දිනපතා සති කිහිපයක් සිදු කිරීම මගින් එම ඉන්නන් ඉවත් කර ගත හැකිය.
රතුලූනු සත්කාරය
රතුලූනු ගෙඩියක් සහ විට කෑමට ගන්නා හුණු ස්වල්පයක් ගෙන මිශ්‍ර කර ඉන්නන් මත දින කිහිපයක් ආලේප කිරීම.
ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ගෙන කපු පුළුන් කැබැල්ලකට දමා ඉන්නන් ඇති ස්ථානවල දින කිහිපයක් ආලේප කිරීම මගින් ඉන්නන් ඉවත් කර ගත හැකිය.
විනාකිරි සත්කාරය
විනාකිරි ස්වල්පයක් ගෙන පුළුන් කැබැල්ලක තවරා ඉන්නන් ඇති ස්ථානවල ආලේප කර ප්ලාස්ටරයකින් ආවරණය කර තැබීමෙන් ඉන්නන් ඉවත් කර ගත හැකිය. දින කිහිපයක් මෙම සත්කාරය කළ යුතුය.
අන්නාසි යුෂ සත්කාරය
අන්නාසි යුෂ ස්වල්පයක් සහ
මේස ලුණු ස්වල්පයක් ගෙන මිශ්‍ර කර ඉන්නන් ඇති ස්ථානවල ආලේප කර සම්බාහනය කිරීම.
එළගිතෙල් සත්කාරය
එළඟිතෙල් ස්වල්පයක් ගෙන ඉන්නන් ඇති ස්ථානවල ආලේප කර දිනකට දෙවරක් සම්බාහනය කිරීම. මගින් ඉන්නන් ඉවත් කර ගත හැකිය.
මේ ආදී වශයෙන් ප්‍රතිකාරයක් සති කිහිපයක් සිදුකර ප්‍රතිඵල නොලැබෙන්නේ නම් තවත් ප්‍රතිකාරයක් අත්හදා බැලිය හැකිය. එම අතරතුර ඉන්නන් ස්පර්ශ කිරීමෙන්, කැඩීමෙන් වැළකිය යුතුය.