කැලරි, විටමින් වර්ග, ෆෝලේට්, මැග්නීසියම්, කැල්සියම් හා යකඩ යන ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු අළු කෙසෙල් යනු ඕනෑම ගෙවත්තක ඉතා පහසුවෙන් වගා කරගත හැකි කෙසෙල් වර්ගයකි. කෙසෙල් වර්ග බොහොමයක් ඇති නමුත් එළවළුවක් ලෙස ආහාරයට ගත හැක්කේ අළු කෙසෙල් පමණි. එනම් ව්‍යංජනයක් ආකාරයට මෙන්ම අලු කෙසෙල් පෙති බැද සලාදයක් ආකාරයට ,ඩෙවල් එකක් ලෙස වුවද සකස් කර ආහාරයට ගත හැකිය.
අලු කෙසෙල් ව්‍යාංජනයඅලු කෙසෙල් ගෙඩි වල පිට පොත්ත ඉවත් කර හොඳින් සෝදා පෙති ආකාරයට කපා එයට රතු ලූනු , සුදු ලූනු, කහ, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, උම්බලකඩ ස්වල්පයක්, රම්පෙ හා කරපිංචා, රස අනුව ලුණු එක්කර දියකිරි මුසුකර මදගින්නේ හොඳින් තම්බාගන්න. ඉන් අනතුරුව අලු කෙසෙල් කැබලි කිහිපයක් ඇතිලිය තුළම පොඩිකර ඊට මිටිකිරි දමා හොඳින් තැම්බුණු පසු ලිපෙන් ඉවත් කර කබලේ බැදගත් මිරිස් හොඳින් පොඩිකර ව්‍යංජනයට එක් කර එය තවත් රසවත් කර ගත හැකිය.අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් අත් කර ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ

ආහාර ජීරණය ක්‍රමවත් කර මල බද්ධය සමනය කරයි.අලු කෙසෙල් ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ඒවායෙහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය සමනය කරනු ලැබේ. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් පිරිසිදු කර එහි ඇති විෂ ඉවත් කිරීමට අලු කෙසෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
අර්ශස් සමනය කරයි.බොහෝ දෙනකු පීඩා විඳින අර්ශස් රෝගය සමනය කිරීම සඳහා අළු කෙසෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් අළු කෙසෙල් වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර අර්ශස් රෝගය සමනය කරනු ලැබේ. මේ සඳහා සතියකට දෙවතාවක් පමණ අලු කෙසෙල් ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
අමාශගත රෝග සමනය කරයි.ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන ආමාශගත රෝග එනම් ආමාශයේ ඇති වන්නා වූ දැවිල්ල, වේදනාව, බඩ පුරවා දැමීම, බඩේ අජීර්ණ හා පණු රෝග සමනය කිරීමට අලු කෙසෙල් සතියකට එක් වතාවක් පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුව කරයි.පෙණහලු ආසාදන, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන හා කැස්ස තත්ත්වයන් ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සදහා අලු කෙසෙල් වඩාත් ගුණදායකවේ.
මුත්‍රා රෝග සමනය කරයි.මුත්‍රා රෝග අතර ප්‍රධාන රෝගයක් වන මුත්‍රා ගල් දියකර හැරීම සඳහා අළුකෙසෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
ආහාර රුචිය වැඩි කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන ආහාර අරුචිය සමනය කර ආහාර රුචිය වර්ධනය කරගැනීම සඳහා අළුකෙසෙල් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් උණ වැනි රෝග තත්ත්වයන් නිසා ඇති වූ ආහාර අරුචිය සමනය කරගත හැකිය. මේ සඳහා අලු කෙසෙල් ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

කොලෙස්ට්‍රෝල් පාලනය කරයි.බොහෝ රෝග වලට අතවනන කොලොස්ට්‍රෝල් පාලනය කිරීම සඳහා අලු කෙසෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් අළු කෙසෙල් වල අඩංගු තන්තු සහ ප්‍රතිඔක්සිකාරක ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කර අනවශ්‍ය මේදය දහනය කරයි. එනම් මේ සඳහා අලු කෙසෙල් ව්‍යංජනය ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
සමට ගුණදායකවේ.අලුකෙසෙල් ආහාරයට එක්කර ගැනීමෙන් මිනිස් සිරුරේ විශාලතම බාහිර ඉන්ද්‍රිය වන සම නිරෝගිමත් කරගත හැකිය. එමෙන්ම සම ආශ්‍රිත ව ඇති වන්නා වූ කැසීම්, තුවාල වීම් ආදී ආසාත්මිකතා සඳහාද අලු කෙසෙල් ගුණදායක වේ.
රුධිරය වර්ධනය කරයි.ශරීරයට අවශ්‍ය රුධිරය හීන වූ විට විවිධ රෝග තත්ත්වයන් ඇති වනු ලැබේ. එම රෝග සමනය කර ගැනීමට සහ රුධිරය වර්ධනය කර ගැනීමට අළු කෙසෙල් ආහාරයට
ගැනීම යෝග්‍ය වේ. එනම් අලු කෙසෙල් වල අඩංගු යකඩ රුධිරය වර්ධනය කර රක්තහීනතාවය වැනි රෝග තත්ත්වයන් සමනය කිරීම සිදුකරයි.එමෙන්ම
- සිරුරේ ජල තුලිතතාවය ඇති කිරීම සඳහා
- ස්මරණ ශක්තිය වැඩීම සඳහා
- ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා
- කනේ වේදනාවන් සුව කිරීම සඳහා
- ඔසප් වේදනාවන් දුරු කිරීම සඳහා
- ස්නායූ පද්ධතියේ කාර්යක්ෂමතාවය සඳහා
හදවත් රෝග සඳහා මෙවැනි රෝග ගණනාවක් සුව කිරීම සඳහා අලු කෙසෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුත් දිනපතා අලු කෙසෙල් ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවන අතර අසාත්මිකතා ඇතිවිය හැකි අවස්ථාවන්ද රැසක් පවතී.
- වකුගඩු රෝග
- සමේ ආසාත්මිකතා
- මුඛය අවට සුලු ඉදිමුම්
- වමනය හෝ ඔක්කාරය
ඇතිවිය හැකිය. මේ නිසා එවැනි රෝග පිළිබදව සැලකිලිමත් වෙමින් අලු කෙසෙල් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.