ගුදයේ කැසිල්ල ඇති කරන කිරි පණු අමාරුව හැදීගෙන එන විට කර යුතු දේවල් 12 ක්

health tips

ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ විශේෂයෙන්ම බඩවැල් වල බිත්ති වල ජීවත්වන පරපෝෂීන් විශේෂයක් තමයි බඩවැල් පණුවන් ලෙස හඳුන්වන්නේ.බඩවැල් තුළ ජීවත් වන පණුවන් වර්ග ගණනාවක් සිටිය ද ඒ අතරින් වඩාත් බරපතල පණුවන් වර්ග වන්නේ  කිරි පණුවන්, කස පණුවන්,කොකු පණුවන් හා වට පණුවන් යන විශේෂයි.

පණු රෝග කියන්නේ බාල මහළු කාටත් ඇතිවිය හැකි රෝග තත්වයක්. පණුවන්ගේ ස්වභාවය අනුව පුද්ගලයා තුළ මතුකෙරෙන රෝග ලක්ෂණ විවිඪ වේ.උදර වේදනාව, බඩේ ගෑස් ගතිය,අතීසාරය, පාචනය, මුඛ දුර්ගන්ධය, නිතර බඩගිනි දැනීම, අවිවේකි නින්ද, ගුදය අවට කැසිල්ල, රක්තහීනතාව, අප්‍රාණිකබව, බර අඩුවීම, නිතර හිසරදයන් ඇතිවීම, උණ, ඔක්කාරය, කකුල් වල වේදනාව හා පෝෂණ ආබාධ ඇතිවීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

දින කිහිපයක් අඛණ්ඩව නිර්දේශිත ප්‍රතිකාර ගැනීමෙන් මෙම පණු රෝග තත්වය පහසුවෙන් සුව කරගත හැකියි.එම නිසා රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට සැලකිලිමත්වන්න.මේ අතරේදී පණු රෝග ලක්ෂණ දුරුකරගැනීම සඳහා සරල හා ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි පහත දැක්වෙන්නේ.

පැපොල් ඇට පැපොල් ඇට පණුවන් වැනි පරපෝෂිතයින් විනාශ කරදමයි.පැපොල් ඇට වල පොලිෆෙනෝල් සහ ෆ්ලැවනොයිඩ වැනි සංඝටක බහුලයි.තන්තු ද බහුල නිසා ජීර්ණ පද්ධතියේ නීරෝගිකම වැඩිකරයි.රුධිර පීඩනය මෙන්ම කොලෙස්ටරෝල් ද අඩුකරයි.පැපොල් ඇට වලට ආසාදන වලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව පවතියි.ඇතැම් දිලීර හා පරපෝෂිතයින් වර්ග විනාශ කරයි.වියළි පැපොල් ඇට සමඟ මී පැණි ආහාරයට ගැනීම ඇතැම් රටවල භාවිත වන ප්‍රතිකර්මයක්.

වතුරෙන් සෝදා අව්වේ වේලාගත් පැපොල් ඇට කුඩුකරගන්න. ඉන් තේ හැඳි බාගයක් වතුර වීදුරුවක දිය කර පානය කරන්න.ගැබිණි කාන්තාවන් පැපොල් ඇට ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.පැපොල් ඇට අධිකව පරිභෝජනය කිරීම වඳබව හා සිරුරේ සෛල වලට විෂ බලපෑම් ඇතිකළ හැකි බව සඳහන්.

වට්ටක්කා ඇට බඩවැල් වල හිතකර බැක්ටීරියාවන්ට හානියක් නොවන සේ බඩවැල් පරපෝෂිතයින් දුරුකිරීමේ හැකියාව වට්ටක්කා ඇට වල අඩංගුයි.විටමින් K, පොස්ෆරස්,මැග්නීසියම්,යකඩ,සින්ක් හා තඹ බහුලයි.ඒවායේ අඩංගු කියුකර්බිටෑසින් සංඝටක මඟින් පරපෝෂීන් විනාශ කර දමයි.පණුවන් අඩපන වී යයි.බඩවැල් බිත්ති වල තවදුරටත් ඇලවී සිටීමට නොහැකි නිසා පහසුවෙන්ම සිරුරෙන් බැහැර වී යයි.තන්තු බහුල නිසා දියවැඩියාව, ස්ථූලතාව, හෘද රෝග අවදානම් ද බොහෝ දුරට මගහරවාගත හැකියි.ඇට යෝගට් හෝ එළවළු සලාදයක් සමඟ ආහාරයට ගත හැකියි.නැත්නම් උණු වතුරට ඇට ටික දමා මිනිත්තු 20ක් පමණ තම්බාගන්න. සෑම පැය 2කට වරක් මෙම වතුර අවුන්ස 4ක් පමණ පානය කරන්න.මෙය පණු රෝග වලට හොඳ ප්‍රතිකර්මයකි.

ආහාර පාන ගැනීමේදී මේ දේවල් ගැන සැළකිලිමත්වන්න

  • ක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර වීම සඳහා තන්තු බහුල ආහාර පාන ලබාගන්න.
  • ප්‍රසාදිත හා සැකසුම් ක්‍රියාවලීන්ට ලක්කළ ආහාර වලින් වළකින්න.
  • පෝෂණ ගුණයෙන් බහුල ආහාර පාන ලබාගන්න.
  • මත්පැන් හා කෝපි පානයෙන් වළකින්න.
  • සුදුලූනු,මී පැණි, පැපොල්  සහ වට්ටක්කා ඇට වැනි පරපෝෂී නාශක ගුණ ඇති ආහාර පාන ලබාගන්න.කැරට් සහ තක්කාලි වැනි ආහාර ද ගුණදායකයි.විටමින් C සහ B විටමින් අඩංගු ආහාර පාන ද ලබාගන්න.
  • යෝගට් වැනි ප්‍රෝබයෝටික් හිතකර බැක්ටීරියා බහුල ආහාර ගුණදායකයි.
  • අමු හෝ අඩුවෙන් පිසින ලද මස් , මාලු  සහ බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • විවෘත ස්ථාන වලින් ජලය පානය නොකරන්න. උණු කර නිවාගත් හෝ පිරිපහදු කළ ජලය පානයට ගන්න.
  • එළවළු පලතුරු ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදන්න.අපිරිසිදු ජලය ඇති තැන් වල ගැවසීමෙන් වළකින්න.
  • දිගින් දිගටම බඩේ අපහසුතා අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ලබාගන්න.