මහ බඩවැලේ විෂ ඉවත් කරගන්නට භාවිතා කළ හැකි ස්වාභාවික ක්‍රම 7 ක්

health tips

අපේ ශරීරයේ විවිධ කාර්යන් සඳහා විවිධ වූ පද්ධති පවතිනවා. ඒ අතුරින් ඉතා වැදගත් පද්ධතියක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ. අප ගනු ලබන ආහාර ජීර්ණය කරමින් අවශ්‍ය පෝෂක ශරීරයට ලබා දෙන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතිය මගින්. මේ පද්ධතියේ වඩා වැදගත් මෙහෙවරක් ඉටු කරන කොටසක් තමයි මහ අන්ත්‍රය හෙවත් මහ බඩවැල කියන්නේ. මහ බඩවැල මීටර 1.5 ක් පමණ  දිගකින් යුක්ත වෙනවා. එය උණ්ඩුකයෙන් පටන් ගෙන ගුද මාර්ගයෙන් අවසන් වෙනවා.

අපේ ශරීරයේ මහා අන්ත්‍රය නැත්නම් මහ බඩවැල සතු කාර්යබාරයන් කිහිපයකම පවතිනවා.ඒ අතරින් ජීර්ණය අවසන් වුණු ආහාර කොටස් තවදුරටත් ජීර්ණය කර ඒ ආහාර කොටස් (මලපහ ) ගබඩා කර තබා ගනු ලබනවා. ජලය , ලුණු සහ ඇතැම් පෝෂ්‍ය පදාර්ථයන්  ශරීරයට උරා ගෙන ඉවත් කිරීමත්, මුත්‍රා පිටාරයේ ඇති කොළ පැහැ බිත්ති ආවරණය කිරීමත් එමගින් සිදු වෙනවා. ඒ වගේම ශරීරයට හිතකර බැක්ටීරියා මිලියන ගණනක් ජීවත් වන ස්ථානයත් ආවරණය කරනු ලබනවා. ඉතින් මහබඩවැලේ අපවිත්‍ර බව හේතුවෙන් ඇතිවන ගැටළු නිසා පාචනය, මල බද්ධය, අමිල පිත්ත රෝගය ආදී බොහෝ රෝග තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්.ඒ නිසා මහ බඩවැල නීරෝගීව පැවතීම සිරුරේ නීරෝගී පැවැත්මට අතිශයින්ම වැදගත්. අපේ ශරීරයේ අනෙකුත් අංගයන් වගේම මහ බඩවැලේ පවිත්‍රතාවය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු වෙනවා. මහ බැඩවැලේ ඇති විෂ ඉතාම පහසුවෙන් ඉවත් කර එය පිරිසිදු කර ගන්නට හැකි ක්‍රමවේද කිහිපයක් පිළිබඳවයි අද අපි ඔබට කියන්නේ.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම-ජලය කියන්නේ අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම සෑම සෛලයකටම අත්‍යවශ්‍යම දෙයක්. ජලය නිසි පරිදි නොලැබීම අපිව ලෙඩ රෝග බොහොමයක් කරා ගෙනයාමට හේතු වෙනවා. වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙන්නේ දිනකට වතුර වීදුරු 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවටයි. නමුත් අද බොහෝදෙනා ගත කරන කාර්යබහුල ජීවිතය තුළ ජලය පානය කරන්නට බොහෝ අයට වේලාවක් නැහැ. නිතර ජලය පානයෙන් නිතර මුත්‍ර පිට කිරීමට අවශ්‍ය වන නිසා ජලය පානය සීමා කරන්නට උත්සාහ කරනවා. නමුත් මහ බඩවැල් පිරිසිදු කරන්නට එහි විෂ අපද්‍රව්‍ය ඉවත් කරන්නට ජලය නිසි පරිදි ශරීරයට ලැබිය යුතු වෙනවා.

ලුණු වතුර කෝප්පයක් පානය කිරීම වතුර වීදුරුවකට ලුණු මේස හැදි 2 ක් දමා මිශ්‍රකර උදෑසන හිස්බඩ වගේම රාත්‍රී  පානය කිරීම මගින් මල බද්ධය ආදී ගැටළු මගහරවා ගන්නට පුළුවන්. එය මහ බඩවැලේ පිරිසිදු බවට වගේම ලෙඩ රෝගවලින් ආරක්ෂාවටත් බෙහෙවින් උපකාරී වෙනවා.

තන්තු බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම තන්තු බහුල ආහාර මහ බඩවැලේ විෂ ඉවත් කර එහි පිරිසිදුභාවය සහ නීරෝගීභාවයට උපකාර කරනවා. කෙසෙල්, දොඩම්,ඇපල්, අඹ, ස්ට්‍රෝබෙරි ආදී පලතුරු වගේම කැරට්, බීට්, බ්‍රෝකෝලි, නිවිති, වට්ටක්කා, අර්තාපල්, ආදී එළවලු සහ ආමන්ඩ්, සූරියකාන්ත බීජ ආදී ඇට වර්ගත්  තන්තු බහුල ආහාර ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. මේ තන්තු බහුල ආහාර අක්‍රීය බඩවැලවල්වල පවතින බැක්ටීරියා විශේෂ පාලනය කරමින් බඩවැල් ආශ්‍රිත ගැටළු ඇතිවීම වළක්වනවා.

යුෂ වර්ග ලබා ගැනීම පලතුරු යුෂ ලෙස සකස් පානය කිරීම ශරීරයේ නීරෝගී පැවැත්මට ඉතාම වැදගත් බව ඔබ දන්නවා. එය සමේ පැහැය වර්ධනය කර ගන්නට වගේම මහ බඩවැල පිරිසිදු කර ගන්නටත් මේ පලතුරු යුෂ අපිට වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලෙමන් යුෂ සහ ඇපල් යුෂ බඩවැල් පිරිසිදු කිරීමට ඉතා සුදුසුම පානයන් ලෙසයි සලකන්න්නේ. ඒ වගේම පලතුරක් නොවන කෝමාරිකා යුෂ දිනපතා උදෑසන පානය කිරීමත් මහ බඩවැලේ විෂ ඉවත් කර පිරිසිදු කර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත සියලුම ලෙඩ රෝගවලින් ද ඔබව ආරක්ෂා කරනු ලබනවා.

ප්‍රෝබයෝටෙක්ස් අඩංගු ආහාර ලබා ගැනීම ප්‍රෝබයෝටික්ස් බහුල ආහාර ලෙස කිරි, යෝගට්,තක්කාලි, ඇස්පරකස්, ලූණු, කෙසෙල්, සුදු ලූණු සහ ඕට්ස් ආදිය දක්වන්නට පුළුවන්. මේ ආහාර ගැනීමෙන් මහ බඩවැලේ ආම්ලිකතාවය ඉවත් කරනු ලබනවා. ඒ වගේම බඩවැලේ ඇති හිතකර බැක්ටීරියා ද පෝෂණය කරන්නට මේ ප්‍රෝබයෝටෙක්ස් කියන තන්තු වර්ගය අත්‍යවශ්‍ය වෙනවා.

ඔසු තේ තේ කියන්නේ ලෝකයේ සෑම රටකම වඩාත්ම ජනප්‍රිය බහුලවම භාවිතා කරන පානයක්. තේ හැරුණාම වෙනත් ඖෂධීය පානයන් ගැනීම තුළින් ශරීරයට අති විශාල ප්‍රතිලාභයන් ගණනාවක් ලබා ගන්නට පුළුවන්. නිවසේදී ඉතා පහසුවෙන් සකසා ගන්නට හැකි වෙනත් ඖෂධීය පානයන් මගින් මහ බඩවැලේ විෂ ඉවත් කරගන්නටත් එහි නීරෝගී පැවැත්මටත් බෙහෙවින් උපකාරී වෙනවා.විශේෂයෙන්ම ඉඟුරු තේ, සුදු ළූණු හා ගම්මිරිස් යොදා සැකසූ තේ, හරිත තේ ආදී තේ පානයන් මහ බඩවැලට ගමන් කරනු ලබන බැක්ටීරියා මර්දනය කරමින් එහි නීරෝගීභාවය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරනු ලබනවා.

යෝගා ව්‍යායාම්වල නිරත වීම බඩවැල ආශ්‍රිතව ඇතිවන බොහෝ රෝගවලට හේතුවන බඩවැලේ පිරිසිදු බව කෙරෙහි අපි අවධානය යොමු කිරීම ඉතා අවම වුණත් ඒ පිළිබඳව සැලකිලිමත්වීම නීරෝගී ජීවිතයකට අතිශයින්ම වැදගත්. ඒ නිසා ඔබත් මේ ක්‍රමවේද අනුගමනය කරමින් බඩවැල් ආශ්‍රිත රෝග වළක්වා ගන්න.