මිනිස් සිරුරේ ජීවය හා ක්‍රියාකාරීත්වය සඳහා මූලිකවම වැදගත් වන දෙයක් තමයි රතු රුධිර සෛල කියන්නේ. මේවා එරිත්‍රොසයිට ලෙස ද හඳුන්වයි.සිරුරේ ඇති සෛල අතරින් වඩාත් වැදගත්ම කාර්යබාරය කරන්නේ රතු රුධිර සෛලයි.එනම් පෙනහළු වල සිට සිරුරේ අනෙකුත් පටක,සෛල හා මාංස පේශී වෙත ඔක්සිජන් ප්‍රවාහය කිරීමයි.
ඒ අනුව, ඔබේ රතු රුධිර සෛල වල යම් ගැටලුවක් පවතියි නම් ඒ මත රඳාපතින ඔබේ සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සමස්ත සිරුරම ඉන් බලපෑමකට ලක්වෙයි.ඇනිමියා හෙවත් නිරක්තිය (ලේ අඩුකම/රක්තහීනතාව) තත්වයෙන් පෙළෙන රෝගියෙකුට ඇතිවනේ ද මෙම තත්වයමයි.නිරක්තිය යනු සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මට්ටමට වඩා රුධිර මට්ටම් වල පවතින හිමොග්ලොබින් හෝ රතු රුධිර සෛල මට්ටම අඩුවීම හෝ පහතබැසීම නිසා ඇතිවන තත්වයකි. මෙය ඔනෑම වයසකදි ඇතිවිය හැකියි. මෙම තත්වයෙන් පෙළෙන පුද්ගලයෙකුට බොහෝවිට තෙහෙට්‍ටුව,අප්‍රාණිකබව, අධික මහන්සිය, හිසරදය,පපුවේ වේදනාව, ඉස කරකැවිල්ල හා තෝන්තු ගතිය,අත් කකුල් අධික ලෙස සීතල වීම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.
යකඩ ඌනතා නිරක්තිය (iron deficiency anaemia) වඩාත් බහුල ප්‍රභේදයයි.රතු රුධිර සෛල නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂක ප්‍රමාණවත් ලෙස නොගැනිම නිසා ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට නිරක්තිය රෝගය ඇතිවිය හැකිය.යකඩ, ප්‍රෝටීන්, ෆෝලේට්, විටමින් A,C හා B සංකීර්ණය හා තඹ එම පෝෂක අතර වේ.ඔබ නිරක්තියෙන් පෙළෙන අයෙක් නම් බොහෝ විට ඔබේ වෛද්‍යවරයා විසින් ඔබට යකඩ පෝෂක හා හිමොග්ලොබින් වර්ධක ඖෂධ නියම කර ඇති.
සිරුරට හොඳ පෝෂණයක් ලැබෙන අතරේ ඔබේ සිරුරේ රතු රුධිර සෛල මට්ටම යථා තත්වයට පත්කරගැනීමට, නිරක්තිය සුවපත් කරගැනීමට උපකාරී වන ගුණදායි ආහාර පාන කිහිපයක් පහත දැක්වේ.

මී පැණි-දිනපතා උදෑසන මද උණුසුම් වතුරට ලෙමන් යුෂ හා මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර හිස්බඩ පානය කිරීමට පුරුදුවන්න. මී පැණි වල යකඩ,තඹ ,මැංගනීස් ද ලෙමන් වල විටමින් C වැනි පෝෂක ද අඩංගුයි.ඇපල් සහ කෙසෙල් වැනි පලතුරු වර්ග සමඟ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගැනීම ද හොඳ ක්‍රමයකි.
බීට් රූට්-බීට් රූට් වල යකඩ,ෆෝලේට්, තන්තු, විටමින් හා පොටෑසියම් හා කැල්සියම් වැනි ඛනිජ වර්ග අඩංගුයි.ප්‍රතිඔක්සිකාර ද බහුල නිසා සිරුර විෂහරණය කර රුධිර සංසරණය වැඩිදියුණු කරයි.රතු රුධිර සෛල මට්ටම් ඉහළ දමයි.සිරුර පුරා ඒවායේ සංචලතාව වැඩිකරයි.
බිට් යුෂ පානයක් ලෙස සකසා පානය කළ හැකියි. පොතු ඉවත්කරගත් බීට් අලය ප්‍රෙෂර් කුකර් එකට දමා වතුර කෝප්පයක් එක්කරන්න.ඊටම හකුරු ස්වල්පයක් දමා තම්බාගන්න.එහි වතුර වීදුරුවකට පෙරා ලෙමන් ගෙඩි බාගයක යුෂ එකතු කර පානයට ගන්න.මෙය සිරුරෙ හිමොග්ලොබින් හා රතු රුධිර සෛල මට්ටම් වැඩිකරවයි.සීනි සාන්ද්‍රණය වැඩි විය හැකි නිසා දියවැඩියා රෝගීන්ට හා ඒ අවදානම ඇති අයට සුදුසු නැත.
නිවිති-හිමොග්ලොබින් මට්ටම් වැඩිකිරීමට හැකි පෝෂක වලින් පොහොසත්ම ප්‍රභවයක් ලෙස කොළ පැහැති එළවළු හඳුන්වයි. ඒ අතරින් මුල් තැනක් ගන්නේ නිවිතිය. මේවායේ යකඩ, ෆෝලේට්, විටමින් B12 හා ඔක්සලේට් නම් ජෛවක්‍රියාකාරී සංයෝග අඩංගුය.නැවුම් නිවිති කොළ හොඳින් සෝදා ආහාර සැකසීමට යොදාගන්න.
නැවුම් කොළ කෝප්ප එකක් හුමාලයේ තම්බා ලුණු හා ගම්මිරිස් සමඟ ආහාරයට ගත හැකියි.සුප් හා ස්මූති වලට ද එක්කළ හැකියි.ළපටි කොළ සලාද වලට එක්කළ හැකියි. තවද ලෙමන් හෝ දෙහි යුෂ එක්කර යුෂ පානයක් ලෙස සකසා පානය කළ හැකියි.
රට ඉඳි සහ මුද්දරස්පලම්-රට ඉඳි වල යකඩ, කැල්සියම්, පොටෑසියම් ,සින්ක්, මැග්නීසියම් හා ෆෝලේට් වැනි පෝෂක බහුලයි.එමෙන්ම විටමින් A සහ K වැනි පෝෂක ද ඇත.මුද්දරස්පලම් වල ද යකඩ හා විටමින් C ඉතා බහුලව අඩංගුයි.මෙම පෝෂක පුද්ගලයාගේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවමින් යකඩ උරාගැනීමේ හැකියාව ද ප්‍රවර්ධනය කරයි.උදෑසන ආහාර වේලට හෝ අතුරුආහාරයක් (ස්නැක් එකක්) ලෙස මේවා ආහාරයට ගන්න.
දෙළුම්-යකඩ, ෆෝලේට්, පොටෑසියම්,තන්තු,විටමින් A,C හා E වලින් පොහොසත් දෙළුම් ස්වභාවිකව ඔබේ හිමොග්ලොබින් මට්ටම් වැඩිකරවයි.ඇස්කෝර්බික් අම්ල බහුල නිසා සිරුරට හොඳින් යකඩ අවශෝෂණය වීමටත්, හිමොග්ලොබින් මට්ටම් වැඩිකිරීමටත් සහය දෙයි.
නැවුම් පලතුර ආහාරයට ගන්න. වියළි දෙළුම් ඇට කුඩු මේස හැඳි 2ක් කිරි වීදුරුවක මිශ්‍ර කර දිනකට දෙවරක් පානය කරන්න.
තල ඇට-කලු තල ඇට වල යකඩ, තඹ,සින්ක්, B සංකීර්ණයේ විටමින් වර්ග හා විටමින් E මෙන්ම ෆෝලේට් ද අඩංගුයි.තල ඇට හා තල තෙල් ඉතා හිමොග්ලොබින් වැඩිකරගැනීමට ඉතා ගුණදායක බව සඳහන්.කබලේ බැදගත් තල ඇට ආහාරයට ගන්න.
නට් සහ ඇට වර්ග-නට් හා ඇට වර්ග වල ප්‍රතිඔක්සිකාරක, යකඩ, ෆෝලේට්, තන්තු, ප්‍රෝටීන්, විටමින් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වර්ග අඩංගුය.ප්‍රතිශක්තිය වඩවන අතර හිමොග්ලොබින් මට්ටම් වැඩිකරයි.රටකජු,තල ඇට, ආමන්ඩ්,වොල්නට්, කජු, වට්ටක්කා ඇට නිරක්තියට ගුණදායකයි.අමුවෙන් හෝ කබලේ බැද ආහාරයට ගන්න. ලුණු,සීනි හෝ චොකලට් එක්නොකරන්න.

බිත්තර-බිත්තර වල ප්‍රෝටීන්, ෆෝලේට්,යකඩ, කැල්සියම් හා වෙනත් පෝෂක බහුලය. වැඩි පෝෂණයක් ඇත්තේ බිත්තර කහ මද වලය.සම්පූර්ණ බිත්තරයක් ආහාරයට ගැනීමෙන් මේ සියලු පෝෂණය සිරුරට ලබාගත හැකියි.
තැම්බූ බිත්තර වඩාත් පහසු මෙන්ම නිරක්තියට ගුණ ක්‍රමයයි.ලුණු වතුරේ මිනිත්තු 8ක් පමණ බිත්තර තම්බාගන්න. සිසිල් වීමට තබා කටු ඉවත්කර ලුණු හා ගම්මිරිස් සහිතව/රහිතව ආහාරයට ගන්න.
රනිල බෝග-කඩල,බෝංචි,මුං,සෝයා පරිප්පු වගේ රනිල බෝග වල යකඩ,ප්‍රෝටීන්, විටමින්, ප්‍රතිඔක්සිකාරක හා ඛනිජ ලවණ බහුලයි.මෙම ශාකමය ආහාර හිමොග්ලොබින් මට්ටම් වැඩිදියුණු විමට අවශ්‍ය පෝෂණය සිරුරට ලබාදේ.පැයක් දෙකක් වතුරේ පෙඟෙන්නට තබා වතුර, ලුණු හා කහ දමා තම්බාගන්න. ඔබ සත්ත්ව ප්‍රෝටීන ලබානොගන්නේ නම් දිනකට කෝප්ප දෙකක් වත් මේවායින් වර්ගයක් ආහාරයට ගන්න.
තඹ බඳුනක වතුර පුරවා පුරා රැයක් තබා පසුදා ඒවා පානයට ගන්න.ආයුර්වේදයට අනුව මේ පුරුද්ද මඟින් සිරුරේ ස්වභාවික ඛනිජ ලවණ මට්ටම් ප්‍රකෘතිමත් වීමට මෙන්ම යකඩ මට්ටම් නීරෝගීව පවත්වාගැනීමට ප්‍රතිලාභ දේ.සිරුරට යකඩ අවශෝෂණය වීම වැඩිකරයි.එමඟින් නිරක්ති අවදානම පාලනය කරයි.යකඩ බඳුන් වල ආහාර පිසීම ද මේ ආකාරයෙන් ම සිරුරට ප්‍රතිලාභ දෙන බව සඳහන්.