හිස්කබලේ කැසීම සමනය කිරීම සඳහා ස්වභාවික පිළියම් 11 ක්

health tips

කාන්තාවන්ගේ සුන්දරත්වයේ රහසක් ලෙස නිරෝගී හිසකෙස් පැවතීම අත්‍යවශ්‍ය වේ. එවැනි අවශ්‍යතාවක් පවතින විට හිස් කබලේ ඇතිවන කැසීම් ඉතා කරදරකාරී වේ. මෙවැනි තත්ත්වයකින් පීඩා විඳින පුද්ගලයින් සමාජය ඉදිරියේ වුවද අපහසුතාවයට පත්වන අවස්ථා බොහෝය. එමෙන්ම තැන නොතැන නොබලා හිස් කබල කසන්නට ගත්විට බලා සිටින පුද්ගලයින්ට ද අප්‍රසන්න හැඟීමක් ඇති වේ. මෙම ගැටලුව පුද්ගලයාගේ පෞර්ෂත්වය බිඳ දමන්නට පවා හේතුවේ.

මෙසේ ඇතිවන හිස් කබලේ කැසීම සඳහා බලපාන ලද හේතු කීපයක්ම පවතී.
හිස්සොරි පැවතීම,උකුණන් සිටීම සහ හිස් කබල අහිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනය ආදිය පෙන්වා දිය හැකිය.

හිස් කබලේ කැසීම් වළකාගත හැකි රසායනික ක්‍රම වෙත නොගොස් ස්වභාවික ක්‍රමෝපායන් අනුගමනය කිරීම වඩාත් වැදගත් වේ. එමගින් හිස් කබලේ නිරෝගී භාවය මෙන්ම හිසකෙස් වල පවතින නිරෝගීභාවය ද ආරක්ෂා වේ.

හිස්සොරි නිසාවෙන් ඇතිවන හිස් කබලේ කැසීම් මැලසීසියා නම් යීස්ට් වර්ධනය නිසා ඇතිවේ. මෙම හිස්සොරි ඉවත් කර ගැනීම සඳහා බොහෝ පුද්ගලයින් සිදුකරනු ලබන්නේ anti dandruff shampoo වර්ග භාවිත කිරීමයි. ඊට අමතරව සිදු කළ හැකි ස්වභාවික ක්‍රම කිහිපයක්ම හදුනාගත හැකිය.

ටී ත්‍රී ඔයිල් භාවිතය.තේ ශාකයෙන් ලබා ගන්නා තෙල්වල දිලීර නාශක ගුණය පවතින අතර ඉතා පහසුවෙන් හිස්සොරි ඉවත් කර ගැනීම සඳහා ද දායක වේ. මෙම තෙල් අඩංගු හිස කෙස් පිරිසුදු කාරකයකින් මාසයක් පමණ හිසකෙස් පිරිසිදු කළහොත් හිස්සොරි ඉවත් වී හිස් කබලෙහි කැසීම් ද සමනය කරගත හැකිය. මේ සඳහා එදිනෙදා හිසකෙස් පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කරන ෂැම්පු එකට tea tree oil හැන්දක් පමණ මිශ්‍ර කර භාවිතයට  ගැනීම මගින් ද ඉහත ප්‍රතිඵල අත්පත් කරගත හැකිය.

යුකැලිප්ටස් තෙල් භාවිතය Cineol නම් රසායනික සංඝටකය යුකැලිප්ටස් තෙල් වල අන්තර්ගත වන අතර හිස්සොරි වර්ධනය වීමට බලපාන ක්ෂුද්‍ර ජීවීන් මර්දනය කිරීමට එම සංඝටකය දායක වේ. යුකැලිප්ටස් තෙල් බිංදු දහයක් පමණ සාමාන්‍ය භාවිතා කරන ෂැම්පූ එකට මිශ්‍රකර භාවිතයට ගැනීම මගින් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය. මෙම මිශ්‍රණය හිසෙහි ගල්වා හොඳින් සම්බාහනය කර හිස් කබලෙහි ක්‍රියාත්මක වීම සඳහා විනාඩි කීපයක්  තිබෙන්නට හැර සෝදා හැරීම සිදු කළ යුතුය. ඒ අනුව මෙමගින් හිස් කබලෙහි ඇතිවන කැසීම් වළකාගත හැකිය.

කොහොඹ සත්කාරය කොහොඹ කොළවලින් ලබාගන්නා සාරය හිස්සොරි වර්ධනය කිරීමට දායක වන දිලීර වලට එරෙහිව ක්‍රයාත්මක වෙයි. හිස සේදීමට ප්‍රථමව කොහොඹ කොළ කිහිපයක් තම්බාගත් ජලය සිසිල් කර එමගින් හිසකෙස් සේදීම කළ යුතුය. ඊට අමතරව භාවිතා කරන ෂැම්පූ එකට කොහොඹ තෙල් බිංදු කීපයක් මිශ්‍රකර භාවිත කිරීම මගින් ද හිස්සොරි නිසා ඇතිවන හිස් කබලේ කැසීම් වළකාගත හැකිය.

මී පැණි සත්කාරය.මී පැණිවල පවතින දිලීර නාශක ගුණය හා ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් පහසුවෙන් හිස්සොරි ඉවත් කරගත හැකිය. එය භාවිතා කළ යුතු ආකාරය වන්නේ ස්නානය කිරීමට පැය තුනකට පමණ පෙර මී පැණි බින්දු කිහිපයක් හිසෙහි ගල්වා හොඳින් සම්බාහනය කර මද උණුසුම් ජලයෙන් සෝදා හැරීමයි. මෙම සත්කාරය සිදු කිරීමෙන් හිස් කබලෙහි හිස්සොරි සහ හිස් කබල කැසීම යන තත්ත්වයන් දෙකම සුවකර ගත හැකිය.

Psoriasis යනු දිගුකාලීන සමේ ආබාධයක් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස රතු පැහැති සමෙහි කැසීම සහ රිදී පැහැති කොරපොතු ඇතිවීමභ
සිදුවේ.  දණහිස්, වැලමිට, අත්ල, පිටුපසට, මුහුණට සහ පාදවලටද මෙම සමේ රෝගය බලපායි. මෙම රෝගය ඇතිවීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ දුර්වලතා බලපානු ලබයි. මෙම සමේ රෝගය නිසාවෙන් ඇතිවන හිස් කබලේ කැසීම් සමනය කර ගැනීම සඳහා පහත සත්කාර වෙත යොමුවිය හැකිය.

කෝමාරිකා සත්කාරය කෝමාරිකා තුළ පවතින මොයිස්චරයිසින් ගුණය සහ මනස සන්සුන් කිරීමේ ගුණය නිසාවෙන් සමේ රෝග පහසුවෙන් සුව කරගත හැකිය. කෝමරිකා ජෙලි ස්වල්පයක් හිස් කබලේ හොඳින් ආලේප කර සම්බාහනය කළ යුතු අතර එය විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හැරිය යුතුය.

කහ සත්කාරය curcumin නම් සංයෝගය කහ තුළ අන්තර්ගත වේ. එම සංයෝගයේ බලපෑම නිසාවෙන් සමේ රෝග රැසක් සුවකර ගත හැකිය. කහ කුඩු ස්වල්පයක් ජලය සමග මිශ්‍ර කර තලපයක් සාදා දිනකට තුන් වරක් හිස් කබලෙහි ආලේප කර මද වේලාවකට පසු සෝදා හැරිය යුතු ය.

උකුණන් නිසා හිස කැසීම සිදු වන අතර මිනිස් රුධිරයෙන් උකුණන් පෝෂණය වේ. බොහෝවිට උකුණන් බෝ වීම සිදුවනු ලබන්නේ පුද්ගලයා උකුණන් සිටින සමීපතමයෙකු ආශ්‍රය කිරීමෙන් වේ. හිස හා සම්බන්ධ වන පෞද්ගලික දේවල් බෙදාහදා ගැනීම මගින්ද උකුණන් බෝ වන අතර ඉන් අත්මිදීම සඳහා බොහෝ රසායනික ද්‍රව්‍ය තිබේ. ඒවා භාවිතය හිස් කබලට එතරම් සුදුසු නොවේ. එබැවින් ස්වභාවික ක්‍රම වෙත යොමුවීම වැදගත්වේ.

උකුණන් සඳහා පනාවක් භාවිත කිරීම.වියලුනු හිසකෙස් හෝ conditionar කරන ලද හිස කෙස් මෙම පනාවෙන් පිරීම මගින් උකුණන් ඉවත් කරගත හැකිය. විශේෂයෙන් මෙහිදී  කන්ඩිෂනර් කරනලද හිසකෙස්වල උකුනන්ට චලනය වීම අපහසු බැවින් ඉතා පහසුවෙන් මෙම පනාව හරහා උකුණන් ඉවත් කරගත හැකිය. එහිදී හිස් කබල කැසීම වැළකී යයි.

පෙට්‍රෝලියම් ජෙලි භාවිතය මෙමගින් උකුණන් පමණක් නොව උකුණු බිත්තර පවා ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකිය. එනමුත් එය ස්ථාවර ක්‍රියාවක් නොවන අතර තාවකාලික සහනයක් පමණක් ලබාගත හැකිය.

කොහොඹ සාරය භාවිතය කොහොඹ  කොළ වලින් ලබාගන්නා සාරය මගින් උකුණන් ඉතා පහසුවෙන් ඉවත් කර ගත හැකි අතර හිසකෙස් සෑදීම සඳහා යොදා ගන්නා ෂැම්පු වලට කොහොඹ තෙල් ස්වල්පයක් මිශ්‍රකර භාවිතයෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.

ටී ත්‍රී ඔයිල් භාවිතය තේ ගසෙන් නිපදවන තෙල් මගින් ඉතා පහසුවෙන් උකුණන් ඉවත් වන අතර භාවිතා කරන ෂැම්පූ එකකට එම තෙල් බිංදු කීපයක් මිශ්‍රකර හිසකෙස් පිරිසිදු කර ගැනීම මගින් උකුනන් ඉවත් වී හිස් කබල කැසීම සුවපත් කරගත හැකිය. ඊට අමතරව භාවිතා කරන කොට්ට උර, තුවාය සහ ඇඳ ඇතිරිලි පිරිසිදු කිරීමේ දී එම පිරිසිදුකාරකයට තේ ගසේ තෙල් බිංදු කිහිපයක් මිශ්‍රකර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

මෙවැනි ස්වභාවික ක්‍රමෝපායන් මගින් හිස් කබලේ ඇති වන ලෙඩ රෝග සහ කැසීමේ තත්ත්වයන් සුවපත් කරගත හැකිවාක් මෙන්ම නිරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමේ හැකියාව ද පවතී.