සතියට වතාවක් ආහාරයට ගැනීමෙන් සිරුරේ වැඩි කොලෙස්ටරෝල් අඩු කරන මැල්ලුම

health tips

අපට අගේ නැති පිරටවල බහුලව ආහාරයට ගන්නා විටමින් බහුල ශාකයක් ගැන තමයි අද කියන්නට යන්නේ.මේ ශාකය සම්බන්ධයෙන් ඇති මිත්‍යා අදහස් නිසා පෙර ආහාරයට ගත් මේ ශාකය ඇතැම් අය තමන්ගේ ආහාරවේලෙන් ඈත්කර තියෙනවා. ඒ මේ ශාකය පිළිකා කාරක ගුණ ඇති බවට පවතින අදහස් හා මතවාද නිසාවෙන්.

Sauropus  androgynous යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකයේ විටමින් බහුල බව නිසාම මල්ටි විටමින් ගස විදියටයි මේ ශාකය හඳුන්වනු ලබන්නේ. වැල් මුරුංගා, ජපන් බටු, සිංගප්පූරු කොළ,  මැල්ල දුම්කොළ,රට බිලිං ,ආඩි කොළ යන නම්වලින් පවා හඳුන්වනු ලබන්නේ මේ අපේ රටේ බහුලවම හැදෙන මේ අපූරු විටමින් බහුල ශාකයයි . වටිනා ඖෂධයක්  ලෙස වගේම රසයෙන් සහ ගුණයෙන් පරිපූර්ණ ආහාරයක් ලෙසටත් මේ ශාකය අපිට භාවිතා කරන්නට පුළුවන්. නමුත් මේ ශාකයේ වටිනාකම හඳුනන්නේ සුළු පිරිසක් වීම නිසා මේ ශාකය භාවිතයට ගන්නේ සීමිත පිරිසක් පමණයි. නමුත්  ඉන්දියාව, මැල්සියාව, චීනය, ජපානය සිංගප්පූරුව, බංගලාදේශය වගේ රටවල මේ ශාකය වගා කෙරෙන්නේ වාණිජමය මට්ටමින්.  මේ ශාකය කුඩා පෝච්චියක වුණත් වගා කරන්නට හැකියාව තියෙන නිසා ජපන් බටු ශාකය ඔබටත් ඔබේ ගෙවත්තේ වවා ගන්නට හැකියාව තියෙනවා.

මේ ශාකය ඉතා පහසුවෙන් හඳුනා ගන්නට හැකියාව තියෙනවා. මේ ශාකයේ පත්‍ර සිහින් සහ දිගැටියි. මෙහි පත්‍ර  සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5-6 ක් තරම් දිගකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ පත්‍රයේ මැද සුදු පැහැ ලපයක්  දකින්නට පුළුවන්. නමුත් ඒ ලපය කාලයක් ගත වෙද්දි ඉබේම නැතිව යනවා.  වසර පුරාම මල් හට ගන්නා බහු වාර්ෂික ශාකයක් වන මේ ජපන් බටු ශාකයේ මල් රතු පැහැයක් ගන්නවා.  ඉදුණු පසු රතු පැහැයක් ගන්නා ඉදීමට පෙර සුදු පැහැයක් ගන්නා මෙහි ගෙඩි කොළයේ යටි පැත්තට බරවන ආකාරයට හටගනු ලබනවා.මේ ශාකයේ කොළ වගේම මේ ගෙඩිවලත් ඖෂධීය වටිනාකම ඉතා ඉහළයි.  ඒ හැරුණාම මේ ශාකයේ පංචාංගයම ආයුර්වේදය තුළ ඖෂධ පිණිස භාවිතයට ගත හැකි බවත් මතක තබා ගත යුතු වෙනවා.

විටමින් වර්ග බොහොමයක් අඩංගු මෙහි විටමින් A බහුලවම අඩංගු වෙනවා. ඒ  බව හැරුණාම මේ ශාකයේ කාබෝහයිඩ්රේට්, මේදය,ප්‍රෝටීන්, පොස්පරස්, යකඩ, කැල්සියම් ආදී පෝෂ්‍ය පදාර්ථ බහුලවම මේ ශාකයේ අන්තර්ගත වෙනවා. ආහාරයට ගනු ලබන මේ ශාකයේ පත්‍ර සුවිශේෂී රසයකින් සමන්විත වෙනවා.මේ ශාකයේ පත්‍ර  කොළ කැඳ වශයෙන් වගේම පලා මැල්ලුමක් ලෙසත් වෙනත් පලා සමඟ කලවම් පලාවටත් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම තවත් අය  කොස් ඇට ආදී ව්‍යංජන රසවත් කරන්නත් ,හාල්මැස්සන් සමඟ තෙලටත් ඉතා රසවත්ව පිළියෙල කරනවා. මේ ශාකයේ පත්‍ර  පමණක් නෙවෙයි ගෙඩි ඉතාම රසවත්ව පොල් කිරි යොදා  ව්‍යංජනයක් ලෙස හෝ තෙලට සාදා ආහාරයට ගන්නත් පුළුවන්

ජපන් බටු  සතු විස්මිත ගුණ 

  • සීත කාලයේදී හට ගන්නා උණ සඳහා ප්‍රතිකාර සඳහා  සුදුසුයි..
  • හිසරදය සහ මුත්‍රා අබාධ දුරු කර ගන්නට අවශ්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා වෙනවා.
  • දියවැඩියා රෝගයට ගුණදායකයි.
  • කල් පවතින තුවාල සුව කිරීමට භාවිතා කෙරෙනවා.
  • කිරිදෙන මව්වරුන්ට කිරි එරීම සඳහා වඩාත් ගුණදායකයි.විශේෂයෙන්ම කිරි වැඩීම උත්තේජනය කිරීමට මේ ශාකය දායක වෙන නිසා කිරි දෙන මව්වරුන් ආහාරයට ගත යුතුම පලාවක් තමයි මේ ජපන් බටු ශාකය.
  • කොලෙස්ටරෝල් පාලනය කරනවා.
  • ගර්භනී කාන්තාවන්ට සහ ගර්භනීභාවය බලාපොරොත්තු වන කාන්තාවන්ටත්  ගුණදායකයි.
  • අක්ෂි රෝග ඇතිවීම වළක්වනවා.විශේෂයෙන් අක්ෂි සෞඛ්‍ය යහපත් කරන්නට මේ ශාකයට අපූරු හැකියාවක් තියෙනවා. ඒ නිසාම මේ ශාකය ආහාරයට ගැනීමෙන් හතළිස් ඇදිරිය ඇතිවීම පමා කිරීම සිදු වෙනවා.
  • කාන්තා පුරුෂ දෙපාර්ශවයේම ලිංගික හෝර්මෝන උත්තේජනය කරනවා.
  • කාන්තාවන්ගේ ආර්තවභාවයෙන් පසුව ඇතිවන අපහසුතා වළක්වනවා.
  • ඔස්ටියෝපොරෝසීස්  රෝගය වළක්වා ගන්නට   දායක වෙනවා.

කොතරම් ගුණදායි පලාවක් වුණත් මෙය දිනපතාම ආහාරයට ගැනීම එතරම් හිතකර නොවන නිසා සතියකට වරක් ආහාරයට ගැනීමයි  වඩා සුදුසු වෙන්නේ.