Zingiberaceae කුලයට අයත් කහ වර්ථමානය වන විට වෙළඳ පොළ තුළ වැඩි වටිනාකමක් හිමිකරගත් ශාකයකි. එමෙන්ම කහ යනු නිවස තුළ වටිනා කුළුබඩුවකි,ඖෂධයකි, විෂබීජ නාශකයකි,වර්ණකාරකයකි. රූපලාවන්ය සත්කාරකයකි. එනම් මේ ආකාරයෙන් බහුවිධ කාර්යයන් සඳහා කහ බහුලව යොදා ගනී.
කහ ආහාරවලට එකතුකර ගැනීම මගින් මිනිස් සිරුරට හිතකර බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. ඊට හේතුව කහවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. විටමින් සී, ඊ, කේ,
පොටෑසියම්,යකඩ,කැල්සියම්,මයොසීන්, සෝඩියම්, සින්ක්,මැග්නීසියම්…. ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් කහවල අඩංගු වේ. මේ නිසාම කහ ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.
කහවල ඖෂධීය ගුණ

ආතරයිටීස් රෝගයට ඖෂධයක්වේ.වයස්ගත පුද්ගලයින්ට වැඩි වශයෙන් පවතින රෝග තත්ත්වයක් ලෙස ආතරයිටීස් රෝගය හඳුනාගත හැකිය. එනම් බොහෝ විට මෙම රෝග තත්ත්වය ඇති වනු ලබන්නේ විටමින් ඌනතා හේතුකොටගෙනය. ආතරයිටීස් රෝගය ඇතිවීමෙන් සන්ධි ආශ්‍රිත ඉදමුම්,වේදනා ඇති වනු ලැබේ. එම වේදනා සමනය කර ගැනීමට කහ ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් කහ ආහාර වලට එකතු කර ගැනීම මගින් එහි අඩංගු විටමින් ඩී, කැල්සියම් ආදී පෝෂ්‍ය පදාර්ථ ආතරයිටීස් හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා පාලනය කර ගෙවී ගිය අස්ථි හා කාටිලේජ නැවත වර්ධනය කිරීම සිදුකරනු ලැබේ. මේ නිසා ආතරයිටීස් රෝගීන්ට කහ භාවිතය වඩාත් සුදුසු වේ.
චර්ම රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.දද, කුෂ්ඨ ආදී සමෙහි ඇතිවන රෝග සුවකර ගැනීමට කහ ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් අමු කහ ගෙන කොටා තම්බා එම වතුරෙන් හෝ තම්බාගත් අමුකහ අඹරා දද, කුෂ්ඨ මට ආලේප කිරීමෙන් එම රෝග තත්ත්වයන් සුව කරගත හැකිය එනම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට දිනපතා මෙම සත්කාරය සිදුකළ යුතුය.
ඉදමුම් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය.ශරීරගත ඉදිමුම් සමනය කර ගැනීම සඳහා කහ ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් කහ කුඩු , වියළි ඉඟුරු කුඩු විනාකිරෙන් අනා ඉදමුණු ස්ථානවල ආලේප කිරීම මගින් ඉදමුම් , වේදනා සුව කර ගත හැකිය.
අහාර ජීර්ණය ක්‍රමවත්ව පවත්වා ගත හැකිය.බොහෝ දෙනෙකුට ආහාර ජීර්ණය නොවීම නිසා දියවැඩියාව, අම්ලපිත්තය වැනි රෝග තත්ත්වයන් ඇතිවී තිබේ. මේ නිසා ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිදුවේ ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් ආහාර ජීර්ණය වැඩි කරගැනීම සඳහා ආහාර පිසීමේදී කහ යොදා ගැනීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් ආහාර ජීර්ණය ක්‍රමවත්ව පවත්වා ගත හැකිය.
ඉක්කාව සඳහා ඖෂධයක් වේ.බොහෝ දෙනෙකුට විටින් විට ඇතිවන ඉක්කාව ඇති වීම වළක්වා ගැනීමට වියළි කහ පුළුස්සා සැනින් නිවා දමා එම දුම් ඇල්ලීම වඩාත් සුදුසුවේ.
අක්මාවේ විෂ ඉවත් කර ගත හැකිය.බොහෝ දෙනකු අක්මාවේ විශ තැන්පත් වීමේ රෝග තත්ත්වය නිසා පීඩාවට පත්ව තිබේ. එනම් බොහොමයක් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් මෙම තත්ත්වයට ගොදුරු වී තිබේ. මෙසේ අක්මාවේ තැන්පත් වූ විෂ ඉවත් කර ගැනීමට ඖෂධයක් ලෙස කහ භාවිතා කළ හැකිය. එනම් ආහාර පිසින විට හෝ කහ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මෙම රෝග තත්ත්වයෙන් මිදීමට බෙහෙවින් ඉවහල්වේ.

විෂබීජ නාශනය කිරීම සඳහා යොදා ගත හැකිය.කුළුබඩුවක් ඖෂධයක් මෙන්ම විෂබීජ නාශනය කිරීම සඳහාද කහ බහුලව යොදා ගත හැකිය. එනම් විවිධ රෝගාබාධ බෝවීම වළක්වාගැනීමට කහ දියර ඉසීම නිවස තුළ බොහෝ දෙනෙකු සිදු කරයි. එනම් ඉන් කහ විෂබීජ නාශනය කර වෙනත් පුද්ගලයින්ට රෝග බෝවීම වළක්වනු ලබයි.
තුවාල සුවකිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.තුවාල සුව කර ගැනීම සඳහා ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස කහ යොදාගෙන තිබේ එනම් දේශීය ආයුර්වේදය තුළ කහ කොහොඹ හෝ කහ, නිදිකුම්බා තම්බා එම ජලයෙන් තුවාල සේදීම සිදුකරයි. එනම් ඉන් තුවාල සුව කර ගැනීම ඉක්මන් කර ගත හැකිය. එමෙන්ම ශරීරයේ ඇතිවන කැපුම්, සීරීම් වලට ලේ ගැලීම් වලට කහ අඹරා ආලේප කිරීම මගින් සුවය සලසා ගත හැකිය.
සම පැහැපත් කර ගත හැකිය.සම පැහැපත් කර ගැනීම සඳහා බොහෝ කාන්තාවන් සම මත කහ ආලේප කිරීම සිදු කරනු ලැබේ. එනම් අමුකහ අඹරා කෝමාරිකා ස්වල්පයක් මිශ්‍රකර සමේ ගැල්වීමෙන් සම පැහැපත් කරගත හැකිය. එමෙන්ම කහ වල අඩංගු විටමින් සී ,ඊ වැනි ප්‍රතිඔක්සිකාරකයන් සමෙහි පෝෂණය වැඩි කර සම පැහැපත් කිරීම සිදු කරයි. මීට අමතරව එළකිරි පානය කරන විට කහ ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම මගින් සම පැහැපත් කර ගත හැකිය.
අසාත්මිකතාවන්ට සහනය සලසා ගත හැකිය.ආහාර විෂ වීමෙන් හෝ ඖෂධ වර්ග විෂ වීමෙන් ඇතිවන අසාත්මිකතාවයන් සමනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස කහ භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා කහ, සියඹලා කොළ සමඟ අඹරා ශරීරය මත ආලේප කිරීමෙන් එම ආසාත්මිකතාවයන් සුව කරගත හැකිය.
පෙනහළු පිලිකා ඇතිවීම වලක්වා ගත හැකිය.පෙණහලු ආශ්‍රිතව ඇති වන පිළිකා තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමට නිතර කහ ආහාරයට එක්කර ගැනීම යෝග්‍යය. ඊට අමතරව කහ ,ඉඟුරු, කුරුදු පොතු සියල්ල මිශ්‍ර කර ආහාර පිසීමේදී භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. මීට අමතරව
- මානසික ආතතිය ඇති වීම වළක්වා ගැනීම සඳහා
- කොලොස්ට්‍රෝල් පාලනය කිරීම සඳහා
- දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා
- පණු රෝග සමනය කර ගැනීම සඳහා
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා
- මේ ආදී රෝග රැසකට කහ ඖෂධයක් ලෙස භාවිතා කිරීම යෝග්‍යවේ. නමුදු
- දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති විට වෛද්‍ය උපදෙස් වලට අනුව කහ භාවිතා කළ යුතුය. ඊට අමතරව අම්ලපිත්ත රෝගය ඇතිවිට
- පිත්තාශයේ ගල් ඇතිවිට කහ වැඩි වශයෙන් භාවිතා කිරීම සුදුසු නොවේ.