මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්රිය අක්මාවයි.කුඩා අන්ත්රය තුළ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වීම සඳහා පිත නිපදවීම,සිරුරේ ග්ලයිකෝජන් ගබඩාකිරීම,සිරුරේ විෂහරණය කිරීම හා පැරණි රතු රුධිර සෛළ බිඳදැමීම ආදි වැදගත් කාර්යන් ගණනාවක්ම අක්මාව විසින් ඉටුකරනු ලබනවා.රතු රුධිර සෛල ඛණ්ඩනය කිරීමේ ක්‍රියාවලියේදි බිලිරුබින් නම් සංඝටකයක් නිර්මාණය වේ. මේවා මලපහ හරහා සිරුරෙන් බැහැර වේ.අක්මාව හානිවීමෙන් හෝ සිරුරේ අධික ප්‍රමාණයකින් ඇති බිලිරුබින් බැහැර කිරීමට නොහැකිවීමෙන් ජෝන්ඩිස් හෙවත් ඇස් හා සම කහ පැහැයට හැරීමේ තත්වය ඇතිවෙයි.බිලිරුබින් එකතුවීම ඇස්, සම පමණක් නොව විදුරුමස් ආදි ශ්ලේෂ්මල පටල කහවීමට ද හේතුවෙයි.
ජෝන්ඩිස් තත්වය රෝගයක් නොව යටින් පවතින අක්මා ගැටලුවක පූර්ව රෝග ලක්ෂණ මතුකිරීමකි.ඔබේ සිරුරේත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී සෞඛ්‍ය තත්වය පරික්ෂාකරගන්න.ඔබ දැනටමත් ඊට ප්‍රතිකාර ලබමින් සිටින්නේ නම් එම ලක්ෂණ අඩුකරගනිමින් අක්මාවේ හා සිරුරේ නීරෝගිබව ප්‍රවර්ධනය කරන පහත සඳහන් පිළියම් ක්‍රම ඔබට උත්සහ කළ හැකියි.

තන්තු තන්තු යනු ආහාර ජීර්ණය ප්‍රවර්ධනය කරන සංකීර්ණ කාබෝහයිඩ්රේට වේ.ඒවා අද්‍රාව්‍ය හා ද්‍රාව්‍ය ලෙස දෙවර්ගයකි.තිරිඟු නිවුඩු හා සම්පූර්ණ ධාන්‍ය වල අද්‍රාව්‍ය හෙවත් දියනොවන තන්තු අඩංගුය.ආහාර වල තොග වැඩිකරමින් දිගු කලක් පුරා බඩ පිරුණු ගතියක් ඇතිකරයි.ද්‍රාව්‍ය තන්තු දිය වී අන්ත්‍ර තුළ ජෙල් ආකාරයකට පත්වේ. මේවා ජීර්ණය වැඩිදියුණු කරයි. පලතුරු, එළවළු, නට් හා ඇට වර්ග, බාර්ලි, ඕට්ස් වගේ ආහාර වල මේවා අඩංගුයි.ඔබට මෙම අසනීපය ඇත්නම් ද්‍රාව්‍ය තන්තු බහුල ආහාර පාන පරිභෝජනයට එක්කරගන්න.මෙය සිරුරේ පිත බැහැර වීමේ වේගය වැඩිකරවයි.ප්‍රදාහය අඩුකරමින් සමස්ත කොලෙස්ටරෝල් මට්ටම් අඩුකර අක්මාවේ නීරෝගිකම වැඩිකරයි.
ආයුර්වේදීය ඖෂධ කටුකරෝසන- ස්වභාවික අක්මා ආරක්ෂක කාරකයක් ලෙස ක්‍රියාකරමින් ජෝන්ඩිස් තත්වයට ප්‍රතිකාර කරයි.මත්පැන් භාවිතය නිසා අක්මාවේ ඇතිවන ෆයිබ්රෝසිස් (තන්ත්ත්වාභ) හා නිදන්ගත අක්මා ආබාධ වලට ගුණදායක බව සඳහන් වේ.මේවා කුඩු ලෙස දිනකට තෙවරක් ගැනිම බිලිරුබින් හා අක්මාවට හානි කර හැකි එන්සයිම මට්ටම අඩුවීමට ඵලදායි බව පෙන්වාදේ.
- රසකිඳ- අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන ඔසුවකි.අක්මාව ආරක්ෂා කරන සංඝටක බහුල නිසා අක්මාවට හානි වීම වළකා එය නීරෝගිකරයි.
- නෙල්ලි- නෙල්ලි අක්මාවට ගුණදායි ඖෂධයකි.ප්‍රතිඔක්සිකාරක බහුල බැවින් ප්‍රදාහය අඩුකර හානිකර මුතකණ්ඩ බලපෑම් ද අවම කරයි.ෆ්ලැවනොයිඩ, විටමින්, ඛනිජ ඇතුලු පෝෂක ද බහුලය.අක්මාවේ විෂහරණය කරමින් ඇතැම් ඖෂධ හා බැර ලෝහ අංශු වලින් අක්මාවට ඇති හානිකර බලපෑම අවම කිරීමට ඵලදායිය.
- කහ- අක්මාවේ රෝග වලට කහ ඵලදායි ඔසුවකි.කර්කියුමින් සංඝටක අඩංගු නිසා ඔක්සිකාරක හානිවලින් අක්මාව ආරක්ෂා කරයි.අක්මාවේ ප්‍රදාහය අඩුකරයි.කෙසේවෙතත් අතිරේක පෝෂක භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්ය.
- පිටසුදුසාරණ– අක්මා රෝග වලට ප්‍රතිකාර කෙරෙන තවත් වැදගත් ඔසුවකි.කෙසේවෙතත් නිසි ආයුර්වේද වෛද්‍ය උපදේශන වලින් තොරව භාවිතා නොකළ යුතුය.

ජෝන්ඩිස් තත්වය අඩුකරන ආහාර අප ආහාරයට ගන්නා දේවල් අපේ සිරුරට සෘජුවම බලපායි.සිරුරේ නීරෝගි ක්‍රියාකාරිත්වය සඳහා නීරෝගි සමබල ආහාර වේලක් ලබාගැනීම වැදගත් ය.දුර්වල ආහාර පාන රටාව අක්මාව කෙරෙහි දැඩි පීඩනයක් ඇතිකළ හැකි අතර රෝග ලක්ෂණ නරක අතට හැරීමට බලපෑ හැකිය.අක්මාවට ගුණදායි ආහාර පාන කිහිපයක් පහත දැක්වේ.
- කෝපි- මේවායේ ප්‍රතිඔක්සිකාරක කැෆෙයික් අම්ල හා ෆෙරුලික් අම්ල අඩංගුයි.ඒවායේ වෛරසනාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ බහුලයි.අක්මාවට හානිකරන එන්සයිම මට්ටම් අඩුකිරීමට කෝපි ප්රතිලාභ දෙන බව අධ්‍යයන පෙන්වාදේ.දිනකට කෝපි කෝප්ප 2ක් පානය කිරීම අක්මා ෆයිබ්රෝසිස් හා සිරෝසිස් වැනි රෝග උත්සන්න වීම වළකන බව ද එහිදි වැඩිදුරටත් සඳහන් වේ. කෝපි මධ්‍යස්ථ ප්‍රමාණයකින් ගැනීම සුදුසුය.
- උක්ගස් යුෂ- ජෝන්ඩිස් තත්වයට හිතකර පිළියම් වලින් එකකි.මේවායේ ප්‍රතිප්‍රදාහක ගුණාංග බහුල බැවින් අක්මාවේ නීරෝගිබව වැඩිදියුණු වීමට ගුණදේ.
- ලෙමන් වතුර- ලෙමන් මුසුකළ මද උණුසුම් වතුර සිරුරේ විෂහරණය කරමින් අතිරික්ත මුක්තකණ්ඩ බැහැර කරවයි.මූත්‍රා බැහැර වීම වැඩිකරවන නිසා සිරුර විජලනය වීම අක්මාවට හානිවිය හැකි අවදානම් සහිතයි.එබැවින් මධ්‍යස්ථ ප්‍රමාණයකින් ගැනීම ද වැදගත්ය.
- කරවිල– ජෝන්ඩිස් තත්වයට ඉහළ මට්ටමේ ගුණයක් අත්කරදෙන එළවළුවකි.මේවායේ ප්‍රතිඔක්සිකාරක බහුල බැවින් හානි වූ අක්මාව යථා තත්වයට පත්වීම ප්‍රවර්ධනය කිරීමට හා අක්මාවේ ප්‍රදාහය හා ෆයිබ්රෝසිස් තත්වය අවම කිරීමට ගුණ දෙන බව සොයාගෙන ඇත.

විටමින් ඩී අක්මා රෝග වලින් පෙළෙන බොහෝ අය විටමින් ඩී ඌනතාවෙන් ද පෙළේ.මත්පැන් නිසා නොවන අක්මාවේ මේද තැන්පත්විමේ රෝගයට විටමින් ඩී හි වක්‍ර බලපෑමක් ඇතිබව පෙන්වාදේ.විටමින් ඩී සිරුරේ ග්ලයිසමික් නියාමනය වැඩිදියුණු කරයි.ප්‍රදාහය හා ෆයිබ්රෝසිස් තත්වය අඩුකරයි.කැල්සියම් කාබනේට් සමඟ ගැනීමේදී අක්මාවේ එන්සයිම මට්ටම් අඩුකරයි.විටමින් ඩී බහුල කොඩ් ලිවර් ඔයිල්, කිරි, යෝගට්, බිත්තර ඇතුළු ආහාර ප්‍රභව පරිභෝජනයට එක්කරගන්න. නිසි වෛද්‍ය උපදෙස් යටතේ අතිරේක පෝෂක වශයෙන් ද විටමින් ඩී ලබාගත හැකියි.
ළදරුවන් තුළ ඇතිවන ජෝන්ඩිස් තත්වයට පිළියම් ජෝන්ඩිස් තත්වය අලුත ඉපදුණු බිලිඳුන් අතර පොදුවේ හඳුනාගන්නට ලැබේ. ගැබිණි සමයේදී දරුවාගේ බිලිරුබින් පෙකණිවැල හරහා මවගේ රුධිර සංසරණයට ඇතුළු වී ඇයගේ අක්මාව මඟින් පරිවෘත්තියට ලක්කරයි.අක්මාවට හොඳින් වර්ධනයට වීමට හා පූර්ණ ක්රියාකාරීත්වයකට පත්වීමට දින කිහිපයක් ගත වන නිසා උපතින් පසු බිලිඳාගේ බිලිරුබින් මට්ටම ඉහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෝන්ඩිස් තත්වය වර්ධනය විය හැකියි.
මේ තත්වය දින 14-15 තුළ ඉබේ පහව යයි.කෙසේවෙතත් දරුවා තුළ උපතේදී යම් ආසාදනයක් ඇතිවී හෝ අසාමාන්‍ය ලෙස රතු රුධිර සෛල ඉහළ යාමට බලපාන සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් , ජෝන්ඩිස් තත්වය වඩාත් බරපතල විය හැකියි.එබැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත දරුවා යොමුකළ යුතුය. මෙම අසනීපයට ගොදුරු වූ කුඩා ළමුන් හිරු එළියට මදක් නිරාවරණය කිරීම නිර්දේශ කරන ක්රමයකි. මෙය ‘ෆොටෙතෙරපි’ ලෙස ද හඳුන්වයි. ඇතැම් රටවල මේ තත්වය සමනය කරගැනීම සඳහා බාර්ලි පිටි වලින් ආලේපයක් සකසා භාවිත කරයි.