කිලෝ ග්‍රෑම් 70 ක් අඩුකරගත් පුද්ගලයෙකුගෙන් බර අඩු කර ගැනීමට උපදෙස් 10 ක්

health tips

Joe Bernstein පෞද්ගලික පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්නෙකි. ඔහු වයස අවුරුදු 25 දී කිලෝග්‍රෑම් 154 ක් තරම් අසාමාන්‍ය බරකින් යුතු අයෙකු විය. ආහාර පාලනය කිරීම ඔහුට හොඳ ප්‍රතිඵල ලබා නොදුන් බවයි ඔහු කියන්නේ. නමුත්, බර අඩු කරගැනීම සඳහා ඔහු අනුගමනය කල ඇතැම් පුරුදු නිසා අවසානයේ ඔහුට කැපි පෙනෙන ලෙස ඔහුගේ බර අඩු කරගන්න හැකි වි තිබෙනවා. වර්තමානයේදි ඔහු අනික් පුද්ගලයින් සඳහා නීරෝගිමත් දිවියක් ගත කිරීම සඳහා උපදෙස් සහ පුහුණුව ලබාදෙමින් සිටියි. ඔහු ඔබට ලබාදෙන උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ.

ඔහු බර අඩු කරගැනීමට පෙර සහ පසු ඡායාරූප
  1. කැලරි අධික පාන වර්ග වලින් වළකින්න.

සෝඩා, යුෂ පාන සහ ස්වීට් ටී වැනි පාන වර්ග වලින් හැකිතාක් ඈත් වි සිටින්න. එසේ කිරීමෙන් මාස තුනක් ඇතුලත ඔබට කිලෝ 22 ක් පමණ බර අඩු කරගැනීමට උපකාර කරාවි. ඇතැම් අය නොදැනුවත්වම දිනකට කැලරි 2000 ක් පමණ පානය කරති.

  1. Ready-made හෙවත් පෙර සකස් කල ආහාර වලින් වළකින්න.

 වෙළඳසැල් වලින් මිලදි ගන්නවාට වඩා නිවසේදීම සකස් කල ආහාර පරිභෝජනය කිරීම වඩාත් සෞඛ්‍යාරක්ෂිතය.

  1. බයිසිකල් පදින්න

මින් සිරුරට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා වගේම ඔබේ කාලයත් ඉතිරි කර දෙනව. ඒ කාලය ඔබට වෙනත් ව්‍යායාම් කටයුතු වලට වගේම නිරෝගි ආහාර සකස් කිරීමට යොදාගත හැකියි.

  1. රසවත් ආහාර පිසීමට ඉගෙනගන්න.

ක්ෂණික ආහාර වර්ග අනුභව කිරීමට වඩා සිරුරට හිතකර සහ ගුණදායි ආහාර සකසන ආකාරය අන්තර්ජාලයෙන්, පොත් පත් වලින් හෝ වැඩසටහන් වලින් ඉගෙනගන්න. ඒවා උත්සාහ කරබලන්න.

  1. ස්වභාවික ආහාර වල ඇති වැදගත්කම හඳුනාගන්න.

ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට සැමවිටම දේශීය සහ නැවුම් නිෂ්පාදන වර්ග ‍තෝරාගන්න. 

  1. සුරතල් බල්ලෙකු ඇතිකරන්න.

දිනපතා උදෑසන ඔබේ බලු සුරතලා සමඟ කෙටි දුරක් ඇවිදීම පුරුද්දක් කරගන්න. එය ඔබේ පරිවෘත්තිය ඉහළ නැංවීමටත් මොලයේ ක්‍රියාකාරී බව වැඩි වීමටත් බොහෝ සෙයින් බලපායි.

  1. කාබනික ආහාර නිෂ්පාදන මිලදී ගන්න.

ඔබ මිල දි ගන්නා ආහාර වල උසස් ගුණාත්මක බව ගැන සැලකිලිමත් වීම පුරුද්දක් කරගන්න. ‘GMO free’,’organic product’ ආදි ලේබල් සහිත ආහාර නිෂ්පාදන ඔබට පහසුවක් වේවි.

  1. මස් වර්ග වල ගුණාත්මක බව ගැන වඩාත් අවධානය යොමුකරන්න.

ඔබේ එදිනෙදා ආහාර වේල් සඳහා වැඩිපුර එළවළු සහ පලතුරු වර්ග එක්කරගත හැකි නම් එය වඩාත් සිරුරට ගුණදායක වේ. එමෙන්ම ඇට සහ ධාන්‍ය වර්ග,  බෝග ආහාර සහ රනිල කුලයේ ශාක ආහාර ද සෞඛ්‍යයට ඉතා හිතකරය. මස් පරිභෝජනය කිරීමේදි ඒවායේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ඉහළ ගුණාත්මක බව කෙරෙහි හොඳින් සැලකිලිමත් වීමට අමතක නොකරන්න.

  1. බිඳුණු බැඳීම් ගැන සිතමින් කණස්සලු නොවන්න.

Joe තමන්ගේ බිරිඳගෙන් වෙන් වූ පසු අලුත් ජීවිතයක් ආරම්භ කලේය. පැරණි දේවල් නිසා යලි යලි දුක් වෙමින් ඵලක් නැහැ. එබැවින් තර්කානුකුලව සිතමින් ජීවිතයේ ඉදිරිය ගැන සිතමින් කටයුතු කරන්න. ඔබේ සෞඛ්‍යයයි වඩාත් වැදගත් වන්නේ.

  1. කායිකව මෙන්ම මානසිකව හොඳ සූදානමක් ඇතිකරගන්න.

බර නැවත වැඩිවීම වළක්වාගැනීමට නම සමබල ආහාර ගැනීම සහ ව්‍යායාම් කිරිම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා ඔබ කායිකව මෙන්ම මානසිකව වෙනස් විය යුතුයි. ඔබේ පැරණි පුරුදු අමතක කරමින් නීරෝගිමත් ජීවිතයකට ඉවහල් වන හොඳ සෞඛ්‍යය පුරුදු අනුගමනය කරන්න.