දණහිස් ආශ්‍රිතව වැලමිට ආශ්‍රිතව විවිධ වූ ආකාරයේ ටකස් ශබ්දයන් වේදනාවන් චලනයේදී ඔබට ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයන් ඔබ බොහෝ වෙලාවට නොසලකා හරිනවා වෙන්නත් පුළුවන්. මේ අපහසුතාවයන්වලට මූලික වශයෙන් හේතු වෙන්නේ කාටිලේජ ගෙවීයාම. කාටිලේජ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සන්ධිවල වැදගත් අංගයක්. කාටිලේජ ශරීරයේ සන්ධිවල එනම් අස්ථි අතර ඇති සන්ධිවල සම්බන්ධීකරණය පටලයක් ලෙස ක්‍රියා කරනවා.
අපේ ශරීරයේ අස්ථි අතර පවතින සන්ධිවල, කශේරුවේ කශේරුකා අතර කන්වල සහ නාසයේ ස්වාස නාල වටා, ඉල ඇටවල අවසාන කොටස් ආශ්‍රිතවත් මේ කාටිලේජ හඳුනාගන්න පුළුවන්. ඉතින් කාටිලේජ ගෙවී යන්නට විවිධ හේතු බලපානවා. ඒ සඳහා මූලිකම කාරණාවක් තමයි වයස්ගතවීම. ඒ හැරුනහම, විවිධ අනතුරු, අස්ථි ආශ්‍රිත පිළිකා, වැරදි ඉරියව් ආදී විවිධ සාධකත් කාටිලේජ හානියට පත්වෙන්නට බලපානවා.
අද ගොඩක් දෙනෙක් දණහිස් වේදනාවෙන් පීඩා විදිනවා. අපේ ශරීරයේ විශාලම සන්ධියක් වන දණහිසේ සන්ධියේ ඇතිවන ඝර්ෂණය අඩු කරන්නෙත් මේ ස්වාභාවිකව නිපදවෙන කාටිලේජ මගින්. ඉතින් යම් යම් හේතූන් නිසා කාටිලේජ ගෙවීමකට ලක්වුණොත් වේදනාවක් අපහසුවක් වගේම සන්ධිය චලනයවීමේදී ශබ්දයක් ද ඇතිවෙන්නට පුළුවන්. දිගුකාලීනව ඒ තත්ත්වය පැවතුණොත් අස්ථිවලට දැඩිලෙස හානි වෙන්නටත් පුළුවන්. ඉතින් මේ ගෙවී ගිය හානියට පත් කාටිලේජ නැවත වර්ධනය කරගන්නට කාටිලේජ තවදුරටත් හානි වීම වළක්වා ගන්නට මේ පිළියම් කිහිපය ඔබට වැදගත් වේවි.

කෙසෙල් යුෂ කෙසෙල් ගසක් කැපූ විට වෑස්සෙන කිරි වැනි ද්‍රාවණය සන්ධි ආශ්‍රිත රෝග බොහොමයකටම ඉතාම ගුණදායකයි. නමුත් අද එදා වගේ කාබනික ද්‍රව්‍ය භාවිතයෙන් වගා නොකරන නිසා ගුණදායක බව නම් ටිකක් අඩුයි. ඒ නිසා ඇඹුල් කෙසෙල් පොත්තේ පමණක් මේ ගුණදායක බව තවමත් රැකිලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාරය හදා ගන්නේ මෙහෙමයි .
- හොඳින්ම ඉදුණු ඇඹුල් කෙසෙල් පොතු සහ නටු අවශ්‍ය ටිකක් ගන්න.
- ඒවාට ජලය ටික ටික දමමින් පල්පයක් වනතෙක් හොඳින් කොටා ගන්න.
- ඉන්පසු කපු රෙදි කෑල්ලකට එය දමා පොට්ටනියක් ලෙස සකස් කරගන්න.
- ඉන්පසුව දණහිසට මෙය තබා බැඳ ගන්න. මෙය දිනපතා සති 3-4ක් කිරීමෙන් ගෙවීගිය කාටිලේජ නැවත වර්ධනය කරමින් දණහිසේ වේදනාවන් සහ ටකස් ශබ්දයන් පවා නැති කරනවා.
හොඩපොර පත්තුව දේශීය වෛද්‍ය කර්මය තුළ නිරන්තරයෙන් භාවිතා වෙන කාටිලේජ වර්ධනය කරන ශාකයක් තමයි හොඩපොර. මේ හොඩපොර ගසේ ගෙඩිවල යුෂ දණහිසේ ආබාධ බොහොමයකට ඉතාම ගුණදායකයි. කාටිලේජ ගෙවීයාම නිසා ඇතිවන අපහසුතාවලට මේ හොඩපොරවලින් පත්තුවක් සකස් කරගන්න පුළුවන් .
හොඩපොර ගෙඩි 3 අරගන්න.
නටන උණුවතුරට ඒ හොඩපොර ගෙඩි තුන දාලා විනාඩි 2 ක් පමණ තියෙන්නට හරින්න.
පසුව එයට වරින් වර උණුවතුර එකතු කරමින් හොඳින් කොටා ගන්න.
මේ පල්පය පිරිසිදු රෙද්දක ඝනකමට ආලේප කරගෙන දණහිසේ බැඳ ගන්න.
මේ පත්තුවේ යුෂ ටික උරාගත්තට පස්සේ රෙදි කෑල්ල වියළි නම් වරින් වර තෙත් කරන්නට අමතක කරන්නටත් එපා. එහිදී රෙද්දට ජලය ඉසීම සුදුසුයි. මෙය දිනපතා කිරීමෙන් දවස් 10 පමණ තුළ ප්‍රතිඵල බලා ගන්නත් පුළුවන්.
එළගිතෙල් ආලේපය අපේ සිරුරට බොහෝ ගුණදායක ඛනිජ ලවණ බහුල තෙල් වර්ගයක් තමයි එළගිතෙල්. පස්ගෝරස අතරේ සුවිශේෂීත්වයක් උසුලන එළගිතෙල් දිනපතාම ආහාරයට එකතු කරගන්නට හැකි නම් හරිම හොඳයි. මේ එළගිතෙල් ආහාරයට එකතු කරගන්නා අතරේ උදේ සවස දණහිසේ එළගිතෙල් ආලේප කිරීම සුදුසුයි. එය සන්ධිවල කාටිලේජ හානිවීම වළක්වා කාටිලේජ නැවත වර්ධනය කරනවා.
එළගිතෙල් ආලේපයට පෙර ඒ ස්ථාන උණුවතුරේ පෙග වූ රෙදි කෑල්ලක් දණහිසේ මද වේලාවක් තබා උණුසුම් කරගත යුතුයි. පසුව එළගිතෙල් ආලේප කර තෙල් හිදෙන තුරු සම්බාහනය කළ යුතුයි. මේ ප්‍රතිකාරය සම හරහා ඛනිජ ලවණ කාටිලේජ වෙත ගෙන යන්නටත් උපකාරී වෙනවා.
මේවා ආහාරයට ගන්න .
බාහිර ආලේපන විතරක් නෙවෙයි කාටිලේජ වඩවන ආහාරත් අපේ ආහාරවේලට එකතු කරගත්තොත් මේ ගැටළුවෙන් මිදෙන එක අපහසු නැහැ.

මුං ඇට සත්කාරය වතුර මිලි ලීටර 250 කට මුං ඇට මේස හැදි 3 ක් දමා පැය 12 ක් පෙගෙන්නට තබන්න. පසුව මුං ඇටවල වතුර ඉවත් කර සුදු ළූණු බික් දෙකක් තලා කුඩාවට කැබලි කර එය මුං ඇට සමඟ මිශ්‍ර කර ගම්මිරිස් කුඩු කහ ලුණු කුඩු ස්වල්පයක් එයටම එකතු කර ආහාරයට ගන්න.
මෙසේ දිනපතා මෙය ආහාරයට ගැනීමෙන් කාටිලේජ වර්ධනය උත්තේජනය කරමින් අස්ථි ආශ්‍රිත අපහසුතා වේදනාවන් මග හරියි.
බණ්ඩක්කා සුප් බණ්ඩක්කා කාටිලේජ ගෙවීයාමට වගේම නැවත කාටිලේජ වර්ධනයටත් ඍජුව මහත් සුව සලසන ආහාරයක් බව හැමෝම දන්නවා. බණ්ඩක්කාවල අඩංගු වෙන සෙවල දියරය කාටිලේජ උත්තේජනය සඳහා උපකාරී වෙනවා.
බණ්ඩක්කා කරල් කිහිපයක් හොඳින් සෝදාගෙන එය සිහින් පෙති ලෙස කපා ගන්න. පසුව එයට ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර ජලයෙන් තම්බා උණුසුම තිබියදීම ආහාරයට ගන්න. මෙය දවසට වරක් ගත්තොත් දින කිහිපයක් යද්දි දණහිස ආශ්‍රිත වේදනාවන් සහ ආබාධ සියල්ලම නැතිව යාවි.
- බරකොකු මැල්ලුම්
- මියන දළු මැල්ලුම්
- සුදු ළූණු, ලීක්ස්, ළූණු ආදී ගෙන්දගම් බහුල ආහාර
- ගෙඳ පලා මැල්ලුම්
- සූදුරු
- බොකුටු ගෝවා
- අන්නාසි