ටැමරින් ඉන්ඩිකා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සියඹලා යනු මෙරට වියළි කලාපීය ප්‍රදේශවලද සරුවට වැඩෙන දැකුම්කළු සදාහරිත වෘක්ෂයකි. අඩි 80 – 100 ක් පමණ උසට වර්ධනය වන මෙම ශාකය පැබසියෝ කුලයට අයත් වේ. එනම් සියඹලා මල් මෙන්ම කරල බොහෝ දෙනෙකු ආහාරයට ගන්නා අතර ඒවායෙහි බොහෝ ගුණයන් ද අඩංගු වේ.
රසවත් පලතුරක් මෙන්ම ගුණයෙන් අනුන කුළුබඩුවක් ලෙස ද සියඹලා භාවිතා කළ හැකිය. ඊට අමතරව ඉදුණු සියඹලා පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලබා ගත හැකිය.
- විටමින් A
- යකඩ
- කැල්සියම්
- මැග්නීසියම්
- ප්‍රෝටීන්
- කාබෝහයිඩ්‍රේට්
- නියසීන්
- ශක්තිය
- කෙදි
වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් සියඹලා වල අඩංගු වේ. මීට අමතරව ඈත අතීතයේ සිටම සියඹලා ඖෂධයක් ලෙස ආයුර්වේදය තුල භාවිතා කර තිබේ සියඹලා ශාකයේ පත්‍ර කරල් පොතු ආදී කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත වේ.
සියඹලා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය.

- මලබද්ධය සමනය කරයි.මල බද්ධය හෙවත් මලපහ පිට කිරීමට අපහසු වන අවස්ථාවක සියඹලා යුෂ පානයක් ලෙස හෝ සියඹලා පළතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් මළ බද්ධය සමනය කරගත හැකිය. එනම් සියඹලා වල අඩංගු තන්තු බඩවැල් හොඳින් ක්‍රියාත්මක කර ආහාර හොඳින් ජීර්ණය කිරීම සිදුකරයි. එමෙන්ම මෙමගින් ආමාශගත විෂ ද ඉවත් කරගත හැකිය.
- අන්ත්‍ර ශූල වේදනා සමනය කරනු ලබයි.සියඹලා පොතු ස්වරසය මේ සදහා ගුණදායක වේ.
- අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩාව, රෝග සමනය කරයි.• සියඹලා කුඩා දරුවන්ට අනගි විරේක ඔසුවකි.
- අර්ශස් සදහා ගුණදායක වේ.මේ සදහා සියඹලා මල් මිරිකා ගත් යුෂ පානය කිරීම සදහා ලබා දෙනු ලබයි.
- ප්‍රදාහ කාරක රෝග සදහා ගුණදායක වේ.ප්‍රදාහකාරක රෝග සදහා සියඹලා මල් අඹරා ආලේප කරනු ලබයි.
- මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීම සදහා සියඹලා ඉතා ගුණදායක ඔසුවකි.
- සියඹලා හෘදයට ඉතා ගුණදායක පළතුරකි.
- පිළිස්සුණු තුවාල සුවපත් කරයි.සියඹලා ඇට කුඩුකර ආලේප කිරීමෙන් පිළිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුවපත් කර ගත හැකිය.
- විවිධ කෘමීන් දෂ්ඨ කළවිට එයට ප්‍රතිවිසක් ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කළ හැකිය. මේ සදහා සියඹලා පානය කිරීම සදහා ලබා දීමද ගුණදායක වේ.
- අතීසාරය සමනය කරයි.අතීසාරය සමනය කිරීම සඳහා සියඹලා මල් හා දලු ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් සියඹලා බීජ වල රතු පැහැති කුරුට්ටේ අතීසාරය සමනය කරන ගුණයන් අඩංගු වේ.

- උගුරේ ආබාධ සමනය කරයි.උගුර ආශ්‍රිතව ඇතිවන වේදනා ,ඉදිමුම් සමනය කර ගැනීමට සියඹලා පත්‍ර මගින් සකස් කරනු ලබන කෂාය භාවිතා කිරීම මගින් යෝග්‍ය වේ. එනම් මේ සඳහා එම කෂායෙන් උගුර සේදීම සිදු කළ යුතුය.
- විටමින් C ඌණතා සමනය කරයි.බොහෝ දෙනෙකුට පවතින විටමින් C ඌනතා සමනය කරගෙන විටමින් ඌනතා නිසා ඇතිවන රෝග වලක්වාගැනීමට සියඹලා පලතුරක් ලෙස හෝ යුෂ පානයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වේ. ඊට අමතරව සියඹලා බොර සීනී යොදා සකස් කර ගනු ලබන සිරප් වලට දෙහි යුෂ මිශ්‍ර කර පානය කිරීම යෝග්‍ය වේ.
- වෛරස් උණ ,කහ උණ සමනය කරයි. වෛරස් උණ කහ උණ වැනි රෝග සමනය කර ගැනීම සඳහා සියඹලා කොළ භාවිතයෙන් සාදාගත් ග්‍රීන් ටී භාවිතය යෝග්‍ය වේ. එනම් ග්‍රීන් ටී පානය කිරීමෙන් ඉක්මනින් එම රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය.
- මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග සුව කරයි.මුඛය ආශ්‍රිතව ඇතිවන තුවාල බිබිලි සුව කර ගැනීම සඳහා කොත්තමල්ලී තැම්බූ ජලය සමග සියඹලා වතුර පානය කිරීම යෝග්‍ය වේ.
- කුෂ්ඨ ,දැවිලි ආදිය සමනය කරයි.දද කුෂ්ට හා ශරීරයේ ඇතිවන දැවිල්ල සමනය කර ගැනීම සඳහා සියඹලා පත්‍ර අමුකහ සමග තම්බා එම ජලයෙන් දද , කුෂ්ඨ සේදීම යෝග්‍ය වේ.
- සන්ධි වේදනා ඉදිමුම් සමනය කරයි.ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග හේතුවෙන් ඇතිවන සන්ධි වේදනා ඉදිමුම් සමනය කර ගැනීමට භාවිතා කරන ඖෂධ සමඟ සියඹලා කොළ යුෂ ආලේප කිරීම මගින් එම රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිය.
- දියවැඩියාව පාලනය කරයි.පැණි රස කෑම වර්ග ගත් පසු සියඹලා ආහාරයට ගන්නේ නම් එමගින් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කරගත හැකිය. මීට අමතරව
- රුධිරය පිරිසිදු කිරීම සඳහා
- පණු රෝග සඳහා
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා
- ශරීරගත වේදනා ඉදිමුම් සමනය කිරීම සඳහා
- ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා
යන ආදී රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස කුළුබඩුවක් ලෙස යුෂ පානයක් ලෙස පලතුරක් ලෙස සියඹලා ආහාරයට ගැනීම ගුණදායක ය.