ඕනෑම සන්ධි වේදනාවක් පැය 24න් සුව කරන ආයුර්වේද වට්ටෝරු 2 ක්

health tips

සන්ධි සම්බන්ධ ගැටළු පිළිබඳව කතා කිරීමේදී ඒවාට වයස් භේදයක් හෝ ස්ත්‍රී  පුරුෂ භේදයක් නැහැ. තරුණ වයසේ පසුවන අයෙකුට වුණත් පාසල් යන වයසේ දරුවෙකුට වුණත් සන්ධි ආශ්‍රිතව විවිධ  රෝගාබධ ඇති වෙන්නට පුළුවන්. නමුත් වයස්ගත වෙද්දි මේ සන්ධි ආශ්‍රිත ගැටළු බහුලව ඇතිවීමක් දකින්නට තියෙනවා. වර්තමානය වෙද්දි බහුලවම අසන්නට දකින්නට ලැබෙන සන්ධි ආශ්‍රිත රෝගය තමයි ආතරයිටීස් කියන්නේ.  ඒ  හැරුණාම  වෙනත් රෝග තත්ත්වයන් ද  සන්ධි ආශ්‍රිතව අසන්නට දකින්නට ලැබෙනවා.  සන්ධි  ආශ්‍රිත වේදනාවන් , ඉදිමීම් හෝ ඒ  ස්ථාන චලනය අපහසු වීම ආදී තත්ත්ව මේ ගැටළු නිසා ඇති වෙනවා. 

සාමාන්‍යයෙන් සන්ධි රෝග ඇති වෙන්නේ අපේ වැරදි ඇවතුම් පැවතුම් රටාව හේතු කරගෙන.  ස්ථුලතාව, අධික ඝන ආහාර ලබා ගැනීම,  ජානමය සාධක, රුධිරයේ විෂ, ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරීම, අධිකව වෙහෙසීම, යම් යම් රෝග තත්ත්වයන්, විවිධ අනතුරු, මල මුත්‍ර දේහයෙන් නිසි පරිදි බැහැර නොවීම නිසා විෂ  දේහයේ තැන්පත්වීමෙන්  ආදී තත්ත්ව නිසා සන්ධි  ඉදිමීම ආදී රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඒ හැරුණාම ආහාර නිසි පරිදි ජීර්ණය නොවී ඒ විෂ සන්ධි ආශ්‍රිතව තැන්පත්වීමෙන් පවා සන්ධි රෝග ඇති වෙනවා.  විවිධ හේතු නිසා ඇතිවන පීඩාකාරී සන්ධි රෝග සඳහා අනුගමනය කළ හැකි පිළියම් පිළිබඳවයි අද අපි ඔබ සමඟ කතා කරන්නට යන්නේ.

ආයුර්වේදය තුළ සන්ධි රෝග ඉතා සාර්ථකව සුවකර ගත හැකි ඖෂධ පවතිනවා. ඒ සඳහා අමුද්‍රව්‍ය අපි හැදී වැඩෙන ස්වභාවික පරිසරයෙන් සපයා ගත හැකි පහසු දේවල් නිසා අතුරු ආබාධවලින් තොරව  සන්ධි රෝග සුවපත් කර ගන්නට හැකියාව තියෙනවා.

අත් බෙහෙත් අංක

ගං සූරිය ගසේ කොළ, ගෙඩි,මල්, පොතු, මුල් අදී පංචාංගයම ගෙන වංගෙඩියේ දමා හොඳින් කොටා  ගන්න. 

මෙසේ කොටාගත් මිශ්‍රණයට මි තෙල්  අවුන්සයක් පමණ එකතු කරන්න. 

ඉන්පසුව මෙය මැල්ලුමක් ආකාරයට හොඳින් කලවම් කරගෙන මද රස්නයෙන් තරමක් රත්කර ගන්න.

ඉදිමී වේදනා දෙන සන්ධි උණු ජලයෙන් හොඳින් තවා ගන්න.

ඉන්පසු සන්ධි වේදනාවලට ඔබ සතුව ඇති කුමන හෝ තෙල් වර්ගයක් ඒ සන්ධිවල පහළ සිට උඩු අතට හොඳින් ආලේප කරන්න. 

කෙසෙල් කොලයක් ගෙන මදගින්නේ රත් කරන්න. ඒ රත්කර ගත් කෙසෙල් කොළය මත සාදාගත් ගං සූරිය මැල්ලුම සම්පූර්ණයෙන්ම අතුරා ගෙන සන්ධි වේදනා සහිත ස්ථානවල බඳින්න.

මෙය පැයක පමණ කාලයක් සන්ධියේ තිබෙන්නට හැර ඉවත් කරන්න.

මෙය උදේ සහ සවස දිනපතාම සතියක් හෝ දෙකක් කාලයක් සිදු කිරීමෙන් ඉතාම විස්මයජනක ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකියාව ලැබේවි.

අත් බෙහෙත් අංක

  • අවශ්‍ය  ද්‍රව්‍ය 
  • ගල් දෙමට 
  • පිරිසිදු පොල් විනාකිරි 
  • ලුණු 

සාදා ගන්නා ආකාරය 

සෝදාගත් ගල් දෙමට ශාකය කුඩා කැබලිවලට කපා වංගෙඩියට දමා කොටා එයට පොල් විනාකිරි සහ ලුණු  දමා ආලේපනයක්  ලෙස සකසා ගන්න. මෙය සන්ධි ආශ්‍රිත වේදනාවන් සහ ඉදිමුම් සඳහා ක්ශණිකව සුවයක් ලබා  ගන්නට ඔබට භාවිතා  කරන්නට  පුළුවන්. ඒ වගේම මෙය දින 2 -3 ක් පමණ ශීතකරණයේ තබා භාවිතයට ගන්නට හැකියාව තියෙනවා.

මේ සත්කාරය සිදු කරන කාලය තුළ අධික තෙල් සහිත ආහාර, අධික ලෙස කුළු බඩු යොදන ලද ආහාර,  පාන් පිටි සහිත ආහාර, සුදු සීනි, සුදු සහල් ආදියෙන් ද කෘතීම ආහාරවලින් ද හැකිතාක් වැළකීම සාර්ථක ප්‍රතිඵල සඳහා වැදගත් වෙනවා. විශේෂයෙන්ම දිනපතා උණු ජලය මිලීලීටර් 640 ක් උදෑසනට පානය කිරීමත් මේ සඳහා සුදුසු වෙනවා. නමුත් සිටගෙන ජලය පානය කිරීම වාත දෝස කිපීමට හේතුවක් වෙන නිසාවෙන් උක්කුටියෙන් හිඳ ජලය පානය කිරීම සුදුසු බවයි පැවසෙන්නේ. ඒ වගේම දිනපතාම යෝගා අභ්‍යාස හෝ සුදුසු ව්‍යායාමවල නිරත වීමත් ඉතාම සුදුසුයි  .

සන්ධි රෝගීන්ට සුදුසු ආහාර 

  • කඩල
  • මුං ඇට 
  •  රතු සහල්  හෝ තැම්බූ සහල් 
  •  පරිප්පු 
  •  පරණ සහලේ බත් 
  • පොලොස් 
  • ලබු 
  • කැකිරි 
  • පිපිඤ්ඤා 
  • බතල 
  • වට්ටක්කා 
  • පතෝල 
  • වැටකොලු 
  • සාරණ 
  • තම්පලා 
  • කතුරු මුරුංගා 
  • කිරි අගුණ 
  • මුකුණුවැන්න 
  • මාලු වර්ග ( සාලයා, සූඩයා, කුම්බලාවා, හාල් මැස්සන් )
  • අඹ
  • දොඩම් පේර 
  • දෙළුම් 
  • නෙල්ලි 
  • අලි පේර 
  • රට ඉදි 
  •  තල තෙල් සහ සෝයා තෙල් 

සන්ධි රෝගවලින් පීඩා විදින ඔබට මේ අත් බෙහෙත්වලින් සන්ධි රෝගයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීමට උපකාරයක් වේවි. නමුත් මේ  අත් බෙහෙත් සමඟ අනෙකුත්