ඕනෑම සන්ධි වේදනාවක් දවස් 7න් සුව කරන රන් තැඹිලි තෙල් හරියට සිඳින විදිය

health tips

තැඹිලි වර්ග කිහිපයක් හඳුනාගත හැකි අතර ඒ  අතරින් රන් තැඹිලි වලට හිමිවන්නේ වැඩි වටිනාකමකි. රන් තැඹිලි බොහෝ ඖෂධීය ගුණයෙන් යුතු වන අතර ආයුර්වේදය තුල රෝග රැසක් සමනය කිරීමට භාවිතා කරනු ලැබේ.

කුන්දිරා තැඹිලි,ගොන් තැඹිලි ,රන් තැඹිලි යනුවෙන් තැඹිලි වර්ග කිහිපයක් හඳුනාගත හැකි අතර රන් තැඹිලි ඖෂධීය ගුණයෙන් අනූන වේ. රන් තැඹිලි ප්‍රධාන වර්ග දෙකක් හඳුනාගත හැකිය. 

  • මතුපිට පිට ලෙල්ල කොළ පැහැති වර්ගය
  • මතුපිට ලෙල්ල දුඹුරු පැහැති යනුවෙන් වර්ග දෙකක් හඳුනාගත හැකිය. 

කෙසේ නමුදු පොදුවේ මෙම ලෙල්ල ඉවත් කළ විට රන් තැඹිලි දම් පැහැති වේ.  රන් තැඹිලි බොහෝ විට භාවිතා කරන්නේ ඖෂධ සකස් කිරීම සඳහා හෝ ගුප්ත විද්‍යා කටයුතු සිදු කිරීම සඳහා ය. 

අති දුර්ලභ රන් තැඹිලි ගෙවත්තේ සිටු වන්නේ නම් එමගින් නිවසට සෞභාග්‍යය ළඟා කර ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි. 

ඖෂධීය ගුණයෙන් යුතු රන් තැඹිලි වල ඉතිහාසය විජය කුවේණි අවධිය දක්වා දිව යනු ලැබේ. එම කාල වකවානුව තුළ සිදු කළ යාග හෝම වල රන්තැඹිලි බහුලව භාවිතා කර ඇති අතර විජයබා රජුට ඇති වූ රෝගයක් සුව කිරීම සඳහා ද රන් තැඹිලි යොදා ගෙන තිබේ.  එනම් ඒ සඳහා නාග ලොවෙන් රන් තැඹිලි ගෙන්වා  ප්‍රතිකාර කළ බව පැරැණි පොත්පත්වල සඳහන් වේ.

  • කස පැන්, නෙරළු ,තඹ පිල්, මාරුක් වැනි නම්වලින්  හඳුන්වන රන්තැඹිලි තෙල් හා වතුර 
  • ඖෂධ සඳහා මෙන්ම ඇස් වහ කට වහ දොස් දුරු කර ගැනීම සඳහා ද භාවිතා කරනු ලැබේ. 
  • රන් තැඹිලි තෙල් සකස් කරන විට එය පූජනීයත්වයෙන් සලකා සකස් කලයුතු වේ. 

රන් තැඹිලි ශාකය ගත්විට එය පොල් ගසට වඩා උසින් අඩු කුඩා ශාකයකි. මේ නිසා රන් තැඹිලි ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් කඩා ගත හැකිය. නමුත් ඖෂධ සකස් කරන විට හෝ ශාන්තිකර්ම සඳහා රන් තැඹිලි භාවිතා කරන්නේ නම් පළමුව ඒ සඳහා සුදුසු ස්ථානයක් බැලිය යුතුය. ඉන්පසු රන් තැඹිලි කඩා ගැනීම සඳහා හිස මත ජටාවක් බැඳ දෙපා පොළොවට ස්පර්ශ නොවන අයුරින් බංකුවක හෝ පුටුවක සිටගෙන සුබ දිශාවට මුහුණලා දකුණු දිශාවට කරකවා බිමට නොවැටෙන සේ රන් තැඹිලි කඩා ගත යුතුය.

ඉන් පසු ලෙලි ගැසීමට,බිඳීමට සහ ගෑමට ලී වලින් සකස් කල උපකරණ යොදා ගත යුතුය. ඉන් පසු ගාගත් රන් තැඹිලි මදය හිරු එළියේ වේලා ලබාගන්නා කිරි බඳුනකට දමා කතාබස් නොකර තෙල් සිඳ ගත යුතුය. මේ සියල්ල පූජනීයත්වයෙන් සලකා සිදු කළ යුතුය. මේ ආකාරයට සිඳගත් රන් තැඹිලි තෙල් ඖෂධ සකස් කරන විට හෝ ඕනෑම ශාන්ති කර්මයකට භාවිතා කළ හැකිය. 

හිසකෙස් වර්ධනය කරයි.හිසකෙස් ගැටලු සමනය කිරීමට ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස රන් තැඹිලි භාවිතා කර තිබේ. එනම්  හිසකෙස් ගැලවී යාම, හිසකෙස් කැඩීයාම වළක්වා හිසකෙස් වර්ධනය කර ගැනීමට  රන් තැඹිලි තෙල් භාවිතා කළ හැකිය. මේ සඳහා රන් තැඹිලි තෙල් හිසෙහි ගල්වා හොඳින් සම්බාහනය කර පැයක් පමණ තබා ස්නානය කිරීම සිදු කරනු ලැබේ. එමගින් හිසකෙස් ගැටළු සමනය කරගෙන හිසකෙස් වර්ධනය කර ගත හැකිය. වඩාත් හොඳ ප්‍රතිපල ලබාගැනීමට සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් මෙම සත්කාරය සිදු කිරීම යෝග්‍ය වේ. මීට අමතරව 

  • හිසරදය සදහා 
  • අක්ෂි රෝග සඳහා 
  • සන්ධි වේදනා ඉදිමුම් සඳහා 
  • ශරීරගත වේදනා සඳහා සමනය කිරීමට ඖෂධයක් ලෙස බාහිරව රන් තැඹිලි තෙල් ආලේප කළ හැකිය.

එමෙන්ම යක්ෂ පහරදීම් නිසා ඇතිවන ශරීර ඉදිමුමට සහ තැලුමට ජීවම් කරන ලද තැඹිලි මද  උණුසුමින් රත්කර එම ස්ථානවල ආලේප කිරීමෙන් සහනය සලසා ගත හැකිය. 

කුඩා ළමුන්ට ඇති ග්‍රහ අපල වස් දොස් වලට සහ නොපෙනෙන බලපෑම් වලින් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ජීවම් කරන ලද තැඹිලි තෙල් වල ගිල්වා තැබූ පුළුන් කැබැල්ලක් හෝ තෙල් ස්වල්පයක් යන්ත්‍රයක් තුළට ගිල්වා ඉනෙහි හෝ බෙල්ලෙහි පැළඳීම යෝග්‍ය වේ. 

මේ ආදී වශයෙන් ඖෂධයක් ලෙස මෙන්ම ගුප්ත විද්‍යා කටයුතු සිදු කිරීම සඳහා ඖෂධීය රන් තැඹිලි භාවිතා කළ හැකිය.