නීරෝගී ජවසම්පන්න දේහයක් පවත්වා ගන්නට නම් අපි අපේ අස්ථි පද්ධතිය ශක්තිමත් කර ගන්නට අවශ්‍යයයි. මොකද අද අඩු වයසින්ම අස්ථි සම්බන්ධ ගැටළු බොහෝදෙනෙක්ට ඇති වෙනවා. අපේ ශරීරයේ හැඩය පවත්වා ගන්නට, ශරීරය ඍජුව පවත්වා ගන්නට වගේම මාංශ පේශී හොඳින් ඇද බැඳ තබා ගන්නත් අස්ථි පද්ධතිය විශේෂ කාර්යබාරයක් සිදු කරනවා. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයේ ඇති අවයව ආරක්ෂා කරන්නත් අස්ථිවලට හැකියාවක් තියෙනවා. මේ ආකාරයේ අස්ථි කොටස් 206 කින් අපේ දේහය සමන්විත වෙනවා. නමුත් ඒ අස්ථි කොටස් ව්‍යුහමය වශයෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසාම ඒවායේ කාර්යබාරයත් එකිනෙකට වෙනස් වෙනවා. කොහොමවුණත් අස්ථි මගින් අපේ දේහයට සිදු කරන කාර්යබාරය අස්ථිවල ශක්තිමත් බව අඩුවීම නිසා අඩපණ වෙන්නට පුළුවන්. ඉතින් මේ ගැටළු බොහොමයකටම හොඳ පිළියම වෙන්නේ අස්ථි ශක්තිමත් කරගන්නට අවශ්‍ය කරන ආහාර වර්ග ලබා ගැනීම. එවැනි ආහාර කිහිපයක් පිළිබඳවයි අද අපි ඔබට කියන්නට යන්නේ.
අස්ථි නීරෝගීව තබා ගන්නට කැල්සියම් මැග්නීසියම්, යකඩ, බීටා කැරොටීන්, විටමින් වර්ග ඇතුළු පෝෂ්‍ය පදාර්ථ අපේ සිරුරට ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා දිනපතාම හොඳ පෝෂණ ගුණයක් සහිත ආහාර වේලක් ලබා ගන්නා එක අපි හැමෝගේම වගකීමක්. අස්ථි පද්ධතිය ආශ්‍රිත , ඔස්ටියෝපොරෝසීස් ඔස්ටියෝ ආතරයිටීස් ආදී විවිධ ලෙඩරෝගවලින් ආරක්ෂා වෙන්නට අපි ගන්නා ආහාර විශාල දායකත්වයක් සපයනවා.

- යෝගට් යෝගට්වලට ආමාශයේ ඇති ආම්ලික ගතිය උදාසීන කරන්නට හැකියාව ඇති නිසා අස්ථිවලින් කැල්සියම් නිදහස් කරන වේගයත් වැඩි කරනවා.ඒ නිසා දිනපතාම මේද රහිත යෝගට් එකක් ආහාරයට ගන්නට හැකි නම් එය අස්ථිවල නීරෝගී බවට ඉතාම සුදුසුයි. යෝගට්වල රයිබොෆ්ලෙවින්, පොස්පරස්, කැල්සියම් , පොටෑසියම් වගේම විටමින් A, විටමින් B12, විටමින් D යන සංඝටකත් අඩංගු වෙනවා.
- චීස් කිරිවල වගේම චීස්වලත් අපේ අස්ථි ශක්තිමත් කරන්නට අවශ්‍ය කැල්සියම්,ප්‍රෝටීන් වර්ග, පොස්පරස්, මැග්නීසියම් වගේම විටමින් A, විටමින් B, විටමින් B 12 සහ විටමින් D ද අඩංගු වෙනවා.කොටේජ්, මුසරැල්ලා, පාමසෙන්, ස්විස් ආදී ඕනෑම වර්ගයක චීස් වර්ගයක් ආහාරයට ගැනීමෙන් අපේ අස්ථි පද්ධතිය ඉතාම නීරෝගීව තබා ගන්නට හැකියාව ලැබෙනවා.
- ඕට්ස් පෝෂණීයම උදෑසන ආහාර අතර ඕට්ස් කැඳ පිළිබඳව හැමෝම වගේ දන්නවා. ධාන්‍ය වර්ග අපේ අස්ථි ශක්තිමත්ව සහ නීරෝගීව තබා ගන්නට ලබාදෙන්නේ විශාල දායකත්වයක්. ඒ අතරින් ඕට්ස් කියන්නේ අස්ථි ශක්තිමත් කර ගන්නට ආහාරයට එකතු කරගත යුතුම ධාන්‍ය වර්ගයක් .ඕට්ස්වල කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, සහ මැග්නීසියම් අඩංගු වෙනවා. ඉතින් ඒ පෝෂකවලට අපේ අස්ථි ශක්තිමත්ව සහ නීරෝගීව තබා ගන්නට හැකියාව තියෙනවා.
- සැමන් මාළු අස්ථි ශක්තිමත් කර ගන්නට හැකි සංඝටක බොහොමයක් මේ සැමන් මාළුවල අන්තර්ගත වෙනවා. ඔමේගා 3 මේද අම්ල, විටමින් D, ප්‍රෝටීන් වගේම කැල්සියම් විශාල ප්‍රමාණයකුත් මේවායේ අඩංගු වෙනවා. ඒ වගේම සැමන් සතු තවත් සුවිශේෂි හැකියාව තමයි අස්ථිවලට කැල්සියම් අවශෝෂණය කර ගැනීමේ ප්‍රමාණය සහ වේගය වැඩි කිරීම. ඒ හැරුණාම අස්ථිවල ඝනත්වය වැඩි කරන්නත් මේ සැමන් මාළු අපිට වැදගත් වෙනවා.
- බෝංචි තන්තු සහ විටමින් බහුල බෝංචිවල ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් ආදී පෝෂකත් අඩංගු වෙනවා. නිතර බෝංචි ඔබේ ආහාරවේලට එකතු කර ගැනීමෙන් ඔබට ඔබේ අස්ථි ශක්තිමත්ව තබා ගන්නට හැකියාව ලැබෙනවා.
- දඹල ප්‍රෝටීන් බහුල දඹලවල පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් ද අඩංගු වෙනවා. ඒ නිසා අස්ථි ශක්තිමත් කරගන්නට දඹල ඉතාම ප්‍රයොජනවත් වෙනවා.
- ටෝෆු සෝයා කිරිවලින් සකස් කරගන්නා මේ ආහාරය තුළ අඩංගු අයිසොෆ්ලේවනොස් කියන සංයෝගයට හැකියාව තියෙනවා අස්ථි වඩාත් ශක්තිමත් කරන්නට. මොකද මේ ශාකමය ආහාරයක් වන ටෝෆුවල ඉතා ඉහළ කැල්සියම් ප්‍රතිශතයක් අඩංගු වෙන නිසා.

- අත්තික්කා නැවුම් අත්තික්කා ගෙඩි 10 ක කැල්සියම් මිලිග්‍රෑම් 220 ක් පමණ අඩංගු වෙනවා. ඒ වගේම අත්තිකාවල පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස් වගේම විටමින් K ත් අඩංගු වෙනවා. බොහෝදෙනෙක්ට අමතකව ඇති මේ රසවත් පලතුර ඔබට ඔබේ අස්ථි නීරෝගී කරගන්නට සහ ශක්තිමත් කරගන්නට බෙහෙවින් උපකාරී වෙනවා.
- තල ඇට තල ඇටවල විටමින් B, විටමින් K, පොස්රස්, මැග්නීසියම් සහ කැල්සියම් අඩංගු වෙනවා. ඉතා රසවත් තල ඇට අපේ අස්ථි ශක්තිමත්ව සහ නීරෝගීව තබා ගන්නට ඉතා විශාල දායකත්වයක් ලබා දෙනවා. දිනකට තල ඇට කෝප්ප භාගයක් පමණ ආහාරයට ගැනීමෙන් අස්ථිවල නීරෝගි බව හැමදාටම පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.
ඒ වගේම ආමන්ඩ් ඇට ,රට කජු, වෝල්ට් නට්ස් ආදියත් අස්ථි ශක්තිමත් කරන ධාන්‍ය අතරට ගැනෙනවා. ඒ හැරුණාම සාඩින්, මාළු, නිවිති වගේම කිරි සහ කිරි ආශ්‍රිත ආහාරත් අස්ථි ශක්තිමත් කරගන්නට වගේම නීරෝගි අස්ථි පද්ධතියක් සඳහාත් අත්‍යවශ්‍ය වෙනවා.