සංස්කෘත භාෂාවෙන් පාෂාණ බේදන යනුවෙන් හදුන්වන අක්කපාන ඉතා වටිනා ඖෂධීය ශාකයක් වේ.අක්කපාන පත්‍ර හීනී සහ විශාල යනුවෙන් ප්‍රභේද දෙකක් පවතී.Kalanchoe pinnata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙම ශාකය හදුන්වන අතර
- මෘදු කිරීම
- විෂහරණය කිරීම
- දාහය දුරු කිරීම
- රුධිර වහනය වැළැක්වීම
- වේදනා නැසීම යනාදී ගුණවලින් සමන්විත වේ.
අක්කපාන ශාකයේ ඖෂධීය ගුණ. ප්‍රධාන වශයෙන් මූත්‍ර රෝග සදහා ඔසුවක් ලෙස භාවිත කරන මෙම ඖෂධය තවත් බෝහෝමයක් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලැබේ.
1. ඉරුවරාදය
2. අධි රුධිර පීඩනය
3. කොලෙස්ටරෝල්
4. කොළරාව
5. ක්ෂය රෝගය
6. ඇදුම
7. මලබද්ධය
8. අම්ලපිත්ත රෝගය
9. බඩේදැවිල්ල
10. තුවාල සදහා
11. සෙම් ගෙඩි සදහා

- මූත්‍ර රෝග සදහා ඉතා වටිනා ඖෂධයක් වේ.මූත්‍ර ගල් ඉවත් කිරීම ඇතුළු මූත්‍ර ආශ්‍රිතව ඇතිවන රෝග 12ක් සදහා ප්‍රතිකාර කිරීමේදී දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී අක්කපාන ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ. මූත්‍රා කිරීමේදී ඇතිවන වේදනාව දැවිල්ල සමනය කිරීමට අක්කපාන සම්පුර්ණ ශාකයම ගෙන තම්බා හොඳින් පෙරා පානය කිරීම යෝග්‍ය වේ. පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම නිසා මූත්‍රා පිටකිරීම අපහසු වූ කල අක්කපාන පත්‍ර උණුවතුර කෝප්පයකට තැම්බෙන්නට දමා පෙරීමෙන් පසු උදෑසන හිස්බඩ පානය කිරීම ගුණදායකය. මූත්‍ර ගල්, මූත්‍ර දැවිල්ල සදහා අක්කපාන කොළ යුෂ පානය කිරීම සදහා ලබා දෙනු ලබයි.මූත්‍ර අමාරුවල උග්‍රවේදනා ඇති අවස්ථාවන්හි අක්කපාන කොළ අඹරා යටි බඩෙහි ආලේප කිරීම සිදුකරයි. එමෙන්ම මූත්‍ර අඩස්සියට අක්කපාන කොළ පැලැස්තරය යටි බඩෙහි එළනු ලබයි.
- නිවසේදී සිදුවන කැඩුම් බිදුම් හා තැලීම් වලදී හන්දි ඉදිමුම් සරල ආතරයිටීස් තත්වයන් සදහා ගුණාත්මක වේ. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා යන තෙක් අක්කපාන අපට අත්බෙහෙතක් ලෙස භාවිත කළ හැකිය. අක්කපාන පත්‍ර මිටක් පමණ ගෙන ඇල් දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථානයන්හි ආලේප කිරීම මගින් ඉදිමුම් තත්වයන් සුවපත් වන අතර සුළු අස්ථි පිපිරුම් තත්වයන් සුවපත් කිරීමේ හැකියාව ද පවතී.
- තුවාල විසර ගෙඩි සුවපත් කරයි.අක්කපාන කොළ එළගිතෙල් සමග හොඳින් අඹරා තුවාල මතුපිට ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැකිය. විසර ගෙඩි මත මෙම ඖෂධය ආලේප කිරීමෙන් එහි සැරව ඉවත් වී ඉක්මනින් සුවපත් වේ.
- දත් ඒමේදී ඇතිවන වේදනාව සමනය කිරීමට උපකාරී වේ. විදුරුමස පුපුරා ගොස් දත් ඒමේදී ඇතිවන වේදනාව අක්කපාන කොළ මී පැණි සමග ආලේප කිරීමෙන් සමනය වේ.
- අම්ලපිත්ත රෝගය ,බඩේ දැවිල්ල ,බඩ පිපුම යනාදී රෝග තත්වයන් සදහා අක්කපාන පත්‍ර නටන වතුරට දමා තම්බා බීමෙන් එම රෝග තත්වයන් සමනය කරගත හැකිය. එමෙන්ම කාන්තාවන්ට ඔසප් වීමේදී ඇතිවන වේදනාවන් සහ වයස්ගත පුරුෂයන්ට පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම නිසා ඇතිවන අපහසුතා සමනය කිරීම සදහා ද මෙම ප්‍රතිකර්මය ගුණදායකවේ.
- රක්ත අර්ශස් ,රක්ත ප්‍රදර , රක්තාතිසාරය ඇති රෝගීන්ට ඖෂධයක්වේ. අක්කපාන කොළ ස්වල්පයක් ගෙන වණ්ඩුවේ තම්බාගෙන එහි යුෂ මේස හැදි දෙකකට පමණ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම රෝග තත්වයන් නිසා හටගන්නා වේදනකාරී තත්වයන් සමනය වේ.
- මලබද්ධය සදහා ඔසුවක් වේ.මලබද්ධය රෝගී තත්වය පවතින අවස්ථාවන් සදහා අක්කපාන පත්‍ර ,කොහිල දඩු සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන වණ්ඩුවේ තම්බා යුෂ ලබාගෙන මී පැණි සමග භාවිත කිරීම වඩාත් ගුණදායක වේ. අක්කපාන මුලෙහි ඇති අලය වැනි කොටස කපා හොඳින් වියළා කෝපි මෙන් කුඩු කර උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් ද මලබද්ධය සුවපත් කර ගත හැකිය.
- කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග අතීසාර රෝගී තත්වයන්ට සුවය ගෙනෙයි.මේ සදහා අක්කපාන සමග තැඹිලි මල් තම්බා පානය කිරීම වඩාත් ගුණදායක වේ.
- මානසික ආතතිය දුරු කරයි.අක්කපාන දලු මිටක් ගෙන අතින් පොඩිකර උණුවතුරේ තම්බා පානය කිරීමෙන් සුවය ලබා ගත හැකිය.
- අක්මාවේ තැන්පත් වී ඇති විෂ ඉවත් කරයි.අප ලබා ගන්නා ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍යවලින් අක්මාව ආසාදනයට ලක් වූ විට අක්කපාන කොළ තැම්බූ ජලය පානය කිරීමෙන් අක්මාවේ එකතු වූ විෂ කොටස් දියකර හරිනු ලබයි. අක්මාවේ විෂ තැන්පත් වූ විට හොර්මෝන ක්‍රියාකාරිත්වය ද අඩපණ වේ.

- අකලට හිසකෙස් පැසීම වළක්වයි.අක්කපාන කොළ යුෂ තලතෙල් සමග මිශ්‍ර කර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළැක්වීම මෙන්ම පිරිපුන් කෙස් කළඹක් ද ලබාගත හැකිය.
- පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල්දියකර හැරීමට ද අක්කපාන ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ.
- පිළිස්සුම් වේදනා සදහා කොළ තලා ගත් ද්‍රාවණය ආලේප කිරීමෙන් සුවය ලබා ගත හැකිය.
- කොළරාව ,ක්ෂය රෝගය, යනාදී රෝග සදහා අක්කපාන කොළ යුෂ පානය කිරීම සදහා ලබා දෙනු ලබයි.ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සදහා ද එඅය වඩාත් ගුණදායක වේ.
- කිරිදෙන මව්වරුන්ට කිරි එරී වේදනාව ඇති වූ විට එඩරු තෙල් හා අක්කපාන කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය.
මේ ආකාරයට මූත්‍ර ආශ්‍රිතව ඇතිවන රෝග මෙන්ම වෙනත් බෝහෝමයක් රෝගීන් සදහා ඉතා වටිනා ඖෂධයක් ලෙස අක්කපාන හදුනා ගත හැකිය. නමුත් බොහෝ රෝගවලට ප්‍රතිකාර කරන විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.