බුද්ධ දාස රජු පවා දරුණු ලෙඩ රෝග සුව කරන්න භාවිතා කරපු කලාඳුරු ශාකයේ ගුණ 17ක්

health tips

පයට පෑගෙන ඔසු පැලයක් වුණත් නොදන්නාකම හේතුකරගෙන වල් පැලයක් වෙනවා. ඉතින් මේ නිසා අපේ සෞඛ්‍ය සම්පන්න බවට අපිට භාවිතා කරන්නට හැකි වටිනා ශාක අප අතුරින් ගිලිහිලා යනවා. ඉතින් ඔබ ඔබේ ගෙවත්තේ පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් ලෙඩ රෝග බොහොමයකටම ගුණදායක  ඖෂධීය වටිනාකමින් යුක්ත පැළෑටි බොහොමයක් දැකගන්නට පුළුවන් වේවි. ඒ අතුරින් ඕනෑම ගෙවත්තක දකින්නට ලැබෙන සුවිශේෂී ගුණයන් රාශියක් තියෙන ඖෂධයක් තමයි කලාදුරු ශාකය කියන්නේ. නමුත් වර්තමානයේ දී ඖෂධ පැළෑටි වල්පැලෑටි විදිහට සලකා රසායනික ක්‍රම යොදා විනාශ කරන නිසා මේ කලාඳුරු ශාකයත් අද වෙද්දි වඳවීමේ තර්ජනයට මුහුණ පාල තියෙන ඖෂධයක් බව ඔබට මතක් කළ යුතුමයි. 

විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳින උදවියට නිවසේදී විවිධ අත් බෙහෙත් සපයා සඳහා භාවිතා කළ හැකි ගුණදායි ඖෂධයක් මේ කලාදුරු. ඉතින් ඒ නිසා අපි අද සූදානම් වෙන්නේ කලාදුරු ශාකය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.

මේ  ශාකය සෙන්ටි මීටර් 15 ක් තරම් උසට වැඩෙන  තෘණ පැලෑටි විශේෂයක්. සිහින් දිගටි පත්‍ර නැමෙන සුලුයි. කද පස මතු මතුපිටට ආසන්නව  භූගතව තමයි පවතින්නේ. මේවායේ කුඩා මල් හට ගන්නවා. මුල්වල ආහාර තැන්පත්ව අල නිෂ්පාදනය කරනවා. අලය අනුව කලාදුරු වර්ග තුනක් හඳුනා ගැනෙනවා. කොහොමවෙතත් මේ   සියලුම වර්ග ඖෂධ පිණිස භාවිතයට ගැනෙනවා. ඖෂධ සඳහා කලාදුරු ශාකයේ කොල වගේම අලත් භාවිතයට ගැනෙනවා.

 කලාදුරු සතු ඖෂධීය ගුණ 

  • චර්ම රෝගවලට ගුණදායකයි.
  • සෙම් රෝගවලට සුවය සලසයි.
  • දහදිය දැමීම ඇති කරයි.
  • උදර ආබාධ සුව කරයි. 
  • මව්කිරි වඩවයි.
  • පණු රෝගවලට ඉතාම ගුණදායකයි.
  • ඇදුම සහ කැස්ස රෝගවලට හිතකරයි.
  • හිසේ කැක්කුම් සුවපත් කරයි.
  • ආමාශය සහ අන්ත්‍රවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.
  • වමනය සහ  අතීසාරයට ගුණදායකයි. 
  • තුවාල සුව කරයි.
  • කුරුලෑ ලප කැළැල් සුව කරයි.
  • හිසකෙස් වර්ධනය කරයි.
  • කුසගින්න වඩවයි.
  • අම්ලපිත්තයට ගුණදායකයි 
  • රුධිරයේ  සීනි මට්ටම අඩු අරයි.
  • දද කුෂ්ඨ ආදිය සුවපත් කරයි.

ඖෂධීය  භාවිතය   

අතීසාරය සඳහා

  • අමු කලාඳුරු අල අමු ඉඟුරු සමඟ කොටා පානය කරන්න.
  •  කලාඳුරු අල පමණක් ගෙන එළකිරි සහ වතුර සමග කෂාය කර පානය කරන්න.
  •  කලාදුරු අල ඉරිවේරිය සමග වණ්ඩුවේ තම්බා පානය කරන්න.

තන කිරි අඩුකමට 

  • කලාඳුරු අල ඇල් ජලයෙන් අඹරා පියයුරුවල ගාන්න.

 තුවාල සඳහා

  •  කලාඳුරු අල ගිතෙල්වලින් අඹරා තුවාලය මත ආලේප කරන්න.
  • තුවාලයක් වුණු අවස්ථාවකදී සෝදා පිරිසුදු කරගත් කලාඳුරු අලයක් කොට ඒ ස්ථානයේ තැබීමෙන් ලේ ගලනය නතර වෙලා තුවාල සුව වීම ඉක්මන් වෙනවා.  තලාගත් කලාඳුරු අල එළඟි තෙල් සමග මිශ්‍රකර ආලේප කිරීමෙන් සුව නොවන තුවාල සුවපත් කර ගන්නට උපකාරී වෙනවා. 

හිසරදය සඳහා

  •  හිසරදයට කලාඳුරු අල ඇල්දියෙන් අඹරා නළලට පැලැස්තරයක් දමන්න.

 ඇස්වල නගන සඳහා

  •  කලාඳුරු අල සහ සියඹලා ඇට මද තන කිරෙන් අඹරා ආලේප කරන්න. 

කුරුලෑ සඳහා

  •  පොතු ඉවත් කරගත් කලාඳුරු අල පොල් කටුවකට දමා එයට මී පැණි ටිකක් දමා හොඳින් කොටාගන්න. ඉන්පසුඑයට දෙහි යුෂ කලවම් කර සෝදාගත් මුහුණේ ආලේප කර පැය භාගයක් තියෙන්නට හැර සෝදා හරින්න. 

උදරාබාධ සඳහා

  •  පොතු ඉවත් කරගත් කලාඳුරු අල කොටා එයට මී පැණි දමා දීමෙන්  ලොකු කුඩා විය හැමෝගෙම උදරාබාධ සුව කර හැකියි.
  • තලාගත් කලාඳුරු අල ඉඟුරු උලුහාල් ආදිය දමා තම්බාගත් ජලය උදේ සවස පානයට ගන්න.

දද කුෂ්ට සඳහා

  • තලාගත් කලාඳුරු අලවලට තල තෙල් මිශ්‍ර කර දද කුෂ්ඨ ඇති ස්ථානවල ආලේප කරන්න.  ඉකිලි කැසීම් ඇති අවස්ථාවලදී කොහොඹ කොළ සමඟ කලාඳුරු අල තලා ආලේප කිරීමෙන් සුවයක් ලබාගන්න පුළුවන්. 

අපස්මාර රෝගය සඳහා

  •  කලාඳුරු අල  යුෂ දවසට දෙවරක් තේ හැන්ද බැගින් පානයට ගන්න.

ඉතින් පයට පෑගෙන නමුත් අපිට අගයක් නැති මේ අපූරු ඖෂධීය ශාකය ඔබේ නිවසේ වගා කර ගන්න. එහෙමත් නැත්නම් කලාඳුරු අල සෝදා වියළා පිටි වශයෙන් කුඩු කර ඔබට පසුකාලීනව භාවිතයට ගැනීම සඳහා ගබඩා කර තියාගන්නත් පුලුවන්.