කළුකැම්මේරිය  ඖෂධයක් ලෙස භාවිතා කරත් වැඩිපුර ශරීරයට ගත්තොත් වෙන දේ

health tips

ඖෂධයක් ලෙස මෙන්ම පලා වර්ගයක් ලෙස ඈත අතීතයේ සිට ම භාවිතා කළ පලා වර්ගයක් ලෙස කළුකැම්මේරිය හඳුනාගත හැකිය. එනම් solanaceae හෙවත් බටු කොලයට අයත් වේ එනම් ප්‍රධාන කඳ කොටසින් බෙදී යන අතර පත්‍ර ඒකාන්තරව මල් සැප්තැම්බර් සිට ජනවාරි මාසයන් වල පිපෙන අතර ඵල පොකුරු ලෙස හටගනු ලැබේ. එනම් අමු ගෙඩි කොළ පැහැති වන අතර රසයෙන් තිත්ත වේ. ඉදුණු පසු එම කෙටි දම් පාටට හුරු කළු පැහැති වන අතර රසය ඇඹුල් මිශ්‍ර මද මිහිරි රසයකින් යුක්ත වේ. එනම් එහි බීජ රාශියක් අඩංගු වන අතර එම බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදු වනු ලැබේ.

එනම් විවිධ පළාත්වල විවිධ නම්වලින් හඳුන්වන කළුකැම්මේරිය  ආයුර්වේදය තුළ කාකමාචී,මත්ස්‍යාක්ෂී බහුපලා යන නමින්ද ඇතැම් ප්‍රදේශවල බහුපලා යන නමින්ද හඳුන්වනු ලැබේ. 

බොහෝ දෙනකු ඈත අතීතයේ සිටම කළුකැම්මේරිය සලාදයක් ,පලා මැල්ලුමක් ලෙස ආහාරයට ගෙන තිබේ. එනම් ඉන් ශරීරයේ බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් මේවායෙහි ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ.

විටමින් C

කැරොටින්

යකඩ

කැල්සියම්

සිට්ට්‍රික් ඇසිඩ්

සොලනින්

ග්ලූකෝස් 

ෆෲක්ටෝස්

පොස්පරස් 

මෙන්ම ඉදුණු ගෙඩි වල විටමින් C අමු ගෙඩි තුළ Glyco alkaloids යන විෂ අඩංගුවන අතර අමු ගෙඩි ආහාරයට නොගත යුතුය.

ආයුර්වේදය තුළ සඳහන් වන පරිදි තැම්බේරිය ශාකයේ ගුණ කර්ම  ගත් විට රසයෙන් තිත්ත වන අතර ගුණයෙන් ශීතවේ. එනම් ආහාරයට ගැනීමට අමතරව නොයෙක් රෝග සමනය කිරීමට කළුකැම්මේරිය ඖෂධයක් ලෙස ද භාවිතා කළ හැකිය. 

කළුකැම්මේරිය ශාකයේ ඖෂධීය භාවිතය. 

හෘද රෝගයට 

කළුකැම්මේරිය සම්බෝලයක් ලෙස හෝ පලා මැල්ලුමක් ලෙස සකස්කර දිනපතා ආහාරයට ගන්නේ නම් එහි අඩංගු පොටෑසියම්  පෝෂ්‍ය පදාර්ථය රුධිර නාල හැකිලීම වලක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදුකරයි.  එනම් ඉන් හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.

මලබද්ධය අර්ශස් වැනි රෝගයන්ට

බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීම සමනය කර ගැනීමට හා මලබද්ධය උග්‍ර වීමෙන් ඇතිවන අර්ශස් රෝගය සමනය කිරීමට

පලාවක් ලෙස කළුකැම්මේරිය ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මේවායෙහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලපහ පිට කිරීම පහසු කරවයි. එනම් සතියකට දෙවතාවක් පමණ මෙම පලා වර්ගය ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

කුෂ්ඨ රෝගයන්ට 

සමෙහි ඇතිවන දද ,කුෂ්ඨ රෝග සුව කර ගැනීමට කළුකැම්මේරිය ශාකය ගෙන සිහින් වන තෙක් අඹරා එම ප්‍රලේපය දද, කුෂ්ඨ මත ගැල්වීමෙන් එම රෝග සුව කර ගත හැකිය. 

නින්ද නොයෑමට

නිසි වෙලාවට නින්ද නොයන විට සුවබර නින්දක් ලබා ගැනීම සදහා කැම්මේරිය ශාකය ගෙන අව්වේ වියළා හොඳින් කුඩුකර ඉන්  ස්වල්පයක් උණුසුම් වතුර වීදුරුවකට දමා රාත්‍රී නින්දට ප්‍රථමව  පානය කිරීමෙන් සුවදායක නින්දක් ලබා ගත හැකිය. 

ශරීරගත ඉදමුමට 

ශරීරගත ඉඳිමුමට තැම්බේරියා කොළ පලා මැල්ලුමක් ලෙස හෝ සම්බෝලයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය. එමෙන්ම ආයුර්වේදය තුළ සඳහන් වන්නේ මුළු ශාකයම ගෙන තම්බා පානය කිරීම මේ සඳහා වඩාත් යෝග්‍ය බවයි.

මී විෂ ඉවත් කිරීමට

මීයෙකු සැපූ විට ඇතිවන  විෂ ඉවත් කිරීම සඳහා කළුකැම්මේරිය ශාකයම ගෙන කොටා එම යුෂ පානය කිරීම වඩාත් සුදුසුවේ.

ඊට අමතරව 

උන සහ වමනයට 

ගොනෝරියාවට 

ජලභීතිකාවට 

වකුගඩු රෝගයට 

මුත්‍ර දාහයට 

ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට 

ක්ෂය රෝගයට 

පාචනයට 

කලවා තද වූ විට 

තුන් දොස් සමනයට 

අක්මා රෝගයට 

අම්ලපිත්ත රෝගයට 

ශරීර වේදනාවන්ට 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස කළුකැම්මේරිය ශාකයම ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් මෙහි යමි විෂ වර්ගයක් අඩංගු වන බැවින් දිනපතා ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.