නොයෙකුත් ආහාර වර්ග වගේම බීම වර්ග පිළියෙල කර ගැනීමේදී ඒවායේ රසය වැඩි කරගන්නට භාවිතා කරන බීජ වර්ගයක් තමයි කස කසා ඇට කියන්නේ. විශේෂයෙන්ම, පුඩිං, සලාද, ජෙලි වගේම විවිධ පානයන් සඳහාත් මේ කස කසා ඇට අපි බහුලව භාවිතා කරනවා. නමුත් අපි භාවිතා කරන මේ කස කසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩි වශයෙන් කස කසා ඇට ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කරනු ලබනවා. ඉතින් මේ කස කසා ඇටවල ඉතා ඉහළ පෝෂණ ගුණයන් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම කස කසා ඇට සතුව කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, තන්තු නියසීන් ආදී බෝහෝ පෝෂක අන්තර්ගත වෙනවා.
මේ කස කසා ඇටවල අන්තර්ගත මේදය පිළිබඳව කතා කිරීමේදී සිරුරට හිතකර ඔමේගා 3 මෙහි අඩංගු වෙනවා. මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ්වල EPA,DHA හා ALA ආදී ආකාර 3 ක් පවතිනවා. බොහෝවිට EPA සහ DHA සත්ත්වමය සංඝටකවල අඩංගු වෙනවා.මේ EPA සහ DHA අපේ ශරීරයේ මනා පැවැත්මට අත්‍යවශ්‍ය සංඝටක වන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. නමුත් ALA කියන සංඝටකය අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් විශාල කාර්යබාරයක් සිදු කරන බව තවමත් තහවුරු කරගෙන නැහැ. නමුත් මේ කස කසා ඇටවල අන්තර්ගත වෙන්නේ මේ ALA කියන සංඝටකයයි. කොහොමනමුත් ALA කියන සංඝටකයත් අපේ ශරීරයට හිතකර එක්තරා සංඝටකයක් ලෙසටයි හඳුනා ගන්නේ.
කස ඇට තේ හැන්දක් ප්‍රමාණයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 2 ක් ලබා ගන්නට අපිට හැකියාව පවතිනවා. අපේ ශරීරයට ශාක හා සත්ත්ව කියන කාණ්ඩ දෙකෙන්ම ප්‍රෝටීන් ලබා ගන්නට හැකියාව ලැබුණත් ශාකමය ආහාරවලින් පමණක් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුර ගන්නා අයෙකුට ඉතා කදිම ප්‍රභවයක් තමයි මේ සඳහා කස කසා ඇට කියන්නේ. ඒ වගේම අපේ ශරීරයට දිනකට අවශ්‍ය කරන කැල්සියම් ප්‍රමාණයෙන් 15 %ක් කස කසා ඇට තේ හැන්දකින් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය මැග්නීසියම් සහ යකඩ අවශ්‍යතාවයෙන් 10 % ක් තරම් ප්‍රමාණයක් සපුරා ගන්නටත් මේ කස කසා ඇට අපිට බෙහෙවින් උපකාරී වෙනවා.
ඉතින් මේ කස කසා ඇට ජලයට එකතු කර අපට පානය කරන්නට පුළුවන්. ඒ සඳහා ජලය මිලි ලීටර් 250 ට කස කසා ඇට මේස හැදි 1 ක් එකතු කර මිනිත්තු 15 ක් පමණ එය පෙගෙන්නට තබා පානය කරන්නට පුළුවන්. ඒ හැරුණාම සුප් එකකට, සැලඩ් එකකට එකතු කර ගන්නත් පුළුවන්.
කස කසා ඇට සතු විශේෂ ගුණ

ආහාර මාර්ගයේ සිටින හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා උපකාර කරයි කස කසා ඇට ග්‍රෑම් 100ක් නැත්නම් මේස හැන්දක් භාවිතයෙන් මිනිසාගේ දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 25% ක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මෙයින් ලැබෙන තන්තුවලින් වැඩි කොටසක් ජල ද්‍රාවී තන්තු වන අතර එහි වැඩි වශයෙන් අඩංගු වෙන්නේ පෙක්ටීන් කියන සංඝටකය. ඉතින් පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මේ පෙක්ටීන්වලට හැකියාව පවතිනවා අපේ ආහාර මාර්ගයේ සිටින හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා උපකාර කරන්නට.
සිරුරේ බර අඩු කර අඩු කර ගන්නට උපකාර කරයි මේ තන්තු බහුල බව නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරුණු ස්වභාවයකින් යුක්ත වීමක් දැනෙන්නට ගන්නවා. මෙය ශරීරයේ බර අඩු කරගන්නට උනන්දුවක් දක්වන අයෙකුට ඉතා වැදගත් වෙනවා. අපේ ශරීරයට වැඩි වශයෙන් තන්තු ලැබීමෙන් අපට නිතර කෑම ගන්නට අවශ්‍ය කරන බඩගින්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සිරුරේ බර අඩු කරගන්නට කස කසා ඇට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි තන්තු බහුල ආහාරයක් ගැනීම මගින් අපේ ශරීරයට ලැබෙන තවත් එක් වැදගත් ප්‍රතිලාභයක් තමයි රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය වීම. එහිදී පුද්ගලයාගේ ආහාර මාර්ගය තුළදී සරල සීනි අවශෝෂණය කිරීම තරමක් දුරට පාලනය වීම සිදු වෙනවා.ඒ නිසා සීනි මට්ටම පාලනයට කස කසා බීජ අපිට අතිශයින්ම වැදගත් වෙනවා.
කොලෙස්ටරෝල් පාලනය කරයි මේ කස කසා ඇට තේ හැන්දක වගේ ප්‍රමාණයක මේදය අන්තර්ගත වෙන්නේ ග්‍රෑම් 2.5 ක් තරම් ප්‍රමාණයක්. මේ ග්‍රෑම් 2.5 න් ග්‍රෑම් 1.5 ක්ම අන්තර්ගත වෙන්නේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් විදියට. මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන්නේ අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් අපේ ශරීරය ආරක්ෂා කරන සංඝටකයක්.
පිළිකා ඇතිවීම වළකයි බොහෝ ශාකමය ආහාරවල අඩංගු වෙන ෆ්ලේවනෝට්ස් කියන පෙලිපීනෝල් මේ කස කසා ඇට සතු වෙනවා.එය පිළිකා ඇතිවීම වගේම හෘද රෝග ඇතිවීම වළක්වා ගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.
- බුද්ධිය වර්ධනයි කරයි
- මුඛය ආශ්‍රිත තුවාල සුව කරමින් ශරීරය සිසිල් කරයි
- මානසික පීඩනය දුරු කරයි
- සුවබර නින්දක් ලබාදෙයි
- ලිංගික ශක්තිය උත්තේජනය කරයි
- කාන්තාවන්ගේ සරුභාවය ඇති කරයි
- පැලෝපීය නාල අවහිරතා මගහැරීමට උපකාරී වන අතර කාන්තාවන්ට වයසත් සමඟ ඇතිවන ස්නායු දුර්වලතා දුරු කරයි
කස කසා ඇට භාවිතයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

- තන්තු බහුල ආහාරයක් වන කස කසා ඇට වරකට අධික ප්‍රමාණයෙන් ආහාරයට ගැනීමෙන් බඩ පුරවා දැමීම් ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
- විටමින් K බහුලව අඩංගු වන නිසා රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන් ගැටළු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා වෝෆරීන් ඇස්ෆරීන් ආදී ඖෂධ භාවිතා කරන අයෙක් නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඖෂධ ප්‍රමාණය වෙනස් කරවා ගැනීමක් හෝ සිදු කරගෙන මේ කස කසා ඇට භාවිතා කළ යුතු වෙනවා.
- අනාගතයේදී යම් ශල්‍ය කර්මයකට බදුන් වන්නට සිටින අයෙක් නම් කස කසා ඇට භාවිතය සුදුසු නොවෙයි.
කොතරම් ගුණයන් අපේ ශරීරයට ලබාදුන්නත් මේ කස කසා ඇට එකදිගට සෑම දිනකම ගැනීම හෝ වරකට අධික ප්‍රමාණයක් ගැනීම ඉතාමත් හානිදායක තත්ත්වයන් ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.