හන්දිපත් වේදනාව,සමේ රෝග ඇතුළු  රෝග රැසකට සුව දෙන  කතුරුමුරුංග ශාකය.

health tips

කොළ  මැල්ලුමක් ලෙස මෙන්ම මල් ව්‍යාංජනයක් ලෙස සකසා ඈත අතීතයේ සිටම ආහාරයට ගත් කතුරුමුරුංගා යනු ඖෂධීය ගුණයෙන් අනූන ආහාරයකි. එනම් කතුරු මුරුංගා වල මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. 

විටමින් A, B,C,  

ප්‍රෝටීන්

බීටා කැරොටීන්

මේදය

සින්ක්

ඇමයිනෝ අම්ල

තයමින්

සෝඩියම්

පොටෑසියම්

කොපර්

කැල්සියම්

රයිබොප්ලෙවින්

නියසින්

ඇලනින්

ඇස්පර්ජින් 

ඇස්පාර්ටික් අම්ලය 

නිකොටොනික් අම්ලය

යකඩ

මැග්නීසියම් 

වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු කතුරුමුරුංගා බාල මහළු සෑම දෙනාටම පාහේ ගුණ දෙන ආහාරයකි.Fabeceae උද්භිද කුලයට කතුරුමුරුංගා vegetable bumming bird ,Bak Pushpa යන නම්වලින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබයි. 

ආහාර සඳහා වඩාත් ප්‍රචලිත  කතුරුමුරුංගා ඖෂධ සඳහා ද ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. ශාකයේ කොළ, පොතු ,මුල් ,ඇට, මැලියම් ඖෂධ ලෙස භාවිතා කළ හැකිය. 

ආයුර්වේදයෙහි සදහන් කරන ආකාරයට කතුරුමුරුංගා රසයෙන් තිත්ත වීරයයෙන් ශීත ගුණයෙන් ගුරු හා ලගුද  විපාකයෙන් රූක්ෂ හා කටුක ගුණයන්ගෙන් යුක්ත වේ. එනම් ආයුර්වේදය තුල බොහෝ රෝග සමනය කිරීමට යොදා ගන්නා  අත් බෙහෙත් රාශියක කතුරුමුරුංගා ශාක කොටස් ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ. 

කතුරුමුරුංගා ශාකයේ අත් බෙහෙත් 

හන්දිපත් වේදනාවට

කතුරුමුරුංගා මුල්, කලුඅත්තන මුල් උණුවතුරින් අඹරා එම ස්ථානවල දිනකට එක්වරක් ගල්වා සම්බාහනය කිරීම.

සමෙහි රෝගයන්ට

කතුරුමුරුංගා මල් ආහාරයට ගැනීම.

තුවාල හා සමෙහි ලප කැළැල් මත

කතුරු මුරුංගා කොළ යුෂ ගැල්වීම. 

යටිපතුල් පැළීමට

කතුරුමුරුංගා  මල් වේලා කුඩු කර මී කිරි සමග මුදවා උදේ සවස යටිපතුල් වල ආලේප කිරීම.

ආර්තව ගැටලු සමනයට

කතුරුමුරුංගා මල් අව්වේ වේලා කුඩු කර එලකිරි සමග පානය කිරීම. 

උණ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්සට

කතුරුමුරුංගා, වදකහ කෂාය කර පානය කිරීම.

රාත්‍රියේ ඇස් නොපෙනීමට 

කතුරුමුරුංගා කොළ යුෂ පෙරා බිංදු දෙකක් පමණ ඇස මත තැබීම.

උණ සමනයට

කතුරුමුරුංගා ස්වරසය මී පැණි සමඟ පානය කිරීම. 

අර්ශස් හා බඩවැල් ආශ්‍රිත තුවාල සමනයට

කතුරු මුරුංගා කොළ යුෂ දිනපතා උදෑසන පානය කිරීම. මෙමගින් බඩවැල් ආශ්‍රිත තුවාල ද සමනය වේ. 

ශරීරගත විෂ නැසීමට

කතුරුමුරුංගා කොළ ඉස්ම හා මදුරුතලා කොළ ඉස්ම ගෙන ඊට වතුර පත හතරක් එකතු කර පත එකට සිඳුවා ගම්මිරිස් ස්වල්පයක් එකතු කර පත භාගය බැගින් උදේ සවස පානය කිරීම. 

පැපොල සරම්ප මගින් ඇතිවන බිබිලි සමනයට 

කතුරුමුරුංගා පොතු කෂාය කර පානය කිරීම. 

උගුර බැරැන්ඩි වීමට 

කතුරුමුරුංගා කොළ ,මල් හා පාවට්ටා කොළවලට වතුර පත 8ක් දමා පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම. 

අර්ශස් සමනයට

කතුරුමුරුංගා යුෂවලට මී පැණි එකතු කර උදේ සවස පානය කිරීම.

මුඛ රෝග හා සෙම් ගෙඩි සමනයට

කතුරුමුරුංගා කොළ යුෂවලින් කට සේදීම.

මීට අමතරව 

සම පෝෂණය කිරීම සඳහා 

පිළිකා මර්දනය කිරීම සඳහා 

මතක ශක්තිය වර්ධනය කිරීම සඳහා

මුත්‍ර රෝග සඳහා 

මේ ආදී වූ රෝග ගණනාවක් සුව කිරීමට ඖෂධයක් ලෙස කතුරුමුරුංගා කොළ, මල්, පොතු භාවිතා කළ හැකිය.